සිතට කඳුලු දැව‍ටුනු මොහොතක් ( A movement of emotionally impressed)

confident_smile

ඉතා කාර්යය බහුල මසක් ගෙවී යමින් පැවතුනි. සෙනසුරදාවක් ඉරිදාවක් කියා කිසිදු නිවාඩුවක් නැති යම්තරමක විඩාවක් එක් කිරීම් නිසාම ඒ පිලිබඳ මගේ තිබු ඇල්ම යම් ආකාරයකින් අඩුවී ගොස් තිබුනි. දුරුතු පොහෝ දින (Duruthu Full moon poya Day ) උදාවෙමින් තිබින. වෙනදාට මද නිදහසක් ලබා ගැනීමට බලා සිටිනා මා මෙම දුරුතු පොහොය උදාවනතෙක් බලා සිටියේ වෙනකක් නිසා නොව මගේ නිවසට වාර්ෂිකව යෙදෙන පොහෝ දින දානය (Annual Dana Pinkama) එදිනට යෙදෙන බැවිනි. මා හට බොහෝවිට ඉතා බැ‍රැරුම් ඉවුම් පිහුම් කටයුතු වලට සම්බඳ වන්නට නොලැබුනද කරන්නට අවශ්‍යතරම් වැඩකටයුතු තිබින. වෙනදා මෙන්ම උපසක උපසිකවන්ට දානය ප්‍රදානය කරන අයූරු මම සිහිනෙන්ද සිහිකලේ මා එතරම්ම එයට ඇලුම් කල බැවිනි.

බොඳව ගිය සිහිනය (loss of a dream)

ඒ කෙසේ වුවද සියලු සිතුවිලි හිරුදු‍ටු පිණිමෙන් දියව ගියේ පොහොය දිනද අපගේ වාට්‍ටුවට වැඩ කටයුතු බහුල (casualty Day) එකක් වු බැවිනි. එදින රාත්‍රි 10 වනතුරු වැඩ කටයුතු තිබූ බැවින් වෙනදාඅ සුපුරුදු ගැටබේ බෝධියද (Gatabe Temple) මදකට අමතක කර දැමීමට සිදුවිය. ඒ පොහොය කියා ලෙඩ හැදෙන්නේ නැතුව යනවයැයි යන අපගේ පොදු සිතුවිල්ල මනසේ රදවාගෙන උදැසනින්ම වට්‍ටුව වෙත පිටව ගියෙමි. වෙනදා තරම් කාර්යය බහුල නොවුනේ මෙවරනම් බොහෝ දෙනාට පන්සල් සිහිවීම විය හැකිය. ඒ කෙසේ වුවද මා හට රත්‍රී වනතුරු ‍රැදී සිටීම අනිවාර්යය විය.

සිතගත් සැදැව (A nice evening)

ඒ අතර සවස් වරුවේ තේ පනය සඳහා ගිය මා වට්‍ටුව දෙසට එමින් සිටියෙමි. ඒ මොහෝතේ මා දු‍ටු දර්ශනය මා සිත තුල කොතරම් සංවේගයක් හා ශ්‍රද්ධා සිතක් ජනිත කලෙද යත් ඒ සිදුවීම අදද එලෙසම මගේ මනස තුල ඉතා දැඩිව සිත්තම් වී ඇත. ඒ වෙනකක් නොව ඉතා සුලු සිදුවීමකි. එසේ නමුදු ඉතා හැගීම් බරය.

මා පසුකරමින් උන්නේ තවත් ශල්‍යය රෝග (surgical ward) වට්‍ටුවකි. එහි කොතරම් රෝගීන් සිටියේද යත් වට්‍ටුව තුල, පිටත මෙන්ම , ඇදන් යටද ඇති වෙන්නට රෝගීන් විය. ඒ අතර බොහෝ දෙනා දියවැඩියා රෝගීන්(Diabetes patients) විය. දීර්ඝ කාලීනව පවතින සුවයක් නොවන තුවාල සමග පැමිනෙන මෙම රෝගීන් සමහර විටෙක අවසන් වන්නේ පාදයක් අහිමි වීමෙන්ය. මේ ඒ ගැන නොවුවත් යමක් සඳහන් කලේ දියවැඩියාව එතරම්ම කරදරකාරී රෝගයක් බැවිනි.

රෝගියෙකුගෙන් ආදර්ශයක් (A nice guidance from a patient)

මේ වට්‍ටුවේ එලියේ ඇති එක් ඇදක සිටි එක් රෝගියෙක් විය ඔහුද මා කලින් සඳහන් කල දියවැඩියාව නම් රෝග තත්ත්වය නිසා අබල දුබල වී ගිය අයෙකි. ඔහුගේ දකුනු පස පාදය පිහිටා තිබුනේ දනහිස දක්වා පමණි. ඉතිරිය දියවැඩියාවට පුජා කර ඇත. මෙම රෝගියා තමන්ගේ කැම මුල ගෙන ලිහන්නට වුයේ තම රාත්‍රී ආහාරය ගන්නටය. ඒ අතර තමන්ගේ ඇද යටින් සිටින රෝගියාට රාත්‍රී ආහාර වේල නොලැබේ බව ඔහු දැන් ඉන්නට ඇත. කෙසේ හෝ කැම ආරම්භ කරන්නට ගිය ඔහු තම බත්මුලෙන් භාගයක් මුලින් සඳහන් කල පුද්ගලයාට ප්‍රධානය කලේ ඉතා කරුණාවෙනි. ඒ දුට් මගේ සිත්ද කරුනාවෙන් තෙත් වන්නට විය.

මේ සියල්ලට ඉතා විශාල කාලයක් ගත නොවුවද මගේ ගමන අතර තුර දක්නට ලැබුනු ඉතා සංවේදනීය දෙයක් විය. ඒ පොහොය දිනයේ මා දානය දෙන්නට ගෙදර යන්නට බලා සිටින මොහොතක මේ රෝගියා තමන්ට ලැබුනු ඉතා ස්වල්ප මොහොතින් ඉතා විශාල පුණය කර්මයක් කරගන්නට ඇත. එපමනක් නොව එය මාගේ මනසටද යම් ප්‍රාණයක් ඇති කරන්නට සමත්විය. සාමාන්‍යයෙන් වෛද්‍යය සිසුවෙකු ලෙස මාද වට්‍ටුවක් තුල ඉතා විශාල කාර්යය භාරයක් සිදු කරයි. එසේ වුවද ඒ පිලිබඳ ඉතා විශාල අවධානයක් යොමුකිරීමට තරම් අප සිත් යොමු නොකරයි. ඔහුට පින් සිදු වන්නට අද මගේ මනසටද ඉතා විශාල ඉලක්කයක් පැමින ඇත. එයනම් මගේ සේවා අවදානයෙන් හා ඉතා කරුණාබරිත හදවතකින් සිදුකිරීමය.

කුසල්  හා මුදල්

සිතට කඳුලු දැව‍ටුනු මොහොතක් ( a movement which impressed me)

බුදු වදනට අනුව කුසල් ‍රැස්කිරීමට සැම විටම මුදල් අවශ්‍යා නොවේ. ඔබ වැය කරන මුදල මත කුසලය වැඩි නොවේ . වඩා වැදගත් වන්නේ ඉඩ ලැබෙන සෑම අවස්තාවකම කුසල් සිත උපදවා ගැනීමය.

අප්පමදෝ අමත පදං – ප්‍රමාදෝ මච්චිනෝ පදං

අප්‍රමාදව කුසලයේ යෙදෙන්න..

4 thoughts on “සිතට කඳුලු දැව‍ටුනු මොහොතක් ( A movement of emotionally impressed)”

  1. ලස්සන හරවත් කථා. ඔක්කොම කියවන්න වෙලා නෑ. වැඩට යන්න සැරසෙනවා. නැවත එන්නම්. ඔබට ජය!!

  2. මේ වගේ ඉතා කුඩා සිද්දියක වුනත් සංවේදී ජීව ගුණය ග්‍රහණය කර ගන්න හැමෝටම බැහැ . ඒ අතින් ඔබ වැන්නෙක් එය දැකීම නිසා අර රෝගියාගේ පින දෙගුණ තෙගුණ වෙනවා. මොකද ඔබ ජීවිතයට එයින් දර්ශනයක් ලබා ගන්නවා, දෙවැන්න මේක කියවන සියගනනකගේ හදවතේ කම්පනයක් ඇති කරවනවා. පුංචි බත් කටකින් කරන්නට පුළුවන් දෙයක මහත!

  3. @chandana Gunasekara ඔබගේ අදහසටත් ස්තුතියි, ඉදිරියටත් කියවවි කියල හිතනවා..

  4. @Thilaka Sitha ඇත්තෙන්ම මහන්සිය හා බලාපොරොත්තු බිදවැටීමෙන් කම්පිත වූ මගේ සිත සිහිල් කිරීමම ඔහුගේ පින දෙගුන්න වන්නට ඇති නේද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *