සර්පයන් සේ බිත්තර ගිලීම හා ගිල්ලවීම (Method of Sri Lankan Egg consumption)

සර්පයන් යනු ලැබෙන බිතතරයක් ගිල දැමීමට රුසියන්ය. අන්දරේට කිරි පැනි ලැබුනා සේ සර්පයන්ටද බිත්තර යනු දිව්‍යමය ආහාරයකි. ඒ අතර ගැරඩින්, නයන් වැනි එවුන් ප්‍රමුඛය. ඒ කෙසේ වුවද අද මාර්තෘකාව සර්පයන් නොව බිත්තරය. සර්පයන් බිත්තර ගිල දමන ආකාරය විමසීම පසුවට කල්දමා අප බිතතර දෙස යොමුවෙමු.

බිත්තර යනු අද වන විට ශ්‍රි ලංකාව තුල ඉතා ජනප්‍රිය අහාරයක් බව පෙනේ. බිත්තර තම්බා, බැද, ඔබ්ලට් දමා හෝ, ආප්ප හෝ රොටී වලට දමා හෝ විවිධ ආකාරයෙන් පුලුස්සා ආහාරයට ගැනීම අපගේ සිරිතයි. ඒ අතර බිත්තර අමුවෙන්ම ගිල දමන්නන්ද සිටිති. ඉතා ජනප්‍රිය වන බිත්තර අද රට තුල දිනපතා නැතිවම බැරි ආහාරයක් වේ. ඉතා හොද ප්‍රෝටීනමය ආහාරයක් වන බිත්තර ඉදුල් කටගෑ කුලුදුලාගේ පටන් වැඩිහිටි අබල දුබල වු සැමට ගුනදායක ආහාරයක් ලෙස සමාජයේ මතයක් පවති.

 

snake-egg
 

 

 

 

 

 

 

බිත්තර වල ආගමනය.. (beginning of history of eggs)

සිරි ලංකාව අතීතය තුල සහලින් ස්වයන් පෝෂිත වු බව අප දනිමු. ඒ අතර එය අගාධයට ගියේ සුදු ජාතිකයන්ගේ පැමිනීමත් සමගය. එය එසේ වන්නේ අපගේ ආහාර ඔවුන්ගේ ආහාර නොවු බැවිනි. ඔවුන්ගේ ආහාර වුයේ යකඩ, මිණිමුතු මෙන්ම රබර් වැනි දේය ඒ අතර ඉදහිට බඩට කියා පිටි සහිත යමක් ගන්නට ඔවුන් පුරුදුව සිටියහ. ඒ සමග ගැනීමට වඩාත් සුදුසු වු ආහරය වන්නේ බිත්තරය. එමගින් තිරිගු වලින් ලැබුනු අඩු පෝෂක ගුණය මකාලන්නටද සමත්විය. ඒ සමගම ශ්‍රි ලංකාව තුල සහල් නිෂ්පාදනය අඩාල වන්නේ ඔවුන් වෙනුවෙන් ආවඩන පිරිසක් බිහිවීම නිස වන්නට පුලුවන්. මන්ද සුදු ජාතිකයන්ගේ පයට පෑගුන දෙයක් වුවද අපේ මිනිසුන්ට එදා රන් රිදී වැනි විය. ඒ තුල බත් වෙනුවට වෙනත් ආහාර වලට යොමු වන්නට ඇත. පාන් හා වෙනත් නිෂ්පාදන වල අගමනය කෙදිනක සිදුවුයේදැයි හරිහැටි නොදන්නා මා එවා ශ්‍රි ලාංකික අපටනම් ගුනදායක නොවන බව සක්සුදක් සේ දනිමි. මෙලෙස බිත්තර වැනි ආහාරද ජනප්‍රිය වන්නට ඇත ( බිත්තර අතීතයේ නොගත් බව මම නොකියමි, නමුත් එය ඉතා ජනප්‍රිය නොවුබවනම් දනිමි.)

Continue reading

ලිංගිකත්වය සමඟ ගොඩ නැගුනු අසාමාන්‍යය ලිංගික ක්‍රියා…

ලිංගිකත්වයේ අවශ්‍යයතාවය…(need of sexuality)

sex in sinhala

මානව ලිංගිකත්වය හා ප්‍රජනනය යනු එකිනෙකින් වෙන්කර ගැනීමට අපහසු වු කරුණු දෙකක් වේ. වඩා වැදගත් වන්නේ ලින්ගිකත්වයද එසේත් නැතිනම් ප්‍රජනනයද යන්න පිලිබඳ මාගේ අදහස කුමක් වුවද මානව පැවැත්මේ මුලික අරමුණ වන ප්‍රජනන්යෙන් ඔබ්බට ගොස් ලිංගිකත්වය තුලම හිස ගල්වාගෙන පවත්වාගැනීම කොතරම් වැදගත් වේ දැයි සිතීම ඔබටම භාරකරන්නට සිත්නි. එබැවින් ඒ පිලිබඳ ඔබම මදක් සිතා බලන්න. කෙසේ වුවද මිනිසා නම් ජීවියාගේ පැවත්මට ප්‍රජනනයට වඩා ලින්ගිකත්වය ඉතා වැදගත් සාධකයක් බවනම් නොරහසකි.

ලිංගිකත්වය වැදගත්වන්නේ ඇයි…(importance of sex)

ඔබ කුඩා වසු පැටවෙකු දැක ඇත්නම්, එසෙත් නැත්නම් වෙනත් ඕනැම ක්ෂිරපායි සතෙකු සැලකුවද පොඩු ලක්ෂණය වන්නේ උපන් මොහෝතේ පටන් ඔවුන් ස්වාධීනත්වය සොයා ගමන් කරන බවයි. දෙමාපියන්ගෙන් ඔවුනට ලැබෙන්නේ ඉතා සුලු උපකාරයක් පමණි. එසේත් නැතිනම් නැති තරම්ය. මිනිස් දරුවා ඉපදී අවුරුදු එකකින් ඇවිදින විට වෙනත් එකෙකු පැයකටත් වඩා අඩු කාලයකින් ඇවිදීම අරබන්නේ එසේ නොකරන එකෙකු උපන් මොහොතේම ස්වාභාවික වරණයට ලක්වීමට ඉඩ හසර සලසමිනි.

Continue reading

සිංහලෙන් සෞඛය ගැන ලිවීම

ශ්‍රි ලාංකීය ඊ තාක්ෂණය……

e-learning
කියන්නට බොහෝ දේ ඇත. ඒ මොනවාදැයි කියන්නට මා යුහුසුලු නොවෙමි. එසේ නමුදු වෛද්‍යය ශිෂ්‍යයෙක් ලෙස මා හට සුවපත් හෙටක් හැරෙන්නට පතන්නට දෙයක් නොමැත. එහෙයින්  මා හට ඉද හිට ලැබෙන සුලු විරාමයෙන්, ඔබගේ දිවිය සුවපත් කරන්නට උපදෙස් කිහිපයක් දීම මෙන්ම සුවපත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීම පිනිස අවශ්‍යය ප්‍රවාදයක් ගොඩනැගීම මාගේ කාර්යය භාරය කර ගැනීමට සිතුනි. ඒ තුල කතා කරනට බොහෝ මාතෘකා ඇතත් කාලය තරම වේගයෙන් මගේ අතැගිලි වලට ක්‍රියාත්මක නොවීමට ඇති හැකියාව නිසාම ඉද හිට ඉගෙනුමට යොදාගතයුතු ස්වල්ප වු හෝරා කිහිපයෙන් සොරාගන්න මිනිත්තු කිහිපයක් ඇතුලත කියන්නට හැකි බොහෝ දේ කියන්නට යුහුසුලු වෙමි. මාගේ බ්ලොග් කරනයේ මූලික අරමුණ මීට වඩා කියන්නට උත්සහ නොකරමි. එය ඉදිරියේදී ඔබම අත්විඳිනු ඇතැයි විශ්වාස කරමි. ඒ මොහොත උදාවන තුරු ඇගිලි ගනිමින් බලා සිටිමට වඩා සිතේ ඇති සිත්තම ඔබ වෙත පුදන්නට මගේ අතැගිලි යුහුසුලු වනු ඇත.

මා ඉගෙනගත් තාක්ෂණය…

කුඩා කල ගණිතය හා විද්‍යාවට පමනක් ඇලුම් කල මා බෞද්ධ ධර්මය, ඉතිහාසය, දේශපාලනය මෙන්ම සහිත්‍යයටද යොමුවූයේ මගේ තුරුණුවිය එලබීමත් සමගය. ඒ කාලයේ මා සමාජ අධයනය විෂය සඳහා ඉගෙනගත් පුරාණ ඉදිකිරීම් තාක්ෂණය අදද මගේ සිත තුල සිතුවමක් සේ ඇදී ඇත. යෝධ ඇල, කුට්ටම් පොකුණ මෙන්ම සීගිරියද ඒ අතර වේ. මෙවැනි නිර්මාණ මා තුල ශ්‍රි ලංකීය අභිමානය ජනිත කල අවස්ථා අපමණය.

Continue reading