ගෙදර බත ඉදෙන්නේ නැතිද..? (importance of food preparation at home)

කාලෙකට පස්සේ ඔන්න අයෙත් වැදගත් වෙවි කියල හිතෙන දෙයක් ලියනන් හිතුනා. පහුගිය දින ටිකේ ෆොරම් එකෙයි, හෝම් පේජ් එකෙයි වෙච්ච පොඩි පොඩි ප්‍රශ්න ටිකකුයි වැඩවල කාර්යය බහුලත්වය හින්දයි ලියනන් ටිකක් වෙලාවක් හොය ගන්න බැරි උනා. කොහොම උනත් කාර්යය බහුලත්වය ගැන මතක් කරද්දිම ඒ ගැන ටිකක් කතා කරලා ඉන්න කියල හිතුවා. අපි ඇත්තෙන්ම බොහෝ විට කාර්යය බහුල වන්නේ ඇයි කියල හිතුවොත් ඒ ප්‍රධාන වශයෙන්ම අපගේ ‍රැකියාව නිසාවෙන් ඒ අතරට ඔබ විවාහකනම් දරුවන් වෙනුවෙන් සිදු කලයුතු යුතුකමුත් එයට එකතු වීම සාමන්‍යය දෙයක් කොහොම වුවත් කාර්යය බහුලත්වය තුල ඔබගේ පවුලේ ක්‍රියා කාරීත්වය ඇනහිටිනවානම් ඔබේ ‍රැකියාව ගැන නැවත වරක් සිතනන්ට සිදුවෙනවා නේද..? මොකද කීවොත් අවසන් වශයෙන් අපගේ සියලුම දේවල අවසන් ප්‍රතිඵලය විය යුත්තේ පවුලේ දියුණුව බැවිනි.
child and food
පුන්චිම දරුවෙක්ගේ කතාවකින් ඔන්න මම වෙනදා වගේම කතාව පටන් ගන්නම්. මගේ වැඩකටයුතු සිදුකරමින් හිටිය අතර හමුවු දරුවෙක් සිටියා, වයස අවුරුදු 3ක් පමණ වන මෙම දරුවා පැමිණ සිටියේ ස්වසන මාර්ගය ආශ්‍රිතව ඇටිවු ආසාදන තත්ත්වයක් හේතුවෙන්. ඉතින් මෙම තත්ත්වයට ප්‍රතිකාර කරමින් සිටින අතරතුරදී සාමාන්‍ය පරිදි වර්ධක සටහන පරික්ෂා කිරීමටත් අප අමතකකලේ නැහැ.

මෙම අවස්ථාවේදී අපට දක්නට ලැබුනේ දරුවාගේ වර්ධනයේ යම් දුර්වලතාවයක්. ඒ මෙතෙක් කලක් හොදින් වර්ධනය වෙමින් සිටි මෙම දරුවා මාස 5ක් 6ක පමණ කාලයක සිට වර්ධනයේ ඉතා විශාල අඩුවීමක් පෙන්නුම් කිරීමයි. මෙයට හේතු සොයගෙන යැම අපගේ මී ලග කර්තව්‍යය උනා. ඉතින් මෙහිදී අපි හඳුනාගත් ප්‍රශ්න කිහිපයක් තිබ්බා. එයින් ප්‍රධාන එක වන්නේ දරුවා නිතර ලෙඩවීමයි. දෙවැන්න වුයේ ඔහුගේ ආහාර සම්බන්ධ ඇති දුර්වලතායි. අවසන් වශයෙන් පවුලේ නිතර ඇතිවන ගැ‍ටුම් හා මවුපියන්ගේ මානසික ආතතිය දරුවාට බලපාන බවත් අපට හඳුනාගන්න ලැබුනා.

දරුවා නිතර ලෙඩ වුයේ ඇයි..? (Reason for the illness)

ඉතින් මෙම දරුවාගේ තත්ත්වය ගැන සොයා බලද්දි අපි හදුනා ගත් පලමු කරුණ පිලිබඳ යම් අවධානයක් යොමු කරන්න ගන්න, එය තමයි නිතර ලෙඩ වීම මේ අතර ස්වාසන අපහසුතා වගේම ඉදහිට සැදෙන බඩේ අමාරුවුව වැන් තත්ත්වත් දක්නට ලැබුනා. මේ ගැන සලකා බලන විට මෙම දරුවාගේ ආහාර බොහෝවිට සැපයුනේ බාහිර ස්ථාන වලින්. උදැසනින් අවධිවන් මව සහ පියා වහාම දිව යන්නේ රජකාරිය වෙතයී. ඉතින් බොහෝ විට රාත්‍රී ආහරය පමණක් නිවසේ සැදීම සිදු කරනවා. මේ එක්ක නිතර නිතර අපිරිසිදු ආහා
ර දරුවාගේ ආහරයට එක්වීම ස්වාභාවයෙන්ම සිදුවන්නක් බව පැහැදිලිවුණා.

ඇයි මේ පෝෂණ උනතාවය..? (Cause of nutritional deficit)

තවදුරටත් පගේ අවධානය යොමු ඌ කරුණ වුයේ ඔහුගේ අහාර රටාවයි. එයද බොහෝවිට විවිධ ක්ෂනික ආහාර වලට සීම වී තිබුනා. බොහෝ විට රාජකාරියට යන මවුපියන්ගේ පහසුව සඳහා එය සැකසී තිබුනා. මේ එක්ක විශාල වශයෙන් දරුවගේ ආහාරයේ පෝෂණ ගුණය ගැන ගටලුවක් ඇති වුණා.

මවුපිය ආතතිය බලපාන අයුරු? (Parents’ stress on child)

සමහර විට මවුපිය මානසික ප්‍රශ්න දරුවාට කෙසේ බලපාන්නේ දැයි ඔබ සිතනවා වන්නට පුලුවන්. එය සංකීර්ණ දෙයක් වුවත් සරලව දරුවන් වෙනුවෙන් නියමිත පරිදි අවධානය යොමු කිරීමට ඇති නොහැකියාව, ඒ එක්කම දෙමාපිය ගැටලු නිසා දරුවාගේ ඇතිවන මානසික ගැටලු මෙයට බලපාන්නට පුලුවන්

 

වෙනත් විසදුමක් නැත්ද? (Other options)

ඇත්තෙන්ම බලනකොට සියලල්ටම හේතුව වෙලා තියෙන්නේ මවුපිය දෙදෙනාගේ කාර්්‍යය බහුලත්වය බව පැහැදිලි වෙනවා ඇති. අවම වශයෙන් ආහාර පිලියෙල කර යාමට හෝ වේලාවක් තිබුනානම් බොහෝ ගැටලු මග හැරෙනු ඇත.

 

නිෂ්පාදන ආර්ථිකයේ අතුරු කතාව ( Lacks of service based economy)

දැන් මේ කතාව අහගෙන ඉද්දි ඔබටත් ඔබ ගැනම යම් අනුකම්පාවක් ඇතිවෙනවා ඇති නේද..? සැබැවින්ම එහෙම විය යුතුයි කියල හිතෙනවා. මොකද කීවොත් නිෂ්පාදන ආර්ථිකය කියන සංකල්පයෙන් ඉදිරියට ගිය අපි මේ වන විට බොහෝ දුරට සේවා ආර්ථිකයකට යොමුවෙලා තිබෙනවා. ඔබ සැම මෙන්ම මේ මාද එහි කොටස් කරුවෙකු වීම ගැන මමද කම්පාවෙමි. මෙයට හේතුව වන්නේ අප නිෂ්පාදන ආර්ථිකය තුල කොතරම් ඉදිරියට ගොස් ඇත්දයත් අපට බොහෝ දේ අමතකව ගොස් තිබීමය. සරලව කිවහොත් අප යැපෙන්නන් පමණක් බවට පත්වීමය.

මේ තුල අපට මග හැරුණු බොහෝ දේ ඇත . ඒ අතර ප්‍රධානතම එක වන්නේ සමාජ සම්බන්ධතයි. මීලගට නිදහසයි. සමහර විටෙක මසකට ඉතා විශාල ධනයක් සෞඛයය සඳහා වියදම් කරන ඔබට ඔබගේ මානසික සෞඛයය ගැන සිතන්නට මොහොතක් නැතිව ඇතයි සිතමි.

 

ආහාරය සකසා ගැනීමේ අවශ්‍යතාවය. (Importance of cooking at home)

ගෙදර බත ඉදීම යනු පෝෂණ අවශ්‍යතා සැපයීම පමනක්ම විණි නම් අපට එය මොහොතකට අමතක කර දමන්නට තිබුනි. එසේ නමුදු ඒ තුලින් මා කලින් සඳහන් කල පරිදි නිවසේ ආහාර පිලිබඳ ආරක්ෂාව සැලසෙන අතර නිතර ඇතිවෙන ආහාර විෂවීම් වැනි තත්ත්ව වලින් ඔබව ආරක්ෂා කරයි.

healthy foods at home

තවද නිවසේ ආහාර පිසීම හා පරිභෝජනය යනු නිවසේ සිටින සියලු දෙනා එක්වන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ආහාර පිසීමේ වැඩි වගකීම ගෘහනියට පැවරුනද එයට ස්වාමියාගේ හා දරුවන්ගේද දායකත්වය ලැබෙන බව නොරහසකි.

තව දුරටත් සැලකීමේදී එය නිවසේ සමගියට මෙන්ම නිවසෙන් පිට්තට යන විශාල මුදලක් නිවස තුලම රදව ගැනීමටද හේතුවක් වනු ඇත.

2 thoughts on “ගෙදර බත ඉදෙන්නේ නැතිද..? (importance of food preparation at home)”

  1. ඒක ඇත්ත.. අපි හැම තිස්සෙම අපේ වැඩ කටයුතු හැමදේම අපිට පුලුවන් විදියට හදා ගන්න ඕනේ නේද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *