ලංකාවේ සෙක්ස් ඇයි තවම මෙච්චර ප්‍රාථමික…? (Lacks in Sri lankan sexual education)

Sexual activities in sri lanka
පුංචි නිවාඩුවකට කියලා මා ගෙදර ආවේ ඉතා දිගුකාලයකට පසුවය. ඒ ටිකක් නිදහසේ කාලය ගෙවන්නය. මෙවර අවුරුද්දද අහිමි ඌ මට නත්තලහරි නිදහසේ විදින්නට ලැබීම සතුටකි. මේ ඉතා සුළු කාලය වුවද මා හට ඉතා දිගු කාලයක් යැයි හැඟුනේ වෙනකක් නිසා නොව අන්තර්ජාලයෙන් මදකට දුරස් වන්නට සිදුවීම නිසාය. ඔබ වෙනුවෙන් ලියන්නට අවස්ථාවක් නොලැබුයේ එනිසා වන්නට ඇත. ඒ කෙසේ වුවද නිදහස වැඩිවන තරමට මිනිසුන්ට සිතන්නට දේ එකතු වෙනවා සේම මා හටද බොහෝ දේ කතා කරන්නට ඇතැයි සිතුනි. ඒ අතරින් ඉතා ආසන්නම සිදුවීම වුයේ ගූගල් සමාගම විසින් මෑතකදී ශ්‍රි ලංකාව කදිම සම්මනයකට භාජනය කිරීමයි. ඒ වෙනකක් නොව “Sex (සෙක්ස් )” යන වචනය ගූගල් කර ලෝකයේ අංක එකට පැමිනීම යන්නය.

මෙවැනි හපන්කම් අප අතීතයෙත් කලනේ (past history of world records)

ක්‍රිකට් ක්‍රිඩාව හැරෙන්නට ලංකාව ලෝක කුසලානයක් ලබා ඇත්නම් ඒ මෙවැනි දේ වලින් පමණය. සමහර විටෙක සියදිවිනසා ගැනීම් (suicides), වස පානය කිරීම් (poisoning) , මත්පැන්  (alcohol) වලින් වර්ෂ ගණනක් වාර්තා තැබු අපට මෙයත් කජ්ජක්දැයි සිතන පුද්ගලයන් මෙන්ම මේ වාර්තාවට මමත් එක් වරකින් හෝ දායක වීමට ලැබීම කොතරම් සතු‍ටුදැයි සිතන අයද ලංකාවේ ඕනැතරම් සොයා ගන්නට හැකි වනු ඇත. ඇත්තතෙම මේ සමග තවමත් පුර්ව තරුණ වියේ පසුවන මගේ මනස දිව ගියේ පාසල් කාලය එසේත් නැතහොත් මගේ නව යොවුන් කාලය වෙතය.

Continue reading

බල්ලගේ වැඩේ බුරුවා කිරීම හෙවත් කම්කරුවා ලැබ් රිපොර්ට් නිකුත් කිරීම

donky-vs-dog

 

විඩාබර මොහොතක නමුත් නැවතත් අතැගිලි වලින් යමක් ඔබට කියන්නට සිතුනි. අද කතා කරන්න යන්නේ බල්ලා සහ බූරුවා ගැනය. උපතින්ම බල්ලාට විශේෂ වු හැකියාවක් ඇතිබව අපි සැවොම දනිමු. බූරුවාටද යම් හැකියාවක් ඇතිනමුත් ඌට බූරුවායැයි පවසන්නේ ඔහුගේ චින්තනයේ හෝ බුද්ධි මට්ටෙමේ අඩුවක් නිසාද එසේත් නැත්නම් තමන්ගේ හැකියාවන් නොදන්නා නිසාද නැතහොත් වෙන කිසිවක් නිසාදැයි මා නොදනිමි. කෙසේ වුවද මා දන්නා එකම දෙයනම් ඌටද යමක් කල හැකි බවය. ඒ වෙනකක් නොව බර ඇදීමය. අලියෙක් එසේත් නැත්නම් ගවයෙක් හැරෙන්නට මෙය ඉතා පහසු කටයුත්තක් නොවන බව අප සියල්ලන්ම දනිමු. එය බල්ලෙක්ටද කිසිම අයුරකින් කල නොහැක්කක් වනු ඇත.

