ගැබ් ගෙල පිළිකාවෙන් ආරක්ෂාවෙමු – Cervical Cancers

Cervical cancer online doctor sri lanka


ඔබ කාන්තාවක් නම් ඔබත් ගැබ් ගෙල පිලිකා (Cervical cancers) සඳහා විශාල නැඹුරුවක් ඇත. අද අප නිතර භාවිත කරන පැප් පරික්ෂණය (PAP test) නොවන්නට අද වනතෙක්ද ගැබ්ගෙල පිලිකා යනු කාන්තාවන් අතර ඉතා බහුල පිලිකාවක් ලෙස සලකන්නට කැමැත්තෙමි. තවද තවමත් එය පියයුරු පිලිකා වලට පසුව කාන්තාවන් අතර බහුලම පිළිකා විශේෂය මෙය වේ. මේ සඳහා බොහෝ හේතු කාරණා බලපැවද ප්‍රධාන හේතුව වන්නේ HPV වෛරසයයි. දැනට ශ්‍රී ලංකාවේ වසරයකට 850ක් 1000ක් පමණ පිරිසක් මෙම රෝගය නිසා මරණයට පත්වේ. එසේ වූවද කලින් හඳුනාගැනීම මගින් පහසුවෙන් ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින් පිළිකා විශේෂයක් බැවින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කල යුතුව ඇත.

ගැබ්ගෙල පිළිකා සඳහා හේතුකාරක මොනවාද? (Causes for Cervical Cancers)

ගැබ් ගෙල පිලිකා සඳහා වැඩිම දායකත්වයක් දක්වන්නේ HPV වෛරසය වේ. එය සියලු ගැබ්ගෙල පිළිකාවලින් 90% වකට වැඩි ප්‍රමාණයකට හේතුසාධක වේ. මේ හැරුනුවිට තවත් හේතු වන කරුණු කිහිපයක් වේ.

  1. ජානමය හේතූ (Genetic causes)
  2. ලිංගාශ්‍රිත රෝග තත්ත්ව (Sexually transmitted infections)
    උදාහරණ: ක්ලැමිඩියා ආසාදනය (Clamidia )
  3. දුම්පානය (Smoking)
  4. ලිංගික සහකරුවන් බහුලව ඇසුරු කිරීම (Multiple sexual partners)
  5. කුඩා වයසේදීම ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කිරීම (Early Sexual activities)
  6. ප්‍රතිශක්තීකරණ ඌනතා රෝග තත්ත්ව (immuno-suppressant state)
    උදාහරණ : එච් අයි වී

බොහෝ පිලිකා රෝග තත්ත්වයන්ට ජානමය හේතු කාරනා බලපායි. නමුත් මෙහෙදී වඩා විශේෂ වන්නේ HPV Virus වැනි කරුණු මගින් ගැබ්ගෙල ආශ්‍රිතව පවතින සෛලවල ඇතිකරන ජානමය වෙනස්විම් වේ. මේවා සමහර විට වසර ගනනක් තිස්සේ පැවතී පසුව පිලිකා සෛල බවට පත්විය හැකිය. ඒ සමගම ඉහත සඳහන් අනෙකුත් අවධානම් සාධක මගින්ද එවනි ජානමය වෙනස්වීම් හෝ සෛල චක්‍රය ආශ්‍රිතව සිදුකරන වෙනස්වීම් මගින් පසුකාලීන පිළිකා තත්ත්ව ඇත්විය හැකිය.


එච් පී වී වෛරසය යනු කුමක්ද? (Human Papiloma Virus )

Cervical cancer sinhala

HPV Virus යනු වෛරස 200ක් පමණ අඩංගු වෛරස කාණ්ඩයකි. එහි සමහර වෛරස දරුණු බවින් ඉතා අඩු වෛරස වන අතර සමහර දරුණු ගනයේ වෛරස මගින් ලිංගික ඉන්නන්, ගැබ්ගෙල පිලිකා සහ තවත් පිලිකා වර්ග ඇති කරයි. එසේ වූවද ගැබ්ගෙල පිලිකා සඳහා විශේෂයෙන් හේතුවන්නේ HPV 16, 18 යන වෛරස දෙකයි.

මේ සඳහා මේ වන විට ප්‍රතිශ්ක්තීකරන එන්නතක් හඳුන්වාදී ඇත.

ගැබ්ගෙල පිලිකා සඳහා ප්‍රතිකාර ( Treatments for Cervical Cancers)

ගැබ්ගෙල ආශ්‍රිතව ඇතිවන අනාගත පිලිකා බවට පත්විය හැකි සෛල පැප් පරීක්ෂණයක් මගින් හඳුනා ගත හැකිය. එවැනි වෙනස්වීම් පවතීනම් වෙනස්වීම අනුව තවදුරටත් පරික්ෂන සිදු කිරීම හෝ ප්‍රතිකාර වලට යොමු කිරීම සිදුවේ.

කෙසේ වූවද සමහර කාන්තාවන් මෙම පරික්ෂණය සඳහා යොමුවීම ප්‍රමාද වීම නිසා ගැබ්ගෙල, හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවන පිළිකා තත්ත්ව දක්වා ඉහත සඳහන් කල සෛල වර්ධනය වී තිබෙන්නට පුලුවන්. එවැනි අවස්ථාවක, ශල්‍යය ප්‍රතිකාර, රසායනික ප්‍රතිකාර මෙන්ම විකිරණ ප්‍රතිකාරද අවශ්‍යතාව අනුව භාවිත වේ.

ගැබ්ගෙල පිලිකා හඳුනා ගැනීම (Detection of Cervical Cancers)

ගැබ්ගෙල පිළිකාවල් රෝග ලක්ෂණ ලෙස යෝනි මාර්ගය ආශ්‍රිත දුර්ඝන්ධයක් සහිත ශ්‍රාවයක් පිටවීම (Foul smelling discharge) , ලිංගික එක්වීමෙන් පසු රුධිර වහනය (post coital bleeding) , සහ සමහර විට ලිංගික එක්වීමකදී ඇතිවන දැඩි වේදනාව (deep Dyspareunia ) පෙන්වා දිය හැකිය. එසේ වූවද මෙවැනි රෝග ලක්ෂණ ඇතිවන විටත් ඔබ රෝගය සඳහා ප්‍රතිකාරවලාට යොමුවිමට ප්‍රමාද වී තිබෙන්නට පුලුවන්. ඒ නිසාම ඔබ මේ සඳහා ක්‍රමවත් හඳුනාගැනීමේ පරික්ෂණ වලට යොමුවිය යුතුය. උදාහරණයක් ලෙස සුව නාරී සායන වලදී සිදුකරන පැප් පරික්ෂණය සඳහන් කල හැකිය.

සමන්‍යයෙන් මෙම පරික්ෂාව අවුරුදු 40 වන විට ආරම්භ කල යුතුය. එසේ වූවද ඔබ අන් අයට වඩා අවධානම් නම් අවුරුදු 35ක් පමණ වනවිට එය ආරම්භ කිරීම සුදුසුය.


By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *