මානසික අවපීඩනය හෙවත් විශාදය (depression)

මානසික අවපීඩනය හෙවත් විශාදය (depression)

මානසික ආතතිය - depression

මානසික රෝග කියන්නේ අපේ ජනතාව මදක් අහන්නට බිය වන රෝග විශේෂයක්නේ. මේකට හේතුවන්නේ සමාජය තුල තියෙන වැරදි ආකල්ප හා මතවාද. කෙසේ වුනත් මානසික අවපීඩනය කියන්නේනම් අපි බොහෝ දෙනා ජීවිතයේ යම් අවස්ථාවක මුහුන දුන්න තත්ත්වයක් වෙනවා. ඒ වගේම මානසික රෝග අතුරින් බහුලම තත්ත්වයක් ලෙසත් මෙය හදුන්වන්න පුලුවන්. තවද මෙය ඉතා විශාල වශයෙන් සියදිවි හානිකර ගැනීම් වලට හේතුවෙනවා.

විශාදය යනු..?

විශාදය එසේත් නොමැතිනම් මානසික අවපීඩනය යනු දීර්ඝ කාලීනව පවතින මානසික අවපීඩන තත්ත්වයකි.

විශාදය හඳුනාගන්නේ කෙසේද…?

විශාදය යන තත්ත්වය වෛද්‍යවරයෙකු මගින් හඳුනාගත යුතු රෝග තත්ත්වයකි. එසේ වුවද පහත පවතින රෝග ලක්ෂණ බහුල සංඛ්‍යාවක් දීර්ඝ කාලීනව පවතීනම් එය විශාදය සැකකල යුතු තත්ත්වයක් වන අතර වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

1. සිතේ ඇති දුක්සහගත බව.

2. වෙනදා කැමත්තෙන් කල කටයුතු වලින් ලැබෙන ආශ්වාදය අඩුවීම.

3. කැම අරූචිය.

4. නින්ද නොයාම හෝ අධික නිදිමත ගතිය.

5. ක්‍රියාකාරීතවය අඩූවීම.

6. ඉක්මනින් මහන්සියට / තෙහෙට්‍ටුවට පත්වීම.

7. තමා පිලිබඳ ඇතිවන් චෝදනාත්මක ආකල්පය.

8. මානසික ඒකාඝ්‍රතාම නැතිවීම.

9. ජීවිතය නැතිකර ගැනීමට සිතීම.

මානසික අවපීඩනය සඳහා හේතු මොනවාද.?

මානසික අවපීඩනය සඳහා නිවැරදි හේතුවක් සොයාගෙන නොමැති නමුත් එය මොළය හා ස්නායු ආශ්‍රිතව ඇතිවන යම් රසායනික වෙනසක් මත ඇතිවන තත්ත්වයක් ලෙස සලකනවා. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා බලපැ හැකි කරුණු රාශියක් තිබෙනවා. ඒ අතර ප්‍රදාන වශයෙන්ම ඇත්තේ සමාජීය වශයෙන් ඇතිවන ගැටලුයි. ඒවා පුද්ගල සම්බන්ධතා, එසේත් නොවේනම් වෙනත් හේතුමත විය හැකියි.

කෙසේ වුවද මෙවැනි තත්ත්වයක් වීමට වෙනත් බොහෝ කරුණුද බලපානවා.

1. මොළයේ වර්ධනයේ දුර්වලතා.

2. ජානමය තත්ත්ව.

3. හෝමෝනමය තත්ත්ව.

4. දීර්ඝ කාලීන රෝග තත්ත්ව.

5. සමහර ඖෂධ වර්ග.

6. මත්ද්‍රව්‍යය

විශාදය නිසා ඇතිවන සංකූලතා මොනවාද?

depresion and alcohol adiction

මානසික ආතතියෙන් පෙලෙන රෝගියෙක්

විශාදය  යනු තනි පුද්ගලයෙකුට පමනක් බලපාන රෝගී තත්ත්වයක් නොවේ. අදාල රෝගියාට , ඔහුගේ පවුලට මෙන්ම සමාජයටද විවිධ සංකූලතා ඇතිකරයි. මෙවැනි රෝගීන් සාමාජීය වශයෙන් ඉතා විශාල ලෙස නොසලකා හැරීමට ලක්වන බැවින් ඔවුන් විවිධ වු ගැ‍ටුම් ඇතිකර ගැනීමට නිතර පෙලබේ. තවද මත්පැන් හා විවිධ මත්ද්‍රව්‍යය සඳහ ඇබ්බැහිවීම මෙන්ම ජීවිතය නැතිකර ගැනීම වැනි තත්ත්ව වුවද ඇති කර ගත් හැකියි.

විශාදය සඳහා ප්‍රතිකාර?

විශාදය සඳහ ඖෂධමය මෙන්ම වෙනත් ප්‍රතිකාරද ඇත. කෙසේ වුවද ඒව මානසික වෛද්‍යවරයෙකු මගින් ලබගැනීම මගින් ලබාගැනීම ඉතා වැදගත් කරුණකි.

මීට අම්තරව රෝගය කලින් හදුනා ගැනීම, සුදුසු වටපිටව, පවුල හා සමාජීය මට්ටමෙන් රෝගියාට ලැබෙන සහය යන කරුන මගින් ඔහුගේ ඉක්මන් සුවය තීරණය වේ.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]