ගොනෝරියා (Gonorrhoea)

ගොනෝරියා (Gonorrhoea)

Gonorrhea in sinhala

ගොනෝරිය (gonorrhoea) යනු අද වන විට තරුණ පරපුර අතර බහුලව පවතින ලිංගාශ්‍රිත රෝගී (STD) තත්ත්වයකි. පසුගිය වසර ශ්‍රි ලංකාව තුල නව රෝගීන් 400කට ආසන්න ප්‍රමානයක් හඳුනා ගෙන ඇති මෙම රෝග තත්ත්වය බැක්ටීරියවකින්(Bacteria) බෝ වන රෝග ත්ත්වයක් වේ. සමාන්‍යයෙන් බොහෝවිට රෝගී ලක්ෂණ බාහිරට පෙන්නුම් නොකිරීම නිසා මෙය හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් වන අතර රෝග ව්‍යාප්තියට මෙය මහත් රුකුලක් වී ඇත.

ගොනෝරියා යනු..?

මෙය Neisseria gonorrhea නම් බැක්ටීරියක් මගින්ඇතිකරනු ලබන රෝගී තත්ත්වයකි. මෙම බැක්ටීරියව තෙතමනය සහිත ප්‍රදේශ වල වැඩිපුර වාසය කිරීමට කැමති බැවින් මෙය බහුලව වැඩෙන්නේ ලින්ගික අවයව (genital organs), ගුද මාර්ගය(Anal canal) හා උගුර(Throat) වැනි අවයව වලය. එබැවින් මෙය ලිංගික සංසර්ගය මගින් ව්‍යප්ත වීම සිදු වේ.

ගොනෝරියා ව්‍යප්තිය සිදුවන්නේ කෙසේද..?

මෙය ඕනැම ආකරයක ලිංගික එක්වීමකදි බෝ විය හැකි තත්වයකි. ඒ අනුව යෝනි, ගුද හෝ මුඛ යන ඕනෑම ආකාරයක සම්බන්දයකදී ආසාදිතයෙකුගෙන් තවත් අයෙකුට ව්‍යප්තවීම සිදුවිය හැකිය.තවද මුලින් සඳහන් කල ආකරයට බොහෝ රෝගීන් බාහිරින් රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා (විශේෂයෙන් කන්තාවන්) අනාරක්ෂිත ලිංගික එක්වීමකදි මෙය බහුලව ව්‍යප්ත වේ.

ගොනෝරිය වල රෝග ලක්ෂණ මොනවාද..?

සමාන්්‍යයෙන් රෝගී කන්තන්තාවන්ගෙන් 50% හා පිරිමින්ගෙන් 10% පමන ප්‍රමාණයක් රෝග ලක්ෂණ බාහිරට නොපෙන්වයි. බොහෝ විට රෝග ලක්ෂණ සංසර්ගයේ සිට දින 1- 14 අතර දැක ගත හැකිය.

රෝගී පුරුෂයන් හට භෝ විට මුතා දැවිල්ලක් ලෙස පෙන්නුම් කරයි. ඒ සමග සිදුවන සුදු, කහ හෝ කොල පැහැති ශ්‍රාවයන් මගින් රෝගය හදුනා ගත හැකිය.

කාන්තාවන්ගේ මුත්‍රා දැවිල්ල, මාසික ඔසප් රුධිර වහනයට අමතරව සිදුවන රුධිර වහනය වැනි තත්ත්ව සමග ඇතිවන ශ්‍රවයන් මගින් මෙම තත්වය හදුනා ගත හැකිය.

එලෙසම ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගොනෝරිය තත්ත්වය නිසා මල පහ කිරීමේ අපහසුතා, කැසීම වැනි තත්ත්ව ඇතිවේ. එලෙසම උගුර ආශ්‍රිතවද මෙය ඇතිවිය හැකි නමුත් විශාල හානියක් ඇති නොවේ.

රෝගයෙන් වැලකිය යුත්තේ ඇයි…?

මෙය පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ සරු භාවය නැති කිරීමට හේතු විය හැකිය. තවද කාන්තවන්ගේ ගර්භාෂය(Uterus) හා පැලෝපීය නාලයට(Palopian Tube) හානි වීමද සිදුවේ. එලෙසම ගර්භනී මවුවරුන්ගෙන් තම දරුවාටද තත්වය ගමන් කල හැකිය.

ගොනෝරියා පාලනය හා ප්‍රතිකාර ලබගැනීමේ ක්‍රම මොනවාද..?

වෙනත් රෝග තත්ත්ව මෙන්ම විශ්වාසදායි එක් සහකරුවෙකු පමනක් ඇසුරු කිරීම ඉතා වැදගත් වේ. එබැවින් ඔබගේ මෙන්ම ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ ආරක්ෂාවද ඔබට පැවරේ. එලෙසම කොන්ඩම් යොදා ගැනීම මෙන්ම එක් සහ කරුවෙකුට එය වැලදුනු විට අනෙකාට වැලදීම වැලක්වීම සඳහා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීම, රෝගය සුව වන තෙක් ලිංගික කටයුතු නැවතීම වැනි ක්‍රියා ඉතා වැදගත්ය. එලෙසම ඔබට මෙවැනි තත්ත්වාක් වැලදුනහොත් අනෙකුත් සමාජ රෝග සඳහාද පරික්ෂණ සිදු කිරීම වැදගත්ය. දිවයින පිර රෝහල් වල පිහි‍ටුවා ඇති ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකක වලින් පෞද්ගලිකත්වයට හානියක් නොවන පරිදි ප්‍රතිකාර ලබා ගත හැකිය.

 

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]