ලිංගික හර්පීස්(Genital Herpes)

ලිංගික හර්පීස්(Genital Herpes)

herpes in sinhala - හර්පීස්

අනෙකුත් සමාජ රෝග(STD) මෙන්ම හර්පීස්ද ඉතා බහුල රෝගී තත්ත්වයක් වේ. පසුගිය වසර තුල පමනක් මෙම රෝගය සහිත පුද්ගලයන් 2600ක් පමන වාර්තා වී ඇත. ඇමරිකවේ වාර්තා වලට අනුව එහි, ලිංගිකව ක්‍රියාකාරි වයසේ සිටිනා සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුටම මෙම රෝගය වැලදී ඇති බව හදුනාගෙන ඇත. එලෙසම එහි අනෙකුත් ඉතා වැදගත් කරුණ නම් මෙය සම්පූර්ණයෙන් සුව නොවන රෝග තත්ත්වයක් වීම හා නැවත නැවත ඇතිවීමි අවදානමයි.

හර්පීස් යනු..?

හර්පීසි යනු HSV-2 නැමති වයිරසය(virus) මගින් ඇතිවන රෝගී තත්ත්වයකි. එය බොහෝ විට බහුලව හමු වන්නේ අපගේ ලිංගාශ්‍රිත අවයව වන යෝනී මාර්ගය, ශිෂ්ණය, ගුද මාර්ගය වැනි ප්‍රදේශ වලය. නමුත් එය මුඛය වැනි ප්‍රදේශ ආශ්‍රිතව වුවද හමුවිය හැකිය.

හර්පීස් වල රෝග ලක්ෂණ මොනවාද..?

මෙයද ගොනෝරිය මෙන්ම බහුල වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන තත්වයකි. එසේ වුවද මද වශයෙන් රෝග ලක්ෂණ පැවතිය හැකිය. සාමන්්‍යයෙන් ලිංගික අවයව ආශ්‍රිතව ඇතිවන කුඩා තුවාල බහුල වශයෙන් හමුවිය හැකිය.

රෝග වයාප්තිය සිදුවන්නේ කෙසේද..?

මෙම රෝගයද අනෙකුත් ලිංගාශ්‍රිත රෝග තත්ත්ව මෙන්ම ලිංගික සංසර්ගයේදී අසාදිත අයෙකුගෙන් තවකෙකුට බෝවීම සිදුවේ. මෙහිදි ලිංගික අවයව වල ඇති තුවාල වලින් නිකුත් වන වයිරස අංශු අනෙක් පුද්ගලයාගේ ශරීරයට ඇතුලු වී රෝග තත්ත්වය ඇතිකරයි. මෙසේ ඇතිවන රෝග තත්ත්වය ඖෂධ මගින් සුව වී නැවත ඇති නොවීමට හැක. නමුත් සමහර රෝගීන්ගේ එය නැවත ඇති වීමේ හැකියාවක් පවතී.

එලෙසම තුවාල වලින් වහනය වන ශ්‍රාව ශරීරයේ අනෙකුත් ස්ථාන වල ස්පර්ශ වීමෙන් එම ස්ථාන වලද රෝගය ඇතිවිය හැකිය.

එලෙසම ගර්භනී මවු වරුන්ගෙන් දරුවාට පැතිරීමේ අවදානමක්ද පවතී.

ගර්භනීභාවය හා හර්පීස්

හර්පීස් යනු මවගෙන් දරුවාට ගමන් කල හැකි රෝග තත්ත්ව වලින් එකක් ලෙස හදුන ගත හැකිය. මෙහි විශේෂත්වය වනුයේ එවගින් මල දරු උපත් වැනි තත්ත්ව ඇතිවීමයි. එලෙසම සමහර විට දරුවන්ගේ ඇස්වල වයිරසය තැවරීමෙන් අන්ධ වීම පවා සිදුවිය හැකිය.

හර්පීස් වලක්වා ගැනීම හා ප්‍රතිකාර…?

මෙය සමහර විටක ජීවිත කාලය පුරාම පවතින තත්ත්වයක් බැවින් ඔබ සතුව ඔබගේ සහකරුවගේ ආරක්ෂවද රදා පවති. එබැවින් සෑම විටම එක් විශ්වාස දායි සහකරුවෙකු පමනක් ඇසුරු කරන්න. එලෙසම ඔබ රෝගය වැලදුන පුද්ගලයෙකුනම් සහකරුවා දැනුවත් කිරීම හා නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ. එලෙසම රෝගය සැදුන විට තුවාල අත නොගැම හා ඒව පිරිසිදුව තබා ගැනීම මෙන්ම නැවත ඇතිවන අවස්තාවලදී කොන්ඩම් භාවිතය වැදගත්ය. ඔබ හෝ ඔබේ සහකරුවා රෝගය වැලදී ඇති අයෙකුනම් ගර්භනී සමය පිලිබඳ ඔබගේ වෛද්‍යවරයා සමඟ කලින් සාකචඡා කිරීම හා නිවැරදි කාලයට ප්‍රතිකාර සඳහා යොමුවීම සිදුකල යුතුය.

මේ සදහා ප්‍රතිකාර දිවයින පුරා පවතින ඕනෑම ලිංගාශ්‍රිත රෝග පිලිබඳ සායනයකින් ලබා ගත හැකිය.

 

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]