සුපුරුදු සායනයක මොහොතක් (One day in usual clinic)

වෙනදා මෙන්ම සුපුරුදු ආකාරයෙන් සායනයකට පා තැබුවෙමි. එය ශල්‍ය වෛද්‍ය සායනයකි (Surgery Clinic). එබැවින් තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ රෝගීන්, හර්නියා රෝගීන් මෙන්ම තවත් බොහෝ අය ඒ අතර විය. මීලග රෝගියා යම් ආකාරයක විශේෂ අයෙකු වුයේ වෛද්‍යවරියකගේ මවක් ඌ බැවිනි. එසේ නමුත් ඈ ‍රැගෙන ආ ලැබ් වාර්තා හා ඇයගේ රෝග ලක්ෂණ එකකට එකක් නොගැලපුන බවනම් මටද හැගුනි. එය අතට ගත් විශේෂඥ වෛද්‍යවරයා වහාම ඇමතුවේ වෛද්‍ය දියනිය වෙතය. ඇද තමන්ගේ සියලුම කාර්යන් නවතා කොහේදෝ සිට දිව ආවේ වෙනකක් නිසා නොව ඔහු තමන්ගේද ගුරුවරයෙකු වු බැවිනි.

Continue reading

කර්මය අලුතෙන් ලිවීම හෙවත් වෙලාව බලා සීසර් කිරීම……

සීසර් ශල්‍යකර්මය

 

වෙනදා මෙනම මගේ ජීවිතයට තවත් අලුත් දවසක් ආරම්භ විය. ඉතා වෙහෙසකාරී දිනකට පසු අවසානයට ඔන්න මෙන්න කියා තිබියදී හදිසීයේම මගේ නෙත යොමුවුයේ වෙනකක් දෙස නොව බ්ලොග් පෝස්‍ටුවක් දෙසය. එය එතරම්ම මගේ අවධානය දිනා ගැනීමට සමත් වුයේ එතරම්ම කාලීන වු මාර්තුකාවක් සම්බන්දව එහි කතා කර තිබීමය. ඒ සමගම මගේ මතකයද දිවගියේ වසර කිහිපයකට පෙර ‍රැයක් දහවලක් නැතිව ගතකල කාලයක් පිලිබඳවය. ඒ වෙනකක් නොව මා විසින් නාරි හා ප්‍රසව වේදය හදාරන සමයයි. ඒ කාලය තුල මා විසින් සීසර් සැත්කම් කීයක් නිරීක්ෂණය කලේ දැයි නිසි ආකාර මතකයක් නොමැති මා හට එයින් කිහිපයක් නම් හොදින් මතකයේ ‍රැදී ඇත.

තවත් පින්වත් දරු උපතක්

එය වාට්‍ටුවට තවත් එක දවසක් පමනි. මටද එසේමය. එහෙත් දහස් ගනනක් ජීවිත වලට එක එකම එක දවසක් නොවීය. මන්ද එය ඔවුන් සමහරුන්ගේ ජීවිත කාලයම නෙතු අයා බලා සිටි දිනයක් වු බැවිනි. වට්‍ටුවේ සිට ශල්‍යාගාරයට සෙමෙන් දිවයන මට බලාපොරොත්තුව නැමති ආලොකයෙන් විවිධ මට්ටම් වලින් දීප්තිමත් වු ඇස් දැක ගත හැකි විය. ඒ අතර තවත් එක් පුද්ගලයෙකු විය ඒ වෙනකෙකු නොව වෛද්‍යවරයෙකි. අනෙක් අය තමන්ගේ වාරය එනකම් බලා සිටිනා අතර ඔහු තමන්ගේ වේලාව එනකම් නොයිවසිල්ලෙන් බලා සිටිනු දක්නට ලැබුනි. ඒ වෙනකක් සඳහා නොව තමාගේ කිරි කැටියා දක්නා තුරාය.

මෙම සිද්ධිය මා හට මටකයට නැගුනේ ඉහත පොස්‍ටුවේ තිබු කතාවත් සමගය. කතාව කෙටියෙන් මෙසේය, දිනක් ජොතිර්වේදියෙකු වෙත මිනිසෙකු පැමින දරුවා සීසර් කර ගැනීමට වේලාවක් ඉල්ල සිටි. ඔහුට දරුවා දොස්තර කෙනෙක් කරන්නට අවශ්‍යව ඇත. එබැවින් කෙසේ හෝ වෙලවක් සදන ජෝතීර් වේදියට නැවත නැවත කිහිප විටක් වෙලාව වෙනස් කිරීමට වන්නේ වෙනකක් නිසා නොව වෛද්‍යය වරයාගේ කර්යය බහුලත්වය සහ වෙනත් කරුණු කිහිපයක් මතය. එමගින් අවසන් ප්‍රතිඵලය ලෙස දරුවා වෙලාවක් නොමැතිවම මෙලොව එලිය දකී.

Continue reading

විශේෂඥ වෛද්‍යවරුන්ටත් එහා ගිය විශේෂඥයෝ

patients
වෙනද මෙන්ම වට්‍ටුවට සුපුරුදු අත්දැකීමකි. රෝගියගේ වයස අවුරුදු 65ක් පමන බව දුරන් සිටි මට දක්නට ලැබුනි. ප්‍රෙශර් වැඩිවෙලා, හුස්ම ගන්න බැහැ, වෙනදා මෙන්ම වෙනත් අධි රුධිරට ලක්වු රෝගීන්ගේද ඉදහිට ලැබැන පැමිනිල්ල ඔහුගෙන්ද විය. සියලු විස්තර ඇසු වෛද්‍යයවරයා සායනික පොත ගෙන පෙරලුවා පමනක් දු‍ටු මා එහි කුමක් තිබුනාදැයි නොදැක්කමුදු සියල්ල ඔහුගේ මුහුනේ සටහන් විය. ඔහුගේ සිත තුල කුමන ආකාරයේ චෛතිසිකයක් ගොඩ නැගුනේදැයි නිශ්චිතව පැවසිය නොහැකි නමුදු ඔහු එය උපේක්ෂාවෙන් විදගන්නට උත්සහ කල බව පැහැදිලිය.

චරිතයෙන් දරුණු පුද්ගලයෙක් නොවු ඔහු මුහුන නැවත සකසා ගත්තේ රෝගියාට තදින් අවවාද කිරීමටය. “සීයා මාස 3කින් ක්ලිනික් ගිහින් නැහැ. ඉතින් ඔහොම කොහොමද අපි ලෙඩ හොද කරන්නේ? කට්ටියට අන්ඩුවෙන් නිකන් සල්ලි බෙහෙත් දෙන එක තමයි ප්‍රශ්නේ, සෙරටම මුල ඉදන් සල්ලි ගත්තානම් හරි.” වෛද්‍යවරයා කියගෙන ගියේය. “මේ පාර විතරයි මෙහෙම බාර ගන්නේ ඊලග පාර එහෙම මස ගනන් බෙහෙත් ගන්නෙ නැතුව එන්නේ නැහැ මේ පැත්තේ යැයි පැවසු වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම අරබන්නට සැරසුනේ මොහු ඊලග වර එන්නේත් මෙහෙමය කියා නොදැන නොවේය.

Continue reading

දුවන්නන් වාලේ දිවීම

runing

වෙනදා මෙන්ම උදෑසනින්ම අවදිවු මා කෙලින්ම දිවගියේ විශ්ව විද්‍යාලීය එලිමහන් ක්‍රීඩා පිටියටය. ඒ වෙනකකට නොව සුපුරුදු ව්‍යායම් කටයුතු වලට මොහොතක් වෙන් කිරීම සඳහාය. මා එහි යන විටද එය ජනී ජනයාගෙන් පිරී ඉතිරී නොගියද යම් තරමක ජනකායක් එහි ‍රැස්ව සිටියහ ඒ දුවන්නටය. උදැසනින්ම මෙහි පැමිනි බොහෝදෙනා මෙන්ම මාගේද විනෝදාංශය මෙන්ම පලමු කාර්යය භාරය වුයේ දිවීමය. ඒ අතර විවිද ආකාරයේ පුද්ගලයන් සිටි අතර ඔවුන්ගේ සමාජ තත්ත්වය දැන ගැනීමට මට තිබු මුලිකම සාධකය වුයේ ඔවුන්ගේ ශරීර ප්‍රමාණයයි. ඒ හැරුණ විට ඉද හිට අයෙකුගේ පමනක් ඉහල මට්ටමේ බොටමක් ටී ෂර්ට් එකක් දැක ගත හැකිවිය. ඒ අනෙකුන් දුප්පත් නිසා නොව ඔවුන් බොහොමයක් ක්‍රීඩා පිටිය වෙත ඉතා සුපිරි ඝනයේ ඇදුම් අදින්නට මැලි ඌ නිසා වෙන්නට ඇත.

හැකි පමනින් දුව පැන වයායමක් කර ගත් මා නැවත වරක් නේවාසිකාගරයට දිව ගියේ හැකි ඉක්මනින් රෝහල වෙත දිව යාමටය. මේ අතර මට මුලින්ම හමුවුයේ මවක් සහ දරුවෙකි. ගැහැනුන්ගේ වයස ගණනය කිරීමේ කෙල පැමිනියෙක් නොවු මා දරුවාගේ වයසනම් ගනනය කර ගතිමි. ඒ ඉද හිට වුවද ඇතිවු මොලකැටි සිනාව තුල වු කිරිදත් පමනක් සහිත වු දත් දෙපලෙනි. ඒ අනුව ඔහුට වැඩිම උනොත් අවුරුදු 7ක් විය හැකිය. එසේත් නැත්නම් 8 පමනයැයි මම සිතිමි. මව දුවයි දරුවාද දුවයි. ඒ කුමටදැයි දන්නේ ඔවුන් දෙදෙනා පමණි. සමහර විටෙක අවසාන කඩ ඉම දරුවාද නොදැන සිටියද පුදුමයක් නැත.

ඒ අතර මාගේ කාමරයට පැමිනෙන විට වේලාව 6.30ට පමනය. මගේ මිතුරාද උදැසන ආහාරයවත් නොගෙන දිව ගොස් ඇති හැඩයක් දක්නට ලැබුනි. මාද කඩිමුඩියේ ලක ලැස්ති වි කන්නට දිව ගිය විට පෝලිම පිරි ඇත. මෙහි හිටියොත් අද 9ට වත් යන්නට නොලැබෙන බව දැනගත් මා නොකාම ගමන ආර්ම්භ කලෙමි. එලියට බැසුනු මොහොතේ සිටද සියලු දෙනා දුවයි. ඒ අතර පිරිසක් ඇදුම් සකසමින් දුවන්නේ ඔවුනට අදින්නටවත් වෙලාවක් නොමැති හෙයකිනි.

මේ අතර බසයට නැගුන විට බස් රියදුරුද කලබලයෙන් රිය පදවන්නට උත්සහ කලේ, පරචිත්ත විඥානයක් පහල වී දැයි මට සැක පහල වුනි. නමුත් එය එසේ නොවුයේ මා මෙන්ම සියලු දෙනාම කාර්යට යාමට යුහුසුලු වු බැවිනි. එතරම්ම අප සමාජය තම රාජකාරිය සඳහා කැපවීම පුදුමයකි. රියදුරාට කොතරම් හදිසී වුවද මාර්ගය පුර විසිරුණු ත්‍රී රෝද රථ නිසා ඔහුගේ මාර්ගය අවහිර වන්නට විය. ඔහුගේ ඉයවහ ගිය කෝපය ඉදිරියෙන්ම සිටි මට මොනවාට පැහැදිලි විය.

Continue reading