ඇපෙන්ඩිසයිටිස් (Appendicitis )

ඇපෙන්ඩිසයිටිස් (Appendicitis )

appendicitis in sinhala - උන්ඩුක පුච්ඡ් ප්‍රදාහය

ඇපෙන්ඩිසයිටිස් එසේත් නෙත්නම් උන්ඩුකපුච්ඡ ප්‍රදාහය යනු තවත් බහුලව පවතින රෝග තත්ත්වයක් ලෙස හදුනාගත හැකිය. එය බොහෝ විට අසියාව හා අප්‍රිකානු රටවලට වඩා බහුල වන්නේ බටහිර රටවලය. තවද විශේෂයෙන් නව යොවුන්වියේ හා තරුණ වියේ පසුවන දරුවන් අතර බහුල මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පුරුෂ පාර්ශවය අතරය. අධික බඩේ වේදනාවක් සමඟ මෙම රෝගීන් බොහොමයක් රෝහල් ගතවේ.

ඇපෙන්ඩිසයිටිස් යනු..?

අපගේ කුඩා අන්ත්‍රය(small intestine)හා මහ අන්ත්‍රය(Large intestine) හමුවන ස්ථානයේ උන්ඩුක පුච්ඡය (Appendix)නැමති කොටස පවතී. එය මංශ භක්ෂකයන්ගේ ආහාර මාර්ගයේ පවතින දිරා නොගිය කොටස් ගබඩාකරන අවයවයකට සමාන වුවද මිනිස් සිරුරේ නෂ්ඨ වෙමින් පවතින අවයවයක් ලෙස හදුනාගත හැකිය. එසේ වුවද සමහර අවස්තාවලදී මෙහි ආහාර කොටස් හිරවීම හා ඒවා ආසාදනය වීම මගින් මෙම රෝග තත්ත්වය ඇතිවේ.

ඇපෙන්ඩිසයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද..?

මෙම රෝගීන් වමනය , කැම අරුචිය වැනි තත්ත්ව සමඟ ඉතා අධික යටිබඩේ දකුණු පස වේදනාවක් සමඟ වාර්තා වේ. ඒ සමග උණ, මුත්‍රා කිරීමේ අපහසුව වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

අපස්මාරය/ මීමැස්මොරය (Epilepsy)

epilepsy/ apasmaraya/අපස්මාරය

අපස්මාරය එසේත් නැත්නම් මීමැස්මොරය යනු ශ්‍රි ලන්කාව තුල එතරම් දුලබ තත්ත්වයක් නොවේ. එය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා අඩු වැඩි වශයෙන් ව්‍යප්ත වු තත්ත්වයකි. මෙම තත්වය සදහා මූලික වශයෙන් ජානමය බලපෑමක් පවතින අතර, ඊට අමතරව වෙනත් විවිධ හේතු හදුනාගෙන ඇත.

අපස්මාරය යනු කුමක්ද..?

අපස්මාරය යනු නිතර නිතර ‍ෆිට් එක(fit) නැත්නම් ශරීරයේ ඇතිවන අසාමාන්‍යය ස්නායුමය ක්‍රියාකාරීත්වය සඳහා ඇති හැකියාවයි. එය ඇතිවන්නේ ශරීරයේ ඇතිවන හදීසි ස්නායුමය ක්‍රියාකාරීත්වයක් මගිනි. සාමන්‍යයෙන් විවිධ ආකාරයේ ‍ෆිට් පවතින අතර අප බොහෝවිට බාහිරින් පැහැදිලිව හදුනාගන්නේ සම්පූර්ණ ශරීරයේම හෝ ශරීරයේ කොටසක ඇති වන අසාමාන්‍යය මාංශපේෂි චලනයක් සමග ඇතිවන අපස්මාරය තත්ත්වය පමනි. එසේ වුවද වෙනත් විවිධ ආකාරයේ අපස්මාර තත්ත්ව හදුනාගත හැකිය.

අපස්මාරය යනු මාංශපේෂිවල ඇතිවන අසාමාන්‍යය චලනයමද..?

අපස්මාරය යනු ශරීරයේ ඇතිවන වලිප්පුව තත්ත්වයට එහා ගිය රෝග ලක්ෂණ ගනනාවක් ලෙස හදුනා ගත් හැකිය. ඒ අතර සාමන්‍යයෙන් අප පොදුවේ හදුන්වන ‍ෆිට් එක එසේත් නැත්නම් මංශ පේශිවල අසාමාන්‍යය චලනයක් සහිතව ඇතිවන Clonic tonic seizure තත්ත්වය මෙන්ම Absence seizure, Atonic seizure වැනි තත්ත්වද පැවතිය හැකිය . මෙවැනි සමහර තත්ත්ව වල විශේෂත්වය වන්නේ ඒවා සමහරක් පිටතට පැහැදිලිව නොපෙනීමයි

ඉරුවාරදය(Migraine)

Migraine - ඉරුවාරදය

ඉරුවාරදය යනු ස්නායු රෝග අතරින් තවත් එක් විශේෂිත එකකි. එයට හේතුව වන්නේ එය යම් ආකාරයක හිසේ අමාරුවක් ලෙස දැනුනද සාමානයෙන් අප එදිනෙදා දකින හිසරදයට වඩා මදක් වෙනස් ස්වරුපයකින් මෙය රෝගියාට දැනීමයි. එක්තරා ආකාරයක පීඩාකාරී රෝගයක් වන මෙය ඉද හිට නැවත් නැවත මතුවන ආකාරයේ රෝගයක් ලෙස හදුනා ගත හැකිය. තවද මෙය බොහෝ විට මානසික පීඩනය ආතතිය වැනි තත්ත්ව සමග වර්ධනය වන අතර ඇමරිකාවේ 12% පමණ ජනගහනයක් මෙයින් පීඩා විදින බව හදුනාගෙන ඇත. ශ්‍රි ලංකාවේද මෙම රෝගය බහුලව පවතින බව හදුනාගෙන ඇත.

ඉරුවාරදය යනු කුමක්ද..?

ඉරුවාරදය යනු පැය කිහිපයක් එකදිගට පවතින හිසරදයකට සමාන තත්ත්වයකි. එය බොහෝ විට හිසේ එක් පැත්ත්කට සීමා වේ. තවද වමනය ආලොකයට හා ශබ්ද වලට ඇති අකමැත්ත වැනි ලක්ෂණද මේ සමග ඇති වේ.

ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..?

මෙය තවමත් නිශ්චිතව පැහැදිලි කර නැති නමුත් මේ සදහා බලපෑම් කලහැකි හේතු කිහිපයක් හදුනාගෙන ඇත.
1. ජානමය කරුණු
2. අධික මානසික ආතතිය
3. සමහර ආහාරමය හේතු
4. සමහර ඖෂධ
5. අප්‍රසන්න ශබ්ද වලට අනාවරනය වීම
6. අධික ආලොකයට ආනාවරනය වීම
7. මොළය ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න

උණ වලිප්පුව(Febrile- fits)

una walippuwa - උණ වලිප්පුව

උණ වලිප්පුව එසේත් නැත්නම් කුඩා කලයේදී ඇතිවන ‍ෆිට්(fit /seisure ) එක නමින් හදුන්වන තත්වය කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් ලෙස හදුනා ගත හැකිය. මෙය බහුලව දක්නට ලැබෙන්නේ වයස මාස 6ත් අවුරුදු 5ත් අතර දරුවන් අතරය.

උණ වලිප්පුව යනු…?

උණ වලිප්පුව යනු කුඩා දරුවන් හට ඇතිවන අසාමාන්‍යය සහ පාලනයකින් තොරව සිදුවන චලනයන් සමූහයක් (වලිප්පුව තත්ත්වයක්) ලෙස සරලව හඳුන්වාදිය හැකිය. මෙහි විශේෂත්වය වනුයේ එය බොහෝවිට වෛරස් උණ(viral fever) තත්ත්වයක් සමඟ ඇති වීමයි. උණ අධික වීමත් සමග ඇතිවන මෙම තත්ත්වය කුඩා දරුවන්ගෙන් 3% පමණ ප්‍රමාණයකට යම්දිනක ඇතිවිය හැකිය.

උණ වලිප්පුව ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

මෙය මුලින් සඳහන් කල පරිදි උණ තත්ත්වයක් සමග ඇතිවන අපස්මාරයට(Epilepsy) සමාන තත්ත්වයකි. එහිදී බොහෝ විට ක්ෂණිකව ඇතිවන ශරීරයේ දරදඩු වීම හා අසාමන්‍ය චලන මෙන්ම මුඛයෙන් ශ්‍රවයන් ඇතිවීම, ඇස්වල ඇතිවන අසාමාන්‍ය චලන වැනි තත්ත්ව දැක ගත හැකිය.

උපදංශය/සිපිලිස් (Syphilis)

සිපිලිස් යනු වෙනත් සමාජ රෝග(STD) ලෙසම ලිංගාශ්‍රිතව පැතිර යන රෝග තත්ත්වයකි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම දක්වා විවිධ රෝග තත්තව ඇති කල හැකි වීමය. ඒ අතර සමේ රෝග තත්ත්ව වල සිට අභයන්තර අවයව වල ඇතිවන විවිධ ප්‍රශ්න දක්වා විශාල ප්‍රශ්න රාශියකට මුහුන දීමට සිදු විය හැකිය. තවද මෙය දිනෙන් දින ලෝක ජනගහනය තුල වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් ලෙස දැක්විය හැකිය

සිපිලිස් ඇතිකරන රෝග කාරකය හා ව්යාප්තිය

සිපිලිස් ඇතිකරන රෝග කාරකය Treponema pallidum ලෙස හදුන්වනවා. තවද එය බැක්ටීරියක් ලෙස හදුන්වා දිය හැකියි.

මෙම රෝග කාරකය ප්‍රධාන වශයෙන්ම සමීප ලිංගික ඇසුර නිසා පැතිර යනවා. රෝගය නිසා ඇතිවන තුවාල වෙනත් පුද්ගලයෙකුගේ ලිංගික අවයව වල ගැටින විට රෝගය අනෙක් පුද්ගලයා දක්වා පැතිර යාම සිදු වෙනවා. එහිදී තුවාල ශරීරයේ ඔනෑම තැනක පැවතිය හැකි වුවත්, බහුලව දක්නට ලැබෙන්නේ පුරුෂ ලිංගය, යෝනි මාර්ගය, ගුද මාර්ගය වැනි ලිංගික ඉන්ද්‍රියයන්වලය. නමුත් , තොල් වැනි වෙනත් ස්ථාන වලද රෝග කාරක තුවාල පැවතිය හැකිය. යෝනි, ගුද, හෝ මුඛ වැනි ඕනැම සංසර්ග ක්‍රමයක් නිසා මෙය සිදුවිය හැකිය.

තවද මීට අමතරව ගර්භණී මවුවරුන්ගෙන් දරුවන්ට පැතිර යාමේ අවදානමක්ද පවතිනවා. එවැනි දරුවන් ගර්භනී අවධියේ සහ ඉන් පසුව විවිධ සංකූලතා වලට මුහුන දිය හැකිය.

සිපිලිස් වල රෝග ලක්ෂණ

මෙය ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක ලෙස හදුනා ගත හැකි වෙනවා. ඒ අතර ප්‍රාථමික, ද්වීතික හා තෘතීක අවස්ථා ඇතුලත් වෙනවා. අදාල අවස්ථාව අනුව රෝගයේ ස්වාභාවය හා තීව්ර බව වෙනස් විය හැකිය.

