ලිංගික ඉන්නන්(Genital Warts)

ලිංගික ඉන්නන්(Genital Warts)

warts in sinhala

අනෙකුත් සමාජ රෝග මෙන්ම ලිංගික ඉන්නන්ද ඉතාමත් වැදගත් ලෙස සැලකිය යුතු රෝගී තත්ත්වයකි. මන්දයත් ලිංගාශ්‍රිත රෝග(sexually trasmited diseases) වලින් වැඩි වශයෙන්ම වර්තාවන රෝගී තත්ත්වය එය බැවිනි. එලෙසම මේවා පිලිකා තත්ත්වයන් ලෙස පසුකාලීනව වර්ධනය වීමේ සම්භාවිතාවයක්ද පවතී.

ලිංගික ඉන්නන් යනු..?

ලිංගික ඉන්නන් යනු ලිංගිකව බෝවන වෛරස තත්ත්වයකි. එය HPV ලෙස හදුනාගෙන ඇත. මෙය ලිංගාශ්‍රිතව හා ගුද මාර්ගය ආශ්‍රිතව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි

ලිංගික ඉන්නන් ව්‍යාප්ත වන්නේ කෙසේද..?

මෙම තත්ත්වයද අනෙකුත ලිංගාශ්‍රිත රෝගී තත්ත්ව මෙන්ම අනාරක්ෂිත ලිංගික සංසර්ගය නිසා බෝ වන තත්ත්වයක් වේ. ඕනැම ආකාරයක සංසර්ගයකදී මෙය වයාප්තවිය හැකිය.
තවද මෙම තත්ත්වය ප්‍රසුතියේදී දරුවාටද බෝවීමට හැකියාවක් ඇත.

ලිංගික ඉන්නන් හඳුනා ගන්නේ කෙසේද..?

මෙම තත්ත්වයද අප සමේ වෙනත් ප්‍රදේශ වල දක්නට ලැබෙන ඉන්නන් ලෙස හදුන්වන තත්ත්වයටම බොහෝදුරට සමාන වේ. එබැවින් පහසුවෙන් හදුනා ගත හැකිය. එසේ වුවද ඉතා විශාල හා ව්‍යප්ත වු තත්ත්වයක් ලෙසත් පැවතිය හැකිය.

ප්‍රතිකාර හා පාලනය..?

මෙම තත්ත්වය පාලනය සඳහාද අනෙකුත් ලිංගාශ්‍රිත රෝග පාලන ක්‍රම භාවිත කිරීම වැදගත්වේ. ඒ අනුව ලිංගික සංසර්ගය එක් විශ්වසවන්ත සහකරුවෙකුට සීම කිරීම, අනෙකුත් අවස්තාවලදී ආරක්ෂාකරී පියවර අනුගමනය කිරීම වැදගත් වේ.

තවද මීට අමතරව මේ සදහා ප්‍රතිශක්තීකරණ එන්නතක්ද හදුන්වා දී ඇත.

ඔබට මෙවැනි තත්ත්වයකට මුහුන දීමට සිදුවුවහොත් වහාම ලඟම ලිංගාශ්‍රිත රෝග සායනය වෙත යොමු වන්න.

One Response to ලිංගික ඉන්නන්(Genital Warts)

  1. mama Ragama pradeshayea jeewath wena wewahaka pudgalayeki…may innan sandaha ma prathikara ganna saduwath eya itha wishala mudalak doctersla illanawa ea nisa mata prathikara ganeemata nohaki tathwayak tiyennea…ea sndaha mata rajayea rohalakin prathikara labiyahaki langama sthanaya danwanna Thank this programe

Leave a Comment

Name*

Email* (never published)

Website

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]