ලොකේ පිරෙන්න යකඩ තිබුනත් අපි තවම යකඩ ඌනතාවයෙන්

iron deficiency

පසුගිය සතිය සෞඛ්‍ය කැලැන්ඩරයට විශේෂ වුයේ එය ලෝක පෝෂණ සතිය වු බැවිනි. ඒ අනුව ශ්‍රී ලංකාව තුල ප්‍රධාන අවධානය යොමු වු කරුණ වුයේ නිරක්තය හෙවත් රක්තහීනතාවයයි (anemia) . මෙයිනුත් යකඩ ඌනතාවය Iron deficiency) නිසා ඇතිවන් රක්තහීනතා තත්ත්වය ගැන වැඩි අවධානය යොමු කිරීමේ අරමුණෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක විය.

මෙයට හේතු වු කරුණු ගණනාවක් පවතින්නට ඇත කෙසේ වුවද යකඩ ඌනතාවය බහුල වීමත් එය පහසුවෙන් පි‍ටුදැකිය හැකි වීමත් මෙයට හේතු වන්නට ඇතැයි සිතමි. උදාහරණයක් වශයෙන් අවුරුද්දට අඩු දරුවන්ගෙන් (Infants)1/5ක්ද පාසල් ගමන අරඹන දරුවන්ගෙන් (pre school children) 1/3ක්ද යකඩ ඌනතාවය නිසා ඇතිවන නිරක්තය තත්ත්වට ගොදුරු වී ඇතිබව සෞඛ්‍ය වාර්තා වලට අනුව සඳහන් වේ.

යකඩ ගැන මෙතරම් කතා ඇයි? (Imprtnace of Iron)

යකඩ එසේත් නැතිනම් Fe (Iron) අප අහර වලට අඩංගු වියයුතු අත්‍යාවශ්‍යය මුලද්‍රව්‍යය කිහිපයෙන් එකකි. මෙහි කාර්යයන් ගණනාවක් පැවතුනද වඩාත් වැදගත් කාර්යය වනුයේ රුධිරයේ පවතින රතු සෛල (Red cells) නිපදවීමට අවශ්‍ය හිමොග්ලොබීන් (haemoglobin/ Hb) නම් සංඝටකය නිපදවීම සඳහා යකඩ වල දායකත්වයයි.

එබැවින් රුධිරයේ අවශ්‍යය තරම් රතු සෛල ප්‍රමාණයක් හා හිමොග්ලොබින් ප්‍රමාණයක් අවත්වාගැනීමට යකඩ ඉතා වැදගත් වේ.
යකඩ ආහරයට එක් ගන්නේ කෙසේද? (How to add Iron to meal)
මා මුලින් සඳහන් කල පරිදි ලෝකයේ බහුලම ලෝහ වර්ගය වන්නේ යකඩයි. එසේ නමුත් මෙය බොහෝ දුරට ඌනතා තත්වයක් ඇතිවීම දක්වා ගමන් කිරීමට තරම් හේතුව වන්නේ කවරක්ද යයි සලකා බැලුවහොත්; පසේ ඇති යකඩ පවතින්නේ (Fe3+) ලෙසය එවා ශාක වලට උරාගෙන අපට සපයන්නේද එලෙසය. නමුත් ශරීරයේ අවශෝෂනය වන්නේ (Fe2+ ) තත්ත්වයේ පවතින යකඩය. ඒ අනුව ශාකමය ආහර වල පවතින යකඩ ශරීරයට අවශෝෂණය අපහසුවේ.

යකඩ ඌනතවය අඩු කිරීමට මාංශමය ආහාර සුදුසුද? (Importance of animal origin foods to prevent Iron deficiency)

iron containing foods

මාංශමය ආහාර යකඩ ලබා ගැනීමට ඉතා හොද ආහාරයකි
මාංශමය ආහාරවල පවතින යකඩ හීම්(Heme) නම් වු ආකාරයකින් පවතින අතර ඒවා ශරීරයට අවශෝෂණය ඉතා පහසුය. ඒ අනුව දෛනික යකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මාංශමය ආහාරවල වැදාත්කම ඉතා ඉහලය. සැමදාම නොවුවද සතියකට දින කිහිපයක් මස්, මාලු කරවල, හෝ වෙනත් මංශමය ආහර ගැනීමට අවම වශයෙන් කුඩා කාලයේදීවත් අවදානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

නිර්මාංශිකයන් යකඩ ලගා ගන්නේ කෙසේද? (Better options for the vegetarians)

නිර්මාංශික පුද්ගලයන් තම යකඩ අවශ්‍යතාව කෙසේ හෝ ශාකමය ආහර වලින් ලබාගත යුතුය. එබැවින් ශරීරයේ අකඩ අවශෝෂණය වැඩි කිරීමට කටයුතු කල යුතුය. ඒ අනුව;
1. ආහාර වලට දෙහි (lime) එකතු කිරීම
2. ප්‍රධාන ආහර වේල් ආසන්නයේ තේ බීවෙන් (avoid tea) වැලකීම ඉතා වැදගත්ය.

මෙවැනි ක්‍රියාමාර්ග මගින් යකඩ ඌනතා තත්ත්වය අවම කල හැකි වනු ඇත. එබැවින් ඒ සඳහා කටයුතු කරන්න.

 

 

One thought on “ලොකේ පිරෙන්න යකඩ තිබුනත් අපි තවම යකඩ ඌනතාවයෙන්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *