තෙල් ගැම සහ මසාජ් කිරීම (Oil treatments and massaging)

තෙල් ගැම oil treatments

ආයුර්වේද පංචකර්ම කියපුවාම තෙල් ගැම (Oil treatment) මසාජ් කිරීම (ayurvedic massaging) කියන්නේ නිතර කතාවෙන මාතෘකා දෙකක්.

ඒ වගේම තමයි පංචකර්ම – panchakarma treatments කරන්න අපි හැමෝම කැමති වුනත්, පංචකර්ම කියන්නේ අපේ කැමැත්තට විතරක් කරගන්න පුලුවන් දෙයක් නෙවේ.

ඒ කියන්නේ හැමෝටම පංචකර්ම කරන්න හොඳ නැතිද ? (Is not it good to do panchakarma for everyone?)

නැහැ. යම් පුද්ගලයකුට පංච කර්මයක් (panchakarma treatments) කළ යුතුද? ඒ කළ යුත්තේ කුමන පංච කර්මය ද?

ඒ පංච කර්මය කිරීම සඳහා ඒ පුද්ගලයා සුදුසුද? යන්න තීරණය කරන්නේ වෛද්‍යවරයා.

ඒ වගේම එකම පංච කර්මය වුනත් කරන ආකාරය හා භාවිතා කරන ඖෂධය රෝගියාගෙන් රෝගියාට ගොඩක් වෙලාවට වෙනස් වෙනවා.

පංචකර්ම සඳහා රෝගියෙකු සූදානම් කර ගන්නේ කොහොමද? (how to prepare patient for Panchakarma treatments)

රෝගියාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට හෝ ඇයට අවශ්‍ය නම් අභ්‍යන්තර ඖෂධ, අවශ්‍ය කරන දින ගණන දීමෙන් පසුව, පූර්ව කර්ම කරල තමයි රෝගියා ව සූදානම් කරවන්නේ.

පූර්ව කර්ම කියන්නේ මොනවාද?

පූර්ව කර්ම කියන්නේ රෝගියාව පංචකර්ම සඳහා සූදානම් කිරීමේදී පූර්වව කරන ක්‍රියාවන් වලට මේ ක්‍රියාවලිය ප්‍රධාන ආකාර 2කට වෙන්වෙනවා ඒ තමයි ස්නේහනය හා ස්වේදනය කිරිම.

ස්නේහනය / තෙල්ගැම ?

ස්නේහනය කියන වචනාර්ථය සරලවම “තෛලමය” වගේ දෙයක්නේ. ආයුර්වේදයේ කතා කරන ස්නේහ වර්ග හතරයි. ඒ තමයි,

  1.  ඍත
  2. තෛල
  3.  වසා
  4. මජ්ජා.
Oil massage in Sri Lanka

මේවගෙන් අභ්‍යන්තර හෝ බාහිර ශරීරය ස්නේහනය කරන්න පුළුවන්. අභ්‍යන්තර ස්නේහනයට නම් ස්නේහ වර්ග පානය කරන්න ඕනා. ස්නේහන ද්‍රව්‍ය තනිකරම හෝ වෙනත් ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්. එම පානය කරන ස්නේහ වර්ගය, ප්‍රමාණය, මාත්‍රාව, දින ගණන, සියල්ලම වෛද්‍ය අධීක්ෂණය යටතේ තමයි වෙන්න ඕනේ. බාහිර ස්නේහනයට තෛල වර්ග ශරීරයට ආලේප කිරීමක් කරනවා ඒකට කියන්නේ “තෛල අභ්‍යංග කිරීම” කියලා.

අපිට ඕනේ විදියට තෙල් ගැම (oil treatments) කලාට කමක් නැද්ද?

එහෙම කියන්න බැහැ. තෛල (Oil) ගැල්විය යුතු අවස්ථා වගේම නැති අවස්ථාත් තියෙනවා. රෝගය, රෝගියා, ස්ථානය අනුව තෛල ආලේප කරන විදිය වගේම යොදන පීඩන පවා වෙනස් වෙනවා. අනවශ්‍ය ස්ථානවල සුදුසු නොවන තෛල වර්ග අනවශ්‍ය ලෙස ආලේප කිරීම නිසා විවිධ අතුරු ආබාධ (complications of oil treatments) වලට ලක්වුන පුද්ගලයන් පවා අපට වර්තමානයේ සුලභව හමු වෙනවා. ඒ නිසා තෛල වර්ගය තෝරාගැනීම, ආලේප කරන ආකාරය, පීඩනය යොදන ආකාරය, නිසි දැනුවත් භාවයකින් කිරීම ඉතාම වැදගත්. නිසි පරිදි ස්නේහනය (lubrication) වීමෙන් පසු එම පුද්ගලයාව ස්වේදනය (Sweating) සඳහා ඉන්පසුව යොමු කරනු ලබනවා.

By Dr Uyesha Madhubashini

I am Dr Uyesha Madhubhashini. Ayurvedic Medicine graduate at University of Kelaniya.  Bachelor Of Ayurveda Medicine & Surgery(BAMS)  Advanced Korean Acupuncture in Oriental medicine (University of Kelaniya)  Advanced Certificate of Ayurveda Panchakarma, SPA & Aroma Therapy  Certificate of Acupuncture clinical Practice

Leave a comment

Your email address will not be published. Required fields are marked *