සන්ධි රෝග

රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid Arthritis)

 

Rheumatoid arthritis රුමැටොයිඩ් ආතරයිටිස්

රැමැටොයිඩ් ආතරයිටිස් (RA) යනු ඉතා බහුල සන්ධි ආශ්‍රිත රෝග (Joint disease) තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. එබැවින් මෙය මේ වන විට වැඩි අවධානයට පත්ත්ව ඇති තත්ත්වයක් වන අතර තවමත් නිශ්චිත හේතුවක් සොයගෙන නැතත් ජානමය කරුණු (genetic factors) මත ඇතිවන තත්ත්වයක් ලෙස පැහැදිලි කරනු ලැබේ. ඉතා බහුල වශයෙන් මෙය අවුරුදු 40ත් 60ත් අතර පුද්ගලයන් අතර බහුල වන අතර වැඩි වශයෙන් කාන්තාවන් තුල දක්නට ලැබෙයි. එය පිරිමින්ට වඩා 3න් ගුනයක් පමණ වේ.

රුමැටොයිඩ ආතරයිටිස් යනු..?

රුමැටොයිඩ් ආතරයිටිස් යනු ශරීරයේ සන්ධි ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහක (Inflammatory) තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය සඳහා විවිද හේතු බලපැ හැකිවුවද ජානමය කරුණු වැඩි වශයෙන් බලපෑම් කරයි.

රුමැටොයිට් ආතරයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද..?

මෙම තත්ත්වයට බහුලව භාජනය වන්නේ අප ශරීරයේ පවතින කුඩා සන්ධි වේ. ඒ අතර අත්වල පළමු ඇඟිලි පුරුක්, වලලු කර, පාදවල ඇඟිලි පුරුක්, වැනි සන්ධි වේ. සමාන්‍යයෙන් ශරීරයේ දකුණු පස හා වම්පස සන්ධි සමානව මෙම තත්ත්වයෙන් බලපැමට ලක්වන අතර උකුල් සන්ධි , අක්ෂිය සැකිල්ලේ සන්ධි, දනහිස වැනි ස්ථාන මෙමගින් බලපැමට ලක්වන්නේ සුලු වශයෙනි.

රිකට්ස් (Rickets)

 

rickets - රිකට්ස්

කුඩා දරුවන් අතර වැටීම්, තැලීම්, තුවාලවීම් බහුලය. එසේ වුවද නිතර ඇතිවන අස්ථි බිදීම් යනු අසාමාන්‍යය තත්ත්වයකි. එවැනි තත්ත්ව අතර රිකට්සියාව යනු තවත් ඉතා වැදගත් තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකිය. බොහෝවිට පෝෂණ ඌනතාවයන් නිසා ඇතිවන මෙය ළදරු වියේ සිට පාසල් දරුවන් දක්වා ඕනෑම දරුවකුගේ දක්නට ලැබිය හැකිය.

රිකට්සියාව යනු..?

රිකට්සියාව යනු කුඩා දරුවන් අතර පවතින අස්ථිවල දුර්වල තත්ත්වයකි. මෙම දුර්වල වීම නිසාම ඔවුන්ගේ අස්ථි පහසුවෙන් නැමීමට හා බිදීමට ලක්වේ. සාමාන්‍යයෙන් අස්ථි වර්ධනය සඳහා ප්‍රමුඛ වශයෙන් බලපාන විටමින් ඩි(Vitamin D) හා කැල්සියම්( Ca2+) වල පවතින ඌනතාවයන් මේ සඳහා බලපායි.

රිකට්වලදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද..?

බොහෝවිට මෙම රෝගයේ ලක්ෂණ දරුවාගේ වයස අනුව වෙනස් විය හැකිය. කෙසේවුවද, කොදුඇට පෙලෙහි විකෘති, දත්වල විකෘති හා ඒවා හට ගැනීම පමා වීම මෙන්ම බර අඩුවීම, මාංශපේශි දුර්වලතා හා වර්ධනයේ දුර්වලතාද පොදුවේ දැකගත හැකිය.

වයසමාස6 – 12 අතර දරුවන්ගේ හිසකබලේ එබෙන සුලු ස්වභාවය, අවුරුදු 1 1/2ට අඩු දරුවන්ගේ දුර්වල ශරීර වර්ධනය, වැඩිමහලු දරුවන්ගේ කකුල් වල ඇතිවන බකල් තත්ත්වය(bowing) වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැකිය.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]