නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease)

නිදන්ගත වකුගඩු රෝගය

නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) හෙවත් දීර්ඝ කාලීන වකුගඩු අකර්මණ්‍යයතාවය යනු අදවන විට බාල, තරුණ, මහලු වෙනසක් නැතිවම හැමදෙනාටම දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ජලයේ පවතින කඨින බව හෝ බැරලෝහ නිසා නිදන්ගත වකුගඩු රෝගය ඇතිවන බව බොහෝදෙනා අතර මතයක් පැවතියද, උතුරුමැද පලාත හැරුනු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිටින නිදන්ගත වකුගඩු රෝගය සහිත රෝගීන්ගේ ඒ සඳහා හේතුවන්නේ නිසි ප්‍රතිකාර නොලද දියවැඩියාව (Diabetes) , අධි රුධිර පීඩනය (Hypertension) වැනි රෝගී තත්ත්වයි.

 

නිදන්ගත වකුගඩු රෝගය යනු කුමක්ද? (What is CKD)

දීර්ඝකාලීනව වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩුවීම (දීර්ඝ කාලීන වකුගඩු අකර්මන්‍යයතාවය) නිදන්ගත වකුගඩු රෝගය ලෙස හඳුන්වනවා. ඒ නිසාම වකුගඩුවල ක්‍රියාකරීත්වය ක්‍රමානුකූලව අඩාල වී, වකුගඩු මගින් සිදුකරන ක්‍රියාකාරීත්වයන් අඩාල වී යනවා. ඒ අතර ශරීරයේ අමතර ජලය ඉවත් කිරීම (Production of urine), බහිස්‍රාවීය ද්‍රව්‍යය ඉවත් කිරීම (Removal of urine , amonia and other urianary products) , ආම්ලික භාෂ්මිකතාවය පාලනය (Maintainace of acid base balance) සහ අයන සමතුලිතභාවය පාලනය (maintainance of ion balance) වැනි ක්‍රියාකාරීත්වයන් බොහොමයක් පවතී.


නිදන්ගත වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ (Symptoms of Chronic Kidney Disease)

බොහෝ දෙනෙක් වකුගඩු රෝගී තත්ත්ව (Kidney Disease) පිලිබඳ ඉතා අඩු දැනුමක් පවතිනවා. ඒ නිසාම ඔවුන් වකුගඩු රෝගී තත්ත්වයක් ලෙස හදුනාගන්නට උත්සහ කරන්නේ කොන්දේ කැක්කුමක්, මුත්‍රා කරනවිට ඇතිවන අපහසුතාවයක් වගේ රෝග ලක්ෂණයක්. කොහොම වුනත් කාලීන වකුගඩු අකර්මණ්‍යයතාවය නිසා ඇතිවන රෝග ලක්ෂන වෙනස්.

වකුගඩු රෝගවල රෝග ලක්ෂණ
  1. කැම අරුචිය
  2. රක්තහීනතාවය
  3. ශරීරයේ අසාමාන්‍යයා ඉදිමුම
  4. නිතර ඇතිවන මහන්සි ගතිය
  5. අසාමන්‍යය ලෙස පවතින අධික රුධිර පීඩනය


නිදන්ගත වකුගඩු රෝගය ඇතිවන්නේ ඇයි? (Causes for CKD)

නිදන්ගත වකුගඩු රෝගය සඳහා බොහෝ හේතුකාරණා පවතීනවා. ඒ අතර පහත හේතුකාරනා ප්‍රධාන වෙනවා

  1. දියවැඩියාව (Diabetes)
  2. අධික රුධිර පීඩනය (Hypertension)
  3.  රුධිර නාළ ආශ්‍රිත ගැටලු (Vascular problems in kidney)
  4.  කෘෂිකාර්මික වකුගඩු රෝගය (Chronic Kidney Disease of Unknown etiology / CKDu)
  5.  නිතර ඇතිවන මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදන (Chronic urine infections)
  6. Adult Polycystic Kidney Disease
  7. මුත්‍රා ගල් හෝ වෙනත් හේතු නිසා ඇතිවන මුත්‍රා අඩස්සිය (Urinanry Calculi and other obstructive uropathies)
  8. Posterior Urethal Valves in Children


කාලීන වකුගඩු අකර්මණ්‍යයතාවය හඳුනාගන්නේ කෙසේද? (How to identify CKD patients)

ඇත්තෙනම් කීවොත් අපි බොහෝවිට වකුගඩු රෝග (kidney disease) හඳුනාගන්නේ රෝග ලක්ෂණ සහිත රෝගීන්ටත් වඩා සමාජයේ සිදුකරන වකුගඩු පරීක්ෂණ (Community Screening) මගින්. එහෙමත් නැත්නම් දියවැඩියාව (Diabetes) , අධික රුධිර පීඩනය (Hypertension) වගේ රෝගීන්ගේ සිදුකරන සමහර පරික්ෂණ මගින් එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් සඳහා කරන මේඩිකල් ටෙස්ට් එකකින්.

ඊට අමතරව මේ හැම ක්‍රමයෙන්ම මගහැරෙන පිරිස තමයි විවිධ රෝග ලක්ෂණ සහිතව අපිට හම්බවෙන්නේ. ඉතින් ඒ එහෙම හම්බවෙද්දිත් සමහර විට වකුගඩු රෝගය උග්‍ර අතකට පත්වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසාම සෑම වැඩිහිටියෙක්ම වයස 50න් පසු වකුගඩු රෝග සඳහා සිදුකරන පරික්ෂණ වසරකටවත් වරක් කල යුතු වෙනවා. ඒ එක්කම ඉදහිට කරනු ලබන වකුගඩු පරීක්ෂණ (renal screening) සඳහා වයස් භේදයකින් තොරව සහභාගී වීම වැදගත් වෙන්වා.

වකුගඩු සායන

ඉතින් මේ සඳහා විවිධ පරීක්ෂණ ක්‍රම තියෙනවා

  1. Serum Creatinine with eGFR
  2. Urine for RBC/ Protein
  3. Microalbumin Urea


වකුගඩු රෝග සඳහා සිදුකරන ප්‍රතිකාර ක්‍රම මොනවාද? (treatments for CKD in Sri Lanka)

වකුගඩු අකර්මණයතවය සඳහා මූලිකම ප්‍රතිකාර ක්‍රමය වන්නේ නිසි ලෙස රුධිර පීඩනය , දියවැඩියාව හෝ හේතු සාධක වන වෙනත් රෝග කාරකයක් නිසි ආකරයෙන් පාලනය කිරීම හෝ ඉවත් කිරීමයි. ඒ අනුව නිසි රුධිර පීඩනයක් පවත්වා ගැනීම (Blood pressure control) හෝ සුදුසු සීනී මට්ටමක් පවත්වා ගැනීම (Blood sugar control) මගින් රෝගය පාලනය කර ගත හැකිය.

ඩයලිසිස් ප්‍රතිකාරය / රුධිර කාන්දු පෙරහන් ප්‍රතිකාරය (Hemodialysis)

ගොඩක් දෙනෙක් හිතන්නේ වකුගඩු රෝග කීවාම ඩයලිසිස් කියලා. එච්චරටම අද වෙද්දි උග්‍ර වකුගඩු රෝගවලින් පෙළෙන රෝගීන් (End Stage Kidney Failure) වැඩිවෙලා තියෙනවා. ඇත්තටම කීවොත් රුධිර කාන්දු පෙරහන් ප්‍රතිකාරය (Hemodialysis) කියන්නේ වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය ඉතාම අඩු අගයකට පත් උනාම එය බාහිර උපකරණයක් (Hemodialysis Machine) මගින් ලබාදෙන ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් රෝගියෙක්ට සතියට අවස්ථා 2- 3ක් වත් රුධිර පෙරහන් කිරීම (Dialysis treatment) සිදුකල යුතුයි. 

කොහොම උනත් මෙය ඉතා විශාල වියදමක් යන ප්‍රාතිකාරයක් කියලා කියන්න පුලුවන්. මේ සඳහා පෞද්ගලික අංශයේ එක් වරකට රුපියල් 8000ක් පමණ මුදලක් වියදම් වෙනවා. ඒ සමගම රජයේ රෝහල්වලත් ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් මෙම ප්‍රතිකාරය ලබා ගත්තත් , දැනට රට සතුව පවතින උපකරණ ප්‍රාමාණය සියලුම රෝගින්ට අවශ්‍යය ඩයලිසිස් ප්‍රාමාණය ලබා දීමට ප්‍රමාණවත් නැ. ඒ නිසාම ඔබට වකුගඩු රෝගී තත්ත්වයක් වැළදුනොත් නිසි ප්‍රතිකාර ලබා ගැනීම මගින් උග්‍ර වකුගඩු අකර්මණ්‍යයතාවයකට ගමන් නොකර පවත්වාගන්න ක්‍රියාකරනවානම් එය ඉතාම වැදගත් කාරණයක්.

පෙරිටෝනියල් ඩයලිසිස් (Peritoneal Dialysis)

මෙයත් රුධිර වකුගඩු වල ක්‍රියාකාරීත්වය පිටතින් ලබාදීමට හැකි එක් ක්‍රමවේදයක්. මේ සඳහා රුධිර කාන්දු පෙරහන් ක්‍රමය (Hemodialysis) තරම් වියදමක් නොයන අතර නිවසේදීම ප්‍රතිකාරය කරගැනීමේ හැකියාව පවතිනවා. කෙසේ උනත් මෙම ක්‍රමය දැනට මහනුවර (Natinal Hospital Kandy) සහ තවත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක පමණක් ක්‍රියාත්මක වෙන්වා.

වකුගඩු බද්ධ කිරීම (Kidney Transplant Surgery)

වකුගඩු බද්ධ කිරීම

වකුගඩුවක ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නතර උනාම තියෙන තවත් එක ප්‍රතිකාරයක් තමයි වෙනත් කෙනෙක්ගේ වකුගඩුවක් ශල්‍යයකර්මයක් මගින් රෝගීයාට බද්ධ කිරීමේ ක්‍රියාවලිය (Transplant surgery of external donors kidney to a patient). කොහොම උනත් මෙයත් ඉතාම ඉහල මුදලක් වැයවෙන ක්‍රියාවලියක් බව කියන්න ඔනේ. පෞද්ගලික අංශයේනම් මේ සඳහා සාමන්‍යයෙන් ලක්ශ 30ක පමණ මුදලක් වැය වෙනව, කොහොම උනත් මේ වෙද්දි ලංකාව පුරා රෝහල් ඉහිපයක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යයකර්ම නොමිලේ කර ගැනීමේ පහසුකම් (Free Kidney Transplant Surgery) සලසා ඇත. 


ආශ්‍රිත ලිපි (Referance)

  1. විශේෂඥ වෛද්‍යය තිලක් අබේසේකර මහතා විසින් වෙත නිදන්ගත වකුගඩු රෝගය නිවැරදිව හඳුනා ගනිමු මැයින් Lankaapress වෙත ලබාදුන් ලිපිය
  2. Gooneratne, I. K., Ranaweera, A. K., Liyanarachchi, N. P., Gunawardane, N., & Lanerolle, R. D. (2008). Epidemiology of chronic kidney disease in a Sri Lankan population. International journal of diabetes in developing countries28(2), 60–64. https://doi.org/10.4103/0973-3930.43101
  3. Dr Sanjaya U Jayasooriya, All about the haemodialysis and How to undergo dialysis 

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *