රුධිර රෝග

ඉබෝලා වෛරසය (Ebola Virus)

එබෝලා රක්තපාතය

ඉබෝලා වෛරසය(Ebola virus) කියු සැනින් බොහෝ දෙනෙක් බියට පත්වෙනවා. එය මේ වන විට එතරම්ම දරුණු තත්ත්වයකට පත්ව තියෙනවා. ඒ මොකද කියලා කීවොත් පසුගිය කාලයේ බොහෝ කතා බහට ලක්වුනු කුරුලු උණ  (wsine flu), සාර්ස් (SARS) එහෙමත් නැත්නම් ඒඩ්ස් (AIDS) වගේ හැම ලෙඩකටම වඩා මෙම රෝග තත්ත්වය ඉතාම දරුණු තත්ත්වයක පැවතීමයි. උදාහරණයක් ලෙස රෝගය වැලදුන රෝගියෙක් මරණයට පත්වීමේ ප්‍රතිශතය 90% පමන වෙනවා. එනම් රෝගය වැලදුන රෝගීන්ගෙන් ජීවත් වීමට වාසනාව ලබන්නේ 10%ක පමණ පිරිසක් පමනයි. දැනට ඇති සංඛ්‍යා ලේඛණ අනුව ශ්‍රී ලංකාවට මෙම රෝගය තවමත් ඇතුලු වී නැතත් ලබදීම ඇතිවීමට හැකියාවක් තියෙනවා.
ඉබෝලා යනු? (What is Ebola)

ඉබෝලා එසේත් නැතිනම් ඉබෝලා රක්තපාත උණ (Ebola hemorrhagic fever) රෝගය යනු වෛරසයක් මගින් වැලදෙන රෝගයක්. මෙය ඉබෝලා වෛරස (ebola viris) කියන වෛරස පවුලට අදාල විශේෂ කිහිපයක් මගින් ඇති කරනු ලබනවා. මෙහි රෝග ලක්ෂණ බොහෝ විට ඩෙංගු රෝගයට ආසන්න වශයෙන් සමාන වෙන්නට පුලුවන් වෙනවා.

ඉබෝලා රෝග ලක්ෂණ (Symtoms of Ebola)

මෙහි මූලික ලක්ෂණය වන්නේ උණ කියන ලක්ෂණයයි. මීට අමතරව පහත රෝග ලක්ෂණ පැවතිය හැකියි.
1. ඇගේ පතේ අමාරුව (body aches)
2. මංශපේෂි ආශ්‍රිත වේදනව (Myalgia)
3. පණ නැති ගතිය. (Fatigubility)
4. හිසේ රදය.(Headache)
5. උගුරේ අමාරුව (Sore Throat)

මීට අමතරව රෝගය තවදුරටත් උග්‍ර වීමේදී අධික වමනය (Vomiting), අජීරණය(Diarrhoea), සමේ පැල්ලම් (Rashes), මෙන්ම වකුගඩු හා අක්මාව ආශ්‍රිතව ඇතිවන් ගැටලු (Kidney and liver problems)හට ගන්නට පුලුවන්.

සාමාන්‍යෙන් මෙහි රෝග ලක්ෂණ පහල වීමට යම් කාලයක් ගත වන බැවින් රෝගය වැලදුන පුල්ගලයන් හඳුනා ගැනීමට මදක් අපහසු වන්නට පුලුවන්.

ඉබෝලා රෝගය පැතිර යාම (Transmission of Ebola)

transmission of ebola

එබෝලා වාහක වවුලන් විශේෂයක්

මෙය කලින් අප්‍රිකාවේ වනාන්තර (African forests) වල පැවති රෝග තත්ත්වයක්. වානාරයන් වැනි සතුන් මගින් මිනිසාට බෝ වී ඇතැයි සැක කෙරෙනවා.

කොහොම වුනත් දැන්නම් මෙහි පැතිරීමට මිනිසා හැරෙන්න කිසිදු වාහකයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය මූලිකව පැතිර යන්නේ මිනිසාගේ තියෙන විවිධ තරල හරහායි. උදාහරන ලෙස; රුධිරය, ඛේටය, ශුක්‍රාණු වැනි තරල දැක්විය හැකියි.

