ඇපෙන්ඩිසයිටිස් (Appendicitis )

ඇපෙන්ඩිසයිටිස් (Appendicitis )

appendicitis in sinhala - උන්ඩුක පුච්ඡ් ප්‍රදාහය

ඇපෙන්ඩිසයිටිස් එසේත් නෙත්නම් උන්ඩුකපුච්ඡ ප්‍රදාහය යනු තවත් බහුලව පවතින රෝග තත්ත්වයක් ලෙස හදුනාගත හැකිය. එය බොහෝ විට අසියාව හා අප්‍රිකානු රටවලට වඩා බහුල වන්නේ බටහිර රටවලය. තවද විශේෂයෙන් නව යොවුන්වියේ හා තරුණ වියේ පසුවන දරුවන් අතර බහුල මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පුරුෂ පාර්ශවය අතරය. අධික බඩේ වේදනාවක් සමඟ මෙම රෝගීන් බොහොමයක් රෝහල් ගතවේ.

ඇපෙන්ඩිසයිටිස් යනු..?

අපගේ කුඩා අන්ත්‍රය(small intestine)හා මහ අන්ත්‍රය(Large intestine) හමුවන ස්ථානයේ උන්ඩුක පුච්ඡය (Appendix)නැමති කොටස පවතී. එය මංශ භක්ෂකයන්ගේ ආහාර මාර්ගයේ පවතින දිරා නොගිය කොටස් ගබඩාකරන අවයවයකට සමාන වුවද මිනිස් සිරුරේ නෂ්ඨ වෙමින් පවතින අවයවයක් ලෙස හදුනාගත හැකිය. එසේ වුවද සමහර අවස්තාවලදී මෙහි ආහාර කොටස් හිරවීම හා ඒවා ආසාදනය වීම මගින් මෙම රෝග තත්ත්වය ඇතිවේ.

ඇපෙන්ඩිසයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද..?

මෙම රෝගීන් වමනය , කැම අරුචිය වැනි තත්ත්ව සමඟ ඉතා අධික යටිබඩේ දකුණු පස වේදනාවක් සමඟ වාර්තා වේ. ඒ සමග උණ, මුත්‍රා කිරීමේ අපහසුව වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

ඇපෙන්ඩිසයිටිස් නිසා ඇතිවන සංකූලතා මොනවාද..?

මෙම තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබ ගැනීම අනිවාර්ය වේ. එසේ නොවුනහොත් එය තුල සැරව එකතුවී එය පිපිරී යැමට ඉඩ ඇත. එසේ වීම මගින් මෙම විෂබීජ උදරයට නිදහස් වීම මගින් ශරීරය පුර පැතිර යාම සිදුවිය හැකිය.

ඇපෙන්ඩිසයිටිස් වලක්වාගන්නේ කෙසේද..?

සමීක්ෂණ වාර්තාවලට අනුව ආහාර වල තන්තු ප්‍රමණය අඩුරටවල ශ්‍රි ලංකාව වැනි රටවලට රෝගය සඳහා වැඩි ප්‍රවණතාවක් දක්වයි. එබැවින් ආහාර වලට නිතරම තන්තු එක කර ගැනීම වැදගත් වේ. ඒ සඳහා වැඩිපුර එළවලු, පලතුරු පලාවර්ග ආහරයට එක් කර ගැනීම වැදගත් වේ. එලෙසම සමහර අවස්ථා වලදී ආහාර මාර්ගයේ ජීවත්වන පනුවන් විසින්ද ආහාර මාර්ගය අවහිර කිරීම මෙයට හේතුවිය හැකිය. එබැවින් නිසි ලෙස පනු බෙහෙත් ලබගැනීමද පසුකාලීනව මෙවැනි තත්ත්ව ඇතිවීම අඩු කිරීමට වැදගත් වේ.

ඇපෙන්ඩිසයිටිස් සඳහා ප්‍රතිකාර මොනවාද..?

මේ සඳහා බොහෝවිට ශල්‍යකර්මයක් සිදුකිරීම අවශය වේ. එය උදරය නිරවරනය කිරීමෙන් හෝ ලැපරොස්කොපි මාර්ගයෙන් සිදුකල හැකිය. මෙයින් ලැපරොස්කොපි (Laparoscopy) ක්‍රමය මගින් ඇතිවන තුවාල ඉතා කුඩා වන අතර ඉතා ඉක්මනින් සුව වීම නිසා සමහර වෛද්‍යවරුන් බහුලව එම ක්‍රමය භවිත කරයි. එසේ වුවද ඔබගේ ශාරීරික තත්ත්වය අනුව හා ඒ සදහා ඇති අඩු පහසුකම් මත සමහර අවස්තාවල අනෙක් ක්‍රමයට යොමුවීම සිදුවේ.

appendisectomy in sri lanka

ඇපෙන්ඩිසයිටිස් (appendicitis) සඳහා වු ශල්‍යයකර්මයක්

තවද සමහර අවස්තවල ශල්‍යකර්මයක් අනවශයය වේ.

මෙම තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට ශල්‍යය වෛද්‍යයවරයෙකු හමුවීම වැදගත්ය.

 

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]