ප්‍රොස්ටිනොර් ගැනීමෙන් හදීසි ගැබ් ගැනීම් සාර්ථකව මැඩලමු (Let’s

ප්‍රොස්ටිනොර් 2 protinor 2 in Sinhala

අපේ පෙජ් එකට නිතරම එන ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් තමයි, අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පසු දරුවන් ඇතිවීම වලක්වාගන්නේ කොහොමද (How to prevent pregnancies following unplanned sex?) කියන එක. ගොඩක් දෙනක් කළබල වෙන්නේ තමන්ට වෙලාවට හැදුන ආර්තවය වීම ප්‍රමාද වීමත් එක්ක, හදිසියෙවත් දරුවෙක් හිටියොත් නීතිවිරෝධි ගබ්සා වලටත් ඔවුන් යොමුවෙන බව පේනවා. ඒ නිසාම හදිසි සංසර්ගයකින් පස්සේ ගැටලුවක් ඇති නොවෙන විදියට හදීසී උපත් පාලන ක්‍රමයක් (Emergency contraceptive method) භාවිතාකරලා දරුවන් ඇත්වීම වලක්වා ගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක හැම දෙනාටම ගොඩක් වැදගත්. විශේෂයෙන් නව යොවුන් වියේ පසුවෙන දරුවන්ට මෙය ඉතාම වැදගත් වෙනවා.

හදීසී හැබ්ගැනීම් වලක්වාගන්න ලංකාවේ භාවිතා කරන ප්‍රධානම ක්‍රමය තමයි ප්‍රොස්ටිනෝර් (Prostinor) කියන්නේ. මේවා ප්‍රොස්ටිනෝර් 1(Prostinor1) සහ ප්‍රොස්ටිනෝර් 2 (Prostinor2) කියලා ආකාර දෙකකින් පවතිනවා. මේවා කාන්තාවන්ගේ ලිංගික හෝමෝන වන ප්‍රොජෙස්ටරෝන් අඩංගු පෙති වර්ගයක් වෙනවා. මේ සඳහා පාවිච්චි කරන සමහර පෙති වර්ගවල ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් දෙකම අඩංගු වෙනවා


ප්‍රොස්ටිනෝර් වැදගත් ඇයි? (What is the importance of Prostinor?)

ප්‍රොස්ටිනොර් කියන්නේ ඉතාම අඩු මුදලකට (Cheap method) ඕනෑම ෆාමසියකින් ගන්න පුලුවන් (Widely available) පොඩි පෙත්තක් , එහෙම නැත්නම් පෙති දෙකක්. මේක ගන්න එකෙන් වෙන වැදගත්ම දේ තමයි අපි කලින් අපේක්ෂා නොකල හදීසි ලිංගික එක්වීමකදි හදීසි ගැබ් ගැනීම (prevention of unplanned pregnancies) වැලැක්වීම. බොහෝවිට ඉදහිට ලින්ගික එක්වීම සිදුකරන යුවලකට වූවත් මෙය සුදුසුයි.


Prostinor භාවිතාකල හැකි අවස්ථා

  1. හදීසි එක්වීමකින් පසුව
  2. භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථකවේ යැයි සැක ඇතිවන අවස්ථාවල
    (උදා : භාවිතා කරන කොන්ඩමය ඉරීමකට ලක්වුන විට)
  3. කාන්තාවක් හෝ දරුවෙකු ලිංගික අපයෝජනයකට ලවීමෙන් පසු, ගැබ්ගැනීම වැලකිමට


ප්‍රොස්ටිනොර් භාවිත කල යුතු ක්ර්මය

බොහෝවිට මෙය 50 සිට 98% දක්වා සාර්ථක බව සඳහන් කරලා තියෙන්වා. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ලිංගික සංසර්ගයෙන් පසු පලමු පැය 24 ඇතුලත ගැනීමට උත්සහ කිරීම. එහෙම උනොත් බොහෝවිට එහි සාර්ථකත්වය 98% පමණ වෙනවා (98% success rate in first 24hours). ඒ එක්කම උපරිම වශයෙන් සාර්ථක වෙන්න අවස්ථාව තියෙන්නේ දින 3ක් (පැය 72ක් ) දක්වා පමණයි. එතැනින් එහාට එහි සාර්ථකත්වය ඉතාම අඩුයි.

පොස්ටිනොර් 1 නම් එක් පෙත්තකුත් , පොස්ටිනොර් 2 නම් පෙති 2කුත් භාවිතා කල යුතු වෙනවා. පලමු පෙත්තෙන් පැය 12කට පසු තමයි දෙවැන්න භාවිතා කළ යුතු වෙන්නේ.

ප්‍රොස්ටිනොර් 1 Prostinor 1 in Sri Lanka

භාවිතා කරලා පැය 2ක් ඇතුලත වමනය (Vomiting) වූවොත් නැවත භාවිතා කිරීම කරන්න වෙනවා.ඒ එක්කම ඉන් පසු වමනේ ගියොත් එහෙම භාවිතා කරන්න අවශ්‍ය වෙන්නෙ නැ.

අවශ්‍යනම් වමනය වලක්වන්න කිරි වීදුරුවක් වගේ දෙයක් භාවිතා කරනන් පුලුවන්.


ප්‍රොස්ටිනොර් භාවිතා නොකල යුතු අවස්ථා

සමහර කාන්තාවන් මෙම ඖෂධයට අසාත්මික වෙන්න පුලුවන්. ඒ වගේ අය මෙය ගැනීම නොකළයුතු වෙනවා. නමුත් එවැනි අසාත්මිකතා ඇතිවීම අවමයි. එවැනි අවස්තවක වෛද්‍යය උපදෙස් ලබා ගැනීමත් නැවත නැවත මෙම ඖෂධය භාවිතා නොකිරීමත් ඉතාම වැදගත් වෙනවා.

ඒ එක්කම අපි දෛනිකව ලබා ගන්න පෙති ලගා නොගතයුතු රෝග තත්ව කිහිපයක් සඳහන් කරනවා. උදාහරනයක් විදියට පපුවේ අමාරුවක්, අක්මාවේ ගැටලුවක් තියෙන්වානම් මිතුරි වගේ පෙති ගන්න බැ, නමුත් මේ පෙත්තට එහෙම සීමාවක් නැ, එවැනි අවස්ථාවක උනත් ගන්න පුලුවන් හැකියාව තියෙනවා.

සමහර විට ගැබ් ගැනිමක් උනාට පස්සේ මෙම බෙහෙත් ගන්න සමහර අය යොමු වෙනවා, ඒක සාර්ථක ක්‍රමයක් නොවේ.

තවත් වැදගත් කාරනයක් තමයි එකම චක්‍රය තුල කිහිප වරක් මෙම ප්‍රතිකාරය ගැනීම සාර්ථක නැ කියන එක වගේම , ඒක දීර්ඝ කාලීන උපත්පාලන ක්‍රමයක් විදියට සාර්ථක නැ කියන එක.


ප්‍රොස්ටිනොර් වල ක්‍රියාකාරීත්වය

ප්‍රොස්ටිනොර් කියන්නේ ප්‍රොජෙස්ටරෝන් පමනක් තියෙන හොමෝනමය ඖෂධයක්. මේ ඖෂධය නිසා එක්වරම ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ එක්කම ඒ නිසා ඩිම්බය මුදා හැරීමට ආසන්නයේ සිදුවන හෝමෝනමය වෙනස්වීම අක්‍රමත් වීම නිසා, ඩිම්බය මුදා හැරීමක් සිදුවන්නේ නැ. ඒ නිසාම ඩිම්බ හා ශුක්‍රාණු අතර සංසේචනය වලකිනවා.


හදිසි උපත්පාලන පෙති ගැනීමෙන් ඇතිවන සංකූලතා මොනවාද?

හදිසි උපත්පාලන පෙති ලබා ගැනීම මගින් ඇතිවන් ප්‍රධානම ගැටලුව වන්නේ සමහර කාන්තාවන්ට ඇතිවන වමනය වැනි අපහසුතායි. ඒ හැරුනු විට මෙය ඉතා අඩු සංකූලතා ප්‍රමාණයක් සහිත හදීසි උපත් පාලන ක්‍රමයකි.

මෙමගින් ඇතිවිය හැකි සංකූලතා මෙසේයි.

  • වමනය
  • උදරයේ අපහසුතා
  • හිසරදය
  • හදිසි රුධිර වහනය
  • ආර්තව චක්‍රයේ අක්‍රමවත් වීම්
  • ආසාත්මිකතා


ප්‍රොස්ටිනොර් වල අවාසි

  1.  දීර්ඝ කාලීන උපත්පාලන ක්‍රමයක් ලෙස සාර්ථක නැත.
  2. සමාජ රෝග වලින් ආරක්ෂාකිරීමේ හැකියාවක් නැත.

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

6 comments

  1. I took an Postinor-1 pill on 3rd day of my period and bleeding didn’t stop yet, it’s being 10 days now, normal light bleeding. Will it stop?

Leave a comment

Your email address will not be published. Required fields are marked *