අපගේ නිතී රීති (Our terms and conditions)

 Online Doctor Sri Lanka යනු මූල්‍යමය අරමුණකට වඩා ජනතාවගේ සෞඛ්‍යය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන වෙබ්සයිට් එකකි. එහි මූලික අරමුණි වනුයේ;
1. සෞඛ්‍යය දැනුම ප්‍රවර්ධනය කිරීම (Health promotion)
2. සෞඛ්‍යය සහය ලබාදීම (Health advice)
3. අන්තර්ජාලය තුළ සිංහල භාවිතාකරන ජනතාවට නිවැරදි සෞඛයය තොරතුරු ලබාදීම වේ. (Correct medical facts)

මීට අමතරව ගෙවීම් සහිත සේවාවක් ලෙස Online consultation service එක ක්‍රියාත්මක වේ. එය ජනතාවට සහනදායි ගාස්තුමත Online medical advice  ලබාගැනීම සඳහා කොවිඩ් සමයේ ආරම්භ වූ සේවාවකි.

සැම විටම සෞඛ්‍යය සම්බන්ධ නිවැරදි තොරතුරු සැපයීම අපගේ වගකීමක් ලෙස සලකමු.

ලිපිවල අන්‍යතාවය

මෙම වෙබ්සයිට් එක 2013 සිට අඛන්ඩව වසර 8කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වන වෙබ්සයිට් එකකි. මේ දක්වා අප පලකර ඇති සියලුම ලිපි වෙබ්සයිට් 100% අප කතෘ මන්ඩලය විසින් සකස්කර අන්තර්ජාලයට මුදාහල ලිපි වේ.

ලිපිවල ගුණාතමක බව

බොහෝවිට අන්තර්ජාලය පරිශීලනය කරන විට වෛද්‍යය විද්‍යාව පිළිබඳ ඉන්ග්‍රීසි භාශාවෙන් ලියවුනු වෙබ්සයිට් ඔනේ තරම්  ඔබ දැක ඇත. නමුත් සිංහලෙන් ලියවුන වෙබ්සයිට් දක්නට ඇත්තේ 10කටත් අඩු ගණනකි. එයිනුත් බොහෝ ලිපි 100% ඉන්ග්‍රිසි ලිපි සින්හලට හැරවීමක් වන අතර එමගින් ලිපිවල අන්තර්ගතය මුල් ලිපිවලින් සම්පූර්ණයෙන් වෙනස්ව ඇත.

නමුත් අපගේ අරමුණ වෛද්‍යය විද්‍යාව පිලිබඳ දැනට පවතින වඩාත් නිවැරදි දැනුම ඔබවෙත ලබාදීමයි. අප විසින් ලිපි ලිවීමේදී සැම විටම විෂයට අදාල ලෝකය තුළ පිළිගත් වෙබ්සයිට් කිහිපයක් සහ ඒ ක්ෂේත්‍රයට අදාල පෙළපොත් කියවීම සිදු කරයි. ඊට අමතරව දෛනික ජීවිතයේදි අප ලබාගන්නා සායනික අත්දැකීම් ඇතුළත් කිරීම තුළින් එම ලිපි වලට සුවිශේෂි බවක් එක්කර ඇත.

ලිපිවල නිවැරදිබව

වෛද්‍යය විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනුම ලබාදීමේදී ඒවා 100%ක් නිවැරදි විය යුතුය. එබැවින් අප කතෘ මන්ඩලය විසින් ලිපි රචනා කිරීමේදී ඒවයේ නිවැරදි බව 100%ක් තහවුරු කරනු ලබයි. ඒ සඳහා නවතම ලිපි, Management guidelines වැනිදේ භාවිතා කිරීමට සැමවිටම අප කටයුතු කරයි.

ඊට අමතරව සියලුම ලිපි ප්‍රධාන කතූ විසින් නැවත නිවැරදිබව පරික්ෂාකිරීම සිදුකරයි.

 

මීට අමතර අපගේ සෑම ලිපියක්ම කලින් කලට පරික්ෂාකර බලා පවතින නවතම දැනුමට අනුව අලුත් කරනු ලබයි.

 

එසේ වූවද වෛද්‍යය දැනුම යනු දිනපතා අලුත්වන දැනුම් පද්ධතියකි. ඒ නිසා එම තොරතුරු ඔබ භාවිතා කරන කාලය අනුව 100% නිවෑරදි නොවීමට පුලුවන.

ලෙඩරෝග සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා තොරතුරු භාවිතය

බොහෝවිට ශ්‍රි ලංකාවේ රෝහල්වල පවතින සායන ඉතා කාර්යය බහුලය. සමහර සායන වල දිනකට රෝගින් 600 – 700ක් වූවද පරික්ෂාකරන අවස්ථා මා දැක ඇත. රෝගීන්ගේ ප්‍රතිකාර අතරම ඔවුන්ගේ ගැටලු පිළිබඳ අවධානය යොමුකිරීම සහ ඒවාට විසඳුම් ලබාදීමද ගුණාත්මක සෞඛ්‍යය සේවයක ලක්ෂණයකි. නමුත් එහි දෙවනුව සඳහන් කල කොටස නිසි පරිදි වන බවක් දක්නට නැත.

 

වෛද්‍යය සිසුවෙකු ලෙස මෙම ගැටලුවට පිළියම් යෙදීම වෙනුවෙන් 2013 වසරේදී මෙම වෙබ්සයිට් එක ආරම්භ කරන ලදි. මුලින් සඳහන් කල ආකාරයට අප සැමවිටම ඔබගේ රෝග පිළිබඳ දැනුම වර්ධනය කිරීම වෙන්ම නිසි වේලාවට නිසි ප්‍රතිකාර වලට යොමු වීමට අවශ්‍යය දැනුම සපයමු.

කෙසේ වූවද මෙහි සඳහන් ප්‍රතිකාර ක්‍රම රෝහලෙන් රෝහලට සහ ඒකකයෙන් ඒකකයට වෙනස් වීමට පුලුවන. විශේෂයෙන් සමහර ඒකක වල ඔවුන්ටම විශේෂ වූ ප්‍රතිකාර ක්‍රම පවතී. එබැවින් සැමවිටම ඔබගේ පවුලේ වෛදයයවරයා හෝ අදාල සායනයේ වෛදයයවරුන් සමග ඔබගේ ගැටලු පිළිබඳ යම් සාකච්ඡාවක් අවශ්‍යය වේ.

 

තවම මෙහි සමහර අවස්ථාවල ඖෂධවල නාම භාවිතාකර ඇත්තේ සෞඛ්‍යය අධ්‍යාපනය සඳහා මිස ඔබට ස්වාධීනව ඖෂධ ලබාගැනීමට නොවේ. එවැනි අවස්ථාවල බොහෝ කෙටිකාලීන සහ දිකුකාලීන ගැටලු ඇතිවිය හැකි අතර ඒවා පිළිබඳ අප කිසි ලෙසකත් වගකියනු නොලැබේ.

දැන්වීම්

 

දැනට වෙබ්පි‍ටුව තුළ කිසිදු දැන්වීමක් පළකර නැත. එසේ වූවද අනාගතයේදී එවැනි දැන්වීම් පළකිරීම සිදුවිය හැක. එවැනි අවස්ථාවල එසේ පළකරන කිසිදු දැන්වීමක සඳහන් ඖෂධයක්, සේවාවක් මගින් කතෘගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ නොකරයි.

උපුටාගැනීම්

සෞඛ්‍යය අධ්‍යාපන කාර්යන් සඳහා අප වෙබ් සයිට් එකේ පවතින දත්ත යොදාගැනීමට හැකියනම් ඒ පිළිබඳ අප බොහෝ සතු‍ටු වෙමි. එවැනි අවස්ථාවක අපගේ ලිපිවලට ලින්ක් කිරීම මගින් ඔබට සහයෝගය දැක්විය හැකිය.

 

එලෙසම පොත්පත් සහ වෙනත් වානිජමය කරුණු වලදී වුවද කතෘගේ අනුමැතිය ඇතිව පමණක් මෙම ලිපි භාවිත කළ හැකිය.

භාෂා භාවිතය

සෞඛ්‍යය දැනුම සම්ප්‍රෙෂණයේදී අප යොදාගන්නා සමහර වචන පාරිභාෂික වචන නොවන්නට හැකිය. එයට හේතුව වන්නේ ජන වහර තුළ වඩා භාවිත වන වචන යොදා ගැනීමයි.

 

එලෙසම අප සාමාන්‍යය ලිඛිත භාෂාව වෙනුවට කතාකරන සිංහල භාෂාව අපගේ ලිපිවලට එක් කර ඇත. එය හුදෙක් කියවීම සහ අවබෝධකර ගැනීම පහසු කරවීම සඳහා පමණි.

රෝගී තොරතුරු නිෂ්කාශනය

රෝගියෙකුගේ වෛදයයමය තොරතුරු යනු සැමවිටම 100% රහසිගත තොරතුරු පද්ධතියක් (100% confident) වේ. වෛදයයවරුන් ලෙස කිසිදු ලෙසක අප විසින් රෝගීන්ගේ තොරතුරු අදාල රෝගියාගේ ඉල්ලීමකින් තොරව රක්ෂණ සමාගමකට හෝ වෙනත් කිසිම තුන්වන පාර්ෂවයකට ලබාදීම සිදු නොකරයි.

මෙය අපගේ ෆේස්බුක් මැසේජ් හරහා යොමුකරන ගැටලු, වට්සැප් හරහා යොමුකරන ගැටලු ඇතුලු සියලූම පෞද්ගලික තොරතුරු හුවමාරුවන් සඳහා අදාල වේ.

 

එසේ වූවද යූ ටියුබ් වල සහ ෆේස්බුක් අඩවීවල කරන ලබන කමෙන්ට් සඳහා පිළිතුරු දීමෙදී ඒවා තවදුරටත් සංවෘත දැනුම ලෙස නොසලකා පිළිතුරු ලබාදීම සිදුකරමු.

 

මීට අමතරව සමහර අවස්ථාවල ඔබගේ ගැටලු කිසිදු පෞද්ගලික කරුණු හෙලිකිරීමක් නොමැතිව , සෞඛ්‍යය අධ්‍යාපනය සඳහ භාවිතා කිරීමට කතෘ හට අවසර ඇත.

අන් සියලුම වෙබ්සයිට් සේම අප වෙබ් සයිට් එක මගින්ද ප්‍රමාණවත් browser caches and cookies  පවත්වාගැනීම සිදුකරන නමුත් ඒවා වෙබ්සයිට් එකේ ගුණාතමක බව වැඩි කිරීම සඳහහ පමණි.