රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid Arthritis)

රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid Arthritis)

 

Rheumatoid arthritis රුමැටොයිඩ් ආතරයිටිස්

රැමැටොයිඩ් ආතරයිටිස් (RA) යනු ඉතා බහුල සන්ධි ආශ්‍රිත රෝග (Joint disease) තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. එබැවින් මෙය මේ වන විට වැඩි අවධානයට පත්ත්ව ඇති තත්ත්වයක් වන අතර තවමත් නිශ්චිත හේතුවක් සොයගෙන නැතත් ජානමය කරුණු (genetic factors) මත ඇතිවන තත්ත්වයක් ලෙස පැහැදිලි කරනු ලැබේ. ඉතා බහුල වශයෙන් මෙය අවුරුදු 40ත් 60ත් අතර පුද්ගලයන් අතර බහුල වන අතර වැඩි වශයෙන් කාන්තාවන් තුල දක්නට ලැබෙයි. එය පිරිමින්ට වඩා 3න් ගුනයක් පමණ වේ.

රුමැටොයිඩ ආතරයිටිස් යනු..?

රුමැටොයිඩ් ආතරයිටිස් යනු ශරීරයේ සන්ධි ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහක (Inflammatory) තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය සඳහා විවිද හේතු බලපැ හැකිවුවද ජානමය කරුණු වැඩි වශයෙන් බලපෑම් කරයි.

රුමැටොයිට් ආතරයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද..?

මෙම තත්ත්වයට බහුලව භාජනය වන්නේ අප ශරීරයේ පවතින කුඩා සන්ධි වේ. ඒ අතර අත්වල පළමු ඇඟිලි පුරුක්, වලලු කර, පාදවල ඇඟිලි පුරුක්, වැනි සන්ධි වේ. සමාන්‍යයෙන් ශරීරයේ දකුණු පස හා වම්පස සන්ධි සමානව මෙම තත්ත්වයෙන් බලපැමට ලක්වන අතර උකුල් සන්ධි , අක්ෂිය සැකිල්ලේ සන්ධි, දනහිස වැනි ස්ථාන මෙමගින් බලපැමට ලක්වන්නේ සුලු වශයෙනි.


තවද මෙම රෝගීන් බොහෝවිට උදෑසන අවදි වු විට අත් පා ආශ්‍රිතව සන්ධිවල ඇති වල දිගුවේලාවක් පවතින තදගතියකට මුහුණ දේ. තවද මෙම තත්ත්වය ව්‍යායාම මගින් අඩුවී යයි. තවද සන්ධිවල දීර්ඝ කාලීන ඉදිමුම හා වේදනාවද බහුල රෝග ලක්ෂණ වේ.
මීට අමතරවමද උණ ගතිය, දැඩි වෙහෙසකර බව, තෙහෙට්‍ටුව, බර අඩුවීම වැනි තත්ත්වද මේ සමඟ ඇති විය හැකිය.

රුමැටොයිඩ් ආතරයිටිස් නිසා ඇතිවන සංකූලතා මොනවාද..?

මෙම තත්ත්වය ප්‍රතිකාර නොකර දිගු කලක් පැවතීමෙන් විවිද සංකූලතා ඇතිවිය හැකිය. මෙහිදී සන්ධි වල විකෘති හා දිරායාම නිසා එදිනෙදා කටයුතු කර ගැනීම අපහසු වනු ඇත. ඊට අමතරව පේශි ඛණ්ඩරා පුපුරා යාම, ස්නායු තෙරපීම වැනි තත්ත්වද ඇතිවේ. එමෙන්ම සන්ධි හැරුණු විට වෙනත් විවිධ පද්ධතිද මෙමගින් බලපෑමට ලක්වේ. එමගින් පෙනහලු රෝග(Fibrosis of Lungs), හෘද රෝග(pericarditis) මෙන්ම ස්නායු රෝගද ඇතිවිය හැකිය.

රුමැටොයිඩ් ආතරයිටිස් සඳහා ප්‍රතිකාර මොනවාද..?

මෙම තත්ත්වය කලින් හඳුනා ගැනීම තුලින් ඉතා හොද ප්‍රතිඵල අත්කර ගත හැකිය. එමනිසා ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත් වේ. එහිදී රෝගලක්ෂන, එක්ස් කිරණ(X-ray) පරික්ෂණ හා තවත් රුධිර පරික්ෂණ කිහිපයකට යොමුවීමට සිදුවනු ඇත.

X ray of rhuematoid atritis

මෙහිදී විව්ධ වේදනා නාශක, DMARDs මෙන්ම ජෛව ප්‍රතිකාරද මේ සඳහා යොදා ගනී.

ඔබට මේ සඳහා පවුලේ වෛද්‍යයවරයා මගින් සන්ධි රෝග පිලිබඳ වෛද්‍යවරයෙකු (Rheumtologist) වෙත හෝ කාය රෝග(VP) වෛදයවරයෙකු වෙත යොමුවීම මගින් ප්‍රතිකාර ලබාගත හැකිය.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]