කායික රෝග (Medical Diseases)

ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගය (Dengue fever)

 

dengue fever

ඩෙංගු මදුරුවෙකුගේ දෂ්ඨනයක්

ඩෙංගු උණ (Dengue Fever) යනු විශේෂයෙන් වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන රෝග තත්ත්වයකි. එයට හේතු වන්නේ වර්ෂාවත් සමගම ඩෙංගු ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහල යාමයි. ආසන්න වශයෙන් වසරකට 5000 සිට 10,000ක් පමණ වාර්තාවන මෙම රෝග තත්ත්වය නිසා සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 50ක් පමන මිය යන නමුත් දැනට මෙම තත්ත්වය ඉතා පහල අගයකට අඩුවී ඇත. මෙම මර්ණ වලට හේතුවනුයේ ඩෙංගු රක්තපාත (Dengue hemorrhagic fever) නම් උණ තත්ත්වයයි. තවද ඩෙන්ගු රෝගය සඳහා ගොදුරුවන රෝගීන බහුතරයක් බස්නාහිර පලාත ආශ්‍රිතව ජීවත්වෙයි.

ඩෙංගු රෝගය යනු..? (What is the dengue)

ඩෙංගු රෝගය යනු ඊඩිස් ඊගිප්ටි (Ades  aegypti) හා ඊඩිස් ඇල්බෝපික්ටස් (Ades  albopictus )නම් මදුරුවන් විශේෂ දෙක මගින් බෝ වන රෝග තත්ත්වයකි. මෙය වයිරස තත්ත්වයක් වන අතර බොහෝ රෝගීන්ගේ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුව වී යයි. කෙසේ නමුදු 1% පමණ පිරිසක් ඉතා දරුණු තත්ත්වයකට පත්විය හැකිය.

ඩෙංගු රෝගයේ ලක්ෂණ (Symptoms of Dengue Fever)

ඩෙංගු උණ වෛරසයක් වන බැවින් එයද බොහෝවිට අනෙකුත් වෛරසයකට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. එබැවින් මෙය නිසි ආකාරයෙන් හදුනා ගැනීම ඉතා වැදගත් තත්ත්වයකි. විශේෂයෙන් වර්ෂා කාලයත් සමග විවිධ වු උණ තත්ත්ව පැතිර යන අතර ඒවයෙන් මෙය වෙන් කර ගත යුතුය.

රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid Arthritis)

 

Rheumatoid arthritis රුමැටොයිඩ් ආතරයිටිස්

රැමැටොයිඩ් ආතරයිටිස් (RA) යනු ඉතා බහුල සන්ධි ආශ්‍රිත රෝග (Joint disease) තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. එබැවින් මෙය මේ වන විට වැඩි අවධානයට පත්ත්ව ඇති තත්ත්වයක් වන අතර තවමත් නිශ්චිත හේතුවක් සොයගෙන නැතත් ජානමය කරුණු (genetic factors) මත ඇතිවන තත්ත්වයක් ලෙස පැහැදිලි කරනු ලැබේ. ඉතා බහුල වශයෙන් මෙය අවුරුදු 40ත් 60ත් අතර පුද්ගලයන් අතර බහුල වන අතර වැඩි වශයෙන් කාන්තාවන් තුල දක්නට ලැබෙයි. එය පිරිමින්ට වඩා 3න් ගුනයක් පමණ වේ.

රුමැටොයිඩ ආතරයිටිස් යනු..?

රුමැටොයිඩ් ආතරයිටිස් යනු ශරීරයේ සන්ධි ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහක (Inflammatory) තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය සඳහා විවිද හේතු බලපැ හැකිවුවද ජානමය කරුණු වැඩි වශයෙන් බලපෑම් කරයි.

රුමැටොයිට් ආතරයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද..?

