කායික රෝග

දියවැඩියාව (Diabetes mellitus)

දියවැඩියාව හා පරික්ෂා

දියවැඩියාව(diabetes) යමු ලොව පුරා ඉතා විශාල වශයෙන් ව්‍යාප්තව පවතින රෝග තත්ත්වයක් ලෙස හඳුන්වාදිය හැකිය. මෑතක සිට ශ්‍රීලංකාවේද සුලබ රෝග තත්ත්වයක් වන මෙය බාල, තරුණ , මහලු ඕනෑම අයෙකුට වැලදිය හැකි නමුත් විශේෂයෙන් වැඩිහිටියන් අතර දක්නට ලැබේ. එලෙසම ආයුරුවේද වෛද්‍යය ක්‍රමයේදී මෙය මධුමේහය ලෙසද හැදින්වේ.

 

දියවැඩියව හඳුනාගන්නේ කෙසේද? (How to identify Diabetes?)

බොහෝදෙනා දියවැඩියාව හඳුනාගන්නේ අධික පිපාසය (Thirsty), අධික මුත්‍රා වහනය(frequent urination) වැනි ලක්ෂණ සමගය. එසේ වුවද දියවැඩියාව මූලික අවස්ථාවලදී හඳුනා ගැනීම සඳහා විවිධ වු රුධිර හා මුත්‍රා පරීක්ෂණ පවතී. ඒ අතර “නිරාහාර සීනි පරික්ෂාව/Fasting Blood Sugar (FBS) ඉතා විශාල වශයෙන් යොදාගන්න ක්‍රමයකි. මීට අමතරව විවිධ වු රුධිර පරීක්ෂණද පවතී. ඒ අතර යන රුධිර පරීක්ෂණ පවතී.

dhiyawediya parikshawa

Source: Adapted from American Diabetes Association. Standards of medical care in diabetes—2012. Diabetes Care. 2012;35(Supp 1):S12, table 2.

මීට අමතරව දියවැඩියාව ආශ්‍රිත සංකූලතා සමගද දියවැඩියාව හඳුනාගත හැකි අතර ඒවා දියවැඩියාව සමඟ පසුකාලීනව ඇතිවන ගැටලු වේ.

 

දියවැඩියාව ආශ්‍රිත සංකූලතා (Complications of Diabetes)

1. වකුගඩු ආශ්‍රිත ගැටලු (Problems in Kidneys)
2. හෘද අකර්මණ්‍යතාවය (MI)
3. අධික රුධිර පීඩනය (Hypertension)
4. සුවකල නොහැකි තුවාල (Unhealing wounds)
5. විව්ධ අක්ෂි රෝග (Eye problems)

 

මීට අමතරව පුරුෂයන්ගේ අප්‍රාණිකබව(impotence) හා ස්ත්‍රීන්ගේ මදසරු(sub-fertility) බවටද මෙය හේතුවිය හැකිය.

 

දියවැඩියාව ඇතිවීමට හේතු (Causes for diabetes)

දැනට හඳුනාගෙන ඇති ආකාරයට දියවැඩියාව විව්ධ කරුණු රාශියක ප්‍රතිඵලයක් ලෙස සැලකේ. මේ අතර පහත හේතු විශේෂ වේ.
a. ජානමය කරුණු (genetic)
b. අධික තරබාරු බව (obesity)
c. අගන්‍යාසය ආශ්‍රිතව පවතින ගැටලු (Problems in pancreas)
d. අයහපත් ආහාර පුරුදු (Unhealthy foods
e. අඩුක්‍රියාශීලි ජීවන රටාව (Sedentary lifestyle)

 

දියවැඩියාවෙන් ආරක්ෂාවීම අවශ්‍ය වන්නේ ඇයි. (Importance of avoiding diabetes)

දියවැඩියාව යනු ශරීරයේ ඕනෑම ඉන්දියකට බලපැ හැකි රෝගී තත්ත්වයකි. ඉහත සඳහන් කල ආකරයට ඔබගේ ක්‍රියාකරීත්වය අඩපණ කරන විවිධ තත්ත්ව වලින් වන පීඩා අවම කර ගැනීමට දියවැඩියාවෙන් වැලකීම අත්‍යාවශ්‍ය වේ.
මේ අතර ප්‍රමුඛ වන ආබාධ කිහිපයකි.


  • දියවැඩියාව නිසා සිදුවන පාද අහිමි වීම.

    මෙය දීර්ඝ කාලීන වශයෙන් දියවැඩියාව සහිත රෝගීන්ගේ රුධිර නාල අවහිර වීම, සුව නොවන තුවාල ඇතිවීම වැනි තත්ත්ව නිසා ඇතිවේ.දියවැඩියාව නිසා ඇතිවන පාද ආබාධ


  • වකුගඩු අකර්මණ්‍යතාව

    විශේෂයෙන්ම දියවැඩියාවේ ජීවිත අවදානමක් සහිත තත්ත්වයකි. මෙම නිසා ඔබගේ වකුගඩු වල දුර්වලතා ඇතිවී ශරීරයේ බහිශ්‍රාවය හා අපද්‍රව්‍ය කලමණාකරනයේ සිදුවන ගැටලු හේතුවෙන් ජීවිතය පව නැතිවිය හැකිය.


  • අක්ෂි දුර්වලතා

    විෂේෂයෙන් ඇසේ සුද මතුවීම වැනි තත්ත්ව බහුලය.

දියවැඩියාව සඳහා භාවිත කරනු ලබන ඖෂධ.
මෙත්ෆොර්මින්
ග්ලිබෙන්ක්ලමයිඩ්
ටොල්බුටමයිඩ්
ඉන්සුලින්

ඉබෝලා වෛරසය (Ebola Virus)

එබෝලා රක්තපාතය

ඉබෝලා වෛරසය(Ebola virus) කියු සැනින් බොහෝ දෙනෙක් බියට පත්වෙනවා. එය මේ වන විට එතරම්ම දරුණු තත්ත්වයකට පත්ව තියෙනවා. ඒ මොකද කියලා කීවොත් පසුගිය කාලයේ බොහෝ කතා බහට ලක්වුනු කුරුලු උණ  (wsine flu), සාර්ස් (SARS) එහෙමත් නැත්නම් ඒඩ්ස් (AIDS) වගේ හැම ලෙඩකටම වඩා මෙම රෝග තත්ත්වය ඉතාම දරුණු තත්ත්වයක පැවතීමයි. උදාහරණයක් ලෙස රෝගය වැලදුන රෝගියෙක් මරණයට පත්වීමේ ප්‍රතිශතය 90% පමන වෙනවා. එනම් රෝගය වැලදුන රෝගීන්ගෙන් ජීවත් වීමට වාසනාව ලබන්නේ 10%ක පමණ පිරිසක් පමනයි. දැනට ඇති සංඛ්‍යා ලේඛණ අනුව ශ්‍රී ලංකාවට මෙම රෝගය තවමත් ඇතුලු වී නැතත් ලබදීම ඇතිවීමට හැකියාවක් තියෙනවා.
ඉබෝලා යනු? (What is Ebola)

ඉබෝලා එසේත් නැතිනම් ඉබෝලා රක්තපාත උණ (Ebola hemorrhagic fever) රෝගය යනු වෛරසයක් මගින් වැලදෙන රෝගයක්. මෙය ඉබෝලා වෛරස (ebola viris) කියන වෛරස පවුලට අදාල විශේෂ කිහිපයක් මගින් ඇති කරනු ලබනවා. මෙහි රෝග ලක්ෂණ බොහෝ විට ඩෙංගු රෝගයට ආසන්න වශයෙන් සමාන වෙන්නට පුලුවන් වෙනවා.

ඉබෝලා රෝග ලක්ෂණ (Symtoms of Ebola)

මෙහි මූලික ලක්ෂණය වන්නේ උණ කියන ලක්ෂණයයි. මීට අමතරව පහත රෝග ලක්ෂණ පැවතිය හැකියි.
1. ඇගේ පතේ අමාරුව (body aches)
2. මංශපේෂි ආශ්‍රිත වේදනව (Myalgia)
3. පණ නැති ගතිය. (Fatigubility)
4. හිසේ රදය.(Headache)
5. උගුරේ අමාරුව (Sore Throat)

මීට අමතරව රෝගය තවදුරටත් උග්‍ර වීමේදී අධික වමනය (Vomiting), අජීරණය(Diarrhoea), සමේ පැල්ලම් (Rashes), මෙන්ම වකුගඩු හා අක්මාව ආශ්‍රිතව ඇතිවන් ගැටලු (Kidney and liver problems)හට ගන්නට පුලුවන්.

සාමාන්‍යෙන් මෙහි රෝග ලක්ෂණ පහල වීමට යම් කාලයක් ගත වන බැවින් රෝගය වැලදුන පුල්ගලයන් හඳුනා ගැනීමට මදක් අපහසු වන්නට පුලුවන්.

ඉබෝලා රෝගය පැතිර යාම (Transmission of Ebola)

transmission of ebola

එබෝලා වාහක වවුලන් විශේෂයක්

මෙය කලින් අප්‍රිකාවේ වනාන්තර (African forests) වල පැවති රෝග තත්ත්වයක්. වානාරයන් වැනි සතුන් මගින් මිනිසාට බෝ වී ඇතැයි සැක කෙරෙනවා.

කොහොම වුනත් දැන්නම් මෙහි පැතිරීමට මිනිසා හැරෙන්න කිසිදු වාහකයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය මූලිකව පැතිර යන්නේ මිනිසාගේ තියෙන විවිධ තරල හරහායි. උදාහරන ලෙස; රුධිරය, ඛේටය, ශුක්‍රාණු වැනි තරල දැක්විය හැකියි.

ඉබෝලා රෝගය සඳහ ප්‍රතිකාර (Treatments for Ebola Virus)

තවමත් මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් සොයා ගෙන නැහැ. බොහෝ විට දැනට මේ සඳහා කල හැකි එකම ප්‍රතිකාරය වන්නේ රෝගියාට අවශ්‍යය පහසුකම් සැපයීම පමණයි. එමගින් රෝගියාගේ සුවය ඉක්මන් කල හැකියි.

කෙසේ නමුත් මේ වන විට ලෝක සෞඛ්‍යය සංවිධානය රෝග නිවාරණය හා එයට අවශ්‍ය ප්‍රතිකාර සෙවීම සඳහා විශාල ප්‍රයත්නයක් දරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැනට මේ සඳහා එන්නතක් සොයාගෙන ඇති නමුත් එය තවමත් පරීක්ෂණ වල මුල් අදියරවල් වල පවතිනවා.

ඉබෝලා රෝගය පාලනය කර ගැනීම (Pevention of Ebola )

රෝගය වලක්වා ගැනීම සඳහා එයින් ආරක්ෂා වීමේ ක්‍රියා මර්ග අත්‍යාවශ්‍යය වෙනවා. ඒ අතර පහත ක්‍රියා මාර්ග දැක්විය හැකියි.
1. අප්‍රිකානු රටවල සංචාරයන් තවතා දැමීම.
2. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීමට ගුවන්තො‍ටුපල , වරාය වැනි ස්ථාන වල ආරක්ෂක ක්‍රම වේද සැකසීම.
3. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීම හා ඔවුන් වෙන්කර තැබීම
4. රෝගී පුදගලයන් සමග සමීප ඇසුරු කිරීම් වැලකීම.
5. නිසි සනීපාරක්ෂක පහසුකම්.
6. ජනතා දැනුවත්භාවය.

ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගය (Dengue fever)

 

dengue fever

ඩෙංගු මදුරුවෙකුගේ දෂ්ඨනයක්

ඩෙංගු උණ (Dengue Fever) යනු විශේෂයෙන් වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන රෝග තත්ත්වයකි. එයට හේතු වන්නේ වර්ෂාවත් සමගම ඩෙංගු ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහල යාමයි. ආසන්න වශයෙන් වසරකට 5000 සිට 10,000ක් පමණ වාර්තාවන මෙම රෝග තත්ත්වය නිසා සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 50ක් පමන මිය යන නමුත් දැනට මෙම තත්ත්වය ඉතා පහල අගයකට අඩුවී ඇත. මෙම මර්ණ වලට හේතුවනුයේ ඩෙංගු රක්තපාත (Dengue hemorrhagic fever) නම් උණ තත්ත්වයයි. තවද ඩෙන්ගු රෝගය සඳහා ගොදුරුවන රෝගීන බහුතරයක් බස්නාහිර පලාත ආශ්‍රිතව ජීවත්වෙයි.

ඩෙංගු රෝගය යනු..? (What is the dengue)

ඩෙංගු රෝගය යනු ඊඩිස් ඊගිප්ටි (Ades  aegypti) හා ඊඩිස් ඇල්බෝපික්ටස් (Ades  albopictus )නම් මදුරුවන් විශේෂ දෙක මගින් බෝ වන රෝග තත්ත්වයකි. මෙය වයිරස තත්ත්වයක් වන අතර බොහෝ රෝගීන්ගේ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුව වී යයි. කෙසේ නමුදු 1% පමණ පිරිසක් ඉතා දරුණු තත්ත්වයකට පත්විය හැකිය.

ඩෙංගු රෝගයේ ලක්ෂණ (Symptoms of Dengue Fever)

ඩෙංගු උණ වෛරසයක් වන බැවින් එයද බොහෝවිට අනෙකුත් වෛරසයකට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. එබැවින් මෙය නිසි ආකාරයෙන් හදුනා ගැනීම ඉතා වැදගත් තත්ත්වයකි. විශේෂයෙන් වර්ෂා කාලයත් සමග විවිධ වු උණ තත්ත්ව පැතිර යන අතර ඒවයෙන් මෙය වෙන් කර ගත යුතුය.

රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid Arthritis)

 

Rheumatoid arthritis රුමැටොයිඩ් ආතරයිටිස්

රැමැටොයිඩ් ආතරයිටිස් (RA) යනු ඉතා බහුල සන්ධි ආශ්‍රිත රෝග (Joint disease) තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. එබැවින් මෙය මේ වන විට වැඩි අවධානයට පත්ත්ව ඇති තත්ත්වයක් වන අතර තවමත් නිශ්චිත හේතුවක් සොයගෙන නැතත් ජානමය කරුණු (genetic factors) මත ඇතිවන තත්ත්වයක් ලෙස පැහැදිලි කරනු ලැබේ. ඉතා බහුල වශයෙන් මෙය අවුරුදු 40ත් 60ත් අතර පුද්ගලයන් අතර බහුල වන අතර වැඩි වශයෙන් කාන්තාවන් තුල දක්නට ලැබෙයි. එය පිරිමින්ට වඩා 3න් ගුනයක් පමණ වේ.

රුමැටොයිඩ ආතරයිටිස් යනු..?

රුමැටොයිඩ් ආතරයිටිස් යනු ශරීරයේ සන්ධි ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහක (Inflammatory) තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය සඳහා විවිද හේතු බලපැ හැකිවුවද ජානමය කරුණු වැඩි වශයෙන් බලපෑම් කරයි.

රුමැටොයිට් ආතරයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද..?

මෙම තත්ත්වයට බහුලව භාජනය වන්නේ අප ශරීරයේ පවතින කුඩා සන්ධි වේ. ඒ අතර අත්වල පළමු ඇඟිලි පුරුක්, වලලු කර, පාදවල ඇඟිලි පුරුක්, වැනි සන්ධි වේ. සමාන්‍යයෙන් ශරීරයේ දකුණු පස හා වම්පස සන්ධි සමානව මෙම තත්ත්වයෙන් බලපැමට ලක්වන අතර උකුල් සන්ධි , අක්ෂිය සැකිල්ලේ සන්ධි, දනහිස වැනි ස්ථාන මෙමගින් බලපැමට ලක්වන්නේ සුලු වශයෙනි.

රිකට්ස් (Rickets)

 

rickets - රිකට්ස්

කුඩා දරුවන් අතර වැටීම්, තැලීම්, තුවාලවීම් බහුලය. එසේ වුවද නිතර ඇතිවන අස්ථි බිදීම් යනු අසාමාන්‍යය තත්ත්වයකි. එවැනි තත්ත්ව අතර රිකට්සියාව යනු තවත් ඉතා වැදගත් තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකිය. බොහෝවිට පෝෂණ ඌනතාවයන් නිසා ඇතිවන මෙය ළදරු වියේ සිට පාසල් දරුවන් දක්වා ඕනෑම දරුවකුගේ දක්නට ලැබිය හැකිය.

රිකට්සියාව යනු..?

රිකට්සියාව යනු කුඩා දරුවන් අතර පවතින අස්ථිවල දුර්වල තත්ත්වයකි. මෙම දුර්වල වීම නිසාම ඔවුන්ගේ අස්ථි පහසුවෙන් නැමීමට හා බිදීමට ලක්වේ. සාමාන්‍යයෙන් අස්ථි වර්ධනය සඳහා ප්‍රමුඛ වශයෙන් බලපාන විටමින් ඩි(Vitamin D) හා කැල්සියම්( Ca2+) වල පවතින ඌනතාවයන් මේ සඳහා බලපායි.

රිකට්වලදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

බොහෝවිට මෙම රෝගයේ ලක්ෂණ දරුවාගේ වයස අනුව වෙනස් විය හැකිය. කෙසේවුවද, කොදුඇට පෙලෙහි විකෘති, දත්වල විකෘති හා ඒවා හට ගැනීම පමා වීම මෙන්ම බර අඩුවීම, මාංශපේශි දුර්වලතා හා වර්ධනයේ දුර්වලතාද පොදුවේ දැකගත හැකිය.

වයසමාස6 – 12 අතර දරුවන්ගේ හිසකබලේ එබෙන සුලු ස්වභාවය, අවුරුදු 1 1/2ට අඩු දරුවන්ගේ දුර්වල ශරීර වර්ධනය, වැඩිමහලු දරුවන්ගේ කකුල් වල ඇතිවන බකල් තත්ත්වය(bowing) වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැකිය.

සුදු කබර (Vitiligo)

witiligo- sudu kabara- සුදු කබර

සුදු කබර (Vitiligo) තත්ත්වයෙන් පෙලෙන රෝගියෙක්

සුදු කබර යනු අප රටේ බහුලව දක්නට ලැබෙන සමේ රෝග තත්ත්වයක් ලෙස හදුන ගත හැකිය. මෙය ප්‍රධන වශයෙන් ශරීරයේ සුදු පැහැති ලප හෝ ප්‍රදේශ ලෙස හදුනා ගත හැකිය. තවද මෙම තත්වය වෙනත් විවිධ රෝග සමග සම්බන්ධතාවයක් දැක්විය හැකි අතර එය වෙනත් සමේ රෝග වලින් වෙන් කර හදුන ගැනීමද වැදගත් වේ.

සුදු කබර ඇති වන්නේ කෙසේද..?

මේ සදහා නිවැරදි හේතුකාරකයක් තවමත් සොයගෙන නොමැති නමුත් එය Autoimmune තත්වයක් ලෙස හදුනා ගෙන ඇත.
අප සමේ වර්ණය සද හා වැදගත් වනුයේ මෙලනින් නැමති වර්ණකයයි. මෙම රෝගයේදී මෙලනින්
(Melanin) නම් වර්ණකය ක්‍රමයෙන් අඩු වී යාම සිදුවේ. මේට හේතු වන්නේ මෙලනින් නිෂ්පාදනය කරනු ලබන මෙලනොසයිට නම් සෛල තුලදීම මෙලනීන් විනාශ වී යාමයි.

සුදු කබර හදුනා ගන්නේ කෙසේද..?

මෙම රෝගය බහුලව දක්නට ඇති ප්‍රදේශ අතර;
1. අස්ථි පෘෂ්ඨ ආවරනය කරන ප්‍රදේශ (ඇගිලි පි‍ටුපස, වැලමිට, දනිස්)
2. ශරීරයේ විවරයන් අවට ප්‍රදේශ (ඇස්, මුඛය, නාසය)
3. ඉකිලි හා කිහිලි ප්‍රදේශ
4. කකුල්, තනපුඩු, ලිංගේන්ද්‍රයන් වැනි වෙනත් ප්‍රදේශ වේ.
එලෙසම මෙම තත්ත්වය තුවාල ප්‍රදේශ වලද, හිසකෙස් අතරද වර්ධනය විය හැකිය.

ලාදුරු (Leprasy)

leprosy/ ලාදුරු

ලාදුරු (Leprosy) තත්ත්වයෙන් පෙලෙන රෝගියෙක්

ක්‍ෂය රෝගය(Tuberculosis) ලෙසම බොහෝවිට මෙම රෝගයද හමුවන්නේ අඳුරු දුහුවිලි සහිත පරිසර වල ජීවත්වන පිරිස් අතරය. එබැවින් එය අතීතයේ දුප්පතගේ රෝගය ලෙසද හදුන්වා ඇත.ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන් මෙම රෝගය, මේ වෙන විට ලෝකයේ බොහෝ රටවල් වලින් තුරන් වෙලා තිබුනත් අතීතයේ පැවති රෝග අතරින් බරපතලම රෝගයක් ලෙස හදුන්වන්න පුලුවන්. තවද, දැනට ශ්‍රි ලංකාව තුල බොහෝ දුරට පානය වෙලා තියන රෝගයක් ලෙස හදුනාගත හැකි මෙය සම්පූර්ණයෙන්ම සුවකල හැකි තත්ත්වයකි.

ලාදුරු යනු..?

ලාදුරු යනු සමේ රෝග යටතට අයත් වන තවත් වැදගත් රෝගයකි. මෙය Mycobacterium leprae නම් බැක්ටීරියාවක් මගින් ඇති කරයි.

ලාදුරු පැතිරෙන්නේ කොහොමද…?

ලාදුරු යනු සමේ රෝගයක් ලෙස හඳුනාගනු ලැබූවද එය සම මගින් බෝ වීමක් සිදු නොවේ. එසේ වුවද මෙම රෝගය රෝගීන්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව පැතිරයාම සිදුවේ. එබැවින් රෝගීන්ගේ සෙම, කිවිසුම් සමග පිටවන ඛේට අංශු මගින් තත්ත්වය පැතිර යා හැකිය. නමුත් මෙම තත්ත්වය එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිරීමට දීර්ඝකාලීන ආශ්‍රය අවශය වෙනවා. එබැවින් ඔවුන් සමග ගැවසීම අනතුරුදායක නොවේ.

අපස්මාරය/ මීමැස්මොරය (Epilepsy)

epilepsy/ apasmaraya/අපස්මාරය

අපස්මාරය එසේත් නැත්නම් මීමැස්මොරය යනු ශ්‍රි ලන්කාව තුල එතරම් දුලබ තත්ත්වයක් නොවේ. එය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා අඩු වැඩි වශයෙන් ව්‍යප්ත වු තත්ත්වයකි. මෙම තත්වය සදහා මූලික වශයෙන් ජානමය බලපෑමක් පවතින අතර, ඊට අමතරව වෙනත් විවිධ හේතු හදුනාගෙන ඇත.

අපස්මාරය යනු කුමක්ද..?

අපස්මාරය යනු නිතර නිතර ‍ෆිට් එක(fit) නැත්නම් ශරීරයේ ඇතිවන අසාමාන්‍යය ස්නායුමය ක්‍රියාකාරීත්වය සඳහා ඇති හැකියාවයි. එය ඇතිවන්නේ ශරීරයේ ඇතිවන හදීසි ස්නායුමය ක්‍රියාකාරීත්වයක් මගිනි. සාමන්‍යයෙන් විවිධ ආකාරයේ ‍ෆිට් පවතින අතර අප බොහෝවිට බාහිරින් පැහැදිලිව හදුනාගන්නේ සම්පූර්ණ ශරීරයේම හෝ ශරීරයේ කොටසක ඇති වන අසාමාන්‍යය මාංශපේෂි චලනයක් සමග ඇතිවන අපස්මාරය තත්ත්වය පමනි. එසේ වුවද වෙනත් විවිධ ආකාරයේ අපස්මාර තත්ත්ව හදුනාගත හැකිය.

අපස්මාරය යනු මාංශපේෂිවල ඇතිවන අසාමාන්‍යය චලනයමද..?

අපස්මාරය යනු ශරීරයේ ඇතිවන වලිප්පුව තත්ත්වයට එහා ගිය රෝග ලක්ෂණ ගනනාවක් ලෙස හදුනා ගත් හැකිය. ඒ අතර සාමන්‍යයෙන් අප පොදුවේ හදුන්වන ‍ෆිට් එක එසේත් නැත්නම් මංශ පේශිවල අසාමාන්‍යය චලනයක් සහිතව ඇතිවන Clonic tonic seizure තත්ත්වය මෙන්ම Absence seizure, Atonic seizure වැනි තත්ත්වද පැවතිය හැකිය . මෙවැනි සමහර තත්ත්ව වල විශේෂත්වය වන්නේ ඒවා සමහරක් පිටතට පැහැදිලිව නොපෙනීමයි

ඉරුවාරදය(Migraine)

Migraine - ඉරුවාරදය

ඉරුවාරදය යනු ස්නායු රෝග අතරින් තවත් එක් විශේෂිත එකකි. එයට හේතුව වන්නේ එය යම් ආකාරයක හිසේ අමාරුවක් ලෙස දැනුනද සාමානයෙන් අප එදිනෙදා දකින හිසරදයට වඩා මදක් වෙනස් ස්වරුපයකින් මෙය රෝගියාට දැනීමයි. එක්තරා ආකාරයක පීඩාකාරී රෝගයක් වන මෙය ඉද හිට නැවත් නැවත මතුවන ආකාරයේ රෝගයක් ලෙස හදුනා ගත හැකිය. තවද මෙය බොහෝ විට මානසික පීඩනය ආතතිය වැනි තත්ත්ව සමග වර්ධනය වන අතර ඇමරිකාවේ 12% පමණ ජනගහනයක් මෙයින් පීඩා විදින බව හදුනාගෙන ඇත. ශ්‍රි ලංකාවේද මෙම රෝගය බහුලව පවතින බව හදුනාගෙන ඇත.

ඉරුවාරදය යනු කුමක්ද..?

ඉරුවාරදය යනු පැය කිහිපයක් එකදිගට පවතින හිසරදයකට සමාන තත්ත්වයකි. එය බොහෝ විට හිසේ එක් පැත්ත්කට සීමා වේ. තවද වමනය ආලොකයට හා ශබ්ද වලට ඇති අකමැත්ත වැනි ලක්ෂණද මේ සමග ඇති වේ.

ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..?

මෙය තවමත් නිශ්චිතව පැහැදිලි කර නැති නමුත් මේ සදහා බලපෑම් කලහැකි හේතු කිහිපයක් හදුනාගෙන ඇත.
1. ජානමය කරුණු
2. අධික මානසික ආතතිය
3. සමහර ආහාරමය හේතු
4. සමහර ඖෂධ
5. අප්‍රසන්න ශබ්ද වලට අනාවරනය වීම
6. අධික ආලොකයට ආනාවරනය වීම
7. මොළය ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න

උණ වලිප්පුව(Febrile- fits)

una walippuwa - උණ වලිප්පුව

උණ වලිප්පුව එසේත් නැත්නම් කුඩා කලයේදී ඇතිවන ‍ෆිට්(fit /seisure ) එක නමින් හදුන්වන තත්වය කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් ලෙස හදුනා ගත හැකිය. මෙය බහුලව දක්නට ලැබෙන්නේ වයස මාස 6ත් අවුරුදු 5ත් අතර දරුවන් අතරය.

උණ වලිප්පුව යනු…?

උණ වලිප්පුව යනු කුඩා දරුවන් හට ඇතිවන අසාමාන්‍යය සහ පාලනයකින් තොරව සිදුවන චලනයන් සමූහයක් (වලිප්පුව තත්ත්වයක්) ලෙස සරලව හඳුන්වාදිය හැකිය. මෙහි විශේෂත්වය වනුයේ එය බොහෝවිට වෛරස් උණ(viral fever) තත්ත්වයක් සමඟ ඇති වීමයි. උණ අධික වීමත් සමග ඇතිවන මෙම තත්ත්වය කුඩා දරුවන්ගෙන් 3% පමණ ප්‍රමාණයකට යම්දිනක ඇතිවිය හැකිය.

උණ වලිප්පුව ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

මෙය මුලින් සඳහන් කල පරිදි උණ තත්ත්වයක් සමග ඇතිවන අපස්මාරයට(Epilepsy) සමාන තත්ත්වයකි. එහිදී බොහෝ විට ක්ෂණිකව ඇතිවන ශරීරයේ දරදඩු වීම හා අසාමන්‍ය චලන මෙන්ම මුඛයෙන් ශ්‍රවයන් ඇතිවීම, ඇස්වල ඇතිවන අසාමාන්‍ය චලන වැනි තත්ත්ව දැක ගත හැකිය.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]