ඇසෙන් ඇදි සිත්තමක වෛද්‍යවිද්‍යත්මක පැහැදිලි කිරීම

eye health

අද උදැසන රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර මා හට දකින්නට ලැබුණු අසිරිමත් පුවතක් විය. එය ඔබ මෙන්ම මාද කිසි දිනක නොසිතුවකි. එනම් ඇසෙන් චිත්‍ර ඇදීමය.ඇසු පමණින් මදක් විශ්මය ජනක මෙන්ම මදක් මෝඩ කතාවක් යැයි මට මොහොතකට සිතුණ නමුදු මා මොහොතකට රුපවාහිනිය දෙස දැස යොමා බලා සිටියෙමි.

මෙහි දර්ශනය මදක් ශෝකී ජනක එකක් සේ හැගුනද නාසයට ඇද ගන්නා වර්ණකයක් ඇස මගින් පිටතට වැටීමට සැලැස්වීම මගින් මෙම චිත්‍ර නිර්මාණය කරනු ලැබිනි. ඒ අනුව එය ඉතා තාත්වික මෙන්ම මදක් විශමය ජනක දෙයක් සේ හැගී ගියේ වෙනකක් නිසා නොව ශරීරයේ අවයව වල පිහිටීම ඉතා හොදින් දන්නා මම වැනි අයෙකුට නොහැගුන යමක් මෙවන් පුදගලයෙකුට හැගුනේ කෙසේද යන්නයි. ඉතින් ඔබ වෛද්‍යවිද්‍යාවට අදාල දේ යම් තාක් දුරකට හෝ අධ්‍යයනය කර නොමැතිනම් එය එක් වර සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

අපේ ඇසට කදුලු එන්නේ ඇයි?

ඔබ දන්නා පරිදි ඇසට කඳුලු  (tears) එන්නේ අඩන විටය. එහෙත් එය සැම විටම එසේ නොවේ. අපගේ ඇසේ තෙත ගතිය පවත්වා ගැනීම සඳහා ඇසට සම්බන්ධ කදුලු ශ්‍රාවය කරනු ලබන ග්‍රන්ථියක් මගින් සෑම මොහොතකම කඳුලු ශ්‍රාවය කරණු ලබයි. එම කදුලු ඇස් බාහිර ආවරණයේ ඇති චලනයන් සමග නිතරම ඇස පුරා ගමන් කරයි. යම් හෙයකින් විශාල ලෙස කඳුලු නිපදවීමක් සිදුවුවහොත් එය පිටතට ගලා ඒම සිදුවීම සාමාන්‍ය අප දන්නා කරුණය. එනම් අප හඩන විට කඳුලු පිට වීමයි. කෙසේ වුවද මීට අමතරව ඇසේ සිට නාසය දෙසට යොමුවූ මාර්ගයක්ද ඇත. එමගින් සිදු වන්නේ වැඩිපුර නිපදවන කඳුලු නාසය මගින් පිටතට යොමු කිරීමයි.

lacrimal pathway
ඇසේ කඳුලු ගමන් කරනු ලබන මාර්ගය (Lacrimal path way)

මා මෙවැන්නක් කීවේ මන්දැයි ඔබ දැන් සිතනවා ඇත. කෙසේ වුවද එය අපගේ ඉදිරි පැහැදිලි කිරීම් වලට ඉතා වටිනාකමක් ඇති බැවින් ඒ පිලිබඳ පැහැදිලි කරන්නට යෙදුනි.

මෙම චිත්‍රයට එහි ඇති සම්බන්ධය කුමක්ද?

ඔබට නැගෙන මීලග ගැටලුව එය වන්නට පුලුවන්. සැබැවින්ම මෙහිදි සිදුවන්නේ ඉහත සඳහන් කල මාර්ගය ප්‍රතිවිරුද්ධ ක්‍රමයට භාවිතා කරමින් චිත්‍ර ඇදීමයි.

නාසය තුලට වර්ණක ගන්නා චිත්‍ර ශිල්පියා ඒවා ඉහලට ඇදීම මගින් ඉහත සඳහන් කල මාර්ගය ඔස්සේ ඇස අසලට ඒවා ගනු ලබයි. එතැන් සිට කදුලු ශ්‍රාවය වන ග්‍රන්ථිය උත්තේජන්ය කරන ඔහු එවා කඳුලු ලෙස පිටතට වැටීමට සලස්වයි. මෙහිදී පලමුව ලබා ගත් වර්ණකය ඇස තුල ඇති බැවින් කඳුලු වලටද වර්ණයක් ඇතිවේ.

මෙලෙස වර්ණ කිහිපයක් මාරුවෙන් මාරුවට වැටීමට සැලැස්වීම මගින් ඔහුගේ චිත්‍රය නිම වේ.

අපටත් බැරිද මෙහෙම අදින්න?

සාමාන්‍යයෙන් ඉහත සඳහන් කල චිත්‍රයක වටිනාකම 200$ සිට ඉතා ඉහල අගයක් ගනී. එබැවින් මෙය දකින් පුද්ගලයන්ද මේ ක්‍රමය මගින් චිත්‍ර ඇදීමට උත්සහ කිරීම නොවැලැක්විය හැකිය. එබැවින් මෙම ලිපිය මගින් මේ නිසා ඇතිවිය හැකි බලපැම් ගැන සඳහන් කරන්නට සිතුනි.

විශේෂයෙන්ම අප චිත්‍ර ඇදීමේදී භාවිතා කරනු ලබන වර්ණක බොහොමයක් විෂ සහිතය. ඇසට ඇතුලු වීමෙන් සමහර විට දීර්ඝ කාලීන වශයෙන් හානී පැමිනවිය හැකිය. එලෙසම තවදුරටත් මෙම ක්‍රමය මගින් කදුලු බැහැර කරන මාර්ගයේ විවිධ අවහිර වීම්, ආසාදන ඇතිවීම් වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

එබැවින් මෙවැනි ක්‍රම අනුකරණය කරන්නට යාමෙන් වලකින්න.

 

One thought on “ඇසෙන් ඇදි සිත්තමක වෛද්‍යවිද්‍යත්මක පැහැදිලි කිරීම”

  1. කමෙන්‍ටුවක් පසුපස හබා විත් පලමු වතාවට ගොඩවිය වැදගත් කරුණු පිරුණු අපූර්ව තැනකි 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *