අපස්මාරය/ මීමැස්මොරය (Epilepsy)

අපස්මාරය/ මීමැස්මොරය (Epilepsy)

epilepsy/ apasmaraya/අපස්මාරය

අපස්මාරය එසේත් නැත්නම් මීමැස්මොරය යනු ශ්‍රි ලන්කාව තුල එතරම් දුලබ තත්ත්වයක් නොවේ. එය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා අඩු වැඩි වශයෙන් ව්‍යප්ත වු තත්ත්වයකි. මෙම තත්වය සදහා මූලික වශයෙන් ජානමය බලපෑමක් පවතින අතර, ඊට අමතරව වෙනත් විවිධ හේතු හදුනාගෙන ඇත.

අපස්මාරය යනු කුමක්ද..?

අපස්මාරය යනු නිතර නිතර ‍ෆිට් එක(fit) නැත්නම් ශරීරයේ ඇතිවන අසාමාන්‍යය ස්නායුමය ක්‍රියාකාරීත්වය සඳහා ඇති හැකියාවයි. එය ඇතිවන්නේ ශරීරයේ ඇතිවන හදීසි ස්නායුමය ක්‍රියාකාරීත්වයක් මගිනි. සාමන්‍යයෙන් විවිධ ආකාරයේ ‍ෆිට් පවතින අතර අප බොහෝවිට බාහිරින් පැහැදිලිව හදුනාගන්නේ සම්පූර්ණ ශරීරයේම හෝ ශරීරයේ කොටසක ඇති වන අසාමාන්‍යය මාංශපේෂි චලනයක් සමග ඇතිවන අපස්මාරය තත්ත්වය පමනි. එසේ වුවද වෙනත් විවිධ ආකාරයේ අපස්මාර තත්ත්ව හදුනාගත හැකිය.

අපස්මාරය යනු මාංශපේෂිවල ඇතිවන අසාමාන්‍යය චලනයමද..?

අපස්මාරය යනු ශරීරයේ ඇතිවන වලිප්පුව තත්ත්වයට එහා ගිය රෝග ලක්ෂණ ගනනාවක් ලෙස හදුනා ගත් හැකිය. ඒ අතර සාමන්‍යයෙන් අප පොදුවේ හදුන්වන ‍ෆිට් එක එසේත් නැත්නම් මංශ පේශිවල අසාමාන්‍යය චලනයක් සහිතව ඇතිවන Clonic tonic seizure තත්ත්වය මෙන්ම Absence seizure, Atonic seizure වැනි තත්ත්වද පැවතිය හැකිය . මෙවැනි සමහර තත්ත්ව වල විශේෂත්වය වන්නේ ඒවා සමහරක් පිටතට පැහැදිලිව නොපෙනීමයි
apsmaraya - අපස්මාරය
තවද කුඩා දරුවන් අතර ඉතා බහුල තත්ත්වයක් වන උණ වලිප්පුවද (febrile Fits) අපස්මාරයට බොහෝදුරට සමාන ලක්ෂණ පෙන්වයි.නමුත් එය අපස්මාරය තරම් බරපතල නොවන් අතරම එය බොහෝවිට පසුකාලීනව ඉබේම සුව වී යයි

අපස්මාරය සඳහා හේතු මොනවාද..?

1. ජානමය තත්ත්ව (Genetic causes)
2. ස්නායුවල උපතින්ම ඇතිවන අඩු වර්ධනය (Congenital abnormalities)
3. උණ (Fever)
4. හිසට ඇතිවන පහරදීම් (Trauma)
5. හිසේ ඇතිවන රෝග තත්ත්ව (Brain dysfunction)
6. සමහර ඖෂධ (Some drugs)
7. මත්පැන් (Alcohol)

අපස්මාරය සඳහා ප්‍රතිකාර මොනවාද..?

අපස්මාරය යනු මරණය පවා ඇතිවීමට හැකි තත්ත්වයකි. එලෙසම එය ඔබගේ මොළයේ ඇති ප්‍රශ්නයක් බාහිරට පෙන්නුම් කරනු ලබන ආකාරයක්ද විය හැකිය. එබැවින් ඒ සදහා නිසි අවධානයක් යොමු කිරීම වැදගත් වන අතර නිවැරදි ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශය වේ. එලෙසම ඔබගේ දරුවාට මෙවැනි තත්ත්වයක් මතුවුවහොත් වහාම රෝහල් ගත කිරීම ඉතා වැදගත්ය. විශේෂයෙන් ඉතා කුඩා දරුවන් හා පලමු අවස්තාවේ රෝගය ඇතිවු පුද්ගලයන් සඳහා මෙය ඉතා අත්‍යාවශය වේ.
මෙහිදි ඔබගේ කායික රෝග පිලිබඳ විශේෂඥ වෛදයයවරයෙක් (VP/Physician) හෝ ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛදයයවරයෙක්(Neurophysician) හමුවීම වැදගත් වේ.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]