දරුවා ලැබෙන දිනය දැනගමු (Lets know the Expected date of delivery of your baby)

දරුවා ලැබෙන දිනය Expected date of delivery

ඇත්තටම කීවොත් දරුවන් කියන්නේ දෙමාපියන්ට ලොකු සම්පතක්. දරුවන් කීපදෙනෙක් ඉන්න අම්මලා තාත්තලා වගේම, කවදාවත් දරුවෙකුගේ හිනාව දකින්න නොලැබුන අම්මලා තාත්තලත් ඕනේ තරම් අපිට දෛනිකව හමුවෙනවා. ඉතින් දරුවෙක් පිළිසිඳගැනීම (Getting pregnant) කියන්නේ අම්මලා තත්තලාට ලොකු සතුටක්. ඒ ගොල්ල ඇගිලි ගැන ගැන ඉන්නේ කවදද මේ දරුවා මේ ලෝකෙට එන්නේ කියන එක. ඉතින් මේ කතා කරන්න යන්නේ කොහොමද අපි දරුවා ලැබෙන දවස එහෙමත් නැත්නම් Expected Date of Delivery (EDD)  කියන එක හොයගන්නේ කියලා.

ඇත්තටම කීවොත් දරුවෙක් පිලිසිඳගෙන ලැබෙන්න සිංහල ක්‍රමයටනම් පුර හඳවල් 10ක් (10 full moon poya days) පහුවෙන්න ඔනේ. එකයි අපි දසමසේ උරේකත්වා කියාලා අම්මලාට වදින්නේ. නමුත් අපි දෑනට භාවිතා කරන ඉංග්‍රිසි කැලැන්ඩර් ක්‍රමයටනම් ඒක එච්චර සරල නැ. සිංහල මස ක්‍රමයට මාස 10ක් කියන්නේ දින 240ක් වගේ. නමුත් ඉංග්‍රීසි ක්‍රමයට නම් එක එක මාස වලට එක එක දින ගානක් තිබෙන නිසා එ වගේ සරලව දින හදන්න බැ

ශ්‍රී ලංකාවේ වගේම ලෝකේ බොහෝ රටවල මේ සඳහා විවිධ ක්‍රම භාවිතා කරානවා. ඒ සඳහා භාවිතා කරන ක්‍රමයට අපි කියන්නේ Naegele’s formula කියලා. ඇත්තටම මේ සමීකරණය ටිකක් සංකීර්ණයි. ඒ නිසාම අපි දැනට භාවිතා කරන්නේ Modified Naegele’s Formula කියන සමීකරණය. ඉතින් අපි කතා කරණ මොන ක්‍රමයකදි උනත් මේ සමීකරණයේ තියෙන සංකල්පය තමයි භාවිතා වෙන්නේ.


දරුවා ලැබෙන දිනය ගණනය කරන ක්‍රමවේද මොනවාද? (Methods of calculating the Expected date of delivery)

මේ සඳහා විවිධ ක්‍රමවේද තිබුනත් අපි මූලිකවම භාවිතාකරන ක්‍රමවේද 3ක තියෙනවා.

  1. ගණනය මගින් ලබාගන්නා ක්‍රමය (Manual method of EDD Calculation)
  2. වෘත්තය කරකැවීම මගින් ලගාගන්න ක්‍රමය (Pregnancy Wheel method)
  3. ස්කැන් කිරීම මගින් ලබාගන්නා ක්‍රමය (Dating scan)

1. ගණනය මගින් ලබාගන්නා ක්‍රමය (Manual method of EDD Calculation)

අපි මේ ක්‍රමයේදි දරුවා ඉපදෙන දිනය ගණනය කරන්නේ සරල සමීකරණයක් භාවිතා කරලා. එය කලින් සඳහන් කල Modified Naegele’s Formula  කියන සමීකරණය. එහිදි කරන්න තියෙන්නේ ඉතාම සරළ දෙයක්. මවගේ අවසන් ආර්ථව චක්‍රයේ මුල් දවසට (LRMP) දින 240ක් එකතු කිරීම තමයි මෙහිදී සිදු කරන්නේ. එය ඉතාම සරළව කරල විදිය පහත වීදියෝවෙන් දක්වලා තියෙනවා.

2. වෘත්තය කරකැවීම මගින් ලගාගන්න ක්‍රමය (Pregnancy Wheel method)

ඔබ ප්‍රසව හා නාරීවේද සායනකට ගිහින් තියෙනවානම් දැකලා ඇති ඒකේ ඉන්න වෛද්‍යයවරු පොඩි රෝදයක් වගේ  එකක් පාවිච්චි කරලා බබා හමබවෙන දවස කියනවා. මේකත් හොද ක්‍රමයක් කියලා කියන්න පුලුවන්. දිනේ හොයනවටත් වඩා මේ ක්‍රමය මගින් දැනට ගර්භයේ වයස හොයාගන්න එක පහසුවෙන් කරන්න පුලුවන්. 

3. ස්කැන් කිරීම මගින් ලබාගන්නා ක්‍රමය (Dating Scan)

මේ තක්ෂනේ දියුණු වෙනවත් එක්කම මම කලින් සඳහන් කරපු ක්‍රමවලට වඩා ස්කැන් එක කියන එක ජනප්‍රිය ක්‍රමයක් වෙලා තියෙනවා. මොකද මෙම ක්‍රමය ඉතාම පහසු වගේම නිවැරදි ක්‍රමයක්. නමුත් ස්කැන් එකේ උනත් පොඩි පොඩි ප්‍රශ්න එන්න පුලුවන් තැන් කිහිපයක් තියෙනවා.

ස්කැන් කිරීම මගින් දරුවා ලැබෙන දිනය ගණනය කිරීම

ස්කැන් පරික්ෂණය ආශ්‍රිත අවාසී (Disadvantage of Dating scan)

  •  නිසි පුහුණුවක් තියෙන කෙනෙක් විසින් කලයුතු වීම
  • ස්කැන් උපකරණය නිසි ක්‍රියාකාරිත්වයෙන් යුතු වීම
  • අවම වශ්යෙන් සති 12- 13 පමණ වන විටවත් මෙම ස්කැන් එක කලයුතු වීම.
  •   විශේෂ මුදලක් වියදම් කිරීමට සිදුවීම


දරුවා ලැබන දිනය වෙනස්වන අවස්ථා ( alterations of EDD)

දරුවා ලැබෙන දිනය ඉහත සඳහන් ඕනැම ක්‍රමයකින් ගණනය කිරීම හෝ සොයාගැනීම සිදුකල හැකි වුවද සමහර දරුවන් සති 38න් (38weeks) පමනද සමහර දරුවන් සති 41 (41 weeks) පමණද ලැබීම සාමාන්‍යය සිදුවීමකි. එවැනි අවස්ථාවල මෙම ඕනැම ක්‍රමයකින් ලබා ගන්නා දින වෙනස් විය හැකිය.

එලෙසම නිවුන් දරුවන් (Twins) , තුන් නිවුන් (Triplets) දරුවන් හෝ ඊට වැඩි දරුවන් (Other multiples) ගණනක් සිටින් ආවස්ථාවකදී වූවද දරුවන්ගේ ලැබෙන දින බොහෝ වෙනස් විය හැකිය. විශේෂයෙන් නිවුන් දරුවන් සඳහා සාමාන්‍යය දින ලෙස සලකන්නේ සති 36 සිට සති 38 දක්වා කාලයයි.
 Calculate Due Date for Twins

එලෙසම තුන් නිවුන් දරුවන් සඳහා එය සති 34 – 36 වැනි කාලයක් ලෙස සලකයි. එවැනි අවස්ථා වලදී, ඒ අනුව දින වෙනස් කරගත යුතුවේ.

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *