රිකට්ස් (Rickets)

රිකට්ස් (Rickets)

 

rickets - රිකට්ස්

කුඩා දරුවන් අතර වැටීම්, තැලීම්, තුවාලවීම් බහුලය. එසේ වුවද නිතර ඇතිවන අස්ථි බිදීම් යනු අසාමාන්‍යය තත්ත්වයකි. එවැනි තත්ත්ව අතර රිකට්සියාව යනු තවත් ඉතා වැදගත් තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකිය. බොහෝවිට පෝෂණ ඌනතාවයන් නිසා ඇතිවන මෙය ළදරු වියේ සිට පාසල් දරුවන් දක්වා ඕනෑම දරුවකුගේ දක්නට ලැබිය හැකිය.

රිකට්සියාව යනු..?

රිකට්සියාව යනු කුඩා දරුවන් අතර පවතින අස්ථිවල දුර්වල තත්ත්වයකි. මෙම දුර්වල වීම නිසාම ඔවුන්ගේ අස්ථි පහසුවෙන් නැමීමට හා බිදීමට ලක්වේ. සාමාන්‍යයෙන් අස්ථි වර්ධනය සඳහා ප්‍රමුඛ වශයෙන් බලපාන විටමින් ඩි(Vitamin D) හා කැල්සියම්( Ca2+) වල පවතින ඌනතාවයන් මේ සඳහා බලපායි.

රිකට්වලදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

බොහෝවිට මෙම රෝගයේ ලක්ෂණ දරුවාගේ වයස අනුව වෙනස් විය හැකිය. කෙසේවුවද, කොදුඇට පෙලෙහි විකෘති, දත්වල විකෘති හා ඒවා හට ගැනීම පමා වීම මෙන්ම බර අඩුවීම, මාංශපේශි දුර්වලතා හා වර්ධනයේ දුර්වලතාද පොදුවේ දැකගත හැකිය.

වයසමාස6 – 12 අතර දරුවන්ගේ හිසකබලේ එබෙන සුලු ස්වභාවය, අවුරුදු 1 1/2ට අඩු දරුවන්ගේ දුර්වල ශරීර වර්ධනය, වැඩිමහලු දරුවන්ගේ කකුල් වල ඇතිවන බකල් තත්ත්වය(bowing) වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැකිය.

රිකට්ස් සඳහා වැඩි අවදානමක් ඇත්තේ කුමන දරුවන්ටද..?

මෙම තත්ත්වය සඳහා විටමින් ඩී හා කැල්සියම් ඌනතා බලපාන බැවින් ඒවායේ ඌනතා සහිත දරුවන් මෙම තත්ත්වයට වැඩි නැබුරුවක් දක්වයි. ඒ අතර පහත දරුවන් ප්‍රමුඛ වේ.
1. අඩු කාලයක් එලිමහනේ ගතකරන දරුවන්,
2. විටමින් ඩී අඩංගු ආහර අඩුවෙන් ගන්නා දරුවන්,
3. මවුකිරිදීමේදී පෝෂණ අතිරේක ලබා නොගන්නා දරුවන්,
4. ආහාර මර්ගයේ හා වකුගඩුවල රෝග සහිත දරුවන්

විටමින් ඩී බහුලව අඩංගු ආහාර මොනවාද..?

කොල පැහැති එලවලු, බිත්තර, මාලු වර්ග

foods with Vitamin D in sri lanka

රිකට්සියාව සඳහා ප්‍රතිකාර..?

මේ සඳහා ප්‍රතිකාර කිරීමේදි මූලික වශයෙන් එයට අදාල හේතුව හඳුනාගැනීම සහ එයට ප්‍රතිකාර කිරීම වැදගත්වේ. මෙහිදි මූලික වශයෙන් දරුවාට එක්ස් කිරණ(X -ray)පරික්ෂණයකට යොමුවීමට සිදුවනු ඇත.
එලෙසම කලින් හදුනා ගැනීම හා අවශ්‍ය පරිදි විටමින් ඩී අතිරේක ලබාදීම මගින් මෙම රෝගය නිසා ඇතිවන සංකූලතා මගහරවා ගත හැකි අතර ඇතිවී ඇති විකෘතිද යථා තත්ත්වයට පත්කර ගත හැකිය.

Rickets in sinhala X ray

තවද මේ සඳහා ඔබගේ ළමා රෝග පිලිබඳ වෛද්‍යවරයා(pediatrician) හමුවීම වැදගත් වේ.

 

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]