දරුවන්ගේ හෘදය ලෙඩකරන කවසාකි රෝගය (Kawasaki Disease)

කවසාකි රෝගය kawasaki disease in sinhala

කවසාකි රෝගය (Kawasaki disease) කියන්නේ කොරෝනා වෛරසයත් එක්ක බටහිර රටවල් වල වගේම අපේ රටෙත් නිතර කතා බහට ලක්වුන රෝගයක් කියලා කියන්න පුලුවන්. වෛද්‍යයවරුන් විදියට කාවසාකි රෝගය අපිට අලුත් රෝගී තත්ත්වයක් නොවූවත් එය ඉතාම දුලබ නමුත් බොහෝ සංකූලතා වලින් කෙළවර වෙන්න පුලුවන් රෝගයක් විදියට හඳුන්වන්න පුලුවන්. 

මෙය විශේෂයෙන්ම ගොදුරකර ගන්නේ අවුරුදු 5ට අඩු දරුවන් නමුත් අවුරුදු 12 දක්වා ඔනැම වයසක දරුවෙක් මේ සඳහා ගොදුරු වෙන්න පුලුවන්.

කවසාකි රෝගය් හැදෙන්නෙ කොහොමද? (How to you get Kawasaki)

කවසාකි කියන රෝගය ඇතිවෙන ආකාරය පිළිබඳ තවමත් හරි ආකාර පැහැදිලි කිරීමක් නැ. නමුත් මෙය බොහෝවිට වෛරසයක් හෝ බැක්ටීරියා ආසාදනයකින් පසුව ඇතිවන ප්‍රතිශක්තීකරණ පද්ධතියේ අධි සංවේදී තත්ත්වයක් (inflammatory condition)  විදියට සරලව හඳුන්වා තියෙනවා. 

බොහෝවිට මේ සඳහා හේතුවෙන්නේ ස්ට්‍රැපිලොකොකක්ස් (Staphylococcus) කියන වර්ගයේ බැක්ටීරියාවක් වෙන්න පුලුවන් කියලා හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම ඊට අමතරව වෙනත් බැක්ටීරියා සහ වෛරස ආසාදන කිපයකට පසුත් මේ කියන කවසාකි තත්ත්වය ඇතිවෙන්න පුලුවන් කියලා හඳුනාගෙන තියෙනවා.

කවසාකි රෝගයේදී සිදුවන්නේ මොකක්ද? (Process of Kawasaki disease)

kawasaki heart sinhala

කවසාකි කියන්නේ අපි කලින් කීවා වගේ අසාදනයකින් පසුව ඇතිවන අධිසංවේදී තත්ත්වයක්. ඉතින් මෙම රෝගය විශේෂයෙන් බලපාන්නේ හෘදය වස්තුවට සහ මධ්‍යයම ප්‍රමාණයේ විශාලත්වයක් තියෙන රුධිර නාල වලට (heart and medium size arteries). මේ නිසාම රෝගී තත්ත්වය නිසා දීර්ඝ කාලීන් සංකූලතා ඇතිවෙන්න පුලුවන් වගේම සමහර අවස්ථා වලදී මරණ පවා සිදුවෙන්න පුලුවන්.

කවසාකී රෝගයේ ලක්ෂණ (Symptoms and signs of Kawasaki disease)

මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ 6ක් හඳුනාගෙන තියෙනවා.

  • දින 5ක් හෝ වැඩිපුර පවතින උණ තත්ත්වය (Fever)
  • සමේ ඇතිවෙන පැල්ලම් (skin rash)
  • ඇස්වල රතු පැහැයක් ඇතිවීම (Redness of eyes)
  • කුද්දටිවල ඉදිමීම (Lymph node enlargement)
  • තොල් සහ දිවේ ඇතිවන වෙනස්කම්
  • අත් සහ කකුල්වල ඇතිවන වෙනස්කම්
kawasaki disease sinhala කවසාකි රෝගය

උණ සමග ඉහත සඳහන් රෝගී ලක්ෂණ එකක් හෝ කීපයක් පැවතිය හැකි උනත් සාමාන්‍යයෙන් රෝගය ලෙස හඳුනාගැනීමට රෝග ලක්ෂණ 5න් 4කත් පැවතිය යුතු වෙනවා.

රෝගය සඳහා ප්‍රතිකාර (Treatments for Kaasaki disease)

රෝගය වැලදී අවම වශයෙන් දින 10ක් ඇතුලත රෝහල් ගත කිරීම සහ අවශ්‍යය ප්‍රතිකාර ඇරඹීම මගින් ඇතිවන සංකූලතා අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මෙම රෝගයේදී හෘදය ආශ්‍රිතව ඇතිවන සංකූලතා අවම කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා විවිධ විශේෂ ප්‍රතිකාර ක්‍රම අඩංගු වෙනවා.

 

මේ අතර අවශ්‍යය පමණ දියර වර්ග ලබාදීම , වේදනාව සමනය කිරීම, උණ සඳහා ප්‍රතිකාර කිරීම සහ සංකූලතා අවම කිරිම වෙනුවෙන් අරඹන ඇස්ප්‍රින් (aspirin) , ප්‍රෙඩ්නිසොලොන් (Prednisolone) වගේ ප්‍රතිකාර අඩංගු වෙනවා.

ඒ එක්කම සමහර අවස්ථාවලදී Immunoglobulin මගින් ඉතා හොද ප්‍රතිපල ලබා ගන්න පුලුවන්.

Reference

  1. Causative agents for Kawasaki disease – Nagata S. (2019). Causes of Kawasaki Disease-From Past to Present. Frontiers in pediatrics7, 18. https://doi.org/10.3389/fped.2019.00018
  2. Covid 19 and Kawasaki disease – Gkoutzourelas, A., Bogdanos, D. P., & Sakkas, L. I. (2020). Kawasaki Disease and COVID-19. Mediterranean journal of rheumatology31(Suppl 2), 268–274. https://doi.org/10.31138/mjr.31.3.268
  3. image from: Kawasaki Disease
    Annette L. Baker and Jane W. Newburger
    Originally published12 Aug 2008https://doi.org/10.1161/CIRCULATIONAHA.107.751404Circulation. 2008;118:e110–e112

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *