ගැස්ට්‍රිටිස් (Gastritis )

ගැස්ට්‍රිටිස් (Gastritis )

Gastritis ආමශයික ප්‍රදාහය in sinhala

ගැස්ට්‍රිටිස් යනු බොහෝ විට තරුණ හා ළමා පරපුර අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වය වේ. එය සමන්‍යයෙන් ඉතා වේදනාකාරී තත්ත්වයක් ලෙස බොහෝ දෙනෙක් හදුනාගෙන ඇත. මෙය ආසාදන තත්ත්ව, අයහපත් ආහාර රටා, මානසික ආතතිය වැනි විවිධ තත්ත්ව සමඟ ඇතිවිය හැකිය. නිසියකාරව ප්‍රතිකාර නොගැනීම නිසා මෙය දීර්ඝ කාලීනව පැවතීමෙන් ආමාශය හා කුඩා අන්ත්‍රය ආශ්‍රිතව තුවාල ඇතිවීම වැනි විවිධ සංකූලතා මතුවිය හැකිය.

ගැස්ට්‍රිටිස් යනු?

මෙම රෝගය ඇතිවීම සිදුවන්නේ ආමාශය ආශ්‍රිතවයි. මෙහිදී ආමාශයික යුෂයේ ඇති අම්ල(HCL) හා ප්‍රොටියොලිටික එන්සයිමවල(Proteiolitic enzymes) ක්‍රියාකාරීත්වය හේතුවෙන් ආමාශයික බිත්තිය තුවාලවීම හා ඒ ආශ්‍රිතව ඇතිවන ප්‍රතිචාර බඩේ ඇතිවන අධික වේදනාවට හේතුවෙනවා. ඒ කෙසේ වුවද දැනට හදුනාගෙන ඇති ආකාරයට බොහෝ රෝගීන්ගේ ආමාශය ආශ්‍රිතව ඇතිවන මෙම තත්වය සඳහා බැක්ටීරියාවක් හේතු වේ. එය හෙලිකොබැක්ටර් (Helicobacter pylori ) නමින් හදුන්වයි.

helicobacter in gastritis

Helicobacter pylori නම් බැක්ටිරීයාව

ගැස්ට්‍රිටිස් වලට හේතු මොනවද?

බොහෝවිට සමාජයේ පවතින මතය අනුව මෙම තත්වයට මූලික හේතුව වන්නේ නිසි පරිදි ආහාර නොගෙනීමයි. කෙසේ වුවද මුලින් හදුනාගත් පරිදි මේ සදහා මූලිකවම බලපාන්නේ බැක්ටීරියාවකි. මීට ආමතරව පහත කරුණු මේ සඳහා බලපැම් ඇතිකල හැකිය.
1. දීර්ඝ කාලීන වේදනා නාශක භාවිතය (Analigisics)
2. අධික මානසික ආතතිය (stress)
3. මත්පැන් භාවිතය (alcoholism)

4. වෙනත් සමහර වෙනත් ඖෂධ වර්ග (other drugs)
5. ආහාර මාර්ගයේ සැකැස්මේ තියෙන දුර්වලතා (structural deformities)
6. ආහාර මාර්ගයේ ඇතිවෙන පිලිකා තත්ත්ව (gastric carcinoma)
7. තන්තු අඩු ආහාර වලට හුරු වීම (low fiber diet)

ගැස්ට්‍රිටිස් නිසා ඇතිවන සංකූලතා මොනවාද..?

ගැස්ට්‍රිටිස් තත්ත්වය මූලිකව කෙටි කාලිනව පැවතුනද කල්ගතවත්ම එය දීර්ඝ කාලීන තත්ත්වයක් බවට පත්විය හැකිය. එලෙසම මෙම තුවාල නිසා ආමාශය ආශ්‍රිත පිලිකා තත්ත්ව ඇතිවීමේ විශාල අවදානමක් ඇත. එලෙසම ආමාශයේ කර්යය භරය අඩාල වීමෙන් ආහර අවශෝෂණය අඩුවීම, කෙට්‍ටුවීම හා වමනය, මලපහ සමග ලේ පිටවීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

ගැස්ට්‍රිටිස් පාලනය හා ප්‍රතිකාර…?

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගැස්ට්‍රිටිස් වලට හේතුවන ඉහත කරුණු වලින් වැලකීම ඉතා වැදගත් වේ. ඒ සඳහ ආහාර රටාවන් මෙන්ම ජීවන රටවන්ද සමහර විටෙක වෙනස් කිරීමට සිදුවනු ඇත.

තවද තත්ත්වය ඇතිවූ පසු ඒ සඳහා නිසි ප්‍රතිකාර ගැනීම හා නිසි පරීක්ෂණ වලට යොමුවීම වැදගත් වේ.

මෙම තත්ත්වය සඳහා ඔබේ පවුලේ වෛද්‍යය වරයා හෝ ශල්‍යයවෛද්‍යය වරයෙකු හම්වීම සුදුසුය.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]