තොටිලි වැටෙන් පනින පුතා..

child health in sinhala

කාලෙකට පස්සේ ඔන්න ඉරිදා දවසක් නිදහසේ ගෙවන්න ලැබුනා. ඔන්න ක්‍රීඩා පිටිය පැත්තේ එහෙමත් ගිහින් ඇවිදින් සින්දුවකට හිත යොමු කරන්න කියලා හිතුවා. ඒ අතර අහම්බෙන වගේ මගේ සවනට වැ‍ටුන සුපුරුදු ගීතයකි.

“තොටිල්ලෙහී වැටෙන් එහා- තවවැටවල් ගොඩක් ඇතේ

තොටිලි වැටෙන් පනින පුතා- ඒ වැටවල් බිඳිනු ලැබේ ”

මා මේ ගීතය අසන්නේ මා ඉතා කුඩා කාලයේ සිටය. කෙසේ නමුදු වෙනද නොවු කල්පනා දහැනකට යොමු කරන්නට එය සමත් විය. ඔබ මවක් හෝ පියෙක්නම් ඔබගේ දරුවා ගැන ඔබගේ ප්‍රාර්ථනය වනුයේ අනාගතයේ ඔබටත් පවුලටත් ගෞරවක් වන පුද්ගලයෙක් වීමයි. බොහෝ දෙනාගේ ප්‍රාර්ථනය වෛද්‍යවරයෙකු(doctor), ඉංජිනේරුවකු (Engineer) , නීතිඥයෙකු(Lawyer) , එසේත් නැත්නම් විධායක ශ්‍රේණියේ(Executive) ‍රැකියාවක් කරන දරුවකු වනු දැකීමයි. තවත් සුලු පිරිසකගේ පැතුම වන්නේ ඔහු හෝ ඇය ක්‍රීඩකයෙකු(Sportsman) හෝ සංගීතඥයෙකු(Musician) වනු දැකීමයි. ඉද හිට වෙනත් විවිධ වු බලාපොරොත්තු සහිත මවුපිය වරුන්ද මට හමුවී ඇත.

කෙසේ වුවද මාගේ මතය අනුවනම් ඒවා බොහොමයක් දෙමාපියන්ගේ ඉ‍ටුනොවු අහිංසක බලාපොරොත්තු බවයි. ඒ සඳහා සමහරු වේලාව බලා සීසර් කිරීම, භාරහාර වීම වැනි නානාප්‍රකාර දේ සිදු කරනු ලබයි.

තවද බොහෝ දෙමාපියන්ගේ අශාව වන්නේ සුවච කීකරු දරුවකු ලැබීමය. ඔවුන් සියල්ල සිදුකල යුත්තේ මවුපියන් බලා පොරොත්තු වන ආකාරයටය. කුඩා දරුවන් මවුපියන්ට කරදර නොකල යුතුය. මවුපියන්ගෙන් ප්‍රශ්න නො ඇසිය යුතුය. ඒ ඔවුන් බොහොමයක්ගේ සාමාන්‍යය මතයයි.

වෛද්‍යය ඇසින් (Doctors point of view)