මෙම තත්ත්වයට බහුලව භාජනය වන්නේ අප ශරීරයේ පවතින කුඩා සන්ධි වේ. ඒ අතර අත්වල පළමු ඇඟිලි පුරුක්, වලලු කර, පාදවල ඇඟිලි පුරුක්, වැනි සන්ධි වේ. සමාන්‍යයෙන් ශරීරයේ දකුණු පස හා වම්පස සන්ධි සමානව මෙම තත්ත්වයෙන් බලපැමට ලක්වන අතර උකුල් සන්ධි , අක්ෂිය සැකිල්ලේ සන්ධි, දනහිස වැනි ස්ථාන මෙමගින් බලපැමට ලක්වන්නේ සුලු වශයෙනි.

රිකට්ස් (Rickets)

 

rickets - රිකට්ස්

කුඩා දරුවන් අතර වැටීම්, තැලීම්, තුවාලවීම් බහුලය. එසේ වුවද නිතර ඇතිවන අස්ථි බිදීම් යනු අසාමාන්‍යය තත්ත්වයකි. එවැනි තත්ත්ව අතර රිකට්සියාව යනු තවත් ඉතා වැදගත් තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකිය. බොහෝවිට පෝෂණ ඌනතාවයන් නිසා ඇතිවන මෙය ළදරු වියේ සිට පාසල් දරුවන් දක්වා ඕනෑම දරුවකුගේ දක්නට ලැබිය හැකිය.

රිකට්සියාව යනු..?

රිකට්සියාව යනු කුඩා දරුවන් අතර පවතින අස්ථිවල දුර්වල තත්ත්වයකි. මෙම දුර්වල වීම නිසාම ඔවුන්ගේ අස්ථි පහසුවෙන් නැමීමට හා බිදීමට ලක්වේ. සාමාන්‍යයෙන් අස්ථි වර්ධනය සඳහා ප්‍රමුඛ වශයෙන් බලපාන විටමින් ඩි(Vitamin D) හා කැල්සියම්( Ca2+) වල පවතින ඌනතාවයන් මේ සඳහා බලපායි.

රිකට්වලදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

බොහෝවිට මෙම රෝගයේ ලක්ෂණ දරුවාගේ වයස අනුව වෙනස් විය හැකිය. කෙසේවුවද, කොදුඇට පෙලෙහි විකෘති, දත්වල විකෘති හා ඒවා හට ගැනීම පමා වීම මෙන්ම බර අඩුවීම, මාංශපේශි දුර්වලතා හා වර්ධනයේ දුර්වලතාද පොදුවේ දැකගත හැකිය.

වයසමාස6 – 12 අතර දරුවන්ගේ හිසකබලේ එබෙන සුලු ස්වභාවය, අවුරුදු 1 1/2ට අඩු දරුවන්ගේ දුර්වල ශරීර වර්ධනය, වැඩිමහලු දරුවන්ගේ කකුල් වල ඇතිවන බකල් තත්ත්වය(bowing) වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැකිය.

සුදු කබර (Vitiligo)

witiligo- sudu kabara- සුදු කබර

සුදු කබර (Vitiligo) තත්ත්වයෙන් පෙලෙන රෝගියෙක්

සුදු කබර යනු අප රටේ බහුලව දක්නට ලැබෙන සමේ රෝග තත්ත්වයක් ලෙස හදුන ගත හැකිය. මෙය ප්‍රධන වශයෙන් ශරීරයේ සුදු පැහැති ලප හෝ ප්‍රදේශ ලෙස හදුනා ගත හැකිය. තවද මෙම තත්වය වෙනත් විවිධ රෝග සමග සම්බන්ධතාවයක් දැක්විය හැකි අතර එය වෙනත් සමේ රෝග වලින් වෙන් කර හදුන ගැනීමද වැදගත් වේ.

සුදු කබර ඇති වන්නේ කෙසේද..?

මේ සදහා නිවැරදි හේතුකාරකයක් තවමත් සොයගෙන නොමැති නමුත් එය Autoimmune තත්වයක් ලෙස හදුනා ගෙන ඇත.
අප සමේ වර්ණය සද හා වැදගත් වනුයේ මෙලනින් නැමති වර්ණකයයි. මෙම රෝගයේදී මෙලනින්
(Melanin) නම් වර්ණකය ක්‍රමයෙන් අඩු වී යාම සිදුවේ. මේට හේතු වන්නේ මෙලනින් නිෂ්පාදනය කරනු ලබන මෙලනොසයිට නම් සෛල තුලදීම මෙලනීන් විනාශ වී යාමයි.

සුදු කබර හදුනා ගන්නේ කෙසේද..?

මෙම රෝගය බහුලව දක්නට ඇති ප්‍රදේශ අතර;
1. අස්ථි පෘෂ්ඨ ආවරනය කරන ප්‍රදේශ (ඇගිලි පි‍ටුපස, වැලමිට, දනිස්)
2. ශරීරයේ විවරයන් අවට ප්‍රදේශ (ඇස්, මුඛය, නාසය)
3. ඉකිලි හා කිහිලි ප්‍රදේශ
4. කකුල්, තනපුඩු, ලිංගේන්ද්‍රයන් වැනි වෙනත් ප්‍රදේශ වේ.
එලෙසම මෙම තත්ත්වය තුවාල ප්‍රදේශ වලද, හිසකෙස් අතරද වර්ධනය විය හැකිය.

ලාදුරු (Leprasy)

leprosy/ ලාදුරු

ලාදුරු (Leprosy) තත්ත්වයෙන් පෙලෙන රෝගියෙක්

ක්‍ෂය රෝගය(Tuberculosis) ලෙසම බොහෝවිට මෙම රෝගයද හමුවන්නේ අඳුරු දුහුවිලි සහිත පරිසර වල ජීවත්වන පිරිස් අතරය. එබැවින් එය අතීතයේ දුප්පතගේ රෝගය ලෙසද හදුන්වා ඇත.ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන් මෙම රෝගය, මේ වෙන විට ලෝකයේ බොහෝ රටවල් වලින් තුරන් වෙලා තිබුනත් අතීතයේ පැවති රෝග අතරින් බරපතලම රෝගයක් ලෙස හදුන්වන්න පුලුවන්. තවද, දැනට ශ්‍රි ලංකාව තුල බොහෝ දුරට පානය වෙලා තියන රෝගයක් ලෙස හදුනාගත හැකි මෙය සම්පූර්ණයෙන්ම සුවකල හැකි තත්ත්වයකි.

ලාදුරු යනු..?

ලාදුරු යනු සමේ රෝග යටතට අයත් වන තවත් වැදගත් රෝගයකි. මෙය Mycobacterium leprae නම් බැක්ටීරියාවක් මගින් ඇති කරයි.

ලාදුරු පැතිරෙන්නේ කොහොමද…?

ලාදුරු යනු සමේ රෝගයක් ලෙස හඳුනාගනු ලැබූවද එය සම මගින් බෝ වීමක් සිදු නොවේ. එසේ වුවද මෙම රෝගය රෝගීන්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව පැතිරයාම සිදුවේ. එබැවින් රෝගීන්ගේ සෙම, කිවිසුම් සමග පිටවන ඛේට අංශු මගින් තත්ත්වය පැතිර යා හැකිය. නමුත් මෙම තත්ත්වය එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිරීමට දීර්ඝකාලීන ආශ්‍රය අවශය වෙනවා. එබැවින් ඔවුන් සමග ගැවසීම අනතුරුදායක නොවේ.

අපස්මාරය/ මීමැස්මොරය (Epilepsy)

epilepsy/ apasmaraya/අපස්මාරය

අපස්මාරය එසේත් නැත්නම් මීමැස්මොරය යනු ශ්‍රි ලන්කාව තුල එතරම් දුලබ තත්ත්වයක් නොවේ. එය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා අඩු වැඩි වශයෙන් ව්‍යප්ත වු තත්ත්වයකි. මෙම තත්වය සදහා මූලික වශයෙන් ජානමය බලපෑමක් පවතින අතර, ඊට අමතරව වෙනත් විවිධ හේතු හදුනාගෙන ඇත.

අපස්මාරය යනු කුමක්ද..?

අපස්මාරය යනු නිතර නිතර ‍ෆිට් එක(fit) නැත්නම් ශරීරයේ ඇතිවන අසාමාන්‍යය ස්නායුමය ක්‍රියාකාරීත්වය සඳහා ඇති හැකියාවයි. එය ඇතිවන්නේ ශරීරයේ ඇතිවන හදීසි ස්නායුමය ක්‍රියාකාරීත්වයක් මගිනි. සාමන්‍යයෙන් විවිධ ආකාරයේ ‍ෆිට් පවතින අතර අප බොහෝවිට බාහිරින් පැහැදිලිව හදුනාගන්නේ සම්පූර්ණ ශරීරයේම හෝ ශරීරයේ කොටසක ඇති වන අසාමාන්‍යය මාංශපේෂි චලනයක් සමග ඇතිවන අපස්මාරය තත්ත්වය පමනි. එසේ වුවද වෙනත් විවිධ ආකාරයේ අපස්මාර තත්ත්ව හදුනාගත හැකිය.

අපස්මාරය යනු මාංශපේෂිවල ඇතිවන අසාමාන්‍යය චලනයමද..?

අපස්මාරය යනු ශරීරයේ ඇතිවන වලිප්පුව තත්ත්වයට එහා ගිය රෝග ලක්ෂණ ගනනාවක් ලෙස හදුනා ගත් හැකිය. ඒ අතර සාමන්‍යයෙන් අප පොදුවේ හදුන්වන ‍ෆිට් එක එසේත් නැත්නම් මංශ පේශිවල අසාමාන්‍යය චලනයක් සහිතව ඇතිවන Clonic tonic seizure තත්ත්වය මෙන්ම Absence seizure, Atonic seizure වැනි තත්ත්වද පැවතිය හැකිය . මෙවැනි සමහර තත්ත්ව වල විශේෂත්වය වන්නේ ඒවා සමහරක් පිටතට පැහැදිලිව නොපෙනීමයි

ඉරුවාරදය(Migraine)

Migraine - ඉරුවාරදය

ඉරුවාරදය යනු ස්නායු රෝග අතරින් තවත් එක් විශේෂිත එකකි. එයට හේතුව වන්නේ එය යම් ආකාරයක හිසේ අමාරුවක් ලෙස දැනුනද සාමානයෙන් අප එදිනෙදා දකින හිසරදයට වඩා මදක් වෙනස් ස්වරුපයකින් මෙය රෝගියාට දැනීමයි. එක්තරා ආකාරයක පීඩාකාරී රෝගයක් වන මෙය ඉද හිට නැවත් නැවත මතුවන ආකාරයේ රෝගයක් ලෙස හදුනා ගත හැකිය. තවද මෙය බොහෝ විට මානසික පීඩනය ආතතිය වැනි තත්ත්ව සමග වර්ධනය වන අතර ඇමරිකාවේ 12% පමණ ජනගහනයක් මෙයින් පීඩා විදින බව හදුනාගෙන ඇත. ශ්‍රි ලංකාවේද මෙම රෝගය බහුලව පවතින බව හදුනාගෙන ඇත.

ඉරුවාරදය යනු කුමක්ද..?

ඉරුවාරදය යනු පැය කිහිපයක් එකදිගට පවතින හිසරදයකට සමාන තත්ත්වයකි. එය බොහෝ විට හිසේ එක් පැත්ත්කට සීමා වේ. තවද වමනය ආලොකයට හා ශබ්ද වලට ඇති අකමැත්ත වැනි ලක්ෂණද මේ සමග ඇති වේ.

ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..?

මෙය තවමත් නිශ්චිතව පැහැදිලි කර නැති නමුත් මේ සදහා බලපෑම් කලහැකි හේතු කිහිපයක් හදුනාගෙන ඇත.
1. ජානමය කරුණු
2. අධික මානසික ආතතිය
3. සමහර ආහාරමය හේතු
4. සමහර ඖෂධ
5. අප්‍රසන්න ශබ්ද වලට අනාවරනය වීම
6. අධික ආලොකයට ආනාවරනය වීම
7. මොළය ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න

උණ වලිප්පුව(Febrile- fits)

una walippuwa - උණ වලිප්පුව

උණ වලිප්පුව එසේත් නැත්නම් කුඩා කලයේදී ඇතිවන ‍ෆිට්(fit /seisure ) එක නමින් හදුන්වන තත්වය කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් ලෙස හදුනා ගත හැකිය. මෙය බහුලව දක්නට ලැබෙන්නේ වයස මාස 6ත් අවුරුදු 5ත් අතර දරුවන් අතරය.

උණ වලිප්පුව යනු…?

උණ වලිප්පුව යනු කුඩා දරුවන් හට ඇතිවන අසාමාන්‍යය සහ පාලනයකින් තොරව සිදුවන චලනයන් සමූහයක් (වලිප්පුව තත්ත්වයක්) ලෙස සරලව හඳුන්වාදිය හැකිය. මෙහි විශේෂත්වය වනුයේ එය බොහෝවිට වෛරස් උණ(viral fever) තත්ත්වයක් සමඟ ඇති වීමයි. උණ අධික වීමත් සමග ඇතිවන මෙම තත්ත්වය කුඩා දරුවන්ගෙන් 3% පමණ ප්‍රමාණයකට යම්දිනක ඇතිවිය හැකිය.

උණ වලිප්පුව ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

මෙය මුලින් සඳහන් කල පරිදි උණ තත්ත්වයක් සමග ඇතිවන අපස්මාරයට(Epilepsy) සමාන තත්ත්වයකි. එහිදී බොහෝ විට ක්ෂණිකව ඇතිවන ශරීරයේ දරදඩු වීම හා අසාමන්‍ය චලන මෙන්ම මුඛයෙන් ශ්‍රවයන් ඇතිවීම, ඇස්වල ඇතිවන අසාමාන්‍ය චලන වැනි තත්ත්ව දැක ගත හැකිය.

උපදංශය/සිපිලිස් (Syphilis)

සිපිලිස් යනු වෙනත් සමාජ රෝග(STD) ලෙසම ලිංගාශ්‍රිතව පැතිර යන රෝග තත්ත්වයකි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම දක්වා විවිධ රෝග තත්තව ඇති කල හැකි වීමය. ඒ අතර සමේ රෝග තත්ත්ව වල සිට අභයන්තර අවයව වල ඇතිවන විවිධ ප්‍රශ්න දක්වා විශාල ප්‍රශ්න රාශියකට මුහුන දීමට සිදු විය හැකිය. තවද මෙය දිනෙන් දින ලෝක ජනගහනය තුල වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් ලෙස දැක්විය හැකිය

සිපිලිස් ඇතිකරන රෝග කාරකය හා ව්යාප්තිය

සිපිලිස් ඇතිකරන රෝග කාරකය Treponema pallidum ලෙස හදුන්වනවා. තවද එය බැක්ටීරියක් ලෙස හදුන්වා දිය හැකියි.

මෙම රෝග කාරකය ප්‍රධාන වශයෙන්ම සමීප ලිංගික ඇසුර නිසා පැතිර යනවා. රෝගය නිසා ඇතිවන තුවාල වෙනත් පුද්ගලයෙකුගේ ලිංගික අවයව වල ගැටින විට රෝගය අනෙක් පුද්ගලයා දක්වා පැතිර යාම සිදු වෙනවා. එහිදී තුවාල ශරීරයේ ඔනෑම තැනක පැවතිය හැකි වුවත්, බහුලව දක්නට ලැබෙන්නේ පුරුෂ ලිංගය, යෝනි මාර්ගය, ගුද මාර්ගය වැනි ලිංගික ඉන්ද්‍රියයන්වලය. නමුත් , තොල් වැනි වෙනත් ස්ථාන වලද රෝග කාරක තුවාල පැවතිය හැකිය. යෝනි, ගුද, හෝ මුඛ වැනි ඕනැම සංසර්ග ක්‍රමයක් නිසා මෙය සිදුවිය හැකිය.

තවද මීට අමතරව ගර්භණී මවුවරුන්ගෙන් දරුවන්ට පැතිර යාමේ අවදානමක්ද පවතිනවා. එවැනි දරුවන් ගර්භනී අවධියේ සහ ඉන් පසුව විවිධ සංකූලතා වලට මුහුන දිය හැකිය.

සිපිලිස් වල රෝග ලක්ෂණ

මෙය ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක ලෙස හදුනා ගත හැකි වෙනවා. ඒ අතර ප්‍රාථමික, ද්වීතික හා තෘතීක අවස්ථා ඇතුලත් වෙනවා. අදාල අවස්ථාව අනුව රෝගයේ ස්වාභාවය හා තීව්ර බව වෙනස් විය හැකිය.

ගොනෝරියා (Gonorrhoea)

Gonorrhea in sinhala

ගොනෝරිය (gonorrhoea) යනු අද වන විට තරුණ පරපුර අතර බහුලව පවතින ලිංගාශ්‍රිත රෝගී (STD) තත්ත්වයකි. පසුගිය වසර ශ්‍රි ලංකාව තුල නව රෝගීන් 400කට ආසන්න ප්‍රමානයක් හඳුනා ගෙන ඇති මෙම රෝග තත්ත්වය බැක්ටීරියවකින්(Bacteria) බෝ වන රෝග ත්ත්වයක් වේ. සමාන්‍යයෙන් බොහෝවිට රෝගී ලක්ෂණ බාහිරට පෙන්නුම් නොකිරීම නිසා මෙය හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් වන අතර රෝග ව්‍යාප්තියට මෙය මහත් රුකුලක් වී ඇත.

ගොනෝරියා යනු..?

මෙය Neisseria gonorrhea නම් බැක්ටීරියක් මගින්ඇතිකරනු ලබන රෝගී තත්ත්වයකි. මෙම බැක්ටීරියව තෙතමනය සහිත ප්‍රදේශ වල වැඩිපුර වාසය කිරීමට කැමති බැවින් මෙය බහුලව වැඩෙන්නේ ලින්ගික අවයව (genital organs), ගුද මාර්ගය(Anal canal) හා උගුර(Throat) වැනි අවයව වලය. එබැවින් මෙය ලිංගික සංසර්ගය මගින් ව්‍යප්ත වීම සිදු වේ.

ගොනෝරියා ව්‍යප්තිය සිදුවන්නේ කෙසේද..?

මෙය ඕනැම ආකරයක ලිංගික එක්වීමකදි බෝ විය හැකි තත්වයකි. ඒ අනුව යෝනි, ගුද හෝ මුඛ යන ඕනෑම ආකාරයක සම්බන්දයකදී ආසාදිතයෙකුගෙන් තවත් අයෙකුට ව්‍යප්තවීම සිදුවිය හැකිය.තවද මුලින් සඳහන් කල ආකරයට බොහෝ රෝගීන් බාහිරින් රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා (විශේෂයෙන් කන්තාවන්) අනාරක්ෂිත ලිංගික එක්වීමකදි මෙය බහුලව ව්‍යප්ත වේ.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]