වඳුරු උණ (Monkeypox) ගැන ශ්‍රි ලංකාවේ තත්ත්වය

monkey pox - වඳුරු උණ

වඳුරු උණ (Monkeypox) එහෙමත් නැත්නම් මන්කි ෆොක්ස් /වදුරු වසූරිය කියන්නේ දැන් දැන් අපිට නිතර නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වයක් කීවොත් නිවැරදී. කොරෝන වසංගතය (Covid 19) නිසා බොහෝ ව්‍යයසන වලට ගොදුරුව සිටින ලෝකය තවත් වසන්ගතයකට මුහුණ දෙන්නට සූදානම් වෙන්නත් කලින්ම මේ කියන වඳුරු උණ රෝගය ඉදිරි කාලයේදී ලෝකයටම පැතිරෙන වසංගතයක ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා.

වදුරු උන කියන්නේ මොකක්ද? (What is monkeypox virus?)

වඳුරු උණ කියන්නේ Zoonosis කියන වර්ගයට අයත් වෛරස රෝගී තත්ත්වයක් කියලා හඳුනාගෙන තියෙනවා. මෙම රෝගය බොහෝදුරට සමාන වන්නේ Small pox එහෙමත් නැත්නම් වසූරිය කියන රෝගී තත්ත්වයටයි. ඒ වගේම රෝගයේ ලක්ෂණ සහ බරපතල බව සලකන විට එය මදක් පැපොල (Chicken pox) කියන රෝගයටත් යම් සමානකම් තියෙනවා කියලා කියනන් පුලුවන්.

 

මෙම රෝගයේ වැදගත් කරුණ වන්නේ මෙය වදුරෙක්ගෙන් (monkey) ආරම්භ වූ රෝගයක් ලෙස හඳුනාගෙන තිබීමයි. ඒ එක්කම මෙම රෝගය මධ්‍යම සහ බටහිර අප්‍රිකානු (Central and western africa) රටවල් වල ප්‍රභේද දෙකක් ලෙස පැතිරයන රෝගී තත්ත්වයක් විදියට කියන්න පුලුවන්.

 

මෙම රෝගය මුලින්ම හඳුනාගෙන ඇත්තේ 1970දී අප්‍රිකාවේදියි. ඉන්පසු 2003 දි එක්සත් ජනපදයේදීත් 2007 දී නයිජීරියාවේදීත් නැවත හඳුනාගෙන තිබෙනවා.

වඳුරු උණ රෝග ලක්ෂණ (symptoms of monkeypox)

මෙම රෝගයේ මූලිකම ලක්ෂණය වන්නේ සමේ ඇතිවන ලපයි (Skin rash).

 

මීට අමතරව පහත රෝග ලක්ෂණ හඳුනාගත හැකියි.

  • තද උණ (high fever)
  • හිසරදය (headache)
  • මාංශපේෂි වේදනාව (musle pain)
  • කොන්දේ කැක්කුම (Back pain)
  • කුද්දටිවල ඉදිමුම (Lymph node enlargement)
  • වෙව්ලීම (Chills)
signs and symptoms of monkey pox

monkeypox රෝගය නිසා ඇතිවන සංකූලතා

මෙම රෝගය බොහෝ විට ස්වාභාවිකවම සුවවන ආකාරයේ රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගන්න පුලුවන්. ඒත් ඉදහිට මාරාන්තික සංකූලතා ඇතිවිය හැකි අවස්ථා තියනවා

 

  1. පිළිකා, වකුගඩු රෝග, ඒඩ්ස් වැනි ප්‍රතිශක්තීකරණ ඌනතා රෝග සහිත පුද්ගලයන් (immune deficient patients)
  2. ගර්භණි මව්වරුන් (Pregnant mothers)
  3. කුඩා දරුවන් (Small children)

වඳුරු උණ රෝගය සඳහා ප්‍රතිකාර තිබේද? (Treatment options for monkeypox)

වඳුරු උණ කියන්නේ කලින් සඳහන් කලා වගේ ගොඩක් භයානක නොවන රෝගී තත්ත්වයක්. මේ නිසාම මේ රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍යය නොවන අතර විවේකය සහ රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීම පමණක් සැහේ.

 

එසේ නමුත් මේ වන විට මෙම රෝගය සඳහා විවිධ විශේෂිත ප්‍රතිකාර පවතී. ඒ අතර ප්‍රධාන ප්‍රතිකාරය වන්නේ ප්‍රති – වෛරස (Anti viral medications) ඖෂධයි. දැනට මන්කි ෆොක්ස් රෝගය සඳහා ප්‍රති ඖෂධ වර්ග කිහිපයක්ම පවතිනවා. ඒ නිසාම අවශ්‍යය අවස්ථාවන්හීදි ඒවා පාවිච්චි කිරීමේ හැකියාව පවතිනවා.

වඳුරු රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් පවතීද ? (Is there any vaccine for monkeypox)

ඔවු. අපි කලින් සඳහන කලා වගේ මන්කි ෆොක්ස් කියන්නේ වසූරියට සමාන රෝග තත්ත්වයක්. ඒ නිසාම එම එන්නත් මෙම රෝගය සඳහාත් යොදාගැනීමේ හැකියාව තියෙනවා, මෙම එන්නත JYNNEOSTM (also known as Imvamune or Imvanex) නමින් හඳුන්වනවා. තවද මෙම ප්‍රතිශක්තීකරණ එන්නත වඳුරු උණ සඳහා 85%ක සාර්ථකත්වයක් පෙන්වීමට හැකි බව සොයාගෙන තියෙනවා. 

wanduru uan vaccination

Monkeypox රෝගය පැතිරෙන්නේ කෙසේද?

මෙම රෝගය මූලිකවම වාර්ථා වී ඇත්තේ මධ්‍යම සහ උතුරු අප්‍රිකා රටවල් වල සංචාරය කළ පුද්ගලයන් අතරයි. එසේ වූවත් මෙවර එවැනි විශේෂ හේතුවක් නැති පුද්ගලයන්ගේ පවා රෝගය හඳුනාගෙන තියෙනවා.

 

කොහොම උනත් පහත ක්‍රම මගින් රෝගය බෝ විය හැකි බව හඳුනාගෙන තියෙනවා.
1. රෝගී පුද්ගලයෙකු හෝ සතෙකුගේ ස්‍රාව ශරීර ගතවීම
2. පුරුෂ සමලිංගික සම්බන්ධතා

ශ්‍රි ලංකාව තුළ වඳුරු උණ පිළිබඳ තත්ත්වය

දැනට ලෝකය පුරා රටවල් ගනනාවක මෙම රෝගය හඳුනාගෙන තිබෙනව. ඒ නිසාම ශ්‍රි ලංකාවත් ඉතා ඉක්මනින් මේ සඳහා ගොදුරු වීමේ අවධානමක් තියෙනවා. එහෙම උනත් තවමත් එවැනි රෝගි ලක්ෂණ සහිත රෝගීන් ශ්‍රි ලංකාව තුළ හඳුනාගෙන නැ.

වඳුරු උණ රෝගයෙන් ආරාක්ෂාවීමට කලයුතු දේ

  1. මෙම රෝගයෙන් ආරක්ෂාවීමේ ප්‍රධානම ක්‍රමය වන්නේ රෝගීන් වෙන් කිරීමයි. මේ අනුව රෝගීන් සමග කටයුතු කල පුද්ගලයන් දින් 21ක නිරෝධායන කාලයකට යටත් කොට තිබෙනවා.
  2. රෝගීන් වෙන්කර ප්‍රතිකාර කිරීම. මෙමගින් රෝගින් සහ බාහිර පුද්ගලයන් අතර සම්බන්ධතා අවම වෙනවා.
  3. රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ලිංගික සම්බන්ධතා වලින් ඇත්ව සිටීම සහ සුව වීමෙන් සති 6 -8ක් දක්වා කාලය තුළ කොන්ඩම් භාවිතය.
  4. රෝගීන් සමග කටයුතු කරන සෞඛ්‍යය කාර්යය මන්ඩල සුදුසු ආරක්ෂක ඇදුම් පැළදුම් පැලදීම. මේ අනුව ඇස්, සම , අත් වැනි සියලු කොටස් ආවරණය වීමට සුදුසු PEP යොදාගත යුතු වෙනවා.
  5. රෝගීන් හඳුනාගැනීමේ පරික්ෂාවන් වැඩි කිරීම.
  6. රොගීන්ට ප්‍රතිකාර කිරීම සහ අවශ්‍යයනම් එන්නත් කිරීම. මේ වන විටත් සමහර රටවල් මගින් මෙය වසංගතයක් වුවහොත් භාවිතයට එන්නත් තොග ඇනවුම්කර තිබෙනවා.

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *