ලංකාවේ සෙක්ස් ඇයි තවම මෙච්චර ප්‍රාථමික…? (Lacks in Sri lankan sexual education)

Sexual activities in sri lanka
පුංචි නිවාඩුවකට කියලා මා ගෙදර ආවේ ඉතා දිගුකාලයකට පසුවය. ඒ ටිකක් නිදහසේ කාලය ගෙවන්නය. මෙවර අවුරුද්දද අහිමි ඌ මට නත්තලහරි නිදහසේ විදින්නට ලැබීම සතුටකි. මේ ඉතා සුළු කාලය වුවද මා හට ඉතා දිගු කාලයක් යැයි හැඟුනේ වෙනකක් නිසා නොව අන්තර්ජාලයෙන් මදකට දුරස් වන්නට සිදුවීම නිසාය. ඔබ වෙනුවෙන් ලියන්නට අවස්ථාවක් නොලැබුයේ එනිසා වන්නට ඇත. ඒ කෙසේ වුවද නිදහස වැඩිවන තරමට මිනිසුන්ට සිතන්නට දේ එකතු වෙනවා සේම මා හටද බොහෝ දේ කතා කරන්නට ඇතැයි සිතුනි. ඒ අතරින් ඉතා ආසන්නම සිදුවීම වුයේ ගූගල් සමාගම විසින් මෑතකදී ශ්‍රි ලංකාව කදිම සම්මනයකට භාජනය කිරීමයි. ඒ වෙනකක් නොව “Sex (සෙක්ස් )” යන වචනය ගූගල් කර ලෝකයේ අංක එකට පැමිනීම යන්නය.

මෙවැනි හපන්කම් අප අතීතයෙත් කලනේ (past history of world records)

ක්‍රිකට් ක්‍රිඩාව හැරෙන්නට ලංකාව ලෝක කුසලානයක් ලබා ඇත්නම් ඒ මෙවැනි දේ වලින් පමණය. සමහර විටෙක සියදිවිනසා ගැනීම් (suicides), වස පානය කිරීම් (poisoning) , මත්පැන්  (alcohol) වලින් වර්ෂ ගණනක් වාර්තා තැබු අපට මෙයත් කජ්ජක්දැයි සිතන පුද්ගලයන් මෙන්ම මේ වාර්තාවට මමත් එක් වරකින් හෝ දායක වීමට ලැබීම කොතරම් සතු‍ටුදැයි සිතන අයද ලංකාවේ ඕනැතරම් සොයා ගන්නට හැකි වනු ඇත. ඇත්තතෙම මේ සමග තවමත් පුර්ව තරුණ වියේ පසුවන මගේ මනස දිව ගියේ පාසල් කාලය එසේත් නැතහොත් මගේ නව යොවුන් කාලය වෙතය.

ලිංගිකත්වය සඳහා ආකර්ෂණයක් ඇතිවු අයුරු (interest on sexuality as a younger)

දැලි ‍රැවුල වැවි, උගුරු දණ්ඩ මදක් උස්වී, ඒ සමග අතපය මෝරා වැඩුණු අපට ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ (opposite sex) ඉතා සුලුවෙනසක් උවද මැනවින් දැකගත හැකි වුයේ මිශ්‍ර පාසලක අධ්‍යාපනය හැදැරු නිසා වන්නට ඇත. අපට සමානව ඔවුන්ගේද සිදුවු යම් වෙනස්කම් කිහිපයක් විය. ඒ අතර පාසල් ගවුමෙන් ඉහලට දළුලා වැඩෙන පියයුරු(growing of breast) හා ඔවුන්ගේ සුමියුරු නාද රටාවන් අපගේ මනස මේ වෙනස පිලිබඳ සොයන්නට පෙලබ වු බව මතකය. පාසලේ සෞඛ්‍යය (Health and Physical Education) පොතෙන් ලැබුනු සුලු දැනුම හැරෙන්නට අපගේ දැනුම් පෝෂණය කිරීමේ කාර්යය භාරගත්තේ කටකතාය. විශේෂයෙන් සමහර සිසුන් අමතර පන්ති ‍තෝරා ගැනීමේදී, මෙම අධ්‍යාපනයටද ඉඩක් දෙන පන්තියක් ‍තෝරා ගන්නට අමතක නොකලේ පංතියේ අනෙකුත් සිසුන්ගේද දැනුම් පිපාසය සන්සිඳුවන මහගු පුණ්්‍යකර්මයට දායක වන්නට මෙනි. ඒ අතර ඉද හිට පාසලට හොරා ගෙන ආ සමහර පුවත්පත්වල ඡේදයක් පවා අපේ දැනුම පිපාසයට ඕනැවටටත් වඩා ප්‍රමාණවත් විය. ඒ දිනවල අපගේ වැඩි අවධානය යොමුවුයේ පුවත්පත්වල ලිංගික ගැටලු (sexual problems) වෙතය. කලයත්ම තාක්ෂණයේ දියුණුවත් සමග ඉදහිට ජංගම දුරකතන වල පිහිටෙන් හඳුනාගත් වෙබ් අඩවි (porn web sites) කිහිපයකට යාමට අපට හැකිවිය. කෙසේ නමුත් දැනුමේ මේරීමත් සමග හැගීම් උද්දීපන කිරීමට වඩා, වඩා විද්‍යාත්මකව ලියවුන පොත පත වෙත සිත යොමු වීම තුලින් අයාලේ ගිය මනසට යම් පන්නරයක් හා අවබෝධයක් ලබා දෙන්නට හැකිවීම යම්තාක් සතුටට කරුණකි.

මේ මා ගමන් කල මාර්ගය වුවද මෙය මා හට පමණක් විශේෂිත වුවක් නොවු බව කල්යත්ම අවබෝධ වුයේ ඉදහිට ඇතිවන සංවාද (discussion on sex) වලදී එකතු වුනු කරුණු මගිනි. ඒ කෙසේවුවද සමාජයේ බොහෝ පිරිසක් සෙක්ස් නැතහොත් ලිංගිකත්වය නම්වු කරුණ තුල ප්‍රාථමික මට්ටමෙන් ඔබ්බට යාමට අසමත්ව ඇති බව මා හට පැහැදිලි වී තිබේ. මා මේ කතාකරනට යන්නේ ඇඩ්වාන්ස්  වෙන්නේ කොහොමද කියානම් නොවේ. ඇඩ්වාන්ස් සෙක්ස් ගයිඩ් (advance sex guide) ඕනැතරම් මමද අන්තර්ජාලය තුල දැක ඇත. ඒ නිසා ඒවා ගැන නොවේ.  අප ලිංගික අධ්‍යාපනය තුල කොතරම් ප්‍රථමිකද යන්නය.

සංස්කෘතියෙන්ම අපි ලිංගිකත්වයට නැබුරුයි (Social influence on Sex)

ශ්‍රි ලංකාව පමණක් නොව බොහෝ දකුණු ආසියාතික රටවල ඇදුම් රටාව තුල ලිංගිකත්වය යම් තරමකට සගවන්නට තැත් කරන බව ඔබත් මාත් පමණක් නොව හැම දෙනාම දන්නා පැහැදිලි රහසකි. ඒ නිසාම අපේ අයට කාන්තාවක් පොඩ්ඩක් ඉහලට ඇදුමක් ඇන්දත් පැය ගනනක් බලා සිටිය හැකිය. මා කතා කරන්නේ ඇදුමේ අඩුව ගැනවත් බලන අයගේ නොහික්මුන කම ගැනවත් හෝ සංස්කෘතියේ අඩුපාඩුවක් ගැනවත් නොවේ, මන්ද බුද්ධිය ඇති මිනිසුන් ලෙස සමාජයට ගැලපෙන අයුරින් ඇදීමටත් තමා හික්මවා ගැනීමටත් පුරුදු විය යුතු බැවිනි. ඉතින් මා කතා කරන්නේ මේ නිසාම අපේ මිනිසුන් තුල ලිංගිකත්වය පිලිබඳ මහත් අශාවක්නම් ඇතිබවය. මන්ද අපි යමක් සගවන්නට සගවන්නට මිනිස් මනස එහි ඔබ්බට යන්නට උත්සහ ගන්නා බැවිනි. එසේ ඇදුම් තුලින් ආරම්භවන දෙය අන්තර්ජාලයේ ලිංගික දර්ශන සහිත අඩවි තහනම් කිරීම දක්වා දිව යාමත් සමගම ඇතිවන තත්ත්වයද මින් විශාල වෙනසක් නොපෙන්වයි.

තාක්ෂනයත් ඒ එක්කම දියුණු වෙලා (Influence of Technology on Sex)

sex search

මීලග කරුණ නම් අපේ ජනයාට තාක්ෂණය ගමන් කිරීමේදී ඒ සමග බුද්ධිය හා දැනුම ගමන් නොකිරීමයි. ඒ මෙසේය; දැන් ඔනැම ගෙදරක අවම වශයෙන් ජංගම දුරකතනම 3ක් 4ක් ඇත. තවද ඒ අතර දෙක දෙක ඇති අයද බහුලය. ඉතින් මේ අයට තමන්ගේ නිදහස් කාලය ගතකිරීමට ඇත්තේ තමන්ගේ ජංගම දුරකතනයයි. අන්තර්ජාලය තුල ෆේස්බූක් (facebook) හැරෙන්නට බොහෝ දෙනා දන්න එකම කී වර්ඩ් එක වන්නේ සෙක්ස්ය (SEX). මන්ද ඔවුනට තමන්ගේ නිදහස් කාලය තුල අන්තර්ජාලය තුල වෙනත් දෙයක් සොයා තම දැනුම වර්ධනය කර ගන්නට තරම අවශ්‍යතාවක් මෙන්ම ඉන්ගිරිසි දැනුමක්ද නැත. ඉතින් මෙවැනි තත්වයක් තුල සෙක්ස් යන්නට ලොකු තැනක් ලැබීම සාමන්‍යය.

සෙක්ස් ඉගෙන ගන්න තියෙන පොත් (In-properly written Sexual guides)

තවද පාසලේ හිමිහිට ලෙස්සා යන සෙක්ස් පාඩම ලබාගන්නට විවිධ පොත්පත් බිහිවීම තවත් එක බැ‍රැරුම් කරුණක්  බව කිව යුතුය. ඒවායේ ඇති සමහර කරුණු සොයන්නට ඉන්ටර්නෙට් එකටම ආ යුතුය. විවිධ නම්වලින් එලියට එන මෙවැනි ග්‍රන්ථ බොහොමයක අවසාන අවශ්‍යතාවය වන්නේ මිනිසුන්ගේ හැගීම් උත්දීපනය කිරීම තුලින් කීයක් හෝ අත මිට මොලවා ගැනීමය. ඒවා ලියන අයවත් ඒවයේ ඇතිදැ අත්හදා ඇත්දැයි මා නොදනිමි.

මේ සමග ලිංගික අධ්‍යාපනයත් අඩුයි (lack of Sexual Education)

ඉතින් මෙවැනි තත්වයක් තුල ඇතිවන තරුණ පරපුර ලිංගිකත්වය සොයන්නේ ‍ෆිල්ම් හෝ එකේය, එසේත් නැත්නම් අන්තර්ජාලයේය. එවැනි තත්ත්වයක් තුල ශ්‍රි ලන්කාවට මෙවැනි තත්ත්වයක් උදාවීම සමාන්‍යය කරුණකි. ඒ කෙසේ උවද අප මෙම සම්මනය පිට පිට තෙවතාවක් ලබා ගැනීම තුල මෙය කාලීන ගැටලුවක් ලෙස සාකච්ඡා කල යුතු මට්ටමට පැමින ඇත. ඒත් මෙතරම් සාක්ෂරතාවයක් හා බුද්ධියක් ඇති ශ්‍රි ලංකාවේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම යම් ආකාරයක විමතියට කරුණක් බව ඔබට හැගෙනු ඇත. එසේ නමුත් මාගේ දැනුම අනුව එය සිදුවිය හැකිය. මන්ද ඔතරම් පරිහානියට ගිය අප්‍රිකානු රටවල පවා නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබීම සිදුකරයි. ඔවුන්ගේ ඒඩ්ස් යම් තරමකට හෝ පාලනය වන්නේ මේ නිසාය.

පියවර ගැනීමට කාලය උදාවී ඇත (Need to take necessary steps)

sex education in sri lanka

 

 

 අවසන් වශයෙන් මෙය අපට පාඩමක් ලෙස සැලකිය යුතු කාලය පැමින ඇත. ලංකාවේ සියදිවි නසා ගැනීම වැඩිවීමත් සමග මානසික සෞඛය වැඩිදියුනු කරන්නට ඒ කාලයේ හිටි පාලකයන්ට බුද්ධියක් තිබුනු බව කිව යුතුය. අදද එවැනි පාලකයන් සිටිතැයි විශ්වාස කරන මා ඔවුන්ගේ අවධානය මෙයට යොමුවේවායි පතමි. විශේෂයෙන් අධ්‍යාපන හා සෞඛය ක්ෂේත්‍රවල සහභාගීත්වය මත පොතට සීමාවු ලිංගික අධ්‍යාපනය ලමා කාලයේදීම බුද්ධියට ලබා දිය යුතුය. එසේ නොමැතිව ෆෙස්බුක් තහනම් කිරීම, සෙක්ස් සයිට් තහනම් කිරීම මගින් මෙය විසදීමට යමෙක් සිතන්නේ නම් එය මිරිගුවකි. මන්ද ප්‍රශ්න විසදීමට පැලැස්තර ඇලවීමේ කාලය පසුවි දැන් බොහෝ කල්ය. දැන් අවශ්‍යව ඇත්තේ එවැනි ගැටලුවලට මුහුන දිය හැකි ශක්තිමත් තරුණ පරපුරක් නිර්මාණය කිරීමය. විමසුමට හා විවාදයට විවෘතය.

ලිංගිකත්වය සමඟ ගොඩ නැගුනු අසාමාන්‍යය ලිංගික ක්‍රියා…

ලිංගිකත්වයේ අවශ්‍යයතාවය…(need of sexuality) මානව ලිංගිකත්වය හා ප්‍රජනනය යනු එකිනෙකින් වෙන්කර ගැනීමට අපහසු වු කරුණු දෙකක් වේ. වඩා වැදගත් වන්නේ ලින්ගිකත්වයද එසේත් නැතිනම් ප්‍රජනනයද යන්න පිලිබඳ මාගේ අදහස කුමක් වුවද මානව පැවැත්මේ මුලික අරමුණ වන ප්‍රජනන්යෙන් ඔබ්බට ගොස් ලිංගිකත්වය තුලම හිස ගල්වාගෙන පවත්වාගැනීම කොතරම් වැදගත් වේ දැයි සිතීම ඔබටම භාරකරන්නට සිත්නි. …

5 thoughts on “ලංකාවේ සෙක්ස් ඇයි තවම මෙච්චර ප්‍රාථමික…? (Lacks in Sri lankan sexual education)”

  1. ලංකාවේ ඔය ගැන ගැටලුවක් දශක ගණනාවක් තිස්සේ තිබුනා.දැන් ඕක පුපුරා යන අවධිය.ප්‍රශ්නය ලංකාවේ ඉන්න සංස්කෘතික ඔස්තාර්ලා තීරණ ගන්න පු‍ටු වල ඉන්නකොට එයාලා ලිංගික අධ්‍යාපනය කියන වදනටත් බයයි.ලංකාවේ රාජ්‍ය නාලිකාවක ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් අනිවාර්ය නිවාඩු යැව්වා ලංකාවේ මේ වගේ දැවෙන ප්‍රශ්නයක් ගැන වැඩසටහනක් හදලා.

  2. @himapiyali ඔයා කියන දේ ඇත්ත තමයි. අධ්‍යාපනය මොනවා ගැන වුනත් එක පාලනය කරන අයට බාධාවක් වෙන්න ඇති.. 🙂

  3. ඔබ කතාකරන්නෙ අතිශය සංකීර්ණ ගැටලුවක් ගැන. මගේ මිතුරෙක් සිටිනවා රෝහලක ඉංජිනේරු රාජකාරියක් කරනවා. ඔහු පවසන ආකාරයට සහ මා සමහර රෝහල් ගැන හොදින්ම දන්න ආකාරයට සමහර රෝහල් වල වෛද්‍යවරු සහ වෛද්‍යවරියන් අතර පවා දැඩි ලිංගික අසහනයක් පවතිනවා. සමහර අයට දිනකට වතාවක් ලිංගිකව හැසිරුනත් එය මදි.
    සමහර විට එය අපේ ජානගත දෙයක් වන්නත් පුුලුවනි. කොහොම හරි සමාජය් උගතුන් හදනවා අනේ අපි සර්ච් කරන් නැහැ පහල අය තමයි කරන්නෙ කියල ඇග බේරගන්න. නමුත් හැමෝගෙම අවුලක් තමයි මෙතන දි තියෙන්නෙ..

    සම්බන්ධතාවයක් ඉතාම දැඩි ලෙස ශක්තිමත් වන තුරු ලිංගික කටයුතු නොකල යුතුයි කියන සමාජය මගින් ඇතිකරල තියෙන මායාකාරි සිතුවිලි නිසාත් අද කාලෙ ලිංගික සුවය කියන එක ප්‍රාෙයා්ගිකව විඳන්න අති බහුතරයකට අවස්ථාව නොලැබිල තියෙනවා. ඒ නිසාම මිනිස්සුන් සයිබරය හරහා තමුන්ගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරාගන්න කල්පනා කරනවා ඇති.

  4. @amilac2014 ඇත්ත කොච්චර සංකීර්ණ වුනත් ප්‍රශ්නයක් තියනවනම් විසදුම් හොයන එක අනිවායයි නේද…? මේ සඳහා හේතු ගනනවක් තියෙන්න පුලුවන් කොහොම වුනත් මගේ මූලික අවධානය ලිංගික මනෝ විද්‍යාව හා ලිංගික අධ්‍යාපනය තුලට යෙදවුවේ එ පිලිබඳ මගේ දැනුම නිසයි. අනෙක් ක්ෂේත්‍ර වල අයටත් පුලුවන් ඒ ගොල්ලන්ගේ අදහස් කියන්න..

    ඇත්තෙන්ම සමාජයේ ඉන්න හැමොගෙම අතර ලිංගික සම්බන්ධතා කියන එක තියනවා. ඒ නිසා ඒක හැමෝගෙම අවශ්‍යතාවයක් වෛද්‍යවරුන්ට කියලා ඒකේ වෙනසක් නැහැ. සමහර විට ඔවුන්ට තිබෙන මානසික අසහාකාරී තත්ත්වයත් එක්ක එය වැඩි වෙන්න පුලුවන්. අනික එක දාහරනාක් අරගෙන විශ්ලේෂණය කිරීම ටිකක් අමාරු කාරණයක් නේද..?

    ඇත්ත තමයි හැමෝම කැමති පහලට ඇගිල්ල දික් කරන්න, ඒක ඉහලට යොමුවෙන අවස්ථාවක් දකින්න ලැබැන්නේ නැති තරම්. එහෙමත් නැත්නම් තමන් දිහාට යොමුවන අවස්ථාවන් වත් පැවතිය යුතු වෙනවා. එහෙම නොවුනොත් විසදුම් සෙවීමක් වෙන්නේ නැහැනේ..

    අනිත් දේ තමයි, නිසි සමන්ධතාවයක් පැමිනෙනතුරු ලිංගික සබදතාවයක් පැවැත්වීම අවශයද නැද්ද යන්න.. හොද ලින්ග්ක අධ්‍යාපනක් තියෙනවනම් තමන් කරන දේ පිලිබඳ අවබෝධයක් තිබෙනවාම් එය ප්‍රශනය්ක් නැහැ. මොකද මේ නිසා තමයි අපේ සමාජය ගොදක් සමාජ රෝග වලින් ආරක්ෂාවෙලා ඉන්නෙ. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම අධ්‍යාපනයක් නැති එකනේ 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *