කායික රෝග (Adult medical issues)

අප වෛද්‍යය විද්‍යාවේදි කායික රෝග (Adult medical issues / physical issues) ලෙස හැදින්වීම සිදුකරන්නේ ශරීරයේ පවතින සර්වාංග කොටසට අයත් රෝගයි (Disease/ illness).

වැඩිහිටි ශරීරයක ඕනෑම අවයවයක ඇතිවන ශල්‍යයමය නොවන රෝගී තත්ත්වයක් සරලව මෙම කොටසට ඇතුලත් කල හැකිය. ඒ අතර ස්වසන රෝග, හෘදරෝග, වසංගත රෝග, ස්නායුරෝග වැනි රෝග ආකාර ප්‍රධාන වේ.

ස්නායු රෝග (Neurological illness) පිලිබඳ ලිපි

මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව විවිධ වු රෝග තත්ත්ව ඇතිවේ. ඒ අතර ඉරුවාරදය, අංශභාගය, අපස්මාරය වැනි තත්ත්ව ප්‍රධාන වේ.

වසංගත රෝග (Epidemic illness) පිලිබඳ ලිපි

අප නිතර විවිධ බෝවෙන රෝග (Infectious diseases) වලට මුහුන දේ. ඒ අතර සමහර රෝග ඉදහිට විශාල වශයෙන් බෝවීම සිදුවේ. මෙවැනි රෝග වසංගත රෝග (Epidemic illness) ලෙස හඳුන්වනු ලබයි.

හෘද රෝග (Heart Diseases) සම්බන්ධ ලිපි

ඔබේ හදවත් සහ රුධිර නාල (Heart and blood vessels)  සම්බන්ධ රෝග තත්ත්ව හෘද රෝග ගනයට අයත් වේ. මේ අතර හෘදයාබාධ (heart attack), හර්ද අකර්මණයතාවය (heart failure), හෘදයේ කපාටවල දෝෂ(Valvular heart diseases)  , අධික රුධිර පීඩනය (hypertention) වැනි අපිට නිතර අහන්නට ලැබෙන රෝග ගන්නාවක් පවතී.

ආහාර මාර්ගය ආශ්‍රිත රෝග (GI Disease) පිලිබඳ ලිපි

කායික රෝග (Adult physical conditions) පිලිබඳ සාකච්ඡා කිරීමේදි මීලග වැදගත් රෝග කාණ්ඩය වන්නේ ආහාර මාර්ගය (Gastro-intestinal illness) ආශ්‍රිත ගැස්ට්‍රිටිස් (Gastritis) , සිරෝසිස් (Cirrhosis), බඩේ අමාරුව (Gastroenteritis) , ආහාර මාර්ගයේ පිලිකා (GI malignancies) වැනි රෝග තත්ත්ව වේ.

වකුගඩු රෝග (Kidney diseases) සම්බන්ධ ලිපි

වකුගඩු රෝග (Kidney Disease) යනු ශ්‍රි ලංකාව තුල ඉතා වේගයෙන් ඉහල යන රෝගී තත්ත්වයක් වේ. මේ නිසාම සර්වාංග රෝග (Physical illness) පිලිබඳ සාකච්ඡා කිරීමේදි වකුගඩු රෝග පිලිබඳව අමතක කල නොහැක.

හෝමනමය සහ අන්තරාසර්ග රෝග තත්ත්ව (Endocrine illness) සම්බන්ධ ලිපි

Adult medical conditions ගැන කතා කරද්දි අමතක කරන්න බැරි තවත් එක රෝගින් පීරිසක් ඉන්නවා. ඒ තමයි දියවැඩියාව, තයිරොක්සීන් වගේ විවිධ හෝමෝනමය තත්ත්ව වලට ප්‍රතිකාර ලබා ගන්න රෝගීන්. ඔවුන්ගේ දැනුම දියුනු කිරීම වෙනුවෙන් මේ කොටස වෙන් කරනවා.