ශරීර ස්ක්න්ධ දර්ශකය (BMI Calculator)

ශරීර ස්ක්න්ධ දර්ශකය (BMI Calculator)

Posted on

BMI ගණකය එසේත් නැතහොත් BMI Calculator කියන්නේ අපගේ පි‍ටුවට අලුති එක් වුන අංගයක්. මෙය එකතු කිරීමට හේතුව වුයේ ශරීර ස්කන්ධ දර්ශකය පිලිබඳ ජනතාව අතාර තිබෙන තරමක නොදැනුවත් බව හේතුවෙන්.

Check your BMI here

ශරීර ස්ක්න්ධ දර්ශකය යනු.?

ශරීර ස්කන්ධ දර්ශකය එහෙමත් නැත්නම් Body Mass Index කියන්නේ අපගේ සෞඛය පිලිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට ඇති සෞඛයය දර්ශකයක් විශේෂයෙන් ගැබිනි මවු වරුන්ගේ, ක්‍රීඩකයන්ගේ , කුඩා දරුවන්ගේ මෙය ඉතා වැදගත් කොට සලකන දර්ශකයක් වෙනවා.

ශරීර ස්කන්ධ දර්ශකය - BMI calculator

ශරීර ස්කන්ධ දර්ශකය සඳහා වු සමීකරණය

ස්කන්ධදර්ශක්යට අනුව ඔබගේ බර (weight), ඔබගේ උසේ (height) වර්ගයෙන් බෙදීම සිදුකල යුතු වෙන්වා.ඒ අනුව ඔබගේ උසට සරිලන බර ප්‍රමාණයක් තිබේද යන්න පරික්ෂා කිරීම මෙමගින් සිදුවෙනවා. එමගින් ලැබෙන අගය අනුව ඔබගේ සෞඛ්‍යය පිලිබඳ අදහසක් ලබා දිය හැකියි.
පහත සඳහන් වන්නේ ස්කන්ධ දර්ශකය අනුව ඔබගේ සෞඛය තත්ත්වයයි. මෙය ශ්‍රි ලංකාවේ අගයන්ට අනුව සකසා ඇත.

BMI referance for sri lanka

ශරීර ස්කන්ධ දර්ශක පරාසයන්

 

අඩු බර පරාසය (Low BMI/ Under weight)

අඩුබර යනුවෙන් හදුන්වන්නේ ඔබගේ බර ඔබගේ උසට සාපේක්ෂව අඩු අගයක පැවතීමයි. මේ නිසාම ඔබ පහත් සඳහන් රෝග තත්ත්ව සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වනවා.
1. ප්‍රතිශක්තීකරණ ඌනතා (low immunity)
2. මද සරුබව (Infertility)
3. පෝෂණ හා වර්ධන දුර්වලතා (Malnutrition)
4. ගැබිනි සමයේ ඇතිවන ගැටලු (Pregnancy complications)

බර වැඩි කර ගන්නේ කොහොමද..?

ඔබ බර අඩුවීමට හේතුව විය හැක්කේ බොහෝ විට අධික ව්‍යායාම හෝ අධික ආහාර පාලනය විය හැකියි. එවැනි අවස්ථාවල ඔබ විසින් එවා නිවැරදි කර ගැනීමට කටයුතු කල යුතුය.
තවද නිසි ව්‍යායාම, ක්‍රමානුකූල හා පෝෂණීය ආහාර මගින් මෙය වැඩි කර ගත හැකියි.

සාමාන්‍යය බර (Normal BMI/ Moderate body built)

ඔබ බොහෝ දුරට නිරෝගී ලෙස සලකනු ලබනවා. ඔබගේ ශරීරයේ ඇති මේද ප්‍රමාණය (Fat) ඉතාම නිවැරදි මට්ටමින් පවතිනවා. මෙය දීර්ඝ කාලීනව තබාගැනීමට නිසි ව්‍යායාම හා පෝෂණය කෙරෙහි අවධානය යොමු කරන්න.

වැඩිබර (High BMI/ Over weight)

මෙම කාණ්ඩයේ පුද්ගලයන් අනාගතයේ ස්ථූල කාණ්ඩයට ඇතුලත්විය හැකිය. එබැවින් ඒ පිලිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

ස්ථුල (Obese)

ස්ථුල ශරීරයක් හිමි ඔබගේ බොහෝ විට ශරීරයේ අධික මේද ප්‍රමාණයක් සහිතය. එබැවින් ඔබ බොහෝ බෝ නොවන රෝග සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වයි.

1. කොලෙස්ටරොල් තත්තව (Dyslipidaemia)

2. අධික රුධිර පීඩනය (Hypertension)

3. කිරීටක ධමනියේ ඇතිවන ගැටලු  (Coronary heart diseases)

4. දියවැඩියාව (Diabetes Melitus)

5. සන්ධි ආබධ (Arthritis)

6. පිත්තාශයේ ගැටලු (Gall blader disease)

බර අඩු කර ගන්නේ කොහොමද..?

බර අඩු කර ගැනීම සඳහාද ඇති විසදුම වන්නේ නියමිත් පරිදි සිදුකරනු ලබන ආහාර පාලනය, ව්‍යායාම යන කරුණුයි.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]