කොවිඩ් 19 (Covid 19) හෙවත් කොරෝනා (Corona virus) වසංගතය Sri Lankaවම ගිලගනීද?

කොවිඩ් 19 - Covid 19 in sinhala

කොවිඩ් 19 (CoVID 19) කියන්නේ දැන් දැන් අපේ හදවතට ලොකු භීතියක් ඇතිකරන රෝගී තත්ත්වයක් වෙලා. ඇත්තටම කොවිඩ් එහෙමත් නැත්නම් කොරෝනා (Corona) ගැන ඔබ දන්නේ මොනාද? කොරෝනා වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද? කියන කරුණු පිලිබඳව නිසි සම්පූර්ණ ලිපියක් ලියන්න හිතුනා.

කොරෝනා (Corona) කියන්නේ මොකක්ද?

සරලවම කිවොත් ස්වසන රෝග (respiratory illness) බොහොමයකට දායක වන වෛරස කාන්ඩයක් (group of viruses) . කොරෝනා කියන නම නිර්මාණය වෙලා තියෙන්නේ Latin භාශාවෙන් ඔ‍ටුන්නට භාවිතා කරන නම පාවිච්චි කරලා. ඒ කියන්නේ කොරෝනා වෛරසවල සැකැස්ම හරියටම ඔ‍ටුන්නකට සමානයි. ඒ නිසා තමයි ඒ වෛරසයට කොරෝනා කියන්නේ.

කොවිඩ් 19 (Covid 19) කියන්නේ මොකක්ද?

සමහර අයට තවමත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් දෙයක් තමයි, ඇයි මේකට කොරෝනා කිය කිය ඉදලා එක පාරට කොවිඩ් 19 කියන්න ගත්තේ කියලා. සරලවම කියනවානම් කොරෝනා කියන්නේ වෛරස කාණ්ඩයට . කොවිඩ් 19 කියන්නේ ඒ කාණ්ඩයට අයිති අලුත්ම වෛරසයක්.

Covid 19 in sinhala

කොරෝනා වෛරස ඝනයට අයත් වෙනත් වෛරස මොනවාද?

Corona කියන්නේ වෛරස කාන්ඩයක් කියලා අපි කලින් සඳහන් කලා. නමුත් මේ කාණ්ඩයට අයිති අනිත් වෛරස මොනවාද කියලා හොයලා බලන එක ඉතාම වැදගත් වෙන්න පුලුවන්.

  1. සාර්ස් වෛරසය (SARS Virus)
  2. මර්ස් වෛරසය (MERS Virus)

කොවිඩ් 19 (Covid 19) කියන නම හැදුනේ කොහොමද?

අපි දනන්වා අලුතෙන් සතෙක් , අලුතෙන් දෙයක් හොයා ගත්තාම ඒකට ගැලපෙන නමක් දෙන්න ඔනේ. මොකද ඒ නම අනාගතයේදී සංනිවේදනය පහසු කරනවා. ඉතින් කොවිඩ් 19 කියන නම හැදිලා තියෙන්නේ මෙහෙමයි

Co- කොරෝනා වෛරස කාන්ඩයට අයිති නිසා
VI –  virus ආසාදනයක් නිසා
D – රෝගය
19 – 2019 වසරේ ආරම්භ වූ බැවින්

 ඒ අනුව මෙය COVID 19  ලෙස හඳුන්වනු ලබනවා.  

කොවිඩ් 19 රෝග ලක්ෂණ මොනවාද? (Symptoms of Covid 19)

කොවිඩ් 19 කියන්නේ බොහෝඉ විට ඉතාම සරල වෛරස ආසාදනයකට සමාන රෝග ලක්ෂණ පෙන්වන රෝගී තත්ත්වයක්. බොහෝවිට ඩෙන්ගු (Dengue Fever), චිකන් ගුන්යා, මී උණ (Leptospirosis) වගේ රෝග වලට සමන ලක්ෂණ එක්කම මේ රෝගී තතවය එන්න පුලුවන්.

  1. උණ
  2. උගුරේ අමාරුව
  3. සෙම්ප්‍රතිශ්‍යාව
  4. කැස්ස
  5. හිස් රදය
  6. මංශපේශි වේදනාව
  7. හන්දි වේදනාව
  8. ආහාර අරුචිය
  9. වමනය

කොවිඩ් රෝගයට අදාල බරපතලවිය හැකි රෝග ලක්ෂණ

  • ස්වසන අපහසුතා
  • පපුවේ වේදනාව

රෝගය පැතිරෙන ආකාරය (Transmission of Covid 19 infection)

මෙම රෝගය පැතිරිමේ මූලික ක්‍රමය වන්නේ ස්වසන මාර්ගය (respiratory droplets) හරහා සිදුවන සම්ප්‍රේෂණයයි. නමුත් ඊට අමතරව පෘෂ්ඨ මත තැන්පත්වු වෛරසය ස්පර්ශය (transmission by touch) හරහා ස්වසන මාර්ගය ආසාදනය කිරීම මගින්ද වෛරසය ව්‍යාප්ත විය හැකියි. ඊට අමතරව රෝගය කාරක වාතය තුල යම් කාලයක් ‍රැදි සිට සවසන මාර්ගය හරහා ඇතුලුව ආසාදනය (transmission through micro droplets) වන බව තවමත් උපකල්පන මට්ටමේ පවතින කරුණක්.

ඒ අනුව රෝගය පැතිරිය හැකි ක්‍රම වන්නේ

1. එකිනෙකා සමග කතා කරන විට
2. එකිනෙක සිප වැලද ගන්නා විට
3. එකිනෙකා සමග අත් ඇල්ලිම මගින් ආචාර කරන විට
4. සංවෘත පරිසරයක් තුල සිටින විට

මෙවැනි අවස්තාවල ඔබ නිවැරදි ප්‍රමිතියක් රහිත මුඛ ආවරණයක් පැලද නැතිනම් ඔබට රෝගය ආසාදනය විය හැකියි.

රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතා (Complications of Corona infection)

  1. නියුමෝනියා තත්වය (Pneumonia)
  2. Covid 19 නිසා හෘදයේ ඇතිවන සංකූලතා (Myocarditis)
  3. හදිසි වකුගඩු අක්‍රියවීම් (Acute kidney injury)
  4. රුධිරය කැටිගැසීමේ තත්ත්වය (DIC)
  5. ප්‍රධාන අවයව කිහිපයක් එකවර අක්‍රමවත් වීම (Multi organ failure)
  6. මරණය (Death)

කොරෝනා රෝගයේ මූලික ප්‍රභේද (Classification of covid 19)

ඕනැම ජීවියෙකු පරිසරය තුල පරිනාමයට ලක්වෙනවා. අනෙකුත් වෛරස වලට සාපේක්ෂව Covid 19 ඉතා ඉහල පරිනාමයක් පෙනවා තියෙනවා. ඒ අනුව වුහාන් වල මතුවූ මූලික කොරෝනා වෛරසයට අමතරව එයට වඩා ප්‍රභල ඇල්ෆා (alpha), බීටා (beta) , ඩෙල්ටා (delta) ඇතුලු නව ප්‍රභේද ගනනාවල් දැනට වාර්තාවී තියෙනවා. විශේෂයෙන් ශ්‍රි ලංකාව තුල බහුලව හමුවන ප්‍රභේද වන්නේ ඇල්ෆා, බීටා සහ ගැම්මා කියන ප්‍රභේදයි.

1. ඇල්ෆා ප්‍රභේදය (Alpha variant)

බ්‍රිතාන්‍යය මුල්කරගෙන ආරම්භ වූ ප්‍රභේදයක් වෙන මෙය මුලික ප්‍රභේදයට සාපේක්ෂව 50%ක පමණ ව්‍යාප්ති වේගය ඉහල යාමක් දක්වලා තියෙනවා.

1. බීටා ප්‍රභේදය (beta variant)

මෙය ප්‍රදාන වශයෙන් දකුණු ආප්‍රිකාව ආශ්‍රිතව ආරම්භ වූ ප්‍රභේදයක් කියලා හඳුනාගෙන තියෙනවා. මෙමගිනුත් 50%ක පමණ ව්‍යාප්තියේ වැඩිවීමක් දක්වලා තියෙනවා.

3. ඩෙල්ටා ප්‍රභේදය (delta variant)

Covid 19 in Sri Lanka - delta variant

මෙය මුලින්ම හමුවී ඇත්තේ ඉන්දියාවෙන්. මෙය අනෙකුත් ප්‍රභේද සියල්ලටම වඩා ඩෙල්ටා ප්‍රභේදය බරපතල විය හැකි බව විශේෂඥයේ පවසනවා. මෙහි බෝවීමේ වේගය අනෙකුත් ප්‍රභේද වලට සාපේක්ෂව 300 ගුණයක් පමණ වෙනවා.

ඔමික්‍රොන් ප්‍රභේදය (Omicron Variant)

මේ වනවිට පවතින අලුත්ම ප්‍රභේදය ලෙස ප්‍රභේදය හදුන්වන්න පුලුවන්. රෝග ලක්ෂණ අවම වූවද ඉතා ඉහලපැතිරීමේ වේගයක් පෙන්වන මෙය, මුලින්ම හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවෙනි.

Sri Lankaව තුළ කොවිඩ් රෝග ව්‍යාප්තිය

කොවිඩ් කියන රෝගය 2019 අග භාගයේදි චීනයේ වූහන් (Wuhan) වලදි හොයාගත්ත බව අපි හැමෝම දන්න කරුණක්. ඒ එක්කම ශ්‍රි ලංකාව තුල පලමු කොවිඩ් රෝගියා (1st Covid 19 patient in Sri Lanka) හමුවුනේ 2017 ජනවාරි මාසේ 27 වෙනිදා. ඇය 44 හැවිරිදි චීන ජාතික කාන්තාවක්. ජාතික උණ රෝහලේදි ප්‍රතිකාර ලබා නික්ම ගියා.

කොරෝනා පලමු ‍රැල්ල

පලවෙනි රෝගියාගෙන් පසුව නැවත විශාල වශයෙන් රෝගින් මතුවීම ආරම්භ වුනේ 2020 මාර්තු මාසයේ.

ප්‍රධාන වශයෙන්ම ඒ යුරෝපීය රටවල සිට පැමිණි ශ්‍රමිකයන් මගින්. ඊට අමතරව සංචාරකයන් මගින් මෙම රෝග ව්‍යාප්තිය සිදු වුණා. නමුත් සෞඛ්‍යය අංශවල නිසි ක්‍රියාකාරීත්වය නිසා පලමු ‍රැල්ල ඉතා ඉක්මනින් පාලනය කර ගන්නට හැකියාව ලැබුනා.

 

ඒ එක්කම පලමු ‍රැල්ල අග භාගයේදී වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව විශාල වශයෙන් පැතිරගිය කොරොනා රෝගයත් මෙම පලමු ‍රැල්ල යටතට ගනු ලබනවා

 

දෙවැනි ‍රැල්ල

කොවිඩ් රෝගය ආශ්‍රිත දෙවන ‍රැල්ල ආරම්භය සහ ව්‍යාප්තිය තවමත් නිශ්චිත නොවූවත් එය බොහෝවිට මිනුවන්ගොඩ ආශ්‍රිත ඇගලුම් කම්හලක් මුල්කරගෙන ආරම්භ වු තත්ත්වයක් ලෙස සලකනවා. මෙම අවස්ථාවේ රෝගය පැතිරයාම පාලනය කිරීමේ යම් ගිලිහීමක් දක්නට ලැබුනා. මුලින්ම ගම්පහ දිස්ත්‍රික්කයත් දෙවනව බස්නාහිර පලතේ අනෙකුත් ප්‍රදේශත් , පුත්තලම සහ කුරුනැගල දිස්ත්‍රික්කත් මේ රෝගය මගින් ඉතා විශාල බලපැමකට ලක්වුනා. විශේෂයෙන්ම මෙහිදී ඉතා විශාලම බලපැම සිදුවූයේ ඇගලුම් කර්මාන්තයට සහ අපනයන ආශ්‍රිත කර්මාන්තශාලා වලටයි.

 

තුනවන ‍රැල්ල

තුනවන ‍රැල්ල ඇතිවන්නේ 2021 අලුත් අවුරුදු සමයෙන් පසුවයි. මෙයට ප්‍රධාන හේතුව ලෙස සලකන්නේ සංචරණ සීමා ලිහිල් කිරීමයි .

 

කොරෝනා 4වන ‍රැල්ල

කොරෝනා රෝගයේ හතරවන ‍රැල්ල ආරම්භ වන්නේ 2021 අගොස්තු මාසය ආරම්භයේදීයි. මෙය ප්‍රධාන වශයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය (delta variant) නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස සලකන්න පුලුවන්.

කොරෝනා එන්නත (Corona vaccine)

Reference

  1. Wikipedia : Corona virus 

  2. Medscape: Coronavirus Disease 2019 (COVID-19),     Available at :https://emedicine.medscape.com/article/2500114-overview

  3. CDC : SARS-CoV-2 Variant Classifications and Definitions
    AVailable at : https://www.cdc.gov/coronavirus/2019-ncov/variants/variant-info.html

  4. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය : කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා දත්ත

  5. සෞඛ්‍යය හා දේශීය වෛදයය අමාත්‍යංශය : කොවිඩ් 19 තොරතුරු පත්‍රිකාව