ජානමය රෝග

තැලසීමියාව (Thaelassemia)

thalassemia - තැලසීමියාව

තැලසීමියාව(thaelassemia) යනු ශ්‍රි ලංකාව තුල විශාල වශයෙන් රෝගීන් හමුවන තවත් එක් රෝගී තත්ත්වයක් ලෙස හැදින්විය හැකිය. විශේෂයෙන් අසියාව තුල පැතිර තිබෙන මෙය ශ්‍රි ලංකාවේ සමහර ප්‍රදේශ වල ඉතා බහුලව දක්නට ලැබෙන තත්ත්වක් වේ. ඒ අතර වයබ පලාත, මධයම පලාත ප්‍රමුඛ වේ. දැනට ශ්‍රි ලංකාව තුල තැලසීමියා පාලනය සඳහා ඉතා විශාල පරිශ්‍රමයක් දරමින් පවතින නමුත් මහජනතාව අතර ඒ සම්බන්ධයෙන් පවතින දැනුවත් භාවය ඉතා අඩුබව පෙනීගොස් ඇත.

තැලසීමියාව යනු..?

තැලසීමියාව යනු ජානමය වශයෙන් ඇතිවන රෝග තත්ත්වයකි. එමගින් ශරීරයේ ඔක්සිජන් පරිවහනයට අවශය වන රතු රුධිරනු නිශ්පාදනය හරියාකාරව සිදු නොවන අතර ඒ සමග ඇතිවන වෙනත් රෝග තත්ත්ව ගනනාවකටද හේතුවිය හැකිය.

මෙය ආකාර දෙකකට පවතී. ඇල්ෆා තැලසීමියාව(alfa-thalassemia) හා බීටා තැලසීමියාව(beta thalassemia) ලෙස මෙම තත්ත්ව දෙක හඳුන්වනු ලබයි. මෙයින් ශ්‍රි ලංකාව තුල බහුලව හමුවන්නේ beta thalassemia තත්ත්වයයි.

තැලසීමියාව ඇති වන්නේ කෙසේද..?

මෙය ජාන විකෘතියක් නිසා ඇතිවන තත්ත්වයක් බැවින් මව සහ පිය නිශ්පාදනය කරනු ලබන බීජ මගින් දරුවාට ඇතිවේ. මෙය අලින්ගික වර්ණදේහ වල පවතින ජානයක් බැවින් ස්ත්‍රි හා පුරුෂ යන දරුවන් දෙකොටසටම සමානව බලපැම් ඇත් කරයි.

තැලසීමියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

තැලසීමියාව alfa/ beta තැලසීමියා ලෙස කාන්ඩ දෙකක් පවතින අතර රෝග ලක්ෂණ අදාල කණ්ඩය හා ජාන විකෘතියේ ප්‍රමාණය අනුව වෙනස් වේ. කෙසේ වුවද පොදුවේ හමුවන රෝග ලක්ෂණ අතර රක්තහීනතාවය හදුනාගත හැකිය.

රක්තහීනතාවය (Anaemia)

anemia rakthaheenathawaya,රක්තහීනතාවය

නිරක්තය හෙවත් රක්තහීනතාවය (anemia)  ලෙස අප හදුන්වන්නේ රුධිරයේ අවශ්‍යය තරම් හිමොග්ලොබින් (hemoblobin) හෝ රතු රුධිරාණු සෛල නොමැති වීමයි. ඔබගේ ශරීරයේ පැවතිය යුතු හිමොග්ලොබින්(haemoglobin) ප්‍රමානය ඔබගේ වයස හා ලිංගිකත්වය අනුව වෙනස් විය හැකිය. මෙම තත්ත්වය හෘද වස්තුවේ ඇතිවන ප්‍රශ්න දක්වා විවිධ මට්ටමින් අපගේ ශරීරයට බලපැම් කල හැකිය. තවද බොහෝවිට නිරක්තය ජානමය හේතු නිසා ඇතිවන වෙනත් හේතුද බලපැම් කල හැකිය.

නිරක්තය හෙවත් රක්තහීනතාවය යනු කුමක්ද..? (anemia)

මුලින් සදහන් කල පරිදි රක්තහීනතාවය යනු වයසට (age)හා ලිංගිකත්වයට (gender) අනුව අවශය තරම් ඔක්සිජන් පරිවහනය සඳහා අවශ්‍යය හිමොග්ලිබින් නොමැතිවීමයි. ඒ අනුව අපගේ ශරීරයට අවශයය හිමොග්ලොබින් ප්‍රමාණය වයස අනුව වෙනස් වන අතර ස්ත්‍රී පුරුෂ භාවයට අනුවද වෙනස් වේ. සාමන්‍යයෙන් දරුවන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු අගයක පවතින අතර ඉන් පසුව වයස අවු.10 – 12පමණ වන විට එය වැඩිහිටියන්ගේ ප්‍රමාණයට ලගාවේ. එලෙසම පුරුෂයන්ට වඩා අඩු හිමොග්ලොබින් ප්‍රමාණයක් ස්ත්‍රීන්ගේ රුධිරය තුල පවතී.

නිරක්තය සදහා හේතු මොනවාද..?

ඔබ රක්තහීනතාවයෙන් පෙලෙන පුද්ගලයෙකුනම්, පහත හේතු ඒ සඳහා බලපැම් කල හැකිය.
1. ජානමය ප්‍රශ්න(Genetic causes)
2. අධික රුධිර වහනය(Massive blood loss)
3. පෝෂණ ඌනතා(Nutrition defeciency)
4. සමහර ආසාදන(Some inflections)
5. සමහර ඖෂධ වර්ග(Some drugs)

හිමෝ‍ෆිලියාව (Haemophilia)

hemophilia- හිමෝෆීලියාව

හිමෝ‍ෆිලියාව යනු රුධිරය අශ්‍රිතව හමුවන ඉතා වැදගත් රෝගයක් වනුයේ එය බහුලව හමුවන තත්ත්වයක් බැවිනි. මෙය ජානමය හේතුනිසා ඇතිවන අතර මෙම රෝගීන්ගේ රුධිරය කැටිගැසීම පමාවීම නිසා බහුල වශයෙන් රුධිරය වහනය වීම සිදුවේ.

හිමෝ‍ෆිලියාව යනු..? (heamophilia)

මෙය ජාන  හරහා සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයකි(genetically transmitting condition) . මෙයට හේතුවන්නේ රුධිරයේ ඇති සමහර රුධිරය කැටිගැසීමට අවශය සාධක (coagulation factors) හරියාකාරව නිශ්පාදනය නොවීමයි. ඒ අනුව මෙම රෝගීන් තුල රුධිරය බහුල වශයෙන් රුධිරය වහනය (bleeding) වීමේ තත්ත්ව හමුවේ. මෙහි ප්‍රධාන ආකාර 2ක් පවතින අතර ඒවා Haemophilia A, Haemophilia B ලෙස නම් කරයි.

හිමෝ‍ෆිලියාව සම්ප්‍රේෂණය වන්නේ කෙසේද..? (Transmission of hemophilia)

මෙය ජාන මගින් සම්ප්‍රේෂණය වන තත්ත්වයක් වන අතර එහි වාහකයන් ලෙස ක්‍රියා කරනුයේ කාන්තාවන්ය. මන්ද එය අපගේ ලිංගිකත්වය නිර්ණ්ය කරනු ලබන වර්ණදේහ (Chromosome) මත පිහිට ඇති ජානයක් වන බැවිනි. තවද 100% රෝගී තත්ත්වය පිරිමි පාර්ශවය තුල හමුවේ.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]