කුඩා කල දරුවන් බොහෝ සිඝ්‍රයෙන් වර්ධනය (develop) වේ. ඒ අතර ඔවුන්ගේ බාහිරින් පෙනෙන ශාරීරික වර්ධනය(physical growth) මෙන්ම මොළය හා ඒ ආශ්‍රිතව සිදුවන වර්ධනයද(brain development) ඉතා විශාලය. හිද ගැනීම(sitting), ඇවිදීම(walking), මවුපියන් සමග කතා කිරීම(talking) , සෙල්ලම් කිරීම(playing), මෙවැනි වර්ධයේ ඇතිවන විශේෂ අවස්ථායි. නිවැරදි කාලයට සිදු නොවන වර්ධන අවස්ථා නිසා අපට දරුවන් ගැන නැවත නැවත පරික්ෂණ කර බැලීමටද සිද්වන අවස්ථා එමටය. මේවා දරුවාට දිනෙන් දින ඇති ඉලක්කය. සමහර විටෙක අප මෙන් ඔවුන් ඒවා බාහිරට නොකීවද ස්වාභාවයෙන්ම ඔවුන්ටද ඇති බලාපොරොත්තු බොහොමයකි. එනම් තමගේ මවු පියන් මෙන් ඇවිදීමට, තමන්ට අවශ්‍ය දේ සමග සෙල්ලම් කිරීමට මෙන්ම බාහිර ලෝකය සමග සම්බන්ධ වීමටය. නිසි කලට මෙවැනි දේ නොකිරීම යනු දරුවන්ගේ යම් යම් දුර්වලතා පැවතීමට හැකියාවක් ඇති බවයි. එබැවින් ඔබගේ දරුවා ක්‍රියාකාරීනම් ඔහු නිසැකින්ම ඉතා සෞඛ්‍යමත් දරුවකු වනු ඇත.

ඉදිරි බාධක වලට මුහුණ දීම (Facing to the future tasks)

මීලගට ඇත්තේ මවුපිය බලා පොරොත්තු ඉ‍ටු කරන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා ඇති මූලික පාදම වනුයේ ඔවුන් සතු නිසි ශාරීරික , මනසික හා සමාජීය යහපැවැත්මයි (physical , mental and Social well-being). මින් මානසික සෞඛය ඉතා වැදගත් වන්නේ තම අරමුණ කෙරේ සිත පවත්වා ගැනීමට හා නැවත නැවත වන පරාජයන් වලින් හිස ඔසවීමටය. මෙම මනසික යහපැවත්ම ලැබීමටනම් ඔවුන්ගේ මනසට අවශ්‍ය උත්තේජන(stimuli)ලැබිය යුතුය. එම උත්තේජන සොයා දරුවන් දිනපතා ගමන් කරයි. කුඩා කලම ආලෝකය වෙත ගමන් කරන දරුවා පසුව වර්ණ වෙනුවෙන් ගමන් කරයි, ඉන් පසු ඔවුන් නව යොවුන් අවස්ථාවට පත්වීමෙන් පසු තම විෂම ලිංගිකයන් සොයා ගමන් කරයි. මෙය යනු ස්වාභාවය විසින් ඔවුනට උරුම කර දී ඇති දේයි. එය වරදක් ලෙස නොදැකිය යුතුය.

මවුපිය කාර්්‍යයභාරය (Parents’ part)

ඔබට සිදුවු වරද දරුවන් නොකරනු ඇතැයි ඔබ සිතන්නට පුලුවන. එනම් එවැනි අවස්ථාවල දරුවන්ට සැර පරුෂ වීම දෙමාපියන් සතු ලක්ෂණයකි. කෙසේ වුවද වඩා වැදගත් වන්නේ ඔවුන් එවැනි දේ වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම නොව, නිසි මාර්ගෝපදේෂයක් යටතේ ඔවුන් වෙත එවැනි දේ ලබා දීමයි.

උදා හරණයක් ලෙස යොවුන් දරුවන් මත්පැන් වලට යොමුවීම ඉතා සුලභ දසුනකි. එයට ප්‍රධාන හේතුව වන්නේ සම වයසේ දරුවනෙන් ඇතිවන බලපැමයි. නමුත් ඔබ එයට පේ එහි අදීනව දකින්නට සලස්වන්නේ නම් ඔවුන් කෙදිනකවත් එවාට යොමු නොවනු ඇත.

“දරුවාගේ මුල් ගුරුවරුවන්නේ දෙමාපියන්ය. ඔවුන්ගේ අනාගතය ගොඩ නැගීමට මුදල් ඉපැයීම පමණක් ප්‍රමානවත් නොවේ. ඒ සඳහා වඩාත්ම වැදගත් වනුයේ නිවැරදි මාර්ගෝපදේශයයි. එවිට ඔබේ දරුවා සියලු වැටවල් වලින් පනිනු ඇත.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *