ලාදුරු (Leprasy)

ලාදුරු (Leprasy)

leprosy/ ලාදුරු

ලාදුරු (Leprosy) තත්ත්වයෙන් පෙලෙන රෝගියෙක්

ක්‍ෂය රෝගය(Tuberculosis) ලෙසම බොහෝවිට මෙම රෝගයද හමුවන්නේ අඳුරු දුහුවිලි සහිත පරිසර වල ජීවත්වන පිරිස් අතරය. එබැවින් එය අතීතයේ දුප්පතගේ රෝගය ලෙසද හදුන්වා ඇත.ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන් මෙම රෝගය, මේ වෙන විට ලෝකයේ බොහෝ රටවල් වලින් තුරන් වෙලා තිබුනත් අතීතයේ පැවති රෝග අතරින් බරපතලම රෝගයක් ලෙස හදුන්වන්න පුලුවන්. තවද, දැනට ශ්‍රි ලංකාව තුල බොහෝ දුරට පානය වෙලා තියන රෝගයක් ලෙස හදුනාගත හැකි මෙය සම්පූර්ණයෙන්ම සුවකල හැකි තත්ත්වයකි.

ලාදුරු යනු..?

ලාදුරු යනු සමේ රෝග යටතට අයත් වන තවත් වැදගත් රෝගයකි. මෙය Mycobacterium leprae නම් බැක්ටීරියාවක් මගින් ඇති කරයි.

ලාදුරු පැතිරෙන්නේ කොහොමද…?

ලාදුරු යනු සමේ රෝගයක් ලෙස හඳුනාගනු ලැබූවද එය සම මගින් බෝ වීමක් සිදු නොවේ. එසේ වුවද මෙම රෝගය රෝගීන්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව පැතිරයාම සිදුවේ. එබැවින් රෝගීන්ගේ සෙම, කිවිසුම් සමග පිටවන ඛේට අංශු මගින් තත්ත්වය පැතිර යා හැකිය. නමුත් මෙම තත්ත්වය එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිරීමට දීර්ඝකාලීන ආශ්‍රය අවශය වෙනවා. එබැවින් ඔවුන් සමග ගැවසීම අනතුරුදායක නොවේ.

ලාදුරු වල රෝග ලක්ෂණ..?

මෙම රෝගය ස්වසන පද්ධතිය ආශ්‍රිතව ආර්ම්භ වී සම වෙත පැතිර යාම සිදුවේ. මූලික අවස්ථාවේදී ලා පැහැති හෝ රත්පැහැති ලප ලෙස මේවා ඇතිවේ. විශේෂයෙන් පාදවල ඇතිවන හිරිවැටීම, හා හදිසි තුවාල මෙම තත්ත්වේ රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇත.

ලාදුරු සඳහා ප්‍රතිකාර..?

ලාදුරු leprasy treatments

ලාදුරු සඳහා ප්‍රතිකාර කාඩ්පතක්

අතීතයේ මෙම රෝගීන් ඉතා බහුල ලෙස අපහසුතාවයට පත්වුවද මේ වනවිට සම්පූර්ණයෙන්ම සුව කල හැකි ප්‍රතිකාර පවතී. එබැවින් ඔබත් මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන්නේනම් වහාම ඔබේ වෛද්‍යවරයා හරහා සමේ රෝග සායනයකට යොමුවීම හා ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ. මෙම රෝගීන් සඳහා මාස 6ක හෝ මාස 12ක ප්‍රතිකාර සැලැස්මක් අවශ්‍යවේ.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]