ඉබෝලා රෝගය සඳහ ප්‍රතිකාර (Treatments for Ebola Virus)

තවමත් මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් සොයා ගෙන නැහැ. බොහෝ විට දැනට මේ සඳහා කල හැකි එකම ප්‍රතිකාරය වන්නේ රෝගියාට අවශ්‍යය පහසුකම් සැපයීම පමණයි. එමගින් රෝගියාගේ සුවය ඉක්මන් කල හැකියි.

කෙසේ නමුත් මේ වන විට ලෝක සෞඛ්‍යය සංවිධානය රෝග නිවාරණය හා එයට අවශ්‍ය ප්‍රතිකාර සෙවීම සඳහා විශාල ප්‍රයත්නයක් දරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැනට මේ සඳහා එන්නතක් සොයාගෙන ඇති නමුත් එය තවමත් පරීක්ෂණ වල මුල් අදියරවල් වල පවතිනවා.

ඉබෝලා රෝගය පාලනය කර ගැනීම (Pevention of Ebola )

රෝගය වලක්වා ගැනීම සඳහා එයින් ආරක්ෂා වීමේ ක්‍රියා මර්ග අත්‍යාවශ්‍යය වෙනවා. ඒ අතර පහත ක්‍රියා මාර්ග දැක්විය හැකියි.
1. අප්‍රිකානු රටවල සංචාරයන් තවතා දැමීම.
2. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීමට ගුවන්තො‍ටුපල , වරාය වැනි ස්ථාන වල ආරක්ෂක ක්‍රම වේද සැකසීම.
3. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීම හා ඔවුන් වෙන්කර තැබීම
4. රෝගී පුදගලයන් සමග සමීප ඇසුරු කිරීම් වැලකීම.
5. නිසි සනීපාරක්ෂක පහසුකම්.
6. ජනතා දැනුවත්භාවය.

ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගය (Dengue fever)

 

dengue fever

ඩෙංගු මදුරුවෙකුගේ දෂ්ඨනයක්

ඩෙංගු උණ (Dengue Fever) යනු විශේෂයෙන් වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන රෝග තත්ත්වයකි. එයට හේතු වන්නේ වර්ෂාවත් සමගම ඩෙංගු ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහල යාමයි. ආසන්න වශයෙන් වසරකට 5000 සිට 10,000ක් පමණ වාර්තාවන මෙම රෝග තත්ත්වය නිසා සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 50ක් පමන මිය යන නමුත් දැනට මෙම තත්ත්වය ඉතා පහල අගයකට අඩුවී ඇත. මෙම මර්ණ වලට හේතුවනුයේ ඩෙංගු රක්තපාත (Dengue hemorrhagic fever) නම් උණ තත්ත්වයයි. තවද ඩෙන්ගු රෝගය සඳහා ගොදුරුවන රෝගීන බහුතරයක් බස්නාහිර පලාත ආශ්‍රිතව ජීවත්වෙයි.

ඩෙංගු රෝගය යනු..? (What is the dengue)

ඩෙංගු රෝගය යනු ඊඩිස් ඊගිප්ටි (Ades  aegypti) හා ඊඩිස් ඇල්බෝපික්ටස් (Ades  albopictus )නම් මදුරුවන් විශේෂ දෙක මගින් බෝ වන රෝග තත්ත්වයකි. මෙය වයිරස තත්ත්වයක් වන අතර බොහෝ රෝගීන්ගේ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුව වී යයි. කෙසේ නමුදු 1% පමණ පිරිසක් ඉතා දරුණු තත්ත්වයකට පත්විය හැකිය.

ඩෙංගු රෝගයේ ලක්ෂණ (Symptoms of Dengue Fever)

ඩෙංගු උණ වෛරසයක් වන බැවින් එයද බොහෝවිට අනෙකුත් වෛරසයකට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. එබැවින් මෙය නිසි ආකාරයෙන් හදුනා ගැනීම ඉතා වැදගත් තත්ත්වයකි. විශේෂයෙන් වර්ෂා කාලයත් සමග විවිධ වු උණ තත්ත්ව පැතිර යන අතර ඒවයෙන් මෙය වෙන් කර ගත යුතුය.

තැලසීමියාව (Thaelassemia)

thalassemia - තැලසීමියාව

තැලසීමියාව(thaelassemia) යනු ශ්‍රි ලංකාව තුල විශාල වශයෙන් රෝගීන් හමුවන තවත් එක් රෝගී තත්ත්වයක් ලෙස හැදින්විය හැකිය. විශේෂයෙන් අසියාව තුල පැතිර තිබෙන මෙය ශ්‍රි ලංකාවේ සමහර ප්‍රදේශ වල ඉතා බහුලව දක්නට ලැබෙන තත්ත්වක් වේ. ඒ අතර වයබ පලාත, මධයම පලාත ප්‍රමුඛ වේ. දැනට ශ්‍රි ලංකාව තුල තැලසීමියා පාලනය සඳහා ඉතා විශාල පරිශ්‍රමයක් දරමින් පවතින නමුත් මහජනතාව අතර ඒ සම්බන්ධයෙන් පවතින දැනුවත් භාවය ඉතා අඩුබව පෙනීගොස් ඇත.

තැලසීමියාව යනු..?

තැලසීමියාව යනු ජානමය වශයෙන් ඇතිවන රෝග තත්ත්වයකි. එමගින් ශරීරයේ ඔක්සිජන් පරිවහනයට අවශය වන රතු රුධිරනු නිශ්පාදනය හරියාකාරව සිදු නොවන අතර ඒ සමග ඇතිවන වෙනත් රෝග තත්ත්ව ගනනාවකටද හේතුවිය හැකිය.

මෙය ආකාර දෙකකට පවතී. ඇල්ෆා තැලසීමියාව(alfa-thalassemia) හා බීටා තැලසීමියාව(beta thalassemia) ලෙස මෙම තත්ත්ව දෙක හඳුන්වනු ලබයි. මෙයින් ශ්‍රි ලංකාව තුල බහුලව හමුවන්නේ beta thalassemia තත්ත්වයයි.

තැලසීමියාව ඇති වන්නේ කෙසේද..?

මෙය ජාන විකෘතියක් නිසා ඇතිවන තත්ත්වයක් බැවින් මව සහ පිය නිශ්පාදනය කරනු ලබන බීජ මගින් දරුවාට ඇතිවේ. මෙය අලින්ගික වර්ණදේහ වල පවතින ජානයක් බැවින් ස්ත්‍රි හා පුරුෂ යන දරුවන් දෙකොටසටම සමානව බලපැම් ඇත් කරයි.

තැලසීමියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

තැලසීමියාව alfa/ beta තැලසීමියා ලෙස කාන්ඩ දෙකක් පවතින අතර රෝග ලක්ෂණ අදාල කණ්ඩය හා ජාන විකෘතියේ ප්‍රමාණය අනුව වෙනස් වේ. කෙසේ වුවද පොදුවේ හමුවන රෝග ලක්ෂණ අතර රක්තහීනතාවය හදුනාගත හැකිය.

රක්තහීනතාවය (Anaemia)

anemia rakthaheenathawaya,රක්තහීනතාවය

නිරක්තය හෙවත් රක්තහීනතාවය (anemia)  ලෙස අප හදුන්වන්නේ රුධිරයේ අවශ්‍යය තරම් හිමොග්ලොබින් (hemoblobin) හෝ රතු රුධිරාණු සෛල නොමැති වීමයි. ඔබගේ ශරීරයේ පැවතිය යුතු හිමොග්ලොබින්(haemoglobin) ප්‍රමානය ඔබගේ වයස හා ලිංගිකත්වය අනුව වෙනස් විය හැකිය. මෙම තත්ත්වය හෘද වස්තුවේ ඇතිවන ප්‍රශ්න දක්වා විවිධ මට්ටමින් අපගේ ශරීරයට බලපැම් කල හැකිය. තවද බොහෝවිට නිරක්තය ජානමය හේතු නිසා ඇතිවන වෙනත් හේතුද බලපැම් කල හැකිය.

නිරක්තය හෙවත් රක්තහීනතාවය යනු කුමක්ද..? (anemia)

මුලින් සදහන් කල පරිදි රක්තහීනතාවය යනු වයසට (age)හා ලිංගිකත්වයට (gender) අනුව අවශය තරම් ඔක්සිජන් පරිවහනය සඳහා අවශ්‍යය හිමොග්ලිබින් නොමැතිවීමයි. ඒ අනුව අපගේ ශරීරයට අවශයය හිමොග්ලොබින් ප්‍රමාණය වයස අනුව වෙනස් වන අතර ස්ත්‍රී පුරුෂ භාවයට අනුවද වෙනස් වේ. සාමන්‍යයෙන් දරුවන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු අගයක පවතින අතර ඉන් පසුව වයස අවු.10 – 12පමණ වන විට එය වැඩිහිටියන්ගේ ප්‍රමාණයට ලගාවේ. එලෙසම පුරුෂයන්ට වඩා අඩු හිමොග්ලොබින් ප්‍රමාණයක් ස්ත්‍රීන්ගේ රුධිරය තුල පවතී.

නිරක්තය සදහා හේතු මොනවාද..?

ඔබ රක්තහීනතාවයෙන් පෙලෙන පුද්ගලයෙකුනම්, පහත හේතු ඒ සඳහා බලපැම් කල හැකිය.
1. ජානමය ප්‍රශ්න(Genetic causes)
2. අධික රුධිර වහනය(Massive blood loss)
3. පෝෂණ ඌනතා(Nutrition defeciency)
4. සමහර ආසාදන(Some inflections)
5. සමහර ඖෂධ වර්ග(Some drugs)

හිමෝ‍ෆිලියාව (Haemophilia)

hemophilia- හිමෝෆීලියාව

හිමෝ‍ෆිලියාව යනු රුධිරය අශ්‍රිතව හමුවන ඉතා වැදගත් රෝගයක් වනුයේ එය බහුලව හමුවන තත්ත්වයක් බැවිනි. මෙය ජානමය හේතුනිසා ඇතිවන අතර මෙම රෝගීන්ගේ රුධිරය කැටිගැසීම පමාවීම නිසා බහුල වශයෙන් රුධිරය වහනය වීම සිදුවේ.

හිමෝ‍ෆිලියාව යනු..? (heamophilia)

මෙය ජාන  හරහා සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයකි(genetically transmitting condition) . මෙයට හේතුවන්නේ රුධිරයේ ඇති සමහර රුධිරය කැටිගැසීමට අවශය සාධක (coagulation factors) හරියාකාරව නිශ්පාදනය නොවීමයි. ඒ අනුව මෙම රෝගීන් තුල රුධිරය බහුල වශයෙන් රුධිරය වහනය (bleeding) වීමේ තත්ත්ව හමුවේ. මෙහි ප්‍රධාන ආකාර 2ක් පවතින අතර ඒවා Haemophilia A, Haemophilia B ලෙස නම් කරයි.

හිමෝ‍ෆිලියාව සම්ප්‍රේෂණය වන්නේ කෙසේද..? (Transmission of hemophilia)

මෙය ජාන මගින් සම්ප්‍රේෂණය වන තත්ත්වයක් වන අතර එහි වාහකයන් ලෙස ක්‍රියා කරනුයේ කාන්තාවන්ය. මන්ද එය අපගේ ලිංගිකත්වය නිර්ණ්ය කරනු ලබන වර්ණදේහ (Chromosome) මත පිහිට ඇති ජානයක් වන බැවිනි. තවද 100% රෝගී තත්ත්වය පිරිමි පාර්ශවය තුල හමුවේ.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]