අපස්මාරය (Epilepsy)/ මීමැස්මොරය ඔබේ ජීවිතයට බාධාවක්ද?

අපස්මාරය Epilepsy sinhala

අපස්මාරය (Epilepsy), වලිප්පුව (Seizure) , මී මැස්මොරය (Memesmoraya) එහෙමත් නැත්නම් ‍ෆිට් (Fit) එක අපි හැමෝම දු‍ටු සැනින් බියට පත්කල හැකි රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්.

යම් ගමනක් බිමනක් යන වෙලාවට, එහෙමත් නැත්නම් සෙල්ලම් කර කර ඉන්න වෙලාවක කවුරුහරි එකපාරට බිම වැටිලා අසිහියෙන් වගේ ගැහෙන්න (Fitting) ගන්නවා. මේක දැක්කම වටේ පිටේ ඉන්න අය එක්කෝ මග ඇරලා යනවා. එහෙමත් නැත්නම් කටට අරවා මේවා දන්න යනවා. එහෙමත් නැත්නම් යකඩ කැල්ලක් හොයාගෙන ඇවිත් රෝගියාගේ අතේ තියෙනවා.

ඉතින් වලිප්පුව (Seizure) කියන්නේ කොච්චර සුලභ සහ අපි අහලා දැකලා තියෙන රෝගී තත්ත්වයක් උනත් ඒ සම්බන්ධව සහ කරන්න ඔනේ ප්‍රථමාධාර (First Aids) පිලිබඳ අපේ දැනුම අවමයි. මේ නිසාම අපස්මාරය – Epilepsy තියෙන රෝගින් නිතර ගැටලුවලට මුහුන දෙනවා දකින්න ලැබිලා තියෙනවා.

අපස්මාරය කියෙන්නේ මොකක්ද? (What is Epilepsy)

ඇත්තටම ඔබ බොහෝ දෙනෙක් අපස්මාරය කියන රෝගය තියෙන රෝගීන් දැකලා ඇති. ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් ප්‍රතිශතයක් විදියට 0.3%ක ප්‍රතිශතයක් අපස්මාරය (prevelance of Epilepsy is 0.3% of general population) රෝගීන් කියලා හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ දැනට ශ්‍රි ලංකාව තුල මෙම රෝගීන් 60,000ක් පමණ ජීවත්වන බව ගනන් බලා තියෙනවා.

එච්චරටම පොදු වුන මේ රෝගය මොකකද? අපස්මාරය කියන්නේ අපේ ශරීරයේ පවතින මානසික, කායික හෝ රසායනික වෙනසක් නිසා මොළයේ ඇතිවන අසාමන්‍යය විද්‍යුත් ක්‍රියාකාරීත්වයක්. ඒ එක්කම එම අසාමාන්‍යය ක්‍රියාකාරීතය නිස සමහර විට වලිප්පු තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්. ඒ කියන්නේ ශරීරයේ කොටසක ඇතිවාන අසාමන්‍යය පේෂි ක්‍රියාකාරීතවයක්. සමහර විට මෙම රෝගීන් එක පාරට බිම වැටිලා ඇස් උඩ ගිහිල්ලා, අත පය ගැහිගෙන යනවා.

ඒත් අපි අපස්මාරය කියන අවස්ථාවෙදි අසාමාන්‍යය මාංශපේෂි ක්‍රියාකාරීත්වයක් (Clonic tonic moments)  තියෙන්නත් පුලුවන් , නැති වෙන්නත් පුලුවන්. උදාහරනයක් විදියට Absence seizure, atonic seizure කියන අවස්ථාවලදී මාංශපේෂි ක්‍රියාකාරීත්වයේ වෙනසක් වෙන්නේ නැ. ඉතින් සමහර වෙලාවට වෛද්‍යයවරයෙකුට ඇරෙන්න වෙනත් කෙනෙක්ට මේ කියන Epilepsy නිසි පරිදි හඳුනාගැනීමට බැරි වෙන්න පුලුවන්.

අපස්මාරය සඳහා හේතුකාරක මොනවාද? (Causes for Epilepsy)

  1. ජානමය තත්ත්ව (Genetic causes)
  2.  ස්නායුවල උපතින්ම ඇතිවන අඩු වර්ධනය (Congenital abnormalities of CNS)
  3.  උණ (Fever)
  4. මොලය ආශ්‍රිත ආසාදන (Meningitis)
  5. හිසට ඇතිවන පහරදීම් (Head trauma)
  6. හිසේ ඇතිවන රෝග තත්ත්ව (Dysfunction of brain)
  7. සමහර ඖෂධ (Some medications)
  8.  මත්පැන් (Alcohol)
  9.  මානසික තත්ත්ව (Mental illness)
මි මැස්මොරය

මී මැස්මොරය සඳහා ප්‍රතිකාර

මීමැස්මොරය සඳහා ප්‍රතිකාර කිරීමේදි ඖෂධ ප්‍රතිකාර මෙන්ම ජීවන රටාවේ වෙනස්කම් කරන්නට සිදුවෙන්න පුලුවන්. උදාරහනයක් ලෙස මේ සමග බහුලව මානසික අසහනය සහ මත්ද්‍රව්‍යය භාවිතය දකින්න ලැබෙනවා. රෝගය නිසි පාලනයකට ලක්කරන්නම් අනිවාර්යෙන්ම මේ කියන දේවල් පාලනය කර ගන්න වෙනවා.

 

අපස්මාරය පාලනය සඳහා සිදුකලයුතු ජීවන රටාවේ වෙනස්කම්

1. නිසි නින්දක් ලැබීම
2. අධික වෙහෙසකර, ඒ වගේම මානසික අසහනට හේතුවන ‍      රැකියා ‍තෝරා නොගැනීම
3. මත්පැන් භාවිතය සීමා කිරීම
4. මත්ද්‍රව්‍යය භාවිතය නැවතීම

අපස්මාරය සඳහා ඖෂධ ප්‍රතිකාර (Medical management of epilepsy)

අපසමාරය සඳහා සිදුකරන ඖෂධ ප්‍රතිකාර නිසි සුදුසුකම් සහිත ස්නායු වෛද්‍යයව‍රයෙක් හෝ කායික වෛද්‍යයව‍රයෙක් විසින් ආරම්භ කිරීම වැදගත් කරුණක්.

ඒ එක්කම මීමැස්මොරය සඳහා සමහර විට එක ප්‍රතිකාරයක් වෙනුවට ප්‍රතිකාර කිහිපයක් භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒ එක්කම තමන් භාවිතා කරන ඖෂධ පිලිබඳ හොද අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් කරුණක් වෙනවා.

අපස්මාරය සඳහා ප්‍රතිකාර
  1. Sodium valproate
  2. Phenytoin
  3. Carbamezepine
  4. Lamotrigine
  5. Topiramate

ඉහත සඳහන් කරලා තියෙන්නේ නිතර භාවිතා කරන ප්‍රතිකාර කිහිපයක්. කොහොම උනත් මේවා වෛද්‍යය නිර්දේශ මත පමණක් ලබාගතයුතු වගේම නිකුත් කලයුතු ඖෂධ කියලා කියන්න ඕනේ.

අපස්මාරය / මී මැස්මොරය ගැන තියෙන මිත්‍යා මත (Myths on Epilepsy)

මී මැස්මොරය ඇතිවන්නේ අමනුෂ්‍යය බලපැමක් නිසාද?

බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි මෙය යක්ෂ ආවේශයක් නිසා සිදුවන දෙයක් කියන එක. නමුත් මෙම රෝගය සඳහා එවැනි යක්ෂ , භූත, පෙරෙත බලපැමක් නැ.

කුඩා දරුවන්ට ඇතිවන උණ ‍ෆිට් එක සහ අපස්මාරය කියන්නේ එකක්ද?

උණ වලිප්පුව/ febrile fit කියන්නේ කුඩා දරුවන් අතර ඉතාම පොදු තත්ත්වයක්. මෙය අපස්මාරය කියලා සමහර මවුපියන් ගොඩක් බය වෙනවා.

නමුත් උණ ‍ෆිට් (febrile fit) එක සහ අපස්මාරය කියන්නේ එකිනෙකට වෙනස් රෝගී තත්ත්වන් දෙකක්. ඒ වගේම මේ කියන උණ ‍ෆිට් එක බොහෝ විට ඉබේම නැතිවෙලා යනවා.

නමුත් ඉතාම සුලු පිරිසකගේ විතරක් උණත් සමග අපස්මාර තත්ත්වය ඇතිවන අතර එය දීර්ඝ කාලීනව පවතින්න පුලුවන්.

වලිප්පුව තියෙන අයට පාඩම් කිරිම හොද නැද්ද?

වලිප්පුව සහිත දරුවන් නිසි ප්‍රතිකාර සමග ඉතා හොදින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එය ඉගෙනීමට බාධාවක් නෙවේ.

වලිප්පුව ක්‍රිඩා නොකිරීමට හේතුවක්ද?

වලිප්පුව සහිත රෝගීන් නිසි පාලනයක් සහිතනම් ඔනැම ක්‍රිඩාවක යෙදෙන්න පුලුවන්. නමුත් නිසි පාලනයක් නැති රෝගීන් ජලයේ සිදුකරන ක්‍රිඩා, රිය ධාවනය
සම්බන්ධ ක්‍රිඩා නොකල යුතුයි.

Reference

  1. Herath, H.M.M.T.B., Withana, M., Gamage, R. et al. Is there a delay in seeking medical care after the first seizure in “resource limited settings”: a pilot study from Sri Lanka. BMC Res Notes 11, 774 (2018). https://doi.org/10.1186/s13104-018-3887-3

  2. https://shri.lk/wp-content/uploads/2015/07/Management-of-Epilepsy.pdf

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

2 comments

Leave a comment

Your email address will not be published. Required fields are marked *