ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගය (Dengue fever)

ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගය (Dengue fever)

 

dengue fever

ඩෙංගු මදුරුවෙකුගේ දෂ්ඨනයක්

ඩෙංගු උණ (Dengue Fever) යනු විශේෂයෙන් වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන රෝග තත්ත්වයකි. එයට හේතු වන්නේ වර්ෂාවත් සමගම ඩෙංගු ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහල යාමයි. ආසන්න වශයෙන් වසරකට 5000 සිට 10,000ක් පමණ වාර්තාවන මෙම රෝග තත්ත්වය නිසා සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 50ක් පමන මිය යන නමුත් දැනට මෙම තත්ත්වය ඉතා පහල අගයකට අඩුවී ඇත. මෙම මර්ණ වලට හේතුවනුයේ ඩෙංගු රක්තපාත (Dengue hemorrhagic fever) නම් උණ තත්ත්වයයි. තවද ඩෙන්ගු රෝගය සඳහා ගොදුරුවන රෝගීන බහුතරයක් බස්නාහිර පලාත ආශ්‍රිතව ජීවත්වෙයි.

ඩෙංගු රෝගය යනු..? (What is the dengue)

ඩෙංගු රෝගය යනු ඊඩිස් ඊගිප්ටි (Ades  aegypti) හා ඊඩිස් ඇල්බෝපික්ටස් (Ades  albopictus )නම් මදුරුවන් විශේෂ දෙක මගින් බෝ වන රෝග තත්ත්වයකි. මෙය වයිරස තත්ත්වයක් වන අතර බොහෝ රෝගීන්ගේ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුව වී යයි. කෙසේ නමුදු 1% පමණ පිරිසක් ඉතා දරුණු තත්ත්වයකට පත්විය හැකිය.

ඩෙංගු රෝගයේ ලක්ෂණ (Symptoms of Dengue Fever)

ඩෙංගු උණ වෛරසයක් වන බැවින් එයද බොහෝවිට අනෙකුත් වෛරසයකට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. එබැවින් මෙය නිසි ආකාරයෙන් හදුනා ගැනීම ඉතා වැදගත් තත්ත්වයකි. විශේෂයෙන් වර්ෂා කාලයත් සමග විවිධ වු උණ තත්ත්ව පැතිර යන අතර ඒවයෙන් මෙය වෙන් කර ගත යුතුය.

පහත ලක්ෂණ කිහිපයක් සමග දින කිහිපයක් පවතින තද උණ ඩෙංගු බවට සැක කල යුතු තත්ත්වයකි.
1. තද හිසේ කැක්කුම (Headache)
2. හන්දි වේදනාව (Joint Pain)
3. මාංශ පේෂිවල කැක්කුම (Muscle pain)
4. වමනය (Nausea and Vomiting)
5. සමේ ඇතිවන පැල්ලම් (Skin rashes)
6. දත්මුල් වැනි ස්ථාන වලින් ඇතිවන ලේ වහනය (Bleeding)

ඩෙංගු රක්තපාතය යනු කුමක්ද..? (Dengue hemorrhagic fever)

ඩෙංගු රෝගීන් වැඩි සංඛයාවක් රක්තපාත තත්තවයට පත් නොවුනද ඉතා සුලු පිරිසක් මේ සඳහා ගොදුරු විය හැකිය. මෙහිදී සිදුවනුයේ ශරීරය ඇතුලත රුධිර වහනයක් ආරම්භ වී එය නිසා ඇතිවන අවපීඩනය හා අනෙකුත් සංකූලතා නිසා රෝගියා ඉතා දරුණ තත්ත්වයකට පත්වීමයි.

 

ඩෙංගු රෝගය හඳුනාගන්නේ කෙසේද..?

ඩෙංගු හඳුනා ගැනීම ප්‍රධාන වශයෙන් රුධිර පරීක්ෂණ මගින් සිදුවේ.  FBC යන පරීක්ෂණය මෙහිදී ප්‍රමුඛ වන අතර ඊට අමතරව ප්‍රතිදේහ (antibody) සඳහාද යොමුවිය හැකිය. මීට අමතරව ඩෙංගු රක්තපාත තත්ත්වයේදී අති ධ්වනි තරංග පරික්ෂා (USS) වැනි පරික්ෂණ වලටද යොමු වීමට සිදුවේ.

ඩෙන්ගු ප්‍රතිකාර (Treatments for Dengue)

මෙය බොහෝවිට ගැටලුවක් නොමැතිව සුව වන බැවින් මූලික වශයෙන් රෝගියා පරික්ශා කිරීම සිදුවේ. ඒ සඳහා රෝහල් ගත විය යුතුය. තවද රෝහල් ගත වීමෙන් පසු දියර වර්ග පාලනයකින් යුතුව ලබා දීම සිදුවේ.

ඩෙංගු වලක්වා ගන්නේ කෙසේද..? (Prevention of Dengue)

ඉතා දරුණු රෝගයක් උවද ඉතා සරල ක්‍රම මගින් මර්දනය කල හැකිය.

1. ඉතා හොදින් දැනුවත් වීම

ඩෙංගු රෝගය මෙතරම් පාලනය වීමට හේතුව වනුයේ සමාජය තුල එය වැලකීම සම්බන්ධයෙන් ඉතා හොද අවබෝධයක් පැවතීමයි. විශේෂයෙන් ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය, විනාශ ක්ල හැකි ආකාර වැනි දේ පිලිබඳ තවදුරටත් අවබෝධය පුලුල් විය යුතුය.
ඔබ පමනක් දැනුවත් වීම ප්‍රමානවත් නොවන අතර ඔබගේ ආරක්ෂාව සඳහා අනෙකුත් අයත් දැනුවත් කිරීමට කටයුතු කරන්න

2. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම

මදුරුවන් පාලනය සඳහා ඔවුන් ප්‍රරෝහණය වන ස්ථාන විනාශ කිරීම වඩා ක්‍රමවත් වැඩ පිලිවෙලක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව වර්ෂා කාලයට ජලය එකතු වන් කුඩා බඳුන් , තැබිලි කෝම්බා වැනි දැ ඉවත් කිරීම හා පරිසරය පිරිසිද්ව තබා ගැනීම අවශ්‍යවේ.

3. මදුරු දෂ්ඨනය වැලක්වීම

ඊඩිස් කුලයට අයත් මදුරුවන් ක්‍රියාකාරි වන්නේ දිවා කලය තුලදීය. එබැවින් ඔවුන්ගෙන් ආරක්ෂා වීමට දිවා කාලයේදීද මදුරුවන්ගෙන් ආරක්ෂාවීමේ ක්‍රා භාවිත කල යුතුය. ඒ අතර විශේෂයෙන් කුඩා දරුවන්ගේ මුලු ශරීරයම ඇදුම් වලින් ආවරණය කිරීම අතිශය වැදගත්ය.

4. ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීම

ඩෙන්ගු මරණ අවම කිරීමේ ඉතා පහසුම ක්‍රමය වන්නේ ඉතා ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමුවීමයි. එම්ගින් ඔබගේ තත්ත්වය මුල සිට අධ්‍යයනය කිරීමට වෛද්‍යවරයාට හැකියාව ලැබෙන අතර ගැටල් හදුනා ගැනීම සඳහා පෙර සුදානමක් පවතී.

එලෙසම වෙනත් අයෙකුට රෝගය වැලදීමේ අවදානමද මෙමගින් වැලකේ.

One Response to ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගය (Dengue fever)

Leave a Comment

Name*

Email* (never published)

Website

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]