වර්ෂාකාලයේ එන ඩෙංගු මාරයාගෙන් ප්‍රවේශම් වෙමු (Dengue Fever)

Dengue fever Sinhala

ඩෙංගු උණ (Dengue Fever) කියන්නේ වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන රෝග තත්ත්වයක්. මොකද කීවොත් සෑම වසරකම වර්ෂාකාලය ආශ්‍රිතව ඩෙන්ගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරනවා. ආසන්න වශයෙන් වසරකට මෙම රෝග තත්ත්වය සහිත රෝගීන් 5000 සිට 10,000ක් පමණ වාර්තාවෙනවා. ඒ එක්කම ඩෙංගු රෝග තත්ත්වය නිසා සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 50ක් පමන මිය යන අතරම දැනට මෙම අගය ඉතා පහල අගයකට අඩුවී තිබෙනවා. ඩෙංගු රෝගය නිසා ඇතිවූ මරණ වලට හේතු වන්නේ ඩෙංගු රක්තපාත (Dengue Haemorrhagic Fever) නම් උණ තත්ත්වයයි. ඒ එක්කම ඩෙන්ගු රෝගය සඳහා ගොදුරුවන රෝගීන් බහුතරයක් බස්නාහිර පලාත තුළ ජීවත් වන පුදගලන් වීම විශේෂත්වයක් වෙනවා.


ඩෙංගු රෝගය යනු? (What is dengue)

ඩෙංගු රෝගය යනු ඊඩිස් ඊගිප්ටි (aedes aegypti) හා ඊඩිස් ඇල්බෝපික්ටස් (aedes albopictus)නම් මදුරුවන් විශේෂ දෙක මගින් බෝ වන උණ රෝගී තත්ත්වයක්. මෙය වයිරස තත්ත්වයක් වන අතර බොහෝ රෝගීන්ගේ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුව වෙනවා. කොහොම වුනත් රෝගයට ගොදුරුවන පුද්ගලයන්ගෙන් 1% පමණ පිරිසක් ඉතා දරුණු තත්ත්වයකට පත්විය හැකියි.


ඩෙංගු රෝගයේ ලක්ෂණ (symptoms of dengue fever)

ඩෙංගු උණ වෛරස රෝගී තත්ත්වයක් වන බැවින් එයද බොහෝවිට අනෙකුත් වෛරසයකට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ නිසාම ඩෙංගු රෝගය නිසි ආකාරයෙන් හදුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් වර්ෂා කාලයත් සමග විවිධ වු උණ තත්ත්ව පැතිර යන අතර ඒවයෙන් මෙය වෙන් කර ගැනීම පලපුරුදු වෛද්‍යයවරයෙකුට හැර අපහසු කාර්යයක් වෙන්න පුලුවන්.

කොහොම වුනත් පහත ලක්ෂණ කිහිපයක් සමග දින කිහිපයක් පවතින තද උණ ඩෙංගු බවට සැක කල යුතු වෙනවා.

ඩෙංගු රෝගයේ ලක්ෂණ Dengue fever symptoms
  1. තද හිසේ කැක්කුම (Headache)
  2. හන්දි වේදනාව (Joint pain)
  3. මාංශ පේෂිවල කැක්කුම (Muscle pain)
  4. වමනය (Vomiting)
  5. සමේ ඇතිවන පැල්ලම් (Skin rash)
  6. දත්මුල් වැනි ස්ථාන වලින් ඇතිවන ලේ වහනය bleeding)


ඩෙංගු රක්තපාතය යනු කුමක්ද? (Dengue haemorragic fever)

ඩෙංගු රෝගීන් වැඩි සංඛයාවක් රක්තපාත තත්තවයට පත් නොවුනත් ඉතා සුලු පිරිසක් මේ තත්වයට ගොදුරු විය හැකියි. මෙහිදී සිදුවනුයේ ශරීරය ඇතුලත පවතින රුධිර නාලවල ඇතිවන පාරගම්‍යය බවේ වෙනසක් නිසා ශරීරය තුළ තරලවල සැකැස්මේ වෙනවක් සිදුවීම නිසා ඇතිවන අවපීඩනය හා අනෙකුත් සංකූලතා නිසා රෝගියා ඉතා දරුණ තත්ත්වයකට පත්වීමයි.


ඩෙංගු රෝගය හඳුනාගන්නේ කෙසේද..?

ඩෙංගු හඳුනා ගැනීම ප්‍රධාන වශයෙන් රුධිර පරීක්ෂණ මගින්. FBC යන පරීක්ෂණය මෙහිදී අත්‍යාවශයය පරික්ෂණයක් වන අතර ඊට අමතරව ඩෙංගු රෝගය සඳහා වන dengue antibody / dengue antigen පරීක්ෂණ සඳහාද යොමුවිමට සිදුවිය හැකියි. මීට අමතරව ඩෙංගු රක්තපාත තත්ත්වයේදී අති ධ්වනි තරංග පරික්ෂා (USS) වැනි පරික්ෂණ වලටද යොමු වීමට සිදුවේ.


ඩෙන්ගු ප්‍රතිකාර (Treatments for dengue fever)

මෙය බොහෝවිට ගැටලුවක් නොමැතිව සුව වන බැවින් මූලික වශයෙන් රෝගියා පරික්ශා කිරීම සිදුවෙනවා. ඒ සඳහා රෝහල් ගත විය යුතු වෙනවා. ඊ එක්කම රෝහල් ගත වීමෙන් පසු දියර වර්ග පාලනයකින් යුතුව ලබා දීම සිදුවෙනවා. ඊට අමතරව ශරීරයේ අභ්‍යන්තර හා බාහිර ක්‍රියාකාරීත්වයන් පිලිබඳ නිතර නිරීක්ෂණය කරනවා.


ඩෙංගු වලක්වා ගන්නේ කෙසේද? (prevention of dengue fever)

ඉතා දරුණු රෝගයක් වුවද ඉතා සරල ක්‍රම මගින් මර්දනය කල හැකියි.

1. ඉතා හොදින් දැනුවත් වීම

ඩෙංගු රෝගය මෙතරම් පාලනය වීමට හේතුව වනුයේ සමාජය තුල එය වැලකීම සම්බන්ධයෙන් ඉතා හොද අවබෝධයක් පැවතීමයි. විශේෂයෙන් ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය, ඔවුන් විනාශ කල හැකි ආකාර වැනි දේ පිලිබඳ තවදුරටත් දැනුවත් වීම ඉතා වැදගත් කාර්යයක් වෙන්වා.
එසේ වූවත් ඔබ පමනක් දැනුවත් වීම ප්‍රමානවත් නොවන අතර ඔබගේ ආරක්ෂාව සඳහා අනෙකුත් අයත් දැනුවත් කිරීමට කටයුතු කරන්න

2. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම

මදුරුවන් පාලනය සඳහා ඔවුන් ප්‍රරෝහණය වන ස්ථාන විනාශ කිරීම වඩා ක්‍රමවත් වැඩ පිලිවෙලක් ලෙස දැක්විය හැකියි. ඒ අනුව වර්ෂා කාලයට ජලය එකතු වන කුඩා බඳුන් , තැබිලි කෝම්බා වැනි දැ ඉවත් කිරීම හා පරිසරය පිරිසිදුව තබා ගැනීම අවශ්‍යවෙනවා.

3. මදුරු දෂ්ඨනය වැලක්වීම

ඊඩිස් කුලයට අයත් මදුරුවන් ක්‍රියාකාරි වන්නේ දිවා කාලය තුලදීයි. එබැවින් ඔවුන්ගෙන් ආරක්ෂා වීමට දිවා කාලයේදීද මදුරුවන්ගෙන් ආරක්ෂාවීමේ ක්‍රම භාවිත කල යුතුය. ඒ අතර විශේෂයෙන් කුඩා දරුවන්ගේ මුලු ශරීරයම ඇදුම් වලින් ආවරණය කිරීම අතිශය වැදගත්ය. ඊ එක්කම මදුරු විකැෂක වලිනුත් යම් වාසියක් ලැබෙන්න පුලුවන්.

4. ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීම

ඩෙන්ගු මරණ අවම කිරීමේ ඉතා පහසුම ක්‍රමය වන්නේ ඉතා ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමුවීමයි. එමගින් ඔබගේ තත්ත්වය මුල සිට අධ්යයනය කිරීමට වෛද්යවරයාට හැකියාව ලැබෙන අතර ගැටලු හදුනා ගැනීම සඳහා පෙර සුදානමක් පවතිනවා.
එලෙසම වෙනත් අයෙකුට රෝගය වැලදීමේ අවදානමද මෙමගින් වැලකෙනවා.

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *