රක්තහීනතාවය (Anaemia)

රක්තහීනතාවය (Anaemia)

anemia rakthaheenathawaya,රක්තහීනතාවය

නිරක්තය හෙවත් රක්තහීනතාවය (anemia)  ලෙස අප හදුන්වන්නේ රුධිරයේ අවශ්‍යය තරම් හිමොග්ලොබින් (hemoblobin) හෝ රතු රුධිරාණු සෛල නොමැති වීමයි. ඔබගේ ශරීරයේ පැවතිය යුතු හිමොග්ලොබින්(haemoglobin) ප්‍රමානය ඔබගේ වයස හා ලිංගිකත්වය අනුව වෙනස් විය හැකිය. මෙම තත්ත්වය හෘද වස්තුවේ ඇතිවන ප්‍රශ්න දක්වා විවිධ මට්ටමින් අපගේ ශරීරයට බලපැම් කල හැකිය. තවද බොහෝවිට නිරක්තය ජානමය හේතු නිසා ඇතිවන වෙනත් හේතුද බලපැම් කල හැකිය.

නිරක්තය හෙවත් රක්තහීනතාවය යනු කුමක්ද..? (anemia)

මුලින් සදහන් කල පරිදි රක්තහීනතාවය යනු වයසට (age)හා ලිංගිකත්වයට (gender) අනුව අවශය තරම් ඔක්සිජන් පරිවහනය සඳහා අවශ්‍යය හිමොග්ලිබින් නොමැතිවීමයි. ඒ අනුව අපගේ ශරීරයට අවශයය හිමොග්ලොබින් ප්‍රමාණය වයස අනුව වෙනස් වන අතර ස්ත්‍රී පුරුෂ භාවයට අනුවද වෙනස් වේ. සාමන්‍යයෙන් දරුවන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු අගයක පවතින අතර ඉන් පසුව වයස අවු.10 – 12පමණ වන විට එය වැඩිහිටියන්ගේ ප්‍රමාණයට ලගාවේ. එලෙසම පුරුෂයන්ට වඩා අඩු හිමොග්ලොබින් ප්‍රමාණයක් ස්ත්‍රීන්ගේ රුධිරය තුල පවතී.

නිරක්තය සදහා හේතු මොනවාද..?

ඔබ රක්තහීනතාවයෙන් පෙලෙන පුද්ගලයෙකුනම්, පහත හේතු ඒ සඳහා බලපැම් කල හැකිය.
1. ජානමය ප්‍රශ්න(Genetic causes)
2. අධික රුධිර වහනය(Massive blood loss)
3. පෝෂණ ඌනතා(Nutrition defeciency)
4. සමහර ආසාදන(Some inflections)
5. සමහර ඖෂධ වර්ග(Some drugs)

හිමොග්ලොබින් අඩුවීම සැමවිටම රක්තහීනතාවයද..?

හිමොග්ලොගින් අඩුවීම සෑම විටම රක්තහීනතාවයක් ලෙස සැලකීමක් සිදු නොකරයි. මන්ද හිමොග්ලොබින් ප්‍රමානය වයසත් සමග සංසන්දනය කල යුතු තත්ත්වයක් නිසාය. එලෙසම සමහර ගර්භණීභාවය (pregnancy) වැනි තත්ත්ව වලදී එය යම් මට්ටමක් දක්වා අඩුවීම සාමාන්‍යය වේ.
ඒ කෙසේ වුවද ඔබගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණයේ යම් වෙනසක් ඇත්නම් එය ඔබගේ වෛද්‍යයවරයාගෙන් නිවැරදිව දැන ගැනීම ඔබ සතු වගකීමකි.

හිමොග්ලොබින් අඩුවීම ඔබට බලපාන්නේ කෙසේද..?

මෙය මූලික වශයෙන් ඔබට දැනෙන්නේ පනනැති ගතියක් එසේත් නැත්නම් නිතර කම්මැලි ගතියක් ලෙසය. එලෙසම ඉක්මනින් මහන්සියට පත්වීමද දැකගත හැකිය. මීට අමතරව දක්නට ලැබෙන රෝග ලක්ෂණ අතර හදවත හා ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විවිධ අක්‍රමවත් තත්ත්ව දැකගත හැකිය.

රක්තහීනතාවයෙන් මිදෙන්නේ කෙසේද..?

රක්තහීනතාවය ඇතිවීම වලක්වා ගැනීම සදහා ඔබට කල හැකි කාර්යය භාරය වන්නේ අවශය තරම් පෝෂණ ද්‍රවයය තම ආහාර වලට එකතු කර ගැනීමයි. එහිදී ඉතාම වැදගත් පෝෂක අතර විටමින් බී(Vitamin B), යකඩ(Fe) වේ. විශේෂයෙන් ඔබ සම්පූර්ණයෙන්ම නිර්මාංශ පුදගලයෙක්නම් ඔබගේ විට්මින් බී12(B12) ලබාගැනීම සඳහා නිතර කිරිසහිත ආහාර ගැනීම අත්‍යාවශය වේ. එලෙසම ආහාර වල අඩංගු යකඩ අවශෝෂණය වැඩිකර ගැනීම සඳහා දෙහියුෂ එකතු කිරීම, ආහාරයට පෙර හා පසු තේ පානයෙන් වැලකීම ඉතාම වැදගත් පිලිවෙත් කිහිපයකි.

anemia blood transfusion

නිරක්තය (anemia) තත්ත්වයෙන් පෙලෙන රෝගියකුට රුධිර පාරවිලනය (blood transfusion) සිදු කරන අවස්ථාවක්

එලෙසම නවයොවුන්වියේ ගැහැණු ළමුන් හා මැදිවියේ ස්ත්‍රීන් මාස් සෘද්දියෙදි(Menstruation) අධික වශයෙන් ලේ වහනය වීමක් දක්නට ඇත්නම් ඒ සදහා වෛදයය උපදෙස් ලබාගැනීමද වැදගත්ය.

මීට අමතරව ඔබ රක්තහීනතාවයෙන් පෙලේනම් වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා ගැනීමද ඉතා වැදගත්ය.

 

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]