ගොනෝරියා (Gonorrhoea)

Gonorrhea in sinhala

ගොනෝරිය (gonorrhoea) යනු අද වන විට තරුණ පරපුර අතර බහුලව පවතින ලිංගාශ්‍රිත රෝගී (STD) තත්ත්වයකි. පසුගිය වසර ශ්‍රි ලංකාව තුල නව රෝගීන් 400කට ආසන්න ප්‍රමානයක් හඳුනා ගෙන ඇති මෙම රෝග තත්ත්වය බැක්ටීරියවකින්(Bacteria) බෝ වන රෝග ත්ත්වයක් වේ. සමාන්‍යයෙන් බොහෝවිට රෝගී ලක්ෂණ බාහිරට පෙන්නුම් නොකිරීම නිසා මෙය හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් වන අතර රෝග ව්‍යාප්තියට මෙය මහත් රුකුලක් වී ඇත.

ගොනෝරියා යනු..?

මෙය Neisseria gonorrhea නම් බැක්ටීරියක් මගින්ඇතිකරනු ලබන රෝගී තත්ත්වයකි. මෙම බැක්ටීරියව තෙතමනය සහිත ප්‍රදේශ වල වැඩිපුර වාසය කිරීමට කැමති බැවින් මෙය බහුලව වැඩෙන්නේ ලින්ගික අවයව (genital organs), ගුද මාර්ගය(Anal canal) හා උගුර(Throat) වැනි අවයව වලය. එබැවින් මෙය ලිංගික සංසර්ගය මගින් ව්‍යප්ත වීම සිදු වේ.

ගොනෝරියා ව්‍යප්තිය සිදුවන්නේ කෙසේද..?

මෙය ඕනැම ආකරයක ලිංගික එක්වීමකදි බෝ විය හැකි තත්වයකි. ඒ අනුව යෝනි, ගුද හෝ මුඛ යන ඕනෑම ආකාරයක සම්බන්දයකදී ආසාදිතයෙකුගෙන් තවත් අයෙකුට ව්‍යප්තවීම සිදුවිය හැකිය.තවද මුලින් සඳහන් කල ආකරයට බොහෝ රෝගීන් බාහිරින් රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා (විශේෂයෙන් කන්තාවන්) අනාරක්ෂිත ලිංගික එක්වීමකදි මෙය බහුලව ව්‍යප්ත වේ.

ලිංගික ඉන්නන්(Genital Warts)

warts in sinhala

අනෙකුත් සමාජ රෝග මෙන්ම ලිංගික ඉන්නන්ද ඉතාමත් වැදගත් ලෙස සැලකිය යුතු රෝගී තත්ත්වයකි. මන්දයත් ලිංගාශ්‍රිත රෝග(sexually trasmited diseases) වලින් වැඩි වශයෙන්ම වර්තාවන රෝගී තත්ත්වය එය බැවිනි. එලෙසම මේවා පිලිකා තත්ත්වයන් ලෙස පසුකාලීනව වර්ධනය වීමේ සම්භාවිතාවයක්ද පවතී.

ලිංගික ඉන්නන් යනු..?

ලිංගික ඉන්නන් යනු ලිංගිකව බෝවන වෛරස තත්ත්වයකි. එය HPV ලෙස හදුනාගෙන ඇත. මෙය ලිංගාශ්‍රිතව හා ගුද මාර්ගය ආශ්‍රිතව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි

ලිංගික ඉන්නන් ව්‍යාප්ත වන්නේ කෙසේද..?

මෙම තත්ත්වයද අනෙකුත ලිංගාශ්‍රිත රෝගී තත්ත්ව මෙන්ම අනාරක්ෂිත ලිංගික සංසර්ගය නිසා බෝ වන තත්ත්වයක් වේ. ඕනැම ආකාරයක සංසර්ගයකදී මෙය වයාප්තවිය හැකිය.
තවද මෙම තත්ත්වය ප්‍රසුතියේදී දරුවාටද බෝවීමට හැකියාවක් ඇත.

ලිංගික හර්පීස්(Genital Herpes)

herpes in sinhala - හර්පීස්

අනෙකුත් සමාජ රෝග(STD) මෙන්ම හර්පීස්ද ඉතා බහුල රෝගී තත්ත්වයක් වේ. පසුගිය වසර තුල පමනක් මෙම රෝගය සහිත පුද්ගලයන් 2600ක් පමන වාර්තා වී ඇත. ඇමරිකවේ වාර්තා වලට අනුව එහි, ලිංගිකව ක්‍රියාකාරි වයසේ සිටිනා සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුටම මෙම රෝගය වැලදී ඇති බව හදුනාගෙන ඇත. එලෙසම එහි අනෙකුත් ඉතා වැදගත් කරුණ නම් මෙය සම්පූර්ණයෙන් සුව නොවන රෝග තත්ත්වයක් වීම හා නැවත නැවත ඇතිවීමි අවදානමයි.

හර්පීස් යනු..?

හර්පීසි යනු HSV-2 නැමති වයිරසය(virus) මගින් ඇතිවන රෝගී තත්ත්වයකි. එය බොහෝ විට බහුලව හමු වන්නේ අපගේ ලිංගාශ්‍රිත අවයව වන යෝනී මාර්ගය, ශිෂ්ණය, ගුද මාර්ගය වැනි ප්‍රදේශ වලය. නමුත් එය මුඛය වැනි ප්‍රදේශ ආශ්‍රිතව වුවද හමුවිය හැකිය.

හර්පීස් වල රෝග ලක්ෂණ මොනවාද..?

මෙයද ගොනෝරිය මෙන්ම බහුල වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන තත්වයකි. එසේ වුවද මද වශයෙන් රෝග ලක්ෂණ පැවතිය හැකිය. සාමන්්‍යයෙන් ලිංගික අවයව ආශ්‍රිතව ඇතිවන කුඩා තුවාල බහුල වශයෙන් හමුවිය හැකිය.

තැලසීමියාව (Thaelassemia)

thalassemia - තැලසීමියාව

තැලසීමියාව(thaelassemia) යනු ශ්‍රි ලංකාව තුල විශාල වශයෙන් රෝගීන් හමුවන තවත් එක් රෝගී තත්ත්වයක් ලෙස හැදින්විය හැකිය. විශේෂයෙන් අසියාව තුල පැතිර තිබෙන මෙය ශ්‍රි ලංකාවේ සමහර ප්‍රදේශ වල ඉතා බහුලව දක්නට ලැබෙන තත්ත්වක් වේ. ඒ අතර වයබ පලාත, මධයම පලාත ප්‍රමුඛ වේ. දැනට ශ්‍රි ලංකාව තුල තැලසීමියා පාලනය සඳහා ඉතා විශාල පරිශ්‍රමයක් දරමින් පවතින නමුත් මහජනතාව අතර ඒ සම්බන්ධයෙන් පවතින දැනුවත් භාවය ඉතා අඩුබව පෙනීගොස් ඇත.

තැලසීමියාව යනු..?

තැලසීමියාව යනු ජානමය වශයෙන් ඇතිවන රෝග තත්ත්වයකි. එමගින් ශරීරයේ ඔක්සිජන් පරිවහනයට අවශය වන රතු රුධිරනු නිශ්පාදනය හරියාකාරව සිදු නොවන අතර ඒ සමග ඇතිවන වෙනත් රෝග තත්ත්ව ගනනාවකටද හේතුවිය හැකිය.

මෙය ආකාර දෙකකට පවතී. ඇල්ෆා තැලසීමියාව(alfa-thalassemia) හා බීටා තැලසීමියාව(beta thalassemia) ලෙස මෙම තත්ත්ව දෙක හඳුන්වනු ලබයි. මෙයින් ශ්‍රි ලංකාව තුල බහුලව හමුවන්නේ beta thalassemia තත්ත්වයයි.

තැලසීමියාව ඇති වන්නේ කෙසේද..?

මෙය ජාන විකෘතියක් නිසා ඇතිවන තත්ත්වයක් බැවින් මව සහ පිය නිශ්පාදනය කරනු ලබන බීජ මගින් දරුවාට ඇතිවේ. මෙය අලින්ගික වර්ණදේහ වල පවතින ජානයක් බැවින් ස්ත්‍රි හා පුරුෂ යන දරුවන් දෙකොටසටම සමානව බලපැම් ඇත් කරයි.

තැලසීමියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

තැලසීමියාව alfa/ beta තැලසීමියා ලෙස කාන්ඩ දෙකක් පවතින අතර රෝග ලක්ෂණ අදාල කණ්ඩය හා ජාන විකෘතියේ ප්‍රමාණය අනුව වෙනස් වේ. කෙසේ වුවද පොදුවේ හමුවන රෝග ලක්ෂණ අතර රක්තහීනතාවය හදුනාගත හැකිය.

රක්තහීනතාවය (Anaemia)

anemia rakthaheenathawaya,රක්තහීනතාවය

නිරක්තය හෙවත් රක්තහීනතාවය (anemia)  ලෙස අප හදුන්වන්නේ රුධිරයේ අවශ්‍යය තරම් හිමොග්ලොබින් (hemoblobin) හෝ රතු රුධිරාණු සෛල නොමැති වීමයි. ඔබගේ ශරීරයේ පැවතිය යුතු හිමොග්ලොබින්(haemoglobin) ප්‍රමානය ඔබගේ වයස හා ලිංගිකත්වය අනුව වෙනස් විය හැකිය. මෙම තත්ත්වය හෘද වස්තුවේ ඇතිවන ප්‍රශ්න දක්වා විවිධ මට්ටමින් අපගේ ශරීරයට බලපැම් කල හැකිය. තවද බොහෝවිට නිරක්තය ජානමය හේතු නිසා ඇතිවන වෙනත් හේතුද බලපැම් කල හැකිය.

නිරක්තය හෙවත් රක්තහීනතාවය යනු කුමක්ද..? (anemia)

මුලින් සදහන් කල පරිදි රක්තහීනතාවය යනු වයසට (age)හා ලිංගිකත්වයට (gender) අනුව අවශය තරම් ඔක්සිජන් පරිවහනය සඳහා අවශ්‍යය හිමොග්ලිබින් නොමැතිවීමයි. ඒ අනුව අපගේ ශරීරයට අවශයය හිමොග්ලොබින් ප්‍රමාණය වයස අනුව වෙනස් වන අතර ස්ත්‍රී පුරුෂ භාවයට අනුවද වෙනස් වේ. සාමන්‍යයෙන් දරුවන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු අගයක පවතින අතර ඉන් පසුව වයස අවු.10 – 12පමණ වන විට එය වැඩිහිටියන්ගේ ප්‍රමාණයට ලගාවේ. එලෙසම පුරුෂයන්ට වඩා අඩු හිමොග්ලොබින් ප්‍රමාණයක් ස්ත්‍රීන්ගේ රුධිරය තුල පවතී.

නිරක්තය සදහා හේතු මොනවාද..?

ඔබ රක්තහීනතාවයෙන් පෙලෙන පුද්ගලයෙකුනම්, පහත හේතු ඒ සඳහා බලපැම් කල හැකිය.
1. ජානමය ප්‍රශ්න(Genetic causes)
2. අධික රුධිර වහනය(Massive blood loss)
3. පෝෂණ ඌනතා(Nutrition defeciency)
4. සමහර ආසාදන(Some inflections)
5. සමහර ඖෂධ වර්ග(Some drugs)

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]