හර්නියා ශල්‍යයකර්මයට Hernia Operation සූදානම් වෙන්නේ කොහොමද?

Hernia in sinhala and hernia surgery හර්නියා

හර්නියාවක් (Hernia) යනු ඔබගේ ශරීර අභ්‍යන්තරයේ ඇති කොටස් ඒවා තිබිය යුතු ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථාන වලට නෙරා ඒමයි. හර්නියා පැමිණිය හැකි ප්‍රධානම ස්ථානය වන්නේ උදරයයි (Abdominal hernia). එසේම බහුල වශයෙන් දැකිය හැක්කේද උදරෙයේ ඇති වන හර්නියා තත්වයයි.

හර්නියා වර්ග (Types of hernia)

ප්‍රධාන වශයෙන් හර්නියා වර්ග කිහිපයක් ඇති අතර ඒවා හටගන්නා ස්ථාන අනුව වර්ග කල හැක.

1. ඉකිලි ප්‍රදේශයේ ඇති වන හර්නියා (Inguinal hernia)

මෙහිදී උබගේ උදරයේ ඇති තෙල් හෝ බඩවැල් ඔබගේ ඉකිලි ප්‍රදේශයට නෙරා ආ හැකි අතර එහිදී එය ඉකිලි ප්‍රදේශයේ කුඩා ගෙඩියක් ලෙස දැකිය හැක. ඔබ වැඩ කරන විට සහ බර එසවීමේදී මෙය වඩා විශාල වන අතර නිදා සිටියදී නොපෙනී යා හැක. නමුත් මෙය නිදාගැනීමේදී හෝ අතින් තදකර ඇතුලු කිරීමට නොහැකි නම් එය සිර වී ඇති බවට හදුනාගත හැක. මෙහිදී ශල්‍යකර්මයක් මගින් මෙය යථා තත්වයට පත් කල යුතුය.

Inguinal hernia in sinhala හර්නියාව

2. නාඹි ප්‍රදේශයේ ඇති වන හර්නියා (Umbilical hernia)

මෙම හර්නියා තත්වයේදී උදර අභ්‍යන්තරයේ ඇති තෙල් හෝ බඩ වැල් නාඹිය (Umbilicus) වටෙන් හෝ නාභිය තුලින් නෙරා පැමිණීම මෙම තත්වයට හේතු වේ.

3. ආමාශයේ ඇති වන හර්නියා (Gastric hernia / hiatal hernia)

මෙහිදී ඔබගේ ආමාශයේ උඩ කොටස් මහා ප්‍රාචීරය හරහා ඔබගේ උරස් කුහරයට නෙරා ඒම සිදුවේ.

මෙලෙස උදරයේ බොහෝ තැන් වල මෙලෙස උදරය තුල ඇති තෙල් හෝ බඩවැල් නෙරා ඒමෙන් හර්නියා තත්ව ඇති විය හැකි අතර ඉහත උදාහරණ බහුලවම ඇති වන හර්නියා වේ.

hiatal hernia in sinhala

හර්නියා ඇති වීමට බලපාන හේතු (causes for hernia)

1.අධික තරබාරු භාවය (Obesity)

තරබාරු භාවය නිසා ඔබගේ උදරෙයේ ඇති පීඩනය වැඩි වන අතර එමගින් උදරයේ ඇති කොටස් නෙරා ඒමට රුකුල් දේ.

 

2. මළ බද්දය (Constipation)

මළ බද්දය ඇතිවිට අධික ලෙස මළපහ කිරීමේදී තැටමීම නිසා ඔබගේ උදරෙයේ පීඩනය වැඩි විය හැක.

 

3. දීර්ඝ කාලීන කැස්ස (Chronic cough)

මෙහිදීද ඔබගේ උදරෙයේ පීඩනය දීර්ඝ කාලීනව වැඩි වීමක් සිදු වේ.

 

4. මුත්‍රා සිර වීම (Urinary retention)

පුරැෂය්න්ගේ බහුලව පවතින පුරස්ති ග්‍රන්ති ඉදීමීමේ තත්වය නිසා ඇති වන මුත්‍රා සිර වීම නිසා දීර්ඝ කාලීනව උදරයේ පීඩනය වැඩිවීම සිදු වේ.

 

5. උපතේදී ඇතිවන හේතු (Congenital issues)

 

සමහර කුඩා ළදරුවන්ගේ උදර බිත්තියේ ඇති උපතින් ඇති වන විවිධ වෙනස්කම් නිසා කුඩාකලම හර්නියා තත්ව ඇති විය හැක.

හර්නියා ශල්‍යයකර්මයට සූදානම් වන්නේ කොහොමද?

හර්නියා ශල්‍යයකර්මයට සූදානම් වන අයුරු සඳහන් ආකාරයේ සටහන පහලින් කියවන්න.

Preperation for hernia operation in Sinhala

Leave a comment

Your email address will not be published. Required fields are marked *