බල්ලගේ වැඩේ බුරුවා කිරීම හෙවත් කම්කරුවා ලැබ් රිපොර්ට් නිකුත් කිරීම

donky-vs-dog

 

විඩාබර මොහොතක නමුත් නැවතත් අතැගිලි වලින් යමක් ඔබට කියන්නට සිතුනි. අද කතා කරන්න යන්නේ බල්ලා සහ බූරුවා ගැනය. උපතින්ම බල්ලාට විශේෂ වු හැකියාවක් ඇතිබව අපි සැවොම දනිමු. බූරුවාටද යම් හැකියාවක් ඇතිනමුත් ඌට බූරුවායැයි පවසන්නේ ඔහුගේ චින්තනයේ හෝ බුද්ධි මට්ටෙමේ අඩුවක් නිසාද එසේත් නැත්නම් තමන්ගේ හැකියාවන් නොදන්නා නිසාද නැතහොත් වෙන කිසිවක් නිසාදැයි මා නොදනිමි. කෙසේ වුවද මා දන්නා එකම දෙයනම් ඌටද යමක් කල හැකි බවය. ඒ වෙනකක් නොව බර ඇදීමය. අලියෙක් එසේත් නැත්නම් ගවයෙක් හැරෙන්නට මෙය ඉතා පහසු කටයුත්තක් නොවන බව අප සියල්ලන්ම දනිමු. එය බල්ලෙක්ටද කිසිම අයුරකින් කල නොහැක්කක් වනු ඇත.

සුපුරුදු සායනයක මොහොතක් (One day in usual clinic)

වෙනදා මෙන්ම සුපුරුදු ආකාරයෙන් සායනයකට පා තැබුවෙමි. එය ශල්‍ය වෛද්‍ය සායනයකි (Surgery Clinic). එබැවින් තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ රෝගීන්, හර්නියා රෝගීන් මෙන්ම තවත් බොහෝ අය ඒ අතර විය. මීලග රෝගියා යම් ආකාරයක විශේෂ අයෙකු වුයේ වෛද්‍යවරියකගේ මවක් ඌ බැවිනි. එසේ නමුත් ඈ ‍රැගෙන ආ ලැබ් වාර්තා හා ඇයගේ රෝග ලක්ෂණ එකකට එකක් නොගැලපුන බවනම් මටද හැගුනි. එය අතට ගත් විශේෂඥ වෛද්‍යවරයා වහාම ඇමතුවේ වෛද්‍ය දියනිය වෙතය. ඇද තමන්ගේ සියලුම කාර්යන් නවතා කොහේදෝ සිට දිව ආවේ වෙනකක් නිසා නොව ඔහු තමන්ගේද ගුරුවරයෙකු වු බැවිනි.

කතාව ඇරබු විශේෂඥ වෛදයවරයා විශාල දේශනයකට සැරසෙන බව පෙනුනි. ඔහු පටන් ගත්තේ යම් ප්‍රදේශයක පවතින පරීක්ෂනාගරයක වැඩ සිදුවන ආකාරය ගැන පවසාය. ඒ මෙසේය, රෝහලේ පිරිසිදු කිරීම් අංශයේ කටයුතු කරන කම්කරුවා හවසට කෙලින්ම යන්නේ වෛද්‍යය පරීක්ෂන සිඳු කරනු ලබන ආයතනයකටය. ඒ පිරිසිදු කිරීමේ කටයුත්තකට නොව ලැබ් රිපෝර්ට් නිකුත් කිරීමේ කටයුත්තකටය. ඒ සඳහා ඔහුට ලොකු දැනුමක් අවශ්‍යව නැත. පරීක්ෂණ සඳහා වු යන්ත්‍රයට රුධිර සාම්පලය ඇතුලු කිරීමට පමනක් දැගෙන සිටීම ඔහු සතු එකම සුදුසුකම විය. මීට අමතරව ඔහුගේ අනෙක් සුදුසුකම වුයේ කිසිවෙක්ට නොතෙරෙන අමුතු අත්සනක් ගැසීමේ හැකියාවයි.

ඉතින් මේ ආයතනයට ඕනැතරම් රෝගීන පැමිනේ. එබැවින් මෙම වෛද්‍යවරයා අදාල අංශවලට දැනුවත් කර ඇත. කෙසේ නමුදු අප ඉහලින් පිලිගන්නා බොහෝ වෛදයය රසායනාගරවල තත්ත්වය එයම විය හැකිය.

වෛද්‍යවාර්තාවල වැදගත්කම (Importance of medical lab reports in diagnosis)

lab reports in sri lanka

අදවන විට බොහෝ දෙනාගේ මතය වන්නේ රෙපොර්ට් එකක් සමන්‍යයද අසාමාන්‍යයද යන්න දැනගත් පමනින් රෝගියකුගේ රෝගයක් පිලිබඳ නිශ්චය කල හැකි බවය. එසේත් නැත්නම් එයට ප්‍රතිකාර කල හැකි බවය. නමුත් බොහෝදෙනා වරද්දාගන්න අවස්තාවද මෙයම වෙයි, එක් අවස්ථාවක සමාන්‍යය වන අගයක් වෙනත් රෝගයකට අසාමාන්‍යය වනු ඇත. එසේත් නැත්නම් පරීක්ෂණ ආයතනයෙන් ආයතනයට වෙනස් විය හැකිය. තවද මේ අතර අසාමාන්‍යය නොව අස්වාභාවික වන අගයන්ද පැවතිය හැකිය. එය හදුනාගත හැක්කේ පලපුරුදු පරීක්ෂණාගාර ශිල්පියකුටය එසේත් නැත්නම් ඔවුනටද වරදින අවස්ථා ඇත. ඒ අවස්ථාවල ක්‍රියාත්මක වීමට ඒ පිලිබඳ විශේෂඥතාවක් සහිත වෛද්‍යවරු ඇත.

 

ඔබත් ජීවිතකාලයටම රෝගියෙකු වන්නට කැමතිද..?

සමහර විට ලැබ් රිපෝර්ට්  (Lab report) එකක් ඔච්චර වැදගත් වන්නේ ඇයි දැයි ඔබ සිතනවා වන්නට පුලුවන. එය සාමාන්‍ය මනසක් සහිත ඔබ සැමට නැගිය යුතු ගැටලුවකි. එසේ නමුත් අපට අමතක වු වැදගත්ම සාධකය නම් ලැබ් රිපෝට් යනු රෝගියෙකුගේ පිටතට නොපෙනෙන රෝග ලක්ෂණ හදුනාගත් හැකි ක්‍රමයක් බවය. සමහර විටෙක් පිටතින් බැලීමෙන් නිශ්චිට නිගමනයකට එන්නට නොහැකි අවස්තා තිබෙන්නට පුලුවන. එවැනි අවස්ථාවලදී අවස්ථාවලදී පරීක්ෂණ වාර්තවක පිහිට අනිවාර්යෙන් පතන්නට වනු ඇත. එවැනි අවස්ථාවලදී ඔබ ලබාදෙන වැරදි පරීක්ෂණ වාර්තාවක් නිසා ජීවිත කාලයටම ඔබ රෝගියෙකු ලෙස හංවඩු ගැසෙන්නට පුලුවන. මන්ද සමහර රෝග වලට ප්‍රතිකාර ජීවිත කාලය තුලම ක්‍රියාත්මක විය යුතු බැවිනි. එවැනි අවස්තාවලදී ඔබට රෝගයක් නොපවතින නමුත් රෝගියෙකු සේ පෙනුනහොත් ඖෂධ වලින් ලැබෙන වාසි වලට වඩා අවාසි දායක ප්‍රතිපල වලට මුහුන දෙන්නට සිදුවනු ඇත.

drug side effects

 

ඉතින් බල්ලන් විසින් බල්ලන්ගේ වැඩ කිරීම මෙන්ම බූරුවන් විසින් ඔවුන්ගේ වැඩ කිරීම නුවනට හුරුයි නේද..?? හුදු ලාබ අපේක්ෂාවන් වෙනුවෙන් රෝගීන්ගේ අහිංසක ජීවිත උගසට තැබීමට ඉඩ නොදීම ඔබේත් යුතු කමකි. මෙවැනි හොර පරික්ෂණාගාර සහයකයන් මෙන්ම වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ද වේ. ඒ ගැන පසුව කතා කරමු. විවාදයට විවෘතයි.

6 thoughts on “බල්ලගේ වැඩේ බුරුවා කිරීම හෙවත් කම්කරුවා ලැබ් රිපොර්ට් නිකුත් කිරීම”

  1. ඔබේ ලිපියට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි .මතයක් ගොඩ නැගිය යුතු අර්ථාන්විත යමක් අරබයා ඔබ යොමු වී ඇති බව පෙනේ .එමෙන්ම ඔබ තුමා ව්ය්ද්යවරයෙක් ලෙසින් මෙමෙ මාතෘකාව ඔස්ස්සේ හඩ අවදි කිරීම ඉතා වැදගත් බවද හැඟේ.
    වර්තමානයේ හතු ප්පෙන්නක් මෙන් තැනින් තැන අටවා ගත රසායනාගාර දක්නට ලැබේ .මේවයේ නිකුත් කරන වාර්තා කෙතරම් නිවැරිදි යන්න දන්නේ ඔබ වැනි අයත් දෙවියොත් පමණිරෝගීන් බහුල වර්තමානයේ මේ ක්ෂේත්රය තුල ලබා ඉපයීමේ පරම පවිත්ර චේතනාවෙන් හැල්මේ දිව යන ඉහල ව්ය්ද්යා වරයාගේ සිට ඔබ සදහන් කරන පහල සේවකයා දක්වා මේ අවනදුවට දත් අපිරිසිදු කරගෙන් සිටි .(ඔබතුමාට කිසියම් අපහසු තාවයක් අතිඋයේ නම් මගේ කණගාටුව ) කරන කීපයක් ඔස්සේ ඔබේ හඩ අවදි කිරීමට කාලය පැමිණ ඇති බව ඔබට ඇති උ හැගීම ඉතා වටින හෙයින් තව දුරටත් මේ ලිපි පෙළ ඉදිරියට ගෙන යන ලෙස මම ගෞරවයෙන් ඔබට අරදන කරමි .ස්තුති

  2. @Gamini Ekanayaka, ඔබගේ අදහස ඉතා අගය කරමි, මගේ ජීවිතය තුල ඉතා රසවත් අත්දැකීම් බොහෝ වෙයි. ඒ හැම දෙයින්ම ජනතාවට ගතහැකි යමක් ඇතිබව මට අවබෝධ වුණා. ඒ නිසා තමයි මෙවැනි මතෘකා ගැන ටිකක් කතා කරන්න හිතුනේ.

  3. සුදුසුකම් නොමැති අය වෛද්‍ය රසායනාගාරයන්හී සේවය කිරීමත් අඩියෙන් අඩියට මෙවැනි තැන් බිහිවෙන්නට පටන් ගන්නේ 1990 ගනන්වල සිට බව මතකය. මෙවන් තත්වයක් නවතාගන්නට කිසිම රජයකට නොහැකිවීම ගැන ඇත්තේ බලවත් දුකකි.

  4. @aruge adaviya ඒක ඇත්ත සල්ලි දෙනවනම් කරන්න බෙරි මොනවද කියලනේ අපේ අය හිතන්නේ නේද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *