විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනය (Depression)

විශාදය

විශාදය විතරක් නෙවේ ඕනැම මානසික රෝගියක් පිස්සු කියන තත්වය විදියට හඳුන්වන්න අපේ රටේ ඉන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා.  නමුත් අපි කතාකරන විශාදය (Depression) කියන රෝගය සහ පිස්සු කියන්නේ එකිනෙකට වෙනස් වූ රෝගී තත්ත්ව දෙකක් ලෙස හඳුන්වාදිය හැකියි. අපි සරලව හඳුන්වනවානම් විශාදයකියන්නේ කෙනෙක්ගේ මනසේ දීර්ඝ කාලයක් තුල පවතින් ශෝකී බවයි (Sadness). එනම් විශාදය ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ මානසික වශයෙන් ඇතිවන වේදනාවන්ය (Mental trauma).

ශ්‍රී ලංකාව ගතහොත් අපගේ ජනගහනයෙන් 4.4% කට පමණ මෙම රෝගී තත්ත්වය පවතිනවා. එබැවින් මෙය ඉතා බහුල රෝගී තත්වයක් කියලා කියන්න පුලුවන්.

 

විශාදය කියන්නේ කුමක්ද? (What is depression)

විශාදය කියන්නේ කලින් සඳහන් කල ආකාරයටම මනසේ ඇතිවන දීර්ඝ කාලීන වශයෙන් පවතින් ශෝකී ස්වාභාවයක් කියලා සරලව සඳහන් කරන්න පුලුවන්.

නමුත් අන්තර්ජාතික රෝග වර්ගීකරණයට (ICD 10) අනුව මෙම රෝගය සඳහා වඩා සංකීර්ණ හැඳින්වීමක් කර තිබෙනවා. ඒ අනුව රෝගියාට පවතින රෝග ලක්ෂණ අනුව එම රෝගී තත්ත්වය මද විශාදය (Mild depression) , සමාන්‍යය විශාදය (Moderate Depression), සහ දරුණු ගනයේ විශාදය (Severe Depression) ලෙස වර්ග කල හැකියි.

විශාදය රෝග ලක්ෂණ (Symptoms of depression)

විශාදයේ ප්‍රධාන රෝග ලක්ෂණ 10ක් තිබෙනවා. මේවාගෙන් කොටසක් major symptoms සහ ඉතිරි කොටස minor symptoms කියලා හඳුන්වනවා.

1. දුක්සහිත / ශෝකී ස්වාභාවය (Sad mood)
2. වෙනදා සතු‍ටුවන දේ වලින් සතුටට පත්විය නොහැකි බව (Loss of interest/ Joyness)
3. මහන්සිගතිය (Fatiguability)
4. මානසික ඒකාග්‍රතාවය අඩුවීම (Lack of concentration)
5. ආත්ම විශ්වාශය අඩුවීම (Lack of self esteem 
6. සිතේ පවතින වරදකාරී ස්වාභාවය (Guiltiness)
7. අනාගතය පිලිබඳ අශුභවාදි අදහස් (pessimistic ideas on future)
8. සියදිවිහානිකර ගැනිමට සිතීම (suicidal ideas)
9. නින්ද නොයැම (Lack of sleep)
10. කැම අරුචිය (Lack of appetite)

depression in Sri Lanka

ඉතින් මෙම රෝග ලක්ෂණ අනුව වෛද්‍යය වරයෙකු විසින් ඔබට විශාදය ඇති නැති බව සහ එහි බරපතල බව තීරණය කළයුතු වෙනවා. එලෙසම ඔබට මානසික අවපීඩනය තත්ත්වයක් ඇතිබව සිතනවානම් අනිවාර්යෙන්ම වෛද්‍යය වරයෙක් හමුවී එ පිලිබඳ සැකහැර දැනගත යුතු වෙනවා.


විශාදය ඇතිවන්නේ ඇයි?

අපි හිතන්නේ නම් විශාදය එහෙමත් නැත්නම් ඩිප්‍රෙෂන් ඇතිවෙන්නේ මානසික ගැටලු නිසා කියලා. ඒත් හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැ. මානසිකව ඇතිවෙන දැඩි වේදනාවලුත් (severe mental problems) එක හේතුවක් උනාට ඊට වඩා වැදගත් බොහෝ කරුණු මේ සඳහා බලපානවා.

1. ජානමය හේතු (Genetic Causes)

මෙම රෝගයට බලපාන සමහර කරුණු පරම්පරාගතව පවුල හරහා යන දේවල්. ඒවා ගමන් කරන්නේ ජාන කියන ඒකක හරහා. ඉතින් ජනාමය හේතු කියන්නේ මේ රෝගයට ප්‍රධාන හේතුවක්. ඒ නිසා ඔබේ සහෝදර සහෝදරියන්ට, දෙමාපියන්ට මෙම රෝගය ඇත්නම් ඔබටත් රෝගය ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා.

2. දීර්ඝ කාලීන රෝගී තත්ත්ව (Chronic illness)

අපේ රටේ වගේම ලෝකෙත් ගොඩක් අය බෝ නොවන රෝග (NCD) වලින් පෙලෙනවා. උදාහරණ විදියට පිළිකා(Cancers), වකුගඩු රෝග(CKD), ආතරයිටිස්(Arthritis), වගේ රෝග ගන්න පුලුවන්, ඒ වගේ රෝගීන් අතර මෙම රෝගී තත්ත්වය නිතර දකින්නට ලැබෙනවා.

3. සමහර ඖෂධ (Some medications

අප ලබාගන්නා සමහර ඖෂධ නිසා සමහර අයට මෙම රෝගය වැළදෙන්න පුලුවන්. ඒ අතර සමහර වේදනා නාශක(Pain killers), වලිප්පුව (Epilepsy) සඳහා ලබාදෙන ඖෂධ වගේ දේවල් ප්‍රධාන වෙනවා.

4. මත්ද්‍රව්‍යය (Drugs)

සමහර පුද්ගලයන් නිතර විවිධ මත්ද්‍රව්‍යය (illicit drugs) ලබාගන්නට පුරුදු වෙලා ඉන්නවා. මේ වගේ අය ඉතා පහසුවෙන් මානසික අවපීඩන තත්ත්වයකට ගොදුරු වෙන්න පුලුවන්.

5. හදීසි මානසික ගැටලු (Sudden mental trauma)

මානසික ගැටලු කියන්නේ අපි හැමෝටම හැම වෙලාවකම අඩු වැඩි වශයෙන් මුහුන දෙන්න වෙන තත්ත්වයක්. තමන් ලගින් ආශ්‍රය කරන කෙනෙක් වෙන් උනොත්, එහෙමත් නැත්නම් ශාරීරික වේදනවක් ඇතිවුනොත් වගේ අවස්ථාවක ටිකක් වැඩිපුර දැනෙන්න පුලුවන්. මෙහෙම ඇතිවෙන සමහර මානසික වේදනා දීර්ඝ කාලීනව පැවතිලා විශාදය වගේ තත්ත්වයකට පරිවර්ථනය වෙන්න පුලුවන්.

ඒ එක්කම පෞර්ෂය ආශ්‍රිත ගැටලු, මොළයේ වර්ධනයේ ගැටලු වගේ ගොඩක් දේවල් මෙකට බලපාන්න පුලුවන්.


විශාදය වර්ග (Types of Depression)

අපි කලින් කතා කරපු විදියට විශාදයේ රෝග ලක්ෂණ වල තීව්‍ර බව අනුව මද, සාමාන්‍ය සහ දරුණු ගනයේ විශාදය ලෙස බෙදන්න පුලුවන්.

 

ඒ එක්කම තමයි විශාදය ඇතිවීමට අදාල අවස්ථාව සහ රෝගයේ ලක්ෂණ අනුව විශාදයේ වර්ග 7ක් පවතිනවා.

  1. Major Depressive Disorder (MDD)
  2. Persistent Depressive Disorder (PDD)
  3. Bipolar Disorder
  4. Postpartum Depression (PPD)
  5. Premenstrual Dysphoric Disorder (PMDD)
  6. Seasonal Affective Disorder (SAD)
  7. Atypical Depression

විශාදය සඳහා ප්‍රතිකාර

මද විශාදාය (Mild depression) තත්වයක සිට දරුණු ඝනයේ විශාදය (Severe depression) තත්ත්වයක් දක්වා ප්‍රතිකාර ක්‍රම විවිධ වෙනවා. උදාහරණයක් ලෙස; මද විශාදය තත්ත්වයක් කුඩා මානසික උපදේශනයකින් (counselling) සුව වූවත් සමහර අවස්ථාවලදී ඖෂධමය ප්‍රතිකාර වලට අමතරව ECT ප්‍රතිකාරයද භාවිත කරන්නට වෙන්න පුලුවන්.

wishadaya

Referance

  1. Section F33 of ICD 10 classification  ICD 10 classification
  2.  WEEKLY EPIDEMIOLOGICAL REPORT on 08th– 14th April 2017 http://www.epid.gov.lk/web/images/pdf/wer/2017/vol_44_no_15-english.pdf

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

22 comments

  1. මට ගොඩක් වෙලවට පොඩි දෙටත් ගොඩක් දුක හිතෙනවා. ගොඩක් කෙන්ති යනවා.මන් තාම උසස් පෙල කරන කෙනෙක්. මෙක මට ගොඩක් ලොකු වදයක්. මුලින් එක දේකට දුක හිතුනත් පස්සෙ මට වෙනත් සිද්දියක් මතක් වෙනව. එක මට මතක් වෙන හැමවෙලවෙම ඇඩෙනවා. මෙකත් විශාදය ද doctor?

    1. නැ මේක විශාදය කියන්න බැ.
      සාමන්‍යයෙන් මේ දවස්වල ඔනේ කෙනෙක්ට ඉක්මනින් තරහා යන එක තියෙනවා. ඒ එක්කම ඔබ කියන තරහා යාම සහ දුක හිතීම පෞර්ෂත්වයට සම්බන්ධ රෝග (Personality disorders) වලට සම්බන්ධ රෝග ලක්ෂණයක් වගේ පේනවා. ඒ නිසා ඔබ මානසික රෝග වෛදයය වරයෙක් හමුවෙන්න,. ඒකෙන් ඔබේ අධ්‍යාපන කටයුතු කරගන පහසු වෙවි.

  2. Mt punchi dekatath trh ynw… Chuti wachnyk qwwath ekt godaaak hitha ridila paya ganan adnwa… Me lagakdi idn tmai ehema wenne… Oluwat mkakin hari anaganna hithen trm loku wedanwk danenw oluwa loku bara gatiyk danenwa… Kath ekkwth katha krnna hithennh katha krddi trh ynwa godaak

  3. මං ආදරේ කරපු කෙනා මාව දාලා ගිහින් අවුරුද්දකට කිට්ටුයි, එදයින් පස්සෙ මට හැමදේම එපා උනා මං එයාට කොච්චර call massages දැම්මත් ඒ එකකටවත් එයා මට උත්තර දෙන්නෙ නෑ මං තාමත් එයාට ආදරෙයි , දැන් මං caurse එකක් කරනව ඒත් මට ඒකත් එපා වෙලා කරන්න ඕනි මොකක්ද කියලා මට හිතා ගන්න බෑ මට හැමදේම අතෑරලා දාන්න හිතෙනව, මැරෙන්න තියෙනවා නම් ගොඩක් හොදයි, ගොඩක් වෙලාවට හේතුවක් නැතුව කෑ ගහලා අඩන්න හිතෙනව, දැන් ජීවිතෙන්ම එපා වෙලා, මං මේකට මොකක්ද කරන්නෙ?

  4. මට පොඩිකලෙ ඉදලා වෙච්චදෙවල් සහ මට ඉන්නෙ පුතාලා දෙන්නෙක් ඉන්නෙ මම කැමති නැහැ එයාලා මගෙන් අැත් වෙනවාට මම තනිවම ජිවත් වෙන්නෙ මට එයාලාව නැති වෙයි කියලා හරි බයයි මට නින්ද අඩුයි කෙන්දති යනවා බෙහෙත් වැඩිපුර බොනවා වෙලාවකට බෙහෙත් ඔක්කොම බොන්කන හිතෙනවා මම තියම අඩනවා කියවනවා වෙලාවකට මැරෙන්න හිතෙනවා මම කැමති නැහැ මගෙ පුතාව කවුරැත් අල්ලලවාට මට එයාලාව පෙන්න බැහැමම කවදාවත්ම කාගෙන්මවත් අදරයක් ලබලා නැහැ එ වුනාට මම මගෙ ලොකු පුතාට ගොඩක් අදරෙයි එක එයාට දැනෙන්නෙ නැහැ එතකොට එයාට කැමති අය එක්ක මම වෙෙයිරයෙන් ඉන්නෙ මට එක බයයි මම බෙහෙත් ගොඩක් බොනවා මට දැන් මගෙ පුතා නැතිවෙයි කියන එක මට ගොඩක් බලපාලා මට එයා අදරෙ අඩුයි මට එයාලාදෙන්නා විතරයි ඉන්නෙ මට එක්කෙ මැරෙන්කන හිතෙනවා මට මෙක ට මොකද කරන්නෙ මම අසරන අම්මා කෙනෙක්

    1. ඉක්මනින් මනෝවෛද්‍යයවරයෙක් හමුවීම අවශ්‍යයයි. ඔබට Anxiety Disoder කියන තත්ත්වයේ ලක්ෂණ තියෙනවා.

  5. ඩොක්ටර් මගේ නම ශාලිත.වයස 28.මට දැනගන්න පුලුවන්ද මට තත්පරයකටත් වඩා අඩු කාලයකදි ඉක්මනට කේන්ති යනවා.සමහර වෙලාවට හේතුවක් නැතිවම.නැතිනම් මං කියන දෙයක් පිලිනොගන්න වෙලාවට.ටික වෙලාවකට පස්සෙ ගොඩක් දුක දැනෙනවා.එ ගැනම කල්පනා කරනවා.ටිකක් කල්පනා කරනකොට ඔලුවෙ කැක්කුම ගොඩක් වැඩි වෙනවා.දැනුත් ඒකම තියෙනවා.මට අමතක වෙන එක හොඳටම තියෙනවා.පොතක් පත්තරයක් කියවනකොට උනත් වචනයක් කියලා ඊලග වචනෙ කියවනකොට අර කියවපු සේරම අමතකයි.හේතුවක් නැතිව වෙලාවකට මට බය හිතෙනවා.කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.සමහර වෙලාවට සභකෝලය වගේ දැනෙනවා.කාත් එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෙ නෑ.තනිවෙලා ඉන්න හිතෙනවා.මං වැඩකට ගියත් සමහර වෙලාවට මට ඒක කරන්න බෑ මට ඒක බැරිවෙයි ඒක කරන පිළිවෙළ මට අමතක වෙනවා.එතනින් කැපිලා යන්නමයි හිතෙන්නෙ මට. මට තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා.වෙලාවකට මං කල්පනා කරන දේවල් මමවත් දන්නෙ නෑ ඩොක්ටර්.අනිික මං කල්පනා කරේ මොකද්ද කියලා තත්පරේට අමතක වෙනවා.කාත් එක්කවත් කතා කරනගමන් ඉන්නකොට එයා මට මොනවද කියන්නෙ කියලා මට අමතක වෙනවා ඒ කතා කරන වෙලාවෙම.මං ගොඩක් භය වෙලා ඉන්නෙ.තව ගොඩක් දේවල් තියෙනවා.ඒ ඇයි එහෙම වෙන්නෙ ඩොක්ටර්.මැරෙන්න හිතෙනවා.ඒත් ඒකටත් මං බයයි ලැජ්ජයි.මං කලිං මෙහෙම නෑ.දැං අවුරැදු 2කට වැඩි කාලෙක ඉදලය මට මෙහෙම දේවල් වෙන්න ගත්තෙ.මට සමාවෙන්න ඩොක්ටර් මේකට පුලුවන්නම් කරන්න දෙයක් කියන්න.කාටවත් කියන්න ලැජ්ජයි.

    1. ඔබගේ ගැටලුවට පිළිතුරු දෙන්න ප්‍රමාද වීම ගැන කනගා‍ටුයි. ඔබ දැඩි මානසික ගැටලුවකින් ඉන්න බව පේනවා. ගොඩක් වෙලාවට මෙය මධ්‍යම ගනයේ හෝ තිව්‍ර මට්ටමේ විශාදය තත්ත්වයක් වෙන්න පුලුවන්. ඉක්මනින් මනෝවෛද්‍යයවරයෙක් හමුවන්න.

  6. Doctor mt danenawa mt godak loku pidanayak thynawa kyl mt inne appchchi witharai mn adare karana kenek innawa mn eyt godak adarei doctor. Appchchi me sambandeta kamathi na. Aurudu 3k thisse baninawa dos kynawa nawaththann kyl eth mt nawaththann ba doctor mn eyt godak adarei doctor appchchitath e wage adarei. Mt marenn hithenawa welawakta mahana wenn yann hithenawa… mn matama gahagannawa oluwata, agata papuwata pissuwen wage gahagnnawa. Daraganna ba doctor
    Mt hithenawa mn marei kyla doctor adanna ba oluwa kakkumai doctor. Danuth oluwa kakkumai doctor , mt puluwan nm krnna deyak kynna doctor

  7. Doctor mt danenawa mt godak loku pidanayak thynawa kyl mt inne appchchi witharai mn adare karana kenek innawa mn eyt godak adarei doctor. Appchchi me sambandeta kamathi na. Aurudu 3k thisse baninawa dos kynawa nawaththann kyl eth mt nawaththann ba doctor mn eyt godak adarei doctor appchchitath e wage adarei. Mt marenn hithenawa welawakta mahana wenn yann hithenawa… mn matama gahagannawa oluwata, agata papuwata pissuwen wage gahagnnawa. Daraganna ba doctor
    Mt hithenawa mn marei kyla doctor adanna ba oluwa kakkumai doctor. Danuth oluwa kakkumai doctor , mt puluwan nm krnna deyak kynna doctor

  8. මගේ මව මේ අවුරුද්දේ මුලදි මිය ගියා. එ කාලයේ ඉදලා වගේ මට තරහ යනවා වැඩි . වැඩකරන තැන සර්ලා මාව විහිලුවට අරන් තියෙන්නේ . මට ගහන්ට හරි මූණටම කියන්ට තියෙන දේ කියලා දාන්ට හිතිලා තියෙන්නේ . මම ටිකක් නිශ්ශබ්ද කෙනෙක් . මම අකමැති දේ කරන්ට බලකරනවාට මම කැමති නෑ . මම මොකද කරන්ට ඕන ?

    1. ඇත්තටම අපි හැමෝටම විවිධ අවස්ථාවල විවිධ මානසික ගැටලු එනවා. ඒවත් එක්ක අපි ටිකක් අපේ සාමාන්‍යය තත්ත්වයෙන් වෙනස් වෙනවා. ඔබට කරන්න පුලුවන් හොදම දේ තමයි මනෝචිකිත්සකවරෙයෙක් හම්බෙලා පොඩ්ඩක් කතා කරන එක.
      දැනට ඔබට කිසිදු මානසික රෝගයක් තියෙනවා කියලා හිතන්නේ නැ. නමුත් අවශ්‍යය උනොත් අදාල මනෝචිකිත්සකවරයා ඔබව මනෝ වෛද්‍යයයවරයෙක් වෙත යොමු කරයි.

  9. Doctor..
    මට වයස 25 .මන් දැන් marry කරලා අවුරුදු 5 ක් වෙනවා.මහත්තයා මට ගොඩක් ආදරෙයි.මීට අවුරුදු 3කට කලින් මහත්තයගෙ plastic surgery එකක් කලා.ඒකෙදි මන් ගොඩක් තනි වුනා.මට මගෙ ගෙදර අය විතරයි උදව්වට හිටියෙ.ඒකෙන් පස්සෙ මහත්තයගෙ පවුලෙ අයව මට එපා වුනා..ඒත් දැන් අවුරුද්දකට කලින් ඉදන් අපි ඉන්නෙ එයාලගෙ ගෙදර අම්ම තාත්තත් එක්ක.මන් කැමති නෑ මහත්තය මන් නැතුව එයාලගෙ අම්මල එක්ක කතා කරනවටවත්.එහෙම එයාල කතා කලොත් මන් මොකක්ම හරි වරදක් හොයන් මහත්තයා එක්ක රන්ඩු කරනවා .එයාල ඉන්නකොට මහත්තයා මට ආදරේ නෑ කියලමයි හිත කියන්නෙ..මගේ ගෙදර ඉන්නකොට වගේ නෙමේ මහත්තයගෙ ගෙදර ඉන්නකොට මට ගොඩක් කේන්ති යනවා..අම්මල වරදක් නොකලත් එයාල වැරදි කියලා මන් මහත්තයට කියන්වා නිතරම ඒ වෙලාවට එයා කියන්වා ගනන් ගන්න එපා ටිකක් ඉවසමු එයාලා වයසයිනෙ දැන් කියලා..එතකොට මන් සද්ද නැතුව ඉන්නවා.ඒත් එයා එහෙම නොකිවුව වෙලාවට මන් හරියට රන්ඩු කරලා මන්ම අඩනවා මහත්තයට වැරදි කිය කියා.එයා මට ඉල්ලන හැමදේම කොහොම හරි දෙනවා.ඒත් ඒ හා සමාන දෙයක් අම්මට එහෙම දුන්නහම මට දුන්න දේ අඩුවක්මයි පෙන්නෙ..රන්ඩු උන හැම වෙලාවටම මහත්තයා මාව මගෑරල පාඩුවේ ඉන්නව.ඒත් මන් ඒකටත් රන්ඩු කරනව මන් එක්ක රන්ඩු කරන්නෙ නැ කියලා.මට තුවාල කරගන්න හිතෙනව ආයි හිතෙනව මගෙ අම්ම පවුනෙ කියලා.පොඩි පොඩි දේවල් වලින්නම් මන් මටම රිද්දගන්න වෙලාවල් තියේ..මන් ජොබ් එකක් කරනවා.මන් හිටපු ගමන් බෙහෙත් වර්ගත් ගන්නවා.බෙහෙත් හොයාගන්න බැරි වුන වෙලාවට මදුරුකොයිල් වගෙ දේවල් කනවා..අම්මලා ගෙදර නැතනම් රෑ වෙනකන් ඇහැරන් ඉන්නව..අම්මල ඉන්නකොට ගෙදර යන්නෙ මොකක් හරි ප්‍ර්‍රශ්නයක් කියාගෙන නිදාගන්න බලන්

    1. ඔබගේ අපහසු අවස්ථාවේ ඔවුන් නිසි මැදිහත් වීමක් සිදු නොකල බව ඇත්ත. ඒ නිසා ඔබ ගොඩක් මානසික සහ ආර්ථික අපහසුතාවලට ලක්වෙන්න ඇති.

      එක එක අයගේ දෙමාපියෝ එක එක විදිය. ඒ නිසා අනවශ්‍යය ගැ‍ටුම් වලට පැටලෙන්න එපා. ඇත්තටම ඔබට යම් මානසික රෝග තත්ත්වයකට ආසන්න රෝග ලක්ෂණ පේන්න තියෙනවා. මනෝ වෛදයවරයෙක් හෝ මනෝ චිකිත්සක වරයෙක් හමුවෙලා සාකච්ඡා කරන්න.

      ඔබ ඔය පිලිවෙල දිගටම කලොත් ඔබගේ සැමියාට ඔබව එපා වීමට ලොකු හැකියාවක් තියෙනවා. ඒ නිසා ඉක්මනින් සුදුසු උපදෙස් සඳහා යොමු වන්න.

  10. Mage baba hambuna dawase idan duka danenawa kenek monawahari kiuwama sahenna adenna enawa e wagema ekama wachane nawatha mata kauruhari kiuwama ekatTh sahenna duka hithenaw marenna taram wedanwak enne e ai doctor. Mage laga me wele inne husband vitarai mata amma kenek hitiyT mn gana ganK na eyata mn gan blanneth naha

    1. ඔබට Post partum psychosis කියන තත්ත්වය එක anxiety disorder එකත් තියෙනවා වගේ පේනවා. කෙටි කාලීන ප්‍රතිකාර වලින් එය සුව කරන්න පුලුවන්. ප්‍රතිකාර නොගැනීම නිසා ඔබටත් දරුවාටත් හානි වෙන්න පුලුවන්. ඒ නිසා ඉක්මනින් ඔබේ මනෝවෛද්‍යයවරයා හමු වන්න.

  11. මගෙ ආදරය නැති වෙලා දැනට අවුරුද්දක් ගතවෙන්න ලගයි,මං හුගක් ඒ grilට ආදරය කරපු නිසා එයාව තවමත් අමතක කරන්න අමාරුයි,මම ගොඩක් ඒගැන හිතනවා ඒ නිසා මම හැමදාම රෑට අඩනවා දුක නැති වෙයි කියලා හිතලා දැං මට මගෙ ඔලුව හැමදාම රෑට රිදෙනවා,රිදෙනවා කිවුවට මං මොකක් හරි දෙයක් ගෑන හිතුවොත් මගෙ ඔලුවෙ වෙනම දෙයක් සිදුවෙනවා,ඒක හරියට ගොඩක් සිදුවීම් හරිවේගෙන් සිදුවෙනවා වගෙ මේක මං තාත්තට විතරයි කිවුවේ මොකද ඒක මට ලොකු බරක් හැමදාම පෙනඩෝල් බීලා නිදා ගන්නෙ නින්ද යන්නෙ නෑ උදේ පාන්දර නිදා ගන්නෙ මං මට බයයි මං පිස්සෙක් වෙයි කියලා මට දැනගන්න පුලුවන්ද මටත් ඩිප්ප්‍රෙශන් ද කියලා මොකද ඒක මගෙ ඔලුවට ලොකු බරක් මැරෙන්න පවා උත්සාහ කරලා තීනවා මං ඒතරම් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ පුලුවන්නම් උදව්වක් කරන්න ඩොක්ටර්

    1. ඔබව හැරගිය කෙනෙක් නිසා ඔබේ ජීවිතය විනාශ කර ගන්න එපා. අපිට හම්බෙන හැම කෙනාම අපිට මැච් වෙන්නේ නැ. ඒ එක්කම තමයි එයාලටත්.

      ඔබට දරුණු මට්ටමේ විශාදය තත්ත්වය තියෙන බව පේනවා. ඉක්මනින් ලගම රෝහලේ මානසික රෝග වෛද්‍යය සායනයට යන්න.

  12. හේතුවක් නැතුව ම දුකක් ඇති වීම විශාදය තත්ත්වයක්ද ? මහන්සිය තෙහෙට්ටුව හැමදේම තිබුණත් කායික රෝගයක් නැහැ
    නැහැ

    1. හිතේ කනගා‍ටුව සහ දුක තියෙන හැම වෙලාවක්ම විශාදය කියන්න බැ. මෙය මුල් අවස්ථාවේ තියෙන කනගා‍ටුදායක හැගීමක් හෝ මානසික වශයෙන් ඇතිවූ අපහසුතාවයක් වෙන්න පුලුවන්. එහෙම නොවී විශාදය වෙන්නත් පුලුවන්.

  13. ඩොක්ටර්, මගේ තාත්තා ගැන යමක් කීමට අවශ්‍යයි. ඔහු විශ්‍රාමික රජයේ සේවකයෙක්. ඔහුට වයස අවුරුදු 67යි. මම පව්ලේ බාල දියනිය. මම සහ මගේ වැඩිමහල් සහෝදරයෝ දෙදෙනා විදේශ ගතවී සිටී. මගේ මව සහ පියා පමනක් ලංකාවේ ජීවත් වෙයි. අපි දිනකට දෙමව්පියන් සමග දුරකථනය හරහ පැය 3- 5 ත් අතර කාලයක් සම්බන්ද වී ඔව්න් පිලිබදව සොයා බලයි. අපගේ මවද ඉතා යහපත් කාන්තාවකි. පියා වෙනුවෙන් අපි අපට හැකි සියලුම දේ ඉටු කලද ඔහු නිතරම කනස්සල්ලෙන් පසුවෙයි. ඔහු ඉතා නීරෝගිමත්ව සිටියද හැම විටම ඔහු විවිද රෝග ලක්ශන ගැන කියමින් ඔහු රෝගියෙකු බව කියයි. නිතරම ඔහු කේන්ති ගනි. ඔහුට රාත්‍රියට නින්දක් නැත. කිසිම කෙනෙකුගේ හොදක් ඔහු දකින්නේ නැත. අපේ අම්මා කෙතරම් කාරුනික වුවද ඔහු අහෙතුකව අම්මා සමග නිතරම කේන්ති ගනි. බොහෝ දිනවලට ඔහු අම්මා සමග කතා කරන්නේ නැත. ඒ වගේම මිනිසුන් ආශයට ඔහු අකමැත්තක් දක්වයි. කිහිප දෙනෙකු පමනක් ඔහු ආශයේ යෙදෙන අතර ඔවුන් සමගද ඔහු කතාබහ කිරීමට කැමති ලෙඩ රෝග සම්බන්දව සහ ප්‍රශ්න සම්බන්දව පමනි. මම සහ මගේ සහෝදරයෝ දෙදෙනා ඉතා දුක් විද ජිවිතේ ලස්සන මාවතකට පැමිනෙමින් සිටියද ඔහු අප ගැන සතුටක් නොදක්වන බව කියයි. මාගේ සහෝදරයන් දෙදෙනා තවම විවාහ වී නැත ඔවුන් අවුරුදු 35, 33 වයස් වල සිටි. ඔවුන් දෙදෙනා විවාහ වී නැති නිසා ඔහු දුකෙන් පීඩාවෙන් හා රෝගීව සිටින බව ඔහු නිතරම පවසයි. එලෙස තාත්තා කලින් කලට යම් යම් හේතු පෙන්වා ඔහු පීඩා විදින බවට මවට සහ අපට චෝදනා කලද. අපි දරුවන් ලෙස ඔවුන් දෙදෙනා පිලිබදව බොහෝ විමසිල්ලෙන් හා ආදරයෙන් සිටින බව ස්තීරව අපි දනිමි. අපි කරන කිසිම දෙයකින් සතුටු නොවන පියා දැන් අප සමග දුරකථනයෙන් කතා කිරීමටද අප ඉදිරියට පැමිනීමටද මැලි කමක් දක්වයි. ඔහු මත්පැන් පානය කරන්නෙකු නොවන බවත් ගවුරවනීයව ජීවත් වු පුද්ගලයෙකු බවත් කිව යුතුය. නමුත් පියා යම් රෝගයකින් පෙලෙන්නේද යන්නත්, ඔහුට එය ඉදිරියට කෙසේ බලපාවිද යන්නත් මට විශාල ගැටලුවකි. ඒ වගේම පියාගේ මේ හැසිරීම් නිසා මානසිකව පිඩා විදින අහින්සක මව ගැනත් මා බොහෝ කම්පාවෙමි. මේ සදහා අප කලයුතුව ඇත්තේ කුමක්ද? කරුනාවෙන් අපට පිලිතුරක් ලබාදෙන්න සර්🙏🙏🙏

    1. ඔබේ පියාගේ ගැටලුව දිර්ඝ වශයෙන් බලන විට ඔබ සහ ඔබගේ සහෝදරයන් ඔහුගෙන් ඇත් වී සිටීම හා ඔවුන් පියා බලාපොරොත්තු වන ආකාරයේ ජීවිතයක් ගත නොකිරීම නිසා ඇතිවූ මානසික ව්‍යාකූල තත්ත්වයක් විදියට පේනවා.
      ඒ එක්කම ඔහු දීර්ඝ කාලීනව personality disorder එකක් සහිත කෙනෙක් වෙන්නත් පුලුවන්. නොපමාව වෛද්‍යයවරයෙක් හමු වන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *