මානසික රෝග (Psychological Diseases)

හීනෝන්මාදය හෙවත් සිසෝෆීනියාව (Schizophrenia)

mental problems

හීනෝන්මාදය යනු දැනට ලෝකයේ පවතින ප්‍රධානම මානසික රෝග වලින් එකකි. එය විශාදය (depression) හැරුණුකොට බහුලතම මානසික රෝගය ලෙස හඳුනාගෙන ඇත. තවද මෙය විවිධ හේතුමත ඇතිවීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මැදිවයසේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම වැලදේ.

හීනෝන්මාදය යනු?

හීනෝන්මාදය යනු සිතුවිලි හා සංවේදන ආශ්‍රිතව ඇතිවන වෙනස්වීමක් නිසා ඇතිවන තත්ත්වයකි.

හීනෝන්මාදයේ රෝග ලක්ෂණ

මෙම රෝගය සහිත පුද්ගලයන්ට අන් අයට නො ඇසෙන ශබ්ද හෝ කටහදවල් ඇසීම, අන් අය විසින් තමාගේ සිතුවිලි කියවන හෝ පාලනය කරන බව, මෙන්ම අන් අය ඔවුන්ට හානිකිරීමට උත්සාහ කරන බව නිතරම සිතේ.

හීනොන්මාදය සඳහා බලපාන හේතු මොනවාද?

මේ සඳහා විවිධ හේතු සඳහන් වේ

1. ජානමය හේතු (genetic Factors)

මෙම රෝගය සහිත මවු පියන් හෝ සහෝදරයන් සහිත පවුල්වල දරුවනට, රෝගය ඇතිවීමට 1% පමණ හැකියාවක් ඇත. එබැවින් පවුල් පසුබිම ඉතා වැදගත් කරුණකි.

2. මොලය ආශ්‍රිත ගැටලු (Structural and functional problems of brain)

මොලය ආශ්‍රිතව පවතින බොහෝ ව්‍යුහමය හා රසායනික කරුණු නිසාද මෙම රෝගය ඇතිවීමට ඉඩ ඇත.

3. පාරිසරික සාධක (Environmental Factors)

විශේෂයෙන්ම මෙම රෝගය කෙරෙහි යම් පාරිසරික බලපැමක්ද පවතින බව සොයාගෙන ඇත. විශේෂයෙන් කුඩාකල ඇතිවන් විවිධ ගැටලු (childhood trauma) , ළමා අපචාර (child abuse) වැනි කරුණු මගින් අනාගතයේ දරුවන්ට මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් පවති.

තවද මානසික ආතතියද (mental stress) ඉතා වැදගත් කරුණකි.

4. මත්ද්‍රව්‍ය භාවිතය (Substance abuse)

මෙම රෝගය සහිත පුද්ගලයන්ගෙන් බහුල සංඛ්‍යාවක් විවිධ මත්දව්‍ය වලට හුරුවූවෝ වෙති. ඒ අතර මත්පැන්, විවිධ මත්කුඩු හා හෙරොයින් වැනි ද්‍රව්‍යය වේ.

හීනෝන්මාදය නිසා ඇතිවන් සංකූලතා මොනවාද?

මෙම රෝගය සහිත පුද්ගලයන් නිතර ගැ‍ටුම් වලට මැදිවීම, ‍රැකියා ස්ථාන වල ගැ‍ටුම් ඇතිකර ගැනීම, මානසික තෘප්තිය අඩුබව වැනි ප්‍රශ්න නිසා පීඩා විදීම විදුවේ.

හීනෝන්මාදය සඳහා ප්‍රතිකාර මොනවාද?

මෙය සම්පූර්ණයෙන්ම සුවකල හැකි රෝගී තත්ත්වයක් නොවේ, එසේ නමුත් මේ පිලිබඳ තවමත් විවිධ පරීක්ෂණ පැවැත්වේ.

මුලින් හඳුනා ගැනීම , සමාජීය සහයෝගය වැනි කරුණු මගින් රෝගියාට ඉතා හොද පරිසරයක් සකස් කිරීමේ හැකියාව පවතී.

ප්‍රතිකාර සඳහා මානසික වෛද්‍යය වරයෙකු හමුවන්න. දිවයින් පුරා රෝහල්වල මානසික සායන පැවැත්වෙනබැවින් , ඔබට නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකිය.

මානසික අවපීඩනය හෙවත් විශාදය (depression)

මානසික ආතතිය - depression

මානසික රෝග කියන්නේ අපේ ජනතාව මදක් අහන්නට බිය වන රෝග විශේෂයක්නේ. මේකට හේතුවන්නේ සමාජය තුල තියෙන වැරදි ආකල්ප හා මතවාද. කෙසේ වුනත් මානසික අවපීඩනය කියන්නේනම් අපි බොහෝ දෙනා ජීවිතයේ යම් අවස්ථාවක මුහුන දුන්න තත්ත්වයක් වෙනවා. ඒ වගේම මානසික රෝග අතුරින් බහුලම තත්ත්වයක් ලෙසත් මෙය හදුන්වන්න පුලුවන්. තවද මෙය ඉතා විශාල වශයෙන් සියදිවි හානිකර ගැනීම් වලට හේතුවෙනවා.

විශාදය යනු..?

විශාදය එසේත් නොමැතිනම් මානසික අවපීඩනය යනු දීර්ඝ කාලීනව පවතින මානසික අවපීඩන තත්ත්වයකි.

විශාදය හඳුනාගන්නේ කෙසේද…?

විශාදය යන තත්ත්වය වෛද්‍යවරයෙකු මගින් හඳුනාගත යුතු රෝග තත්ත්වයකි. එසේ වුවද පහත පවතින රෝග ලක්ෂණ බහුල සංඛ්‍යාවක් දීර්ඝ කාලීනව පවතීනම් එය විශාදය සැකකල යුතු තත්ත්වයක් වන අතර වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

1. සිතේ ඇති දුක්සහගත බව.

2. වෙනදා කැමත්තෙන් කල කටයුතු වලින් ලැබෙන ආශ්වාදය අඩුවීම.

3. කැම අරූචිය.

4. නින්ද නොයාම හෝ අධික නිදිමත ගතිය.

5. ක්‍රියාකාරීතවය අඩූවීම.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]