ගබ්සාව ගැන මානුෂිය ඇසින් (Humanity and Abortion)

ගබ්සාව

ප්‍රසිද්ධියේ නොවූවද ශ්‍රී ලංකාව පුර ඉතා විශාල ප්‍රමාණයක් අනවසර ගබ්සා මධ්‍යස්ථාන (illegal abortion centers) පවතින බව අප සියල්ලම දන්නා කරුණකි. කෙසේ වුවද එය තවත් ඉදිරියට යමින් ජංගම ගබ්සා මධ්‍යස්ථාන (mobile abortion centers) ඇතිකිරීම දක්වා අද වනවිට ශ්‍රී ලාංකීය තාක්ෂණය දියුණු වී ඇත. ඒ පිලිබඳ ආසන්නතම සිදුවීම අනාවරණය වූයේ මාතලේ ප්‍රදේශයෙනි. ඒ වූ කලී ත්‍රී වීලර් රථයක් පවත්වාගෙන ගිය ජංගම ගබ්සා මධ්‍යස්ථානයකි. තවදුරටත් සිදුකල පරීක්ෂණ අනුව තවත් මෙවැනි ජංගම මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් රටපුරා ඇතිබව ආනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාව තුල ගබ්සාව පිලිබඳ මානුෂිය ඇසකින් බලන්නට තරම් තත්ත්වයක් උදාවී ඇති සැටියක් පෙනෙන්නට තිබේ. මන්ද මෙවැනි ඉතා විශාල ගබ්සා මධ්‍යස්ථාන ජාලයක් පැවතීම යනු ශ්‍රී ලංකාව තුල ගබ්සාව සඳහා ඉතා විශාල අවශ්‍යතාවක් පැන නැගී ඇති බවය.

අදවන විට පවතින සංඛ්‍යාලේඛන අනුව දිනකට
 ශ්‍රි ලංකාව තුල සිදුවන ගබ්සා ගනන 750- 1000කි “More than 240,000 abortions are done annually in Sri Lanka in contrast to 360,000 births an year. එසේ වුවද මේවාද ආසන්න දත්ත වන අතර තත්ත්වය මීට වඩා ඉතා විශාල වශයෙන් දරුණු වීමට වුවද පුලුවන, මන්ද යත් අදවන තෙක් ශ්‍රී ලංකාව තුල ඇති ගබ්සා මධ්‍යස්ථාන ගණන හරියාකාරව ගණනය කර නැති බැවිනි. එලෙසම ශ්‍රී ලංකාව තුල ගබ්සාව තහනම් බැවින් නීතියට පිටින් සිදුවන ගබ්සා සඳහා ඉතා විශාල මුදලක් අය කරන බැවින් එය අදවන විට හෙරොයින් , මත්පැන් මෙන්ම ලාබදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇති බැවින් එය ඉතා බහුල වශයෙන් සිදුවේ.

වෛද්‍යවරුන්ගේ මානුෂීයත්වය (Humanity of Doctors)

කෙසේ වුවද මෙවැනි ස්ථානවල ගබ්සා සිදුකරන්නේ වෛද්‍යවරුන් විසින්නම් නොවේ. වෛද්‍යවරුන් කියාගන්නා අවම ජාවරම් කරුවන් පිරිසක් විසිනි. ඒ අනුව අසරණ රෝගීන්ට තම ජීවිත් භාර දෙන්නට වන්නේ වෛද්‍ය ශාස්ත්‍රය පිලිබඳ පෙරපාසල් දැනුමක්වත් නැති පිරිසකටය. සමහර විටෙක විටෙක ඔවුන්ගේ පරම පවිත්‍ර චේතනාව වු කලී අසරණ ජීවිතයක් සිය දිවි හානී කර ගැනීමෙන් (suicide) වැලකීම වන්නට පුලුවන. නැතිනම් වෙනත් මානුෂීය හේතුවක් වන්නට පුලුවන, කෙසේ වුවද ඔවුන් සිදුකරන්නේද ජීවිතයක් විනාශ කිරීමකි. ජීවිතයක් ආරක්ෂා කිරීම සඳහා ජීවිතය දීම වු කලී නොදියුණු සංකල්පයක් මිස මානුෂීය සංකල්පයක් නොවේ.

මේවා කරගන්නේ කවුද?

සමහර විටෙක ඔබගේ මතය අනුව තරුණ තරුණියන්ගේ (youth) හදීසිය එසේත් නැත්නම් අධික අශාව නිසා( ඔබගේ වචනයෙන් වල්කම) ඇතිවූ දරුවන් නැතිකිරෙමට මේවා ක්‍රියාත්මක වනවා වන්නට පුලුවන්. එසේ වුවාත් තත්ත්වය සැම විටම එසේනොවේ, මෙවැනි ස්ථාන වලට පැමිනෙන පිරිස් අතර බාල තරුණ මහලු ඔනැම වයසක අය සිටී. තවද විවාහක අවිවාහක ඔනැම වර්ගයක අය සිටී. ඒ අනුව බලන කල සැම විටම මෙයට හේතුව වන්නේ තරුණ තරුණියන්ගේ කලින් සඳහන් කල කරුණ නොවන බව ඔබට පැහැදිලි වනු ඇත. ඒ සඳහා බලපාන බොහෝ කරුණු තියෙන්නට පුලුවන.

හය හතර නොදත් දරුවන්ගේ මානුෂීයත්වය

ලමා අපචාර හා දුෂණ

මුලින්ම කුඩා දරුවන් ගැන සැලකුවහොත් මෙවැනි තැන්වලට ඉද හිට අවුරුදු 15 , 16 වයසේ පසුවන නවයොවුන් වියේ පසුවන දරුවන් එන්නට පුලුවන්. එයට හේතුව දරුවන්ගේ හේතුව වන්නේ බොහෝ විට ඇය තමන්ගේම ඉතා සමීප ඥතියෙකු විසින් අතවරයට (sexual abuse on child)  ලක්වීම හා එය බාහිරට හෙලි වීමට දෙමාපියන් අකමැති වීමයි. හය හතර නොදත් දරුවන් ටම අවශ්‍යතා සඳහ යොදා ගැනීම හා එවා සැගවීම මගින් සිඳුවන මානුෂීයත්වය මා නොදනිමි.

තරුණ තරුණියන්ගෙ මානුෂීයත්වය

දෙවැන්න වූ කලී තරුණ තරුණියන්ය. අද ඊයේ වූ බටහිරකරණයේ ප්‍රතිඵලයක් ලෙස තරුණ තරුණියන් ඇති හැකි අයුරින් තම හිරි ඔත්තප්ප බිද ගැනීම සිදුකරයි. එය වරදක් යැයි පැවසිය නොහැකිය මන්ද මෙය ඔවුනට සොභාදහම මගින් ඒ සඳහා ලබාදී ඇති කාලයයි. එසේ නමුදු එහිදී ඇතිවන ප්‍රතිඵල භාරගැනීම වෙනුවට පොලවට දන්දීම කොතරම් මානුෂීයදැයි නොදනිමි.

විවාහක කාන්තාවන්ගේ මානුෂීයත්වය

අවසන් වශයෙන් මේ අතර විවාහක කාන්තාවන්ද මැදිවියේ පසුවාන කාන්තාවන්ද වේ. මොවුන් මෙතැනට පැමිනෙන හේතු ගණනවක් පැවතිය හැකි වුවද සරලම කරුණ නම් ආර්ථික අපහසුතා (Socio- economic problems) සහ දරුවකු සඳහා අවශ්‍යතාවයක් නොතිබීමයි. මෙය වූ කලී මානුෂීයත්වයේ වෙනත් පැතිකඩක් වුවද එහි ඇති මානුෂීයත්වයද මාගේ කුඩා මස්තිෂ්කයට ගැටලු සහගතය.

ඔබ මානුෂීය නම් …?

මේ සියල්ල සලකා බැලීමෙන් පසුව මේ සියල්ලටම මානුෂීයයැයි පිලිගත හැකි විසදුමක් දෙන්නට සිතුනි. එනම් ප්‍රමාණවත් අධ්‍යාපනයයි. මාගේ මතකයේ හැටියට අප රට දකුණු ආසියාවේ පමනක් නොව ලෝකය පුරා සාක්ෂරතාවයෙන් ඉහලින්ම ඉන්න රටවල් අතර සිටි. එසේ වුවද අප ජනතාවගේ ලිංගික දෙනුම සීමවෙන්නේ සංසර්ඝය ගැන පමණි. එතෙනට කලින් සිදුවිය යුතු බොහෝ දේ ඔවුන් නොදනී. මා මෙසේ පවසන්නේ වෙනකක් නිසා නොව එවැනි උදාහරණ ඕනැතරම් පවතින බැවිනි.

අද වන විට මවු පියන් දරුවන්ට ලිංගික අධයාපනයක්  (sexual education) දෙනට මැලි වන්නේ ඔවුන් හෙට ගොස් ලිංගික කටයුතු වල යෙදේදැයි සිතාදයි නොදනිමි. කෙසේ වුවද ඒ සඳහා මවුපියන්ගේ තිබෙන අඩු දැනුම් ප්‍රමාණයද හේතු වන්නට පුලුවන. සැබැවින්ම කතා කලහොත් එවැනි දැනුමක් ඇති දරුවන්ට සමාජය තුල ‍රැකෙන්නා පුලුවන. මන්ද එවැනි අධ්‍යාපයක් තිබුනානම් මෙවැනි දේ දැනගන්නට පෙර ඔවුන් ඒවාට ගොදුරු නොවන්නට තිබුණි. එලෙසම තරුණ කාලයේ මෙවැනි අවස්ථා වලට යොමු වන්නට කලින් දෙවරක් සිතන්නට ඔවුන් උත්සහ කරණු ඇත. වැඩිහිටියන්ටද එය අදාලා. උදාහරණයක් ලෙස ඔබ ලිංගිකව එක් වන්නේ නම් ඔබ ඔනැම මොහොතක ගැබ් ගන්නට පුලුවන. එය දැන සිටියානම් අවම වශයෙන් පවුල් සැලසුම් ක්‍රමයකට යොමු වන්නටවත් ඔවුන් සැලකිලිමත් වනු ඇත.

ලංකීය ශාරීරිඅක අධ්‍යාපනය විශය නිර්දේෂය තුල ඉතා කුඩා කොටසක් හෝ ලිංගික අධ්‍යාඅනයට යොමු කර තිබීම සතු‍ටු දායකය. තත්ත්වය එසේ වුවද සමහර පාසල් වල මෙවැනි දේ දරුවන්ට කියා දෙන්නට මැලිවීම ගැටලු සහගතය. මන්ද යත් නිවසින් නොලැබෙන අධ්‍යාපය ඔවුන් ලබා ගන්නට බලාපොරොත්තු වන්නේ ගුරුවරුන්ගෙන්ය. ඔවුන්ද එවා කියා නොදෙයිනම් මීලගට දරුවන් අතරමන් වීම සාධාරණය .

well - baby

එබැවින් අප ගබ්සාව ගැන මානුෂීයව සිතයිනම් , දරුවන්ට ඉතා හොද ලිංගික අධ්‍යාපනයක් ලබා දීමටද මානුෂීය වනු ඇත.

ලොකේ පිරෙන්න යකඩ තිබුනත් අපි තවම යකඩ ඌනතාවයෙන්

iron deficiency

පසුගිය සතිය සෞඛ්‍ය කැලැන්ඩරයට විශේෂ වුයේ එය ලෝක පෝෂණ සතිය වු බැවිනි. ඒ අනුව ශ්‍රී ලංකාව තුල ප්‍රධාන අවධානය යොමු වු කරුණ වුයේ නිරක්තය හෙවත් රක්තහීනතාවයයි (anemia) . මෙයිනුත් යකඩ ඌනතාවය Iron deficiency) නිසා ඇතිවන් රක්තහීනතා තත්ත්වය ගැන වැඩි අවධානය යොමු කිරීමේ අරමුණෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක විය.

මෙයට හේතු වු කරුණු ගණනාවක් පවතින්නට ඇත කෙසේ වුවද යකඩ ඌනතාවය බහුල වීමත් එය පහසුවෙන් පි‍ටුදැකිය හැකි වීමත් මෙයට හේතු වන්නට ඇතැයි සිතමි. උදාහරණයක් වශයෙන් අවුරුද්දට අඩු දරුවන්ගෙන් (Infants)1/5ක්ද පාසල් ගමන අරඹන දරුවන්ගෙන් (pre school children) 1/3ක්ද යකඩ ඌනතාවය නිසා ඇතිවන නිරක්තය තත්ත්වට ගොදුරු වී ඇතිබව සෞඛ්‍ය වාර්තා වලට අනුව සඳහන් වේ.

යකඩ ගැන මෙතරම් කතා ඇයි? (Imprtnace of Iron)

යකඩ එසේත් නැතිනම් Fe (Iron) අප අහර වලට අඩංගු වියයුතු අත්‍යාවශ්‍යය මුලද්‍රව්‍යය කිහිපයෙන් එකකි. මෙහි කාර්යයන් ගණනාවක් පැවතුනද වඩාත් වැදගත් කාර්යය වනුයේ රුධිරයේ පවතින රතු සෛල (Red cells) නිපදවීමට අවශ්‍ය හිමොග්ලොබීන් (haemoglobin/ Hb) නම් සංඝටකය නිපදවීම සඳහා යකඩ වල දායකත්වයයි.

Continue reading

ඇසෙන් ඇදි සිත්තමක වෛද්‍යවිද්‍යත්මක පැහැදිලි කිරීම

eye health

අද උදැසන රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර මා හට දකින්නට ලැබුණු අසිරිමත් පුවතක් විය. එය ඔබ මෙන්ම මාද කිසි දිනක නොසිතුවකි. එනම් ඇසෙන් චිත්‍ර ඇදීමය.ඇසු පමණින් මදක් විශ්මය ජනක මෙන්ම මදක් මෝඩ කතාවක් යැයි මට මොහොතකට සිතුණ නමුදු මා මොහොතකට රුපවාහිනිය දෙස දැස යොමා බලා සිටියෙමි.

මෙහි දර්ශනය මදක් ශෝකී ජනක එකක් සේ හැගුනද නාසයට ඇද ගන්නා වර්ණකයක් ඇස මගින් පිටතට වැටීමට සැලැස්වීම මගින් මෙම චිත්‍ර නිර්මාණය කරනු ලැබිනි. ඒ අනුව එය ඉතා තාත්වික මෙන්ම මදක් විශමය ජනක දෙයක් සේ හැගී ගියේ වෙනකක් නිසා නොව ශරීරයේ අවයව වල පිහිටීම ඉතා හොදින් දන්නා මම වැනි අයෙකුට නොහැගුන යමක් මෙවන් පුදගලයෙකුට හැගුනේ කෙසේද යන්නයි. ඉතින් ඔබ වෛද්‍යවිද්‍යාවට අදාල දේ යම් තාක් දුරකට හෝ අධ්‍යයනය කර නොමැතිනම් එය එක් වර සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

Continue reading

තොටිලි වැටෙන් පනින පුතා..

child health in sinhala

කාලෙකට පස්සේ ඔන්න ඉරිදා දවසක් නිදහසේ ගෙවන්න ලැබුනා. ඔන්න ක්‍රීඩා පිටිය පැත්තේ එහෙමත් ගිහින් ඇවිදින් සින්දුවකට හිත යොමු කරන්න කියලා හිතුවා. ඒ අතර අහම්බෙන වගේ මගේ සවනට වැ‍ටුන සුපුරුදු ගීතයකි.

“තොටිල්ලෙහී වැටෙන් එහා- තවවැටවල් ගොඩක් ඇතේ

තොටිලි වැටෙන් පනින පුතා- ඒ වැටවල් බිඳිනු ලැබේ ”

මා මේ ගීතය අසන්නේ මා ඉතා කුඩා කාලයේ සිටය. කෙසේ නමුදු වෙනද නොවු කල්පනා දහැනකට යොමු කරන්නට එය සමත් විය. ඔබ මවක් හෝ පියෙක්නම් ඔබගේ දරුවා ගැන ඔබගේ ප්‍රාර්ථනය වනුයේ අනාගතයේ ඔබටත් පවුලටත් ගෞරවක් වන පුද්ගලයෙක් වීමයි. බොහෝ දෙනාගේ ප්‍රාර්ථනය වෛද්‍යවරයෙකු(doctor), ඉංජිනේරුවකු (Engineer) , නීතිඥයෙකු(Lawyer) , එසේත් නැත්නම් විධායක ශ්‍රේණියේ(Executive) ‍රැකියාවක් කරන දරුවකු වනු දැකීමයි. තවත් සුලු පිරිසකගේ පැතුම වන්නේ ඔහු හෝ ඇය ක්‍රීඩකයෙකු(Sportsman) හෝ සංගීතඥයෙකු(Musician) වනු දැකීමයි. ඉද හිට වෙනත් විවිධ වු බලාපොරොත්තු සහිත මවුපිය වරුන්ද මට හමුවී ඇත.

Continue reading

ගෙදර බත ඉදෙන්නේ නැතිද..? (importance of food preparation at home)

කාලෙකට පස්සේ ඔන්න අයෙත් වැදගත් වෙවි කියල හිතෙන දෙයක් ලියනන් හිතුනා. පහුගිය දින ටිකේ ෆොරම් එකෙයි, හෝම් පේජ් එකෙයි වෙච්ච පොඩි පොඩි ප්‍රශ්න ටිකකුයි වැඩවල කාර්යය බහුලත්වය හින්දයි ලියනන් ටිකක් වෙලාවක් හොය ගන්න බැරි උනා. කොහොම උනත් කාර්යය බහුලත්වය ගැන මතක් කරද්දිම ඒ ගැන ටිකක් කතා කරලා ඉන්න කියල හිතුවා. අපි ඇත්තෙන්ම බොහෝ විට කාර්යය බහුල වන්නේ ඇයි කියල හිතුවොත් ඒ ප්‍රධාන වශයෙන්ම අපගේ ‍රැකියාව නිසාවෙන් ඒ අතරට ඔබ විවාහකනම් දරුවන් වෙනුවෙන් සිදු කලයුතු යුතුකමුත් එයට එකතු වීම සාමන්‍යය දෙයක් කොහොම වුවත් කාර්යය බහුලත්වය තුල ඔබගේ පවුලේ ක්‍රියා කාරීත්වය ඇනහිටිනවානම් ඔබේ ‍රැකියාව ගැන නැවත වරක් සිතනන්ට සිදුවෙනවා නේද..? මොකද කීවොත් අවසන් වශයෙන් අපගේ සියලුම දේවල අවසන් ප්‍රතිඵලය විය යුත්තේ පවුලේ දියුණුව බැවිනි.
child and food
පුන්චිම දරුවෙක්ගේ කතාවකින් ඔන්න මම වෙනදා වගේම කතාව පටන් ගන්නම්. මගේ වැඩකටයුතු සිදුකරමින් හිටිය අතර හමුවු දරුවෙක් සිටියා, වයස අවුරුදු 3ක් පමණ වන මෙම දරුවා පැමිණ සිටියේ ස්වසන මාර්ගය ආශ්‍රිතව ඇටිවු ආසාදන තත්ත්වයක් හේතුවෙන්. ඉතින් මෙම තත්ත්වයට ප්‍රතිකාර කරමින් සිටින අතරතුරදී සාමාන්‍ය පරිදි වර්ධක සටහන පරික්ෂා කිරීමටත් අප අමතකකලේ නැහැ.

Continue reading

ප්‍රතිජීවක ගන්නේ පරිස්සමින් – භයානකයි. (Risk of improper antibiotic usage)

antibiotic abuse, ප්‍රතිජීවක

මා කලකට පෙර ආරම්භ කල වෛද්‍ය උපකාරක සේවය මේ වනවිට බොහෝ සෙයින් සාර්ථක වී ඇති බව මා හට ලැබෙන ඊ මේල් ලිපි (E mail)  හා ප්‍රශ්න වලට අවධානය යොමු කිරීමේදී පැහැදිලි වී ඇත. එලෙස ලැබෙන ප්‍රශ්න අතර ප්‍රතිජීවක (antibiotics) ගැනද නිතර අවධානය යොමුකිරීමට සිදුවුයේ එයද අදවන විට ජනතාවට එතරම් සමීප මාතෘකාවක් වන බැවිනි.

ඖෂධහල් වල දායකත්වය (effects of pharmacist on drug resistance)

මාගේ මතකය දිවගියේ මීට මාස කිහිපයකට පෙර දිනකටය. වෙනදා අනෙක් අයගේ ලෙඩ වෙනුවෙන් ප්‍රතිකාර සොයන මා හට කාලයකට පසු මාගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සෙවීමට යොමුවීමට සිදුවුනි. ඒ එතරම්ම දරුණු වූ නිසාය. කෙසේ වුවද අවශ්‍ය ප්‍රතිකාර නියම කරවා ගත් මා පාමසිය (pharmacy) වෙත ඇදුනේ රෝහල් පාමසිය තුල නොමැති වූ ප්‍රතිජීවකයක් ලබා ගැනීමටය. අවශ්‍ය ප්‍රතිකාර ලබාගත් මා හට පාමසි හිමියා විසින් ලබාදුන් උපදෙස් ඉතා වටිනා ඒවා විය. එනම්, මා රෝහලෙන් ලබා ගත් ප්‍රතිජීවකය බාල එකක් බවත් ඔහු සතුව පවතින එක ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු එකක් බවත්ය. ඊට අමතරව ඔහු දුන් උපදෙස වුයේ එම ඖෂධයෙන් පෙතිදෙකක් ලබාගෙන බලන ලෙසය.

මෙය හැමදා ඔබ මුහුණ දෙන තත්ත්වය වන්නට පුලුවන මන්ද මාගේ අත්දැකීම අනුව සමහර රෝගීන කෙලින්ම බෙහෙත් ගන්නට යන්නේ වෛද්‍යවරයෙකු වෙත නොව ඖෂධහල් හිමියෙකු(pharmacist) වෙතය. ඔවුන් බොහොමයකටද ලැබෙන උපදෙස් මේයට සමාන ඒවාම විය යුතුය. ඖෂධයේ ප්‍රමිතිය යනු ඉතා විශාල සාධක සංඛයාවක් මත තීරනය වන කරුණකි. එය මිල මගින් පමනක් තීරණය නොවේ. ඒ කෙසේ වුවද මගේ අවධානය යොමුවන්නේ ප්‍රතිජීවක භාවිතයේදී එය භාවිත කල යුතු ආකාරය වෙනුවෙනි. මන්ද මා සඳහන් කල පලමු ඖෂධය පිටිපිට දින 3හෝ 4ක් ක්‍රමාණුකුකව භාවිතා කල යුතුය. එය එහි ප්‍රමිතියෙන් ස්වායක්ත වනුයේ අදාල ගනනය කිරීම් සිදුකර ඇත්තේ නිසි ප්‍රමිතිය සහිත ඖෂධ සඳහා වීම හේතුවෙනි.

 

ඔබත් මෙයට වගකිව යුතුයි නේද..? (Effects of patients on drug resistance)

මීලග කරුණ රෝගීන් සම්බන්ධවය, එනම් අප නිතර ඇතිවන උණක් කැස්සක් එසේත් නැතිනම් බඩේ අමාරුවක් වැනි තත්ත්වයක් සඳහා වෛද්‍යවරයෙකු හමුවීමට යයි. එහිදී වෛදයවරයා විසින් ප්‍රතිජීවකයක් නොදුන්නහොත් රෝගීන්ගේ මුහුනු මැලවී යයි. මෙයට හේතු වන්නේ රෝගීන්ගේ නොදැනුවත්කමය. අද වන විට අප සියලුම දෙනා දන්නා ඖෂධයක් ලෙස ඇමොක්සිලීන් (amoxicillin) නම් ඖෂධය සඳහන් කල හැකිය. නමුත් අද වන විට මෙම ඖෂධය විෂබීජ වලට එරෙහිව දක්වන ප්‍රතිචාර ඉතාම අඩුවී ඇත. මෙයට වගකිව යුත්තේ කවුරුද .? ඔබ ඔබගෙන්ම විමසා බලන්න.

antibiotic resistance
අනෙක් ඉතාම දුක්ඛ දායක කරුණ වන්නේ වෛද්‍යවරුන් ලෙස රගදක්වන සමහර පුදගලයන් හා නිසිපුහුනුවක් නොලද සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් විසින් සිදුකරන වැරදි ඖෂධ භාවිතයයි. මෙහි අවසන් අරමුණ ඉක්මන් සුවය හා ආර්ථික වාසිය වුවද සමාජයක් ලෙස අප ලබන අයහපත් ප්‍රතිඵලද බහුලය.

ප්‍රතිජීවකවල නිවැරදි භාවිතය කුමක්ද..? (Correct use of antibiotics)

ඉතා සරලවම ගත්හොත් ප්‍රතිජීවක යනු බැක්ටීරිය ආශ්‍රිතව වැලදුනු රෝග තත්ත්ව සඳහා නියම කරනු ලබන ඖෂධ වර්ගයකි. එසේත් නැතිනම් ඒවාගෙන් වැලකීමට යොදා ගන්න ඖෂධ වර්ගයකි. ඒ අනුව අවශ්‍යතාවය අනුව හා රෝගය අනුව ගතයුතු මාත්‍රාව හා දින ගණන වෙනස් වුවද, නිසි මත්‍රාව නිසි දින ගණන තුල නොගැනීම නිසා ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධයක් (antibiotic resistance) ඇතිවීමේ සම්භාවිතාවක් ඇත. මේ වන විටද ඇමොක්සිලීන් වැනි ඖෂධ සඳහා එම තත්ත්වය අත්වී ඇත.

වැරදි භාවිතය නිසා ඇතිවන් අප්‍රතිඵල මොනවාද..? (Incorrect usage of antibiotics)

මෙහිදී වැරදි ප්‍රතිකාර යන්න සරලවම සඳහන් කලහොත් නිසි ප්‍රතිජීවක වර්ගය නිසි මාත්‍රවට අනුව නිසි දින ගනනක් භාවිතා කල යුතුය යන්නයි. මුලින් සඳහ කල ආකාරයට සුදුසුකම් නොලද පුද්ගලයන්ගෙන් ලබා ගැනීම, නිසි දින ගනන ලබා නොගැනීම

ද මෙයට ඇතුලත් විය යුතුය.

මේ නිසා ඇතිවන ඔබට මෙන්ම සමාජයටද ඇතිවන අහිතකර බලපෑම ඉතා විශාලය. මන්දයත් පරිසරය තුල පවතින අහිතකර බැක්ටීරියා වර්ග ක්‍රමයෙන් විවිධ ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී ක්‍රියාදාම ඇතිකරගෙන තිබීමයි. මෙහි අහිතකර ප්‍රතිඵලය වනුයේ අසාධ්‍යය රෝගීයෙකුට වුවද භාවිත කිරීමට ඖෂධ නොමැතිවීමයි.

මේ සඳහා ප්‍රතිපත්තිමය විසදුමක් අවශ්‍යද..? (Do we need heath policies)

සැබැවින්ම මේ වන විට මෙය සමාජය තුල කතා බහට ලක්වන කරෞණක් බවට පත්ව ඇත. එලෙසම යම් ආකාරයක ප්‍රතිපත්ති ගොඩනැගී තිබුනද තව දුරටත් ඒවා දියුණු කල හැකි බව පැහැදිලිය.

ෆේස්බුක් භීතිකාව(Fear of Facebook ) හා මනසික සංවර්ධනයේ අවශ්‍යතව….

facebook
උපුට ගැනීමකි – පින්තූරයේ අයිතිය මුල් නිර්මාණකරු සතුවේ

කැම්පස් එන්නට කලින්නම් හැමදාම ප්‍රවෘත්ති (news) හා පුවත් පත් (news papers) බලන මා , විශ්ව විද්‍යාල ජීවිතය තුලදී පුවත්පත් බැලීම පුරුද්දක් කර ගත් නමුත් ප්‍රවෘත්ති නැරබු වාර ගනන අතේ ඇගිලි වලින් ගනන් කිරීමට හැකි තරම් කුඩාය. එයට හේතු ගණනාවක් පැවතිය හැකිමුත් ප්‍රධානතම හේතුව වුයේ සත්‍යය පුවත් වාර්තාකරනයක් වෙනුවට වෙන එන කාර්යය භාර ඉ‍ටුකිරීමට මාධ්‍ය යොමුවීමයි. දෙවැන්න ලෙස මාගේ කාර්යය බහුල බවත් ඊලග කරුණ ලෙස අවශ්‍යතරම් අන්තර්ජාල පහසුකම් (adequate internet facilities) පැවතීම නිසා පුවත්පත් වල අන්තර්ජාලීය වෙලුම් වෙත යොමු වන්නට ඉඩ ලැබීමත්ය. ඒ කෙසේ වුවද දින කිහිපයකට පෙර අතිගරු ජනාධිපතිතුමා විසින් කරනු ලැබු කතාවකට අහුන්කම් දීමට ලැබුනේ අහම්බෙනි. අය සම්පූර්ණයෙන්ම ෆේස්බුක් (facebook) අතුගා දැමිය යුතුය යන මතයේ සිට කල එකක් බව පමනක් මා හට දක්නට ලැබුනේ ඒ පිලිබඳ මා හට අවධානය යොමු කරන්නට වේලාවක් නොමැති නිසාය.

ඒ සමගම ශ්‍රි ලාංකීය ෆේස්බුක් රසිකයන් අතර ෆේස්බුක් තහනම් ( censorship of Facebook in Sri Lanka) කිරීම නම්වූ භීතිකාව පැතිර ගොස් ඇතිබව වැටහුනේ එහෙන් මෙහෙන් දක්නට ලැබුනු බ්ලොග් ලිපි හා ෆේස්බුක් ශෙයා වලිනි. එයට සමීපතම සිදුවීම කුමක්දැයි නොදන්නා නමුත් මුලික කරුණ ළමුන්ගේ ආරක්ෂාව (protection of children) බව පැහැදිලි කර ඇති බව පෙනේ. මන්දයත් සමහර පුදගලයන් විසින් ලමා අපචාර සිදුකිරීමේ ක්‍රමෝපායක ලෙස ෆේස් බුක් පාවිච්චි කරන බැවිනි. සැබැවින්ම ලාංකීය ළමා පරපුර ආරක්ෂා කිරීම අපසතු වගකීමක් වන්නේ වෙනකක් නිසා නොව පැහැදිලිවම ඔවුන් අපගේ අනාගතය වන නිසාවෙනි. එසේනම් පාලකයන් ඉතා වැදගත් ගමනක් ආරම්භ කර ඇති බව පැහැදිලිය. ඒ පිලිබද අවධානය යොමු කිරීමද සතුටට කරුණකි.

ෆේස්බුක් මෙතෙක් කතාව (history of Facebook)

මා ෆේස්බුක් නම් සමාජ ජාලයේ සමාජිකයෙක් වුයේ එය ආරම්භ වී ඉතා කෙටිකලක ඇතුලතය. ඒ සමයේදී ෆේස්බුක් යනු එතරම් ශ්‍රි ලන්කාව තුල ප්‍රසිද්ධ වැඩසටහනක් නොවු ලෙසම එය පාවිච්චි කල ප්‍රමානයද සීමිතය. ඒ සමගම එය කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිනි අතර ඒ සමග ඔවුන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ පෞද්ගලිකත්වය (privacy) සු‍රැකීම නම්වු ක්‍රියාවලිය දෙසටය. ඒ සඳහා ඉතා විශාල බරක් යොමු කර ඇති ඔවුන් දිනෙන් දින නව කොන්දේසි ඇතුලත් කරමින් එය දියුනු කරනු (development of privacy policies) ලබන බවක් නම් පෙනේ. ඒ කෙසේ වුවද ෆේස්බුක් තුල තවමත් ව්‍යාජ ගිනුම් සෑදීම (fack profiles) , අපචාර , මඩ ප්‍රචාර වැනි බොහේදේ පවතී. එයට හේතුවන්නේ එවැනි දේ කොතරම් උත්සහ කලද සම්පූර්ණයෙන්ම නතර කර දැමිය නොහැකි බැවිනි. මන්දයත් සැම නව හදුන්වාදීමක්ම අභිබවා යන්නට නව ක්‍රමොපායන් සැකසීමට දක්ෂයන් ඒ අතර වන බැවිනි.

 

තත්ත්වය කෙසේ වුවද මේ වනවිට රටවල් 3ක් ෆේබුක් තහනම් කර ඇත. ඒ අතර චීනය (china), ඉරානය (Iran) හා සිරියාවය (syria) . ඉරානය ගැන හරි හැටි නොදන්නා මා චීනය හා සිරියාව ගැන්නම් යම් පමනකට දනිමි. ඒ අනුව චීනය ෆේස්බුක් තහනමට හේතුලෙස දක්වන්නේ සටන්කාමීන් විසින් එය තම ප්‍රචාරක මාධ්‍යක් ලෙස යොදා ගැනීමයි. ඒ අනුව ශ්‍රි ලන්කාවට එය ගැටලුවක් නොවන්නේ මේ වන විට ත්‍රස්තවාදයෙන් තොර රටක ජීවත් වන්නට ලැබී ඇති බැවිනි. දෙවැන්න ලෙස සිරියාව ගැන සටහන් කලහොත් එහි දේශපාලකයන්ට විරුද්ධ මඩ ප්‍රහාර සඳහා ෆේස්බුක් යොදගෙන ඇත. ඒ අනුව එය ශ්‍රි ලංකාවටද ඉදිරියට විශාල ගැටලුවක් වනු ඇත. මන්දයත් දුෂණය වැඩි වත්ම ඒ සඳහා ඇතිවන මඩ ප්‍රහාරද වැඩි වන බැවිනි. බොහෝ විට තරුණ පරපුර තුල දේශපාලකයන් වෙනුවෙන් ඇතිවු කලු පැල්ලම් සඳහා ෆේස් බුකියද වගකිව යුතුව ඇත. ඒ ඉතා වේගයෙන් ඕප දූප ප්‍රවාහන මාධ්‍යක් ලෙස ෆේස්බුක් යොදාගත හැකිවීමයි. කෙසේ වුවද මෙයද ශ්‍රි ලංකාවට අදාල නොවන්නේ අපගේ චේතනාව දරුවන් ආරක්ෂා කිරීම නිසාය.

වැඩිහිටියන්ට පමනයි අඩවි වල තහනම (Banding of adult only sites)

කලකට පෙර අප “වැඩිහිටියන්ට පමනයි” ලෙස සඳහ අඩවි විශාල ප්‍රමාණයක් තහනම් කලෙමු. ඒ අනුව ලොව ප්‍රකට වැඩිහිටි අඩවි (porn sites)බොහොමයක් ශ්‍රි ලංකාවේ සිට නැරබිය නොහැක. එසේ නමුත් එය එසේමයි කිව නොහැක. මන්ද එවැනි අඩවි ඕනැතරම් පරිශීලනය කරනු ලබන පුද්ගලයන් ලිපිකරු දැක ඇති බැවිනි. සමහර විටෙක වැඩිහිටියන්ද මේවා පරිශිලනය කරනට ඇති නමුත් මෙම තහනමෙන් පසු ඒවා පවිච්චි කරන්නේ වැඩ දන්නා තරුණ හා නව යොවුන් පිරිස පමනි. තවද ගිය වසරේද ශ්‍රි ලංකාව සෙක්ස් සර්ච් කර එක වුයේ මේ නිසා වෙන්නට ඇත.

 

a_girl_in_london_looks_at_a_page_on_facebook_studi_7114602314

වැඩිහිටියන්ට පමනයි අඩවි වලට විරුදධව ඇතිවු ගැටලුව විසඳු පිරිස ෆේස් බුක් අභියෝගයද ජය ගන්නට සූදානම්ය. ඒවාට විවිධ විසඳුම් දැන් අන්තර් ජාලයෙන් දැක බලා ගත හැක්කේ ඉදිරියේ එන ගැටලුවට මුහුණ දීම

ට තරුණ පරපුර අවි අමෝරාගෙන සිටින අතර ඒවා පවිච්චියට අනෙක් අයටද උපදෙස් දීමට කටයුතු කරන හෙයිනි.

Facebok  තහනම් කල හැකිද..?

එය නොහැක්කක් ලෙස සඳහන් නොකරන නමුදු ඒ තුල ශ්‍රි ලංකීය ජනතාව ලෝක ප්‍රජාවෙන් වෙන්වීම වැලැක්විය නොහැක. මන්ද වෙනත් රටවල පුද්ගලයන් හා සම්බන්ධ වීමට දැන් ඇති පහසුම හා ඉතාම ව්‍යාප්ත වු මාධ්‍යය වන්නේ ෆේස්බුක් බැවිනි. චීනයට ෆේස්බුක් නොමැතිව කටයුතු කල හැකි වුවද ලංකාවට එය එතරම් පහසු නොවේ.

රටේ වැඩිහිටි ජනතාවට ෆේස්බුක් පිලිබඳ මවා ඇති රූපය භූතයෙකුගේ වුවද ඇලඩින් භුතයාගෙන වැඩ ගත් හැටි හා ඔහු අහිමි වීමෙන් වෙන්නට ගිය ගැටලු වලින් 99 බේරුනු හැටි අප අමතක නොකල යුතුය.

විසඳුම් මොනවාද..?

ලංකාව සෙක්ස් වලින් එක වුනේ ඇයිදැයි අප කතා කලෙමු. එහිදීද ඒ සඳහා හේතු විය හැකි කරුනු කිහිපයක් පිලිබඳ අදහස් දැක්වු මා මෙන්ම ඒ පිලිබද අදහස් එකතු කල පාඨක ඔබගෙන්, අප ඉතා වටිනා සාකච්ඡාවක් නිර්මාණය කලෙමු. ඒ අනුව එවැනිම සාකච්ඡාවක් ඇති කිරීමට කාලය ලෙස මෙය දැක්විය හැකිය. එබැවින් ඔබේ වටිනා අදහස් එක්කරන මෙන් ඉල්ල සිටිමි.

කෙසේ වුවද මා දක්නා අඩුපාඩු කිහිපයක් වේ. ඒ අතර ප්‍රධානම කරුණ වන්නේ අප තවමත් දරුවන්ට පොත හැරෙන්නට සමාජයට යොමුවීමට ඉඩ කඩ සලසා නැතිවීමයි. සාමාන්‍යයෙන් පිරිමි දරුවෙකු හට අවුරුදු 16ක් පමණ වන විටත් ගැහැනු දරුවන්ට 14ක් පමණ වන විටත් අනෙක් පාර්ශවය පිලිබඳ ඇල්මක් ඇතිවීම ආර්ම්භවේ. ඒ වන විට කිසිදු අවබෝධයක් නැති දරුවා ‍රැල්ලට හසුවී ගසගෙන යාම නොවැලැක්විය හැකිය. මම මෙයට ප්‍රධානම හේතුව ලෙස දකින්නේ තවමත් ශ්‍රි ලංකාව තුල පවතින පිරිමි හා කාන්තා පාසල් ක්‍රමයයි. එහි ආරම්භය හරි හැටි නොදන්න නමුත් එහි අවසානය ප්‍රතිවිරුද්ධ ලිංගයේ දරුවන් පිලිබඳ අවබෝදයක් නොමැති පුස් මිනිසුන් පිරිසක් බිහිවීමයි. මා මෙසේ පවසන්නේ මෙම ආකාර දෙකේම දරුවන් අනෙක් පාර්ශවය සමග සම්බඳතා පවත්වන ආකාරය මා දැක ඇති නිසාය.
දෙවැන්න ලෙස දරුවන් මා පිය අවදානයෙන් මිදීම දැක්විය හැකිය. දශකයකට දෙකකට පෙර අප සතුව විස්තෘත පවුල නම් සංකල්පයක් පැවතුනි. එය අද වන විට නොමැති වීමෙන් දරුවන් පිලිබඳ අවදානය අඩුවීමක් දැකිය හැකිය. තවද මා පියන් සැම විටම තමන්ගේ ‍රැකියාව පලමු කොට සු‍රැකීම තුල මේ ගැටලුව තව තවත් උග්‍ර වී ඇත.

stop facebook in sri lanka
දිවිනසා ගැනීම් පිලිබඳ මනෝ වෛද්‍ය අදහස්

අමතක කල නොහැකි තවත් ඉතාම වැදගත් කරුණ නම් දැනට ශ්‍රි ලංකාව තුල නිර්මාණය වෙමින් පවතින සමාජ ‍රැල්ලයි. කාර් රෙස්, බීච් පාර්ට් මේවාට යන්නේ වයස 60 -70 පුද්ලයන් නොව නව යොවුන් දරුවන් හා තරුණයන් බව ඉතා ප්‍රසිද්ධ රහසකි. ඉතින් මෙවැනි සංස්කෘතියක් තුල ෆේස් බුකියද ඒ දෙසටම යොමුවීම නොවැලක්විය හැකිය.

තවත් විසදුම් ටිකක්… (what else ..?)

සැබැවින්ම අප විසින් ෆේස්බුක් නවතනවාට වඩා කිරීමට බොහෝ දේ ඇතිබව ඔබට පැහැදිලි වන්නට ඇත. මීලගට කල යුතු වැදගත් කරුණක් ඇත. එනම් ෆේස්බුක් පාවිච්චි කිරීමට වයස මට්ටමක් නිර්ණය කර ඒ අනුව කටයුතු කිරීම්ට ආයතනයට උපදෙස් දීමයි. මෙය වඩා ක්‍රමවත් හා සාර්ථක වන්නේ වෙනකක් නිසා නොව ඒ තුල දරුවන් ආරක්ෂා කිරීම නම් කරුණ ඉතා පැහැදිලිව ඉ‍ටුවන බැවිනි. තව දුරටත් ඉදිරියට ගොස් අවශ්‍යනම් ඕස්ට්‍රේලියාව මෙන් දරුවන්ගේ ගිණුම් ඇරබීම හා පවත්වාගෙන යාම සඳහා දෙමාපිය අධීක්ෂණය ලබා ගැනීම මීටත් වඩා සාර්ථක වන බව පැහැදිලිය.
කරන්නට තව බොහෝ දේ ඇත. එබැවින් ඒවා උත්සහ කර බැලීම මෙය කියවන දෙමාපිය , වැඩිහිටි සියල්ලගේම වගකීමය

 “සතර දෙසින් ගලා එන නව සුලගට ඔබගේ කවුලු විවර කරන්න, නමුත් එයට ඔබේ නිවසේ බඩු භාණ්ඩ ගසාගෙන යන්නට ඉඩ නොදෙන්න”

සිතට කඳුලු දැව‍ටුනු මොහොතක් ( A movement of emotionally impressed)

confident_smile

ඉතා කාර්යය බහුල මසක් ගෙවී යමින් පැවතුනි. සෙනසුරදාවක් ඉරිදාවක් කියා කිසිදු නිවාඩුවක් නැති යම්තරමක විඩාවක් එක් කිරීම් නිසාම ඒ පිලිබඳ මගේ තිබු ඇල්ම යම් ආකාරයකින් අඩුවී ගොස් තිබුනි. දුරුතු පොහෝ දින (Duruthu Full moon poya Day ) උදාවෙමින් තිබින. වෙනදාට මද නිදහසක් ලබා ගැනීමට බලා සිටිනා මා මෙම දුරුතු පොහොය උදාවනතෙක් බලා සිටියේ වෙනකක් නිසා නොව මගේ නිවසට වාර්ෂිකව යෙදෙන පොහෝ දින දානය (Annual Dana Pinkama) එදිනට යෙදෙන බැවිනි. මා හට බොහෝවිට ඉතා බැ‍රැරුම් ඉවුම් පිහුම් කටයුතු වලට සම්බඳ වන්නට නොලැබුනද කරන්නට අවශ්‍යතරම් වැඩකටයුතු තිබින. වෙනදා මෙන්ම උපසක උපසිකවන්ට දානය ප්‍රදානය කරන අයූරු මම සිහිනෙන්ද සිහිකලේ මා එතරම්ම එයට ඇලුම් කල බැවිනි.

බොඳව ගිය සිහිනය (loss of a dream)

ඒ කෙසේ වුවද සියලු සිතුවිලි හිරුදු‍ටු පිණිමෙන් දියව ගියේ පොහොය දිනද අපගේ වාට්‍ටුවට වැඩ කටයුතු බහුල (casualty Day) එකක් වු බැවිනි. එදින රාත්‍රි 10 වනතුරු වැඩ කටයුතු තිබූ බැවින් වෙනදාඅ සුපුරුදු ගැටබේ බෝධියද (Gatabe Temple) මදකට අමතක කර දැමීමට සිදුවිය. ඒ පොහොය කියා ලෙඩ හැදෙන්නේ නැතුව යනවයැයි යන අපගේ පොදු සිතුවිල්ල මනසේ රදවාගෙන උදැසනින්ම වට්‍ටුව වෙත පිටව ගියෙමි. වෙනදා තරම් කාර්යය බහුල නොවුනේ මෙවරනම් බොහෝ දෙනාට පන්සල් සිහිවීම විය හැකිය. ඒ කෙසේ වුවද මා හට රත්‍රී වනතුරු ‍රැදී සිටීම අනිවාර්යය විය.

සිතගත් සැදැව (A nice evening)

ඒ අතර සවස් වරුවේ තේ පනය සඳහා ගිය මා වට්‍ටුව දෙසට එමින් සිටියෙමි. ඒ මොහෝතේ මා දු‍ටු දර්ශනය මා සිත තුල කොතරම් සංවේගයක් හා ශ්‍රද්ධා සිතක් ජනිත කලෙද යත් ඒ සිදුවීම අදද එලෙසම මගේ මනස තුල ඉතා දැඩිව සිත්තම් වී ඇත. ඒ වෙනකක් නොව ඉතා සුලු සිදුවීමකි. එසේ නමුදු ඉතා හැගීම් බරය.
Continue reading

ලංකාවේ සෙක්ස් ඇයි තවම මෙච්චර ප්‍රාථමික…? (Lacks in Sri lankan sexual education)

Sexual activities in sri lanka
පුංචි නිවාඩුවකට කියලා මා ගෙදර ආවේ ඉතා දිගුකාලයකට පසුවය. ඒ ටිකක් නිදහසේ කාලය ගෙවන්නය. මෙවර අවුරුද්දද අහිමි ඌ මට නත්තලහරි නිදහසේ විදින්නට ලැබීම සතුටකි. මේ ඉතා සුළු කාලය වුවද මා හට ඉතා දිගු කාලයක් යැයි හැඟුනේ වෙනකක් නිසා නොව අන්තර්ජාලයෙන් මදකට දුරස් වන්නට සිදුවීම නිසාය. ඔබ වෙනුවෙන් ලියන්නට අවස්ථාවක් නොලැබුයේ එනිසා වන්නට ඇත. ඒ කෙසේ වුවද නිදහස වැඩිවන තරමට මිනිසුන්ට සිතන්නට දේ එකතු වෙනවා සේම මා හටද බොහෝ දේ කතා කරන්නට ඇතැයි සිතුනි. ඒ අතරින් ඉතා ආසන්නම සිදුවීම වුයේ ගූගල් සමාගම විසින් මෑතකදී ශ්‍රි ලංකාව කදිම සම්මනයකට භාජනය කිරීමයි. ඒ වෙනකක් නොව “Sex (සෙක්ස් )” යන වචනය ගූගල් කර ලෝකයේ අංක එකට පැමිනීම යන්නය.

මෙවැනි හපන්කම් අප අතීතයෙත් කලනේ (past history of world records)

ක්‍රිකට් ක්‍රිඩාව හැරෙන්නට ලංකාව ලෝක කුසලානයක් ලබා ඇත්නම් ඒ මෙවැනි දේ වලින් පමණය. සමහර විටෙක සියදිවිනසා ගැනීම් (suicides), වස පානය කිරීම් (poisoning) , මත්පැන්  (alcohol) වලින් වර්ෂ ගණනක් වාර්තා තැබු අපට මෙයත් කජ්ජක්දැයි සිතන පුද්ගලයන් මෙන්ම මේ වාර්තාවට මමත් එක් වරකින් හෝ දායක වීමට ලැබීම කොතරම් සතු‍ටුදැයි සිතන අයද ලංකාවේ ඕනැතරම් සොයා ගන්නට හැකි වනු ඇත. ඇත්තතෙම මේ සමග තවමත් පුර්ව තරුණ වියේ පසුවන මගේ මනස දිව ගියේ පාසල් කාලය එසේත් නැතහොත් මගේ නව යොවුන් කාලය වෙතය.

Continue reading

බල්ලගේ වැඩේ බුරුවා කිරීම හෙවත් කම්කරුවා ලැබ් රිපොර්ට් නිකුත් කිරීම

donky-vs-dog

 

විඩාබර මොහොතක නමුත් නැවතත් අතැගිලි වලින් යමක් ඔබට කියන්නට සිතුනි. අද කතා කරන්න යන්නේ බල්ලා සහ බූරුවා ගැනය. උපතින්ම බල්ලාට විශේෂ වු හැකියාවක් ඇතිබව අපි සැවොම දනිමු. බූරුවාටද යම් හැකියාවක් ඇතිනමුත් ඌට බූරුවායැයි පවසන්නේ ඔහුගේ චින්තනයේ හෝ බුද්ධි මට්ටෙමේ අඩුවක් නිසාද එසේත් නැත්නම් තමන්ගේ හැකියාවන් නොදන්නා නිසාද නැතහොත් වෙන කිසිවක් නිසාදැයි මා නොදනිමි. කෙසේ වුවද මා දන්නා එකම දෙයනම් ඌටද යමක් කල හැකි බවය. ඒ වෙනකක් නොව බර ඇදීමය. අලියෙක් එසේත් නැත්නම් ගවයෙක් හැරෙන්නට මෙය ඉතා පහසු කටයුත්තක් නොවන බව අප සියල්ලන්ම දනිමු. එය බල්ලෙක්ටද කිසිම අයුරකින් කල නොහැක්කක් වනු ඇත.

සුපුරුදු සායනයක මොහොතක් (One day in usual clinic)

වෙනදා මෙන්ම සුපුරුදු ආකාරයෙන් සායනයකට පා තැබුවෙමි. එය ශල්‍ය වෛද්‍ය සායනයකි (Surgery Clinic). එබැවින් තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ රෝගීන්, හර්නියා රෝගීන් මෙන්ම තවත් බොහෝ අය ඒ අතර විය. මීලග රෝගියා යම් ආකාරයක විශේෂ අයෙකු වුයේ වෛද්‍යවරියකගේ මවක් ඌ බැවිනි. එසේ නමුත් ඈ ‍රැගෙන ආ ලැබ් වාර්තා හා ඇයගේ රෝග ලක්ෂණ එකකට එකක් නොගැලපුන බවනම් මටද හැගුනි. එය අතට ගත් විශේෂඥ වෛද්‍යවරයා වහාම ඇමතුවේ වෛද්‍ය දියනිය වෙතය. ඇද තමන්ගේ සියලුම කාර්යන් නවතා කොහේදෝ සිට දිව ආවේ වෙනකක් නිසා නොව ඔහු තමන්ගේද ගුරුවරයෙකු වු බැවිනි.

Continue reading