පංචකර්මයේදි සිදුකරන ස්වේදනය, ඩහගැන්වීම, ස්ටීම් කිරීම (Swedana karma in Panchakarama)

steam treatments in sinhala ස්වේදනය
ස්වේදනය (Swedanam/ swedana karma) හෙවත් ඩහගැන්වීම (sweat treatment) ආයුර්වේදය තුළ ප්‍රධානවම දැක්වෙන්නේ පංචකර්ම (Panchakarma) කිරීමට රෝගියාව සූදානම් කරවීමේදී සිදුකරන පූර්ව කර්ම වලදීයි. නියමිත පරිදි ස්නේහනට ලක් වූ පුද්ගලයාව හෝ වෛද්‍යවරයා ස්වේදනය ට සුදුසුයැයි නම් කළ පුද්ගලයාව ස්වේදනයට ලක් කිරීම සිදු කරනවා.
 

ස්වේදනය හෙවත් දහ ගැන්වීම කරන්නේ කොහොමද? (how to do swedana treatments)

 ස්වේදනය කළ හැකි ක්‍රම රාශියක් තියෙනවා. පොදුවේ ගින්න යොදාගෙන හෝ ගින්න යොදා නොගෙන කරන ලෙස ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය.
 

ගින්න භාවිතා කරන්නේ නැතිවත් ඩහගැන්වීම කරන්න පුලුවන්ද?

 ඔව් ප්‍රධාන ආකාර දහයක් ආයුර්වේදයෙන් දක්වලා තියෙනවා.
 
  1. ව්‍යායාම         
  2. ගුරු ප්‍රාවරණ   
  3. බහු පාන          
  4. ක්‍රෝධ         
  5. ආහව
  6. උෂ්ණ සදන
  7. ක්ෂුදා
  8. භය
  9. උපනාහ
  10. ආතප
     

ගින්න යොදාගෙන කරන ස්වේදන ක්‍රම මොනවාද?

ඩහගැන්වීම , ස්වේදනය sweat treatment in ayurvedic panchakarma

මෙය ප්‍රධාන ආකාර දහ තුනක් යටතේ විස්තර කරලා තියෙනවා.

ඒවා නම් වශයෙන්,

1. සංකර ස්වේද           2. ප්‍රස්තර ස්වේද 
3. නාඩි ස්වේද             4. පරිශේක ස්වේද 
5. අවඝහ ස්වේද          6. ජේන්තාක
7. ස්වේද 
8. අශ්මඝ්න ස්වේද          9. කර්ෂු ස්වේද 
10. කුටී ස්වේද                 11.  භූ ස්වේද
12. කුම්භීක ස්වේද         13.  කූප ස්වේද 
14. හෝලාක ස්වේද 
 

ඒ කියන්නේ ස්වේදනය කිරීමත් දැනුවත් භාවයකින් කරන්න ඕනද?

ඇත්තෙන්ම ඔව් හුමාලය ඇල්ලීම (steaming), තැවිලි පොට්ටනි වලින් තැවීම වගේ දේවල් අපි බහුලව සිදුකළත්, ඒවගෙනුත් අතුරු ආබාධ ඇති වූ අවස්ථා වාර්තා වෙන්නේ ඒ නිසයි. 
             
මේ දවස් වල කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න සුදුසු නුසුදුසු හැමෝම අනවශ්‍ය අයුරින් හුමාලය අල්ලනවා දකින්නට පුළුවන්. ඇත්තෙන්ම ඒවා නිසි දැනුවත් භාවයකින් කරන්න ඕන දේවල්. කොටින්ම ඇස් වලට උණුසුම හොඳම හොඳම නැහැ. ආයුර්වේදයේ සඳහන් වන්නේ ඇස් ස්වේද ගන්වන්න ඕනේ නෙළුම් පෙත්තෙන් කියලයි. මොකද ඒ තරම්ම සියුම් ඉන්ද්‍රියක් ඇස් දෙක. ඉතින් දැනුවත් භාවයකින් තොරව කරන්නන්වාලේ සිදුකරලා පස්සේ ආයුර්වේදයට දොස් කියලා වැඩක් නැහැ. 

ස්වේදනය කිරීමෙන් පසු පරිස්සම් වෙන්න ඕනද?

 ඔව්. ස්වේදනයට පස්සේ ශීත කළ ආහාර පාන ගන්න හොඳ නැහැ. සීතල සුළං වැදීම, සීතල ජල ස්නානය හා තවදුරටත් ව්‍යායාම කිරීම් නවත්තන්න ඕන. පැය දෙකක පමණ විවේකයක් පස්සේ ශරීරය වෙහෙස නොවන පරිද්දෙන් උණු දිය ස්නානය කිරීම කරන්න පුළුවන්.

මේ විදිහට ස්වේදනය කරල මොනවද බලාපොරොත්තු වෙන්නේ?

 
 ස්නේහනය කළ පුද්ගලයාගේ සියුම් නාලයන්ගේ සැඟවුණු දෝෂයන් ද්‍රව තත්ත්වයට පත් කරලා කෝෂ්ඨස්ථාන කරා රැගෙන ඒමයි.
 
 ඊට පස්සේ අදාළ පංචකර්මය සිදුකරලා එම දෝෂයන් ඉවතට ඇදලා දානවා. එමගින් රෝගයක්  නිට්ටාවට සුව වෙන්න පාර හදලා දෙනවා

Reference

  1. Akhilanath Parida*, Satyasmita Jena, & Varun Sawant. (2020). A CRITICAL REVIEW ON ACTION OF SWEDANA VIS-À-VIS SUDATION THERAPY. International Journal of Ayurveda and Pharma Research8(1), 66-68. Retrieved from https://ijapr.in/index.php/ijapr/article/view/1371

By Dr Uyesha Madhubashini

I am Dr Uyesha Madhubhashini. Ayurvedic Medicine graduate at University of Kelaniya.  Bachelor Of Ayurveda Medicine & Surgery(BAMS)  Advanced Korean Acupuncture in Oriental medicine (University of Kelaniya)  Advanced Certificate of Ayurveda Panchakarma, SPA & Aroma Therapy  Certificate of Acupuncture clinical Practice

Leave a comment

Your email address will not be published. Required fields are marked *