පංචකර්ම- Panchakarma Treatments

Panchakarma treatments in Sri Lanka

ආයුර්වේදීය පංචකර්ම (Ayurvedic Panchakarma)  ගැන වර්තමානයේ බහුලව කතාබහට ලක්වුනත් බහුතර පිරිසක් තුළ ඇත්තේ ඉතාම අල්ප දැනුමක්. ආයුර්වේද පංචකර්ම කියන්නේ ආයුර්වේදය තුළ ප්‍රධානම ස්ථානයක් ගන්න දෙයක්. පංචකර්ම වලින් සිදුකරන්නේ අපේ ශරීරය ඇතුළත රෝග ඇතිකරන දේවල් අපේ ශරීරය කපා කොටා නොදමාම එළියට ඇද දැමීමක්.

ඒ විදියට එළියට ඇදලා දාන විධි ප්‍රධාන වශයෙන් කොටස් පහකින් විස්තර කරලා තියෙනවා. පංච කර්ම කියන්නේ ඒ ආකාර පහයි.

මොනවද පංච කර්ම? Types of Panchakarma

  1. වමන කර්මය – Vamana
  2. නස්‍ය කර්මය – Nasya
  3. විරේචන කර්මය -Virechana
  4. වස්ති කර්මය – Basti
  5. රක්තමෝක්ෂණය – Raktamochana 

මේ විදියට ප්‍රධාන පංච කර්ම පහ පොදුවේ හඳුන්වන්න පුළුවන්.


පංච කර්ම අපිට ගෙදරදිම කරගන්න බැරිද?

ඇත්තෙන්ම බැහැ. පංච කර්ම කිරීම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවන් පහ ප්‍රධාන ක්‍රියාවලි පහ හෙවත් ප්‍රධන කර්ම පහයි. ප්‍රධාන කර්මයට කලින් රෝගියාව ඒ සඳහා සති 1-2 වගේ කාලයක්වත් සූදානම් කරන්න ඕන. ඒකට අපි කියන්නේ පූර්ව කර්ම කරනවා කියලා. ඊට පස්සේ රෝගියාට ගැලපෙන ප්‍රධාන කර්මය හෙවත් පංච කර්මය කරලා නැවත රෝගියාව සති 1-2 කට ආසන්න කාලයක් රැකබලා ගත යුතුයි. මේ තමයි හරිම පංච කර්ම කරන ක්‍රියාපිළිවෙල. මේ ක්‍රියාවලිය නිසි සුදුසුකම් ලබපු ආයුර්වේද වෙද්‍යවරයෙකු යටතේම තමයි සිදුකරගන්න ඕන.
නැතිනම් අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ වගේම අනිසි අතුරු ඵල විපාකත් ලැබෙන්න පුළුවන්.


තෙල් ගාලා මසාජ් කරන එක පංච කර්මයක් නෙවේද?

නැහැ. වර්තමානයේ ගොඩක් දෙනෙක්ට තියෙන වැරදි වැටහීමක් තමයි මේක.

පංච කර්ම කියන්නේ ඉහත දැක්වූ ක්‍රියාවලි පහටයි. ඒ ක්‍රියාවන්ට රෝගියාව සූදානම් කරනකොට අපි ස්නේහය (තෙල් ගැල්වීම ආදී ක්‍රියාවන්), ස්වේදනය (දහඩිය ගැන්වීම් වැනි ක්‍රියාවලින්) සිද්ධ කරනවා

ඉතින් මේ තෙල් ගාලා මසාජ් (Oil treatments and massaging) කරන එකත් හරියට පූර්ව කර්මයක් (රෝගියාව සූදානම් කිරීමක්) වගේ දෙයක්. වෛද්‍යවරයෙකුට තෛල අභ්‍යංගය (තෙල් ගෑම) තුලින් රෝගයක් සුවපත් කළ හැකියි. නමුත් වෛද්‍ය වෘත්තියෙන් බැහැරව පුද්ගලයන් මෙම තෙල් ගෑම (Spa and massage centers) තුලින් සිදුකරන්නේ වාණිජමය ක්‍රියාවලියක්.
ඉතින් අපි ඉදිරි ලිපි තුළින් මේ පංච කර්ම පිළිබඳ සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.

By Dr Uyesha Madhubashini

I am Dr Uyesha Madhubhashini. Ayurvedic Medicine graduate at University of Kelaniya.  Bachelor Of Ayurveda Medicine & Surgery(BAMS)  Advanced Korean Acupuncture in Oriental medicine (University of Kelaniya)  Advanced Certificate of Ayurveda Panchakarma, SPA & Aroma Therapy  Certificate of Acupuncture clinical Practice

3 comments

Leave a comment

Your email address will not be published. Required fields are marked *