මී උණ (Leptospirosis) හෙවත් ගොවීන්ගේ මාරයා

Leptospirosis in Sinhala මී උණ

මී උණ – leptospirosis කියන්නේ අපි නිතර අහන රෝග තත්ත්වයක්. එහෙම උනත් මෙම රෝගයේ තිබෙන දරුණු බව අපට තවමත් හරිහැටි අවබෝධ වී නැ. නාගරික ජනතාවට මී උණ (mee una) කියන්නේ ඉතා විරල රෝගී තත්ත්වයක් වූවත් ගොවිතැන මුල් කරගත් සමාජවලට මී උණ කියන්නේ නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වයක්  (leptospirosis is common condition in farming societies) වෙනවා වගේම, ඉදහිට හෝ මරණ කිහිපයකට හේතුවන රෝගී තත්ත්වයක්.

රෝගයට ප්‍රධාන හේතුකාරකය Leptospira interrogans කියන ස්පයිරෝකීට් (spirochetes) වර්ගයට අයත් බැක්ටීරියාව වන අතර මෙය මීයන් මගින් පැතිරීම දක්නට ලැබෙනවා.

 

 

මී උණ යනු (What is leptospiros)

මි උණ කියන්නේ කලින් සඳහන් කලා වගේම ස්පයිරෝකීට් වර්ගයට අයත් බැක්ටීරියාවක් වන Leptospira interrogans නම් බැක්ටීරියා විශේෂය මගින් පැතිරෙන තත්ත්වයක්. ශ්‍රී ලංකාව තුල මෙම විශේෂයට අයත් ප්‍රභේද 5ක් (5 serotypes) පමන හඳුනාගෙන ඇති අතර, ලෝකයේ දැනට ප්‍රභේද 250ක් පමණ හඳුනාගෙන තියෙනවා.

මෙම බැක්ටීරියාව විශේෂයෙන් මීයන්ගේ (Rats) ශරීරයේ දක්නට ලැබෙන අතර මීට අමතරව ග්‍රාමියව (domestically) බල්ලන් (dogs), හරකුන් (Cows) , ඌරන් (Pigs) වැනි සතුන්ගේ ශරීරයේද දක්නට ලැබෙනවා. මෙම බැක්ටිරියාව ඔවුන්ගේ වකුගඩු අශ්‍රිතව ජීවත්වෙනවා (Bacteria is hosted in kidneys of domestic animals) .

ශ්‍රී ලංකාවේ හමුවන මී උණ සඳහා හේතුවන ප්‍රභේදවල ප්‍රචන්ඩ බව එකිනෙකට වෙනස් වන අතර ඇතිවන සංකූලතාද එකිනෙකට වෙනස් වේ.


රෝගය ඇතිවන්නේ කාටද? (risk group for leptospirosis)

මෙම රෝගය සඳහා ප්‍රධාන වශයෙන් ගොදුරුවන්නේ ගොවීන්ය(farmers) . මීට අමතරව පහත කොටස්වලට අයත් පුදගලයන්ද නිතර මේ සඳහා ගොදුරු වේ.

1. පශු වෛද්‍යයවරු සහ නිළදාරීන් (Veterinary doctors and officers)
2. හමුදා නිළධාරීන් (Army officers)
3. කසල එකතුකරන සහ ඒ ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයන් (Garbage cleaners)
4. පස අශ්‍රිතව ‍රැකියාකරන පුද්ගලයන් (soil workers)

 

leptospirosis in sinhala මී උණ

මී උණ ඇතිවනේ කෙසේද?

මී උණ ඇතිකරන බැක්ටීරියාව මීයන්ගේ ශරීරයේ වකුගඩු ආශ්‍රිතව ජීවත් වන නමුත් ඔවුන්ට හානිදායක වෙන්නේ නැ. මීයන්ගේ මුත්‍රා හරහා බාහිරට නිකුත් වන මෙම ජීවින් මිනිසාගේ ශරීරයේ විශේෂයෙන් කකුල් අතර පවතින කුඩා තුවාල හරහා ශරීරයට ඇතුලු වෙනවා. ඒ එක්කම මිනිසාගේ ශරීරයේ තියෙන ශේෂ්මල පටල හරහාත් මෙම බැක්ටීරියාවට ඇතුලුවීමේ හැකියාව තියෙනවා.

Transmission of leptospirosis in Sri Lanka

මී උණ රෝග ලක්ෂණ මොනවාද? (symptoms and sings of leptospirosis)

මී උණ විෂබීයට නිරාවරණය වී දින 5ක් දින 14ක් ඇතුලත කාලයේදී රෝග ලක්ෂණ (Signs and symptoms of leptospirosis) මතුවීම සිදුවෙනවා. මෙම රෝග ලක්ෂණ බොහෝවිට සාමාන්‍යය වෛරස උණකට (viral symptoms)සමාන වන අතර පහත රෝග ලක්ෂණ පැවතිය හැකියි,

  1.  උණ (fever)
  2.  මංශපේශි වල වේදනාව (muscle pain)
  3.  හන්දිවල වේදනාව (Joint pain)
  4.  තද හිසරදය (Severe headache)
  5.  ආහාර අරුචිය (Loss of apatite)
  6.  මද සෙම්ප්‍රතිශාව තත්ත්වය (mild upper respiratory symptoms)

මීට අමතරව සමහර අවස්තාවල හුස්මගැනීමේ අපහසුතාවය (difficulty in breathing), මුත්‍රා පිටවීම අඩුවීම (reduced urine output) වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. මේවා බරපතල තත්වයක පෙරනිමිති ලෙස හඳුන්වන්නට පුලුවන්.

එලෙසම මෙම රෝගය ඩෙංගු රෝග ලක්ෂණ වලට මදක් සමාන ලක්ෂණ දක්වන නිසා එයිනුත් වෙන් කර ගැනීම වැදගත් වෙනවා.
Dengue fever in Sinhala 


රෝගයේ සංකූලතා

බොහෝ රොගීන් නිසි ප්‍රතිකාර මගින් පහසුවෙන් සුවවන අතර සමහර රෝගීන් බරපතල රොගී තත්තවයකට පත්වේ. ඇතිවන සංකූලතා (complications) අදාල රෝගයේ ප්‍රභේදය අනුව වෙනස් විය හැකියි.

රෝගය අවම කර ගැනිමේ ක්‍රම


1. මී ගහනය පාලනය කිරීම
2. ගොවිපලවල් වල සිටින සතුන් එන්නත්කරණය කිරීම
3. ඩොක්සි සයික්ලීන් ප්‍රතිකාරය ලබා ගැනීම

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *