උපත් පාලනය

හෝමෝනමය උපත් පාලන පෙති ( Hormonal Contraceptive Pills)

 

උපත් පාලන පෙති

අද වන විට පවුල් සැලසුම් ක්‍රම(Family planing methods) විශාල ප්‍රමාණයක් පවතින අතර ඒ අතරින් උපත් පාලන පෙති (Oral contraceptive pills) විශේෂ ස්ථානයක් ගනී. උපත් පාලන පෙති යනු හෝමෝනමය උපත් පාලන ක්‍රමයක් වන අතර ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටොරෝන්(Estrogen and Progesterone) යන හෝමෝන විවිධ අනුපාතයන් අනුව මිශ්‍රකර ඒවා නිපදවා ඇත. එමෙන්ම මෙය ඉතා සාර්ථක ක්‍රමයක් වන අතර භාවිතයද ඉතා පහසුය.

උපත් පාලන පෙති කා සඳහාද?

උපත් පාලන පෙති දිනපතා පාවිච්චි කලයුතු උපත් පාලන ක්‍රමයක් වන අතර ඕනැම අවස්ථාවක නවතා දැමිය හැක. ඉන්පසු දරුවන් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කටයුතු කල හැක. එලෙසම ඉතා පහසු හා ලාභදායි ක්‍රමයක් වන අතර විශේෂයෙන් නව යුවල් අතර මෙය ජනප්‍රිය උපත්පාලන ක්‍රමයක් වන බව පෙනේ.

ඔබ උපත් පාලන පෙති පාචිචිය සඳහා නොසුදුසුද?

විශේෂයෙන් උපත් පාලන පෙති සඳහා යොමුවීමට පෙර ඔබ සැකහැර දැනගත යුතු රෝග කිහිපයක් වේ. ඒ අතර විවිධ හෘද රෝග, අක්මා රෝග හා රුධිරය ආශ්‍රිත රෝග පවති. ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

1. හෘද අකර්මණ්‍යතාව (Coronary Heart Disease), අංශභාගය (Strokes),
2. රුධිරය කැටිගැසීමේ රෝග (Bleeding disorders)
3. අක්මාව ආශ්‍රිත රෝග (liver disease)
4. අධික රුධිර පීඩනය (Hypertension)
5. ඉරුවාරදය (Migraine)
6. අධික තරබාරුබව (Obasity)

උපත් පාලන පෙති භාවිතයේ වාසි

1. පහසුවෙන් ලබා ගත හැකිය.
2. මිල අඩුය.
3. කෙටි කාලීන වශයෙන් වඩා ප්‍රතිඵලදායකය.

උපත් පාලන පෙති භාවිතයේ අවාසි

1. කෙටි කාලීනය.
2. දිනපතා ලබාගත යුතුවේ
3. පෙති මගහැරීම නිසා අනවශ්‍යය ගැබ්ගැනීම් බහුලය.

උපත් පාලන පෙති ලබාගැනීමේදි ඇතිවන සංකූලතා

1. රුධිර කැටි ගැසීමේ රෝග, අධිරුධිර පීඩනය වැනි රෝග උත්සන්න වීම
2. වමනය
3. කලන්තය
4. හිසරදය
5. පියයුරු ආශ්‍රිත වේදනාව

පෙති ලබාගත යුතු ආකාරය

මෙම පෙති පැකට්‍ටුවක පෙති 28ක් බැගින් පවතින අතර ඔබගේ ඔසප් චක්‍රය අනුව එවා පෙලගස්වා ඇත. පැකට්‍ටුවේ පසුපස පෙත්තේ පෙති ලබාගතයුතු ආකාරය ඊ හිසක් මගින් දක්වා ඇත. ඔබ පෙති ලබා ගැනීම සඳහා දිනයේ විශේෂ වේලාවක් වෙන්කර තබාගත යුතු අතර මෙය දින දර්ශනයක සටහන් කිරීමද වැදගත් වේ.

ගිලින පෙති

පැකට්‍ටුවේ ඇති පලමු පෙති 21 හෝමෝනමය පෙති වන අතර ඒවා දිනපතා ලබාගත යුතුය. අවසාන පෙති 7 යකඩ අඩංගු ඒවා වන අතර ඒවාද අවසන් වනතුරු දිගටම පෙති පාවිච්චි කල යුතුය. එක් පැකට්‍ටුවක් අවසන් වීමේන් පසු ඊලග පැකට්‍ටුව ආරම්භ කළ යුතුය.

එලෙසම ඔබ ඉහත සඳහන් රෝගී තත්ත්ව වලින් පෙලේනම් භාවිතයට පෙර වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වේ. එලෙසම ඉහත සඳහන් සංකුලතා ඇතිවේනම් උපත් පාලන පෙති නවතා දැමීම හෝ වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීම සුදුසුය.

මිතුරි පෙති කියන්නේ මොනවාද? (Mithuri pills)

මිතුරි පෙති

උපත් පාලන පෙති ගැන කතා කරද්දි මිතුරි පෙති කියලා තමයි ගොඩක් අය එවා හදුන්වන්නේ . ඉතින් මේ මිතුරි පෙති කියන්නේ මොනවාද? ඇත්තෙන්ම මේවාත් එක ආකාරයක උපත් පාලන පෙති විශේෂයක් . මෙවා බෙදාහරින්නේ ශ්‍රි ලංකා පවුල් සැලසුම් සංවිධනය මගිනුයි . ඒ නිසා බොහෝවිට මේවා ඔනෑම ප්‍රදේශයක පහසුවෙන් මිලදී ගත හැකියි.

 

පුරුෂ උපත් පාලන කොපු /කොන්ඩම් (Male Condom)

උපත් පාලන ක්‍රම අතරින් කොන්ඩම් වලට විශේෂ තැනක් හිමිවෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ එය මැතකාලීනව ඉහල ගිය ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කිරීමට දායක වීම හා භාවිතය පහසු භාවිතයයි.

කොන්ඩම්, කොපු

කෝඩමය යනු රබර් (ලේටෙක්ස්) වලින් සෑදු උපත් පාලන ක්‍රමයක් වන අතර මෙයට අවශ්‍යතාවය අනුව විවිධ ද්‍රව්‍යය මිශ්‍ර කර තිබීමට පුලුවන්.

උපත් පාලන කොපුවල වාසි මොනවාද? (Advantages of Male Condoms)

මෙය අනෙකුත් උපත් පාලන ක්‍රම වලට සාපේක්ෂව කෙටිකාලීන උපත්පාලන ක්‍රමයක් ලෙස වඩා පහසු හා වඩා කාර්්‍යක්ෂම වී ඇත. එලෙසම මෙහි ඇති පහත් සඳහන් වාසි නිසා මෙය උපත් පාලන ක්‍රමයක් ලෙස වඩා වැදගත් වේ.

  • පහසුවෙන් ලබා ගත ගැකිය
  • මිල අවමය
  • විශේෂිත දැනුමක් අවශ්‍යය නොවේ.
  • සමාජ රෝග වලින් විශේෂ ආරක්ෂාවක් ලබාදේ.

උපත් පාලන කොපුවල අවාසි මොනවාද? ( Disadvantages of Male Condoms)

තවමත් සමාජය තුල උපත පාලන කොපු භාවිතය පිලිබඳ අවබෝධය අඩුවීම මෙහි කර්යක්ෂමතව අඩු වීමට හේතුවක් වී ඇත.

  • ලේටෙක්ස් වලට අසාත්මික පුද්ගලයන්ට සුදුසු නොවේ. ඔවුන් ඒ වෙනුවට වෙනත් ද්‍රව්‍යකින් සැදු කොපු පැලදිය යුතුය.
  • ඉදහිට පිපිරීම සිදුවිය හැකි අතර එමගින් ගැබ් ගැනීම් ඇතිවිය හැකිය
  • සමහර පුද්ගලයන්ට අනුව ලිංගික ස්පර්ෂය අවම වේ.
  • නැවත නැවත භාවිත කල නොහැක.

උපත් පාලන කොපු නිවැදිව භාවිත කරන්නේ කෙසේද? (Proper Way to use the Condom)

  1. නිසි පරිදි සිසිල් වියලි ස්ථානයක ගබඩා කර තබන්න
  2. පලුදු වු ඒවා ඇත්නම් පැකට්‍ටුව සමගම ඉවත් කර දමන්න.
  3. භාවිතයට පෙර කල් ඉකුත් වීමේ දිනය පරික්ෂා කර බලන්න.
  4. පැකට්‍ටුව විවෘත කිරීමට කතුරු වැනි ආයුධ භාවිතා නොකරන්න. එමගින් කොපුවට හානි පැමිනිය හැකිය
  5. විවෘත කල පසු පළමුව ඉදිරිපස කොටස මඩක් තදකර වාතය හිරවී ඇත්නම් ඉවතට යාමට සලස්වන්න.
  6. ඉන්පසු එය ප්‍රාණවත් වු ශිෂ්ණය මත පලදින්න.
use a condom

උපත් පාලන කොපුවක් පලදින අයුරු.

කොන්ඩමයක් ඉවත් කිරීම (Removal of Condom)

සංසර්ගයෙන් පසු කොන්ඩමය ඉවත් කිරීම සහකාරිය විසින් සිදුකිරීම වඩාත් උචිතය. මෙහිදී කඩදාසි කැබැල්ලක් භාවිතයෙන් එය ඉවත් කරන්න. පසුව එය ඔතා උනාශ කර තබන්න. කිසි විටෙක වැසිකිලි තුලට නොදමන්න.

උපත් පාලන කොපු භාවිතයේදි නොකල යුතුදේ. (Common misuses of Condoms)

නැවත නැවත භාවිතය

සමහර පුද්ගලයන් සේදීමෙන් පසුව නැවත වරක් භාවිතා කිරීම සිදුකරන අවස්ථා දක්නට ලැබේ. එබැවින් එවැනි ක්‍රියා මගින් වලකින්න.

විවිධ ස්නේහක භාවිතය.

කොන්ඩමය සමග නිෂ්පාදනයේදීම ස්නේහක ද්‍රව්‍යය ඇතලත් කර ඇත. එබැවින් නැවත වරක් ඒවා භාවිත කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවහොත් ඒවා පුපුරා යාමට වැඩි ඉඩක් පවතී.

 

අප්‍රාණික ලිංගේන්ද්‍රය මත පැලදීම

මෙයද නිසි මෙහි නිසි කාර්යක්ෂමතාව නැතිවීමට හේතු වී අත.

 

උපත් පාලන කොපු ලබා ගත හැක්කේ කෙසේද?

මෙවා ඕනැම ෆාමසියකින් කිසිදු වෛද්‍යය නිර්දේශ පත්‍රයක් නොමැතිව ලබා ගත හැකිය.ඒවා විවිධ නම්වලින් දක්නට ලැබෙන අතර ඔබගේ පවුල් සෞඛ්‍යය නිළධාරීන් මගින්ද ලබා ගත හැකිය.

උපත් පාලන කොපු වෙනුවට ඇති වෙනත් විසදුම් මොනවාද? (Alternatives for Condoms)

උපත් පාලන කොපු හැරුණු විට තවත් විවිධ වු උපත් පාලන ක්‍රම පවතින අතර ඒවා ඔබගේ අවශ්‍යතාව අනුව ලබා ගත හැකිය. ඒ අතර ස්ත්‍රී කොන්ඩම, ලූප් ,ගිලින පෙති මෙන්ම තවත් විවිධ ක්‍රම පවතී.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]