පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් ගැන දැනගමු (Male Condoms)

පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් (condom sinhala)

උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන එච් අයි වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමට ඇති හැකියාවයි. එසේ වූවත් උපත් පාලන කොපු භාවිතය පිළිබඳ ජනතාවගේ දැන්වත් බව අඩු බවක් තියෙනවා. මේ නිසාම හරියට උපත් පාලන කොපු භාවිතා කරන්නේ කොහොමද කියලා කතා කරන එක වැදගත් කියලා. 


උපත් පාලන කොපු කියන්නේ මොනවාද? (What is Condom)

අපි දන්නවා මේ වන විට ජනතාව අතර විවිධ වර්ග වල උපත් පාලන ක්‍රම තියෙනවා. ඒ අතර විව්ධ ස්වාභාවික ක්‍රම, හෝමොනමය ක්‍රම සහ බැරියර් මෙතර්ඩ් කියලා හදුන්වන ක්‍රමවේද කිහිපයක් තියෙනවා. මෙයින් උපත් පාලන කොපු කියන්නේ ඉතාම සාර්ථක බැරිය මෙතඩ් එකක් . සරලව කියනවනම් මෙයින් සිදුවන්නේ ස්ත්‍රී සහ පුරුෂ ලිංගේන්ද්‍රවල ගැටීම අඩු කරන එක. ඒ කියන්නේ එක්වීමේදි යොනිමාර්ගයේදි පුරුෂ ලිගුව ස්පර්ෂ වීමක් නොවෙනවා කියන එක නෙවේ. පිටවන ශුකාණු යොනී මාර්ගයට නිදහස් වෙන්නේ නැ කියන එක. ඉතීන් මේ සඳහා භාවිතා කරන්නේ ලේටෙක්ස් කියන වර්ගයේ රබර් වලින් හදපු ශිෂ්ණයේ දවටා ගන්න පුලුවන් කුඩා බැලුනයකට සමාන කොටසක්.


 

උපත් පාලන් කොපු භාවිතයේ වාසි මොනවාද? (Advantages of Male Condoms)

මාගේ අදහස් අනුවනම් බොහෝ තරුණ තරුණියන්ට කෙටිකාලීන උපත් පාලන ක්‍රමයක් (Short term contraceptive method)  ලෙස වඩාත්ම ගැලපෙන්නේ උපත් පාලන කොපු. ඊට අමතරව එහි වාසි (benefits)ගොඩක් තියෙනවා.

1. ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කිරීම (protect from STIs)

අපිට නිතර හමුවෙන සමහර රෝගීන් ලිංගික ශ්‍රමිකයන් (Commercial sex workers/ prostitutes) ඇසුරු කිරීම, ලිංගික සහකරුවන් (Polygamous relationships) කිහිප දෙනෙක් ඇසුරු කිරීම වගේ දේවල් කරන අය. ඉතින් මේ වගේ අයට උපත් පාලන ක්‍රමයක් වගේම ලිංගාශ්‍රිත රෝග වලින් මිදෙන්නත් තියෙන හොදම ක්‍රමය තමයි කොන්ඩම් භාවිතා කිරීම කියන එක. ඒ එක්කම මට නිතර තරුණ තරුණියන්ගෙන යොමුවන ගැටලුවක් තමයි හදීසි ගැබ් ගැනීම් (sudden unplanned pregnancies), ඉතින් විවාහයකට පෙර ලිංගික සංසර්ගයක (pre marital sex) යෙදෙනවනම් කොන්ඩම් පැලදීම අනිවාර්යයෙන් කරන්න ඕනේ දෙයක්.

2. පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම (Freely Available)

ඔබට ලංකාවේ ඕනෙම ප්‍රදේශයකදි ඉතා පහසුවෙන් කොන්ඩම් මිලදී ගන්න පුලුවන්. උදාහරණයක් විදියට ෆාමසි (pharmacy), පවුල් සෞඛ්‍යය සේවිකාවන් (Midwife) මගින්, සමහර සිල්ලර කඩ  වලින් පවා කිසිදු ගැටලුවකින් තොරව මේවා ලගා ගැනීමට පුලුවන් .

3. ලාබදායි වීම (cheap method)

 අපිට වෙලඳපොලට ගියාම විව්ධ මිල ගනන් වලට කොන්ඩම් මිලදි ගැනීමට පුලුවන්. රුපියල් කිහිපයක සිට එකක් රුපිඅයල් 100ක් පමණ වන විව්ධ වර්ගයේ කොන්ඩම් තියෙනවා. ඒවාගෙන් තමන්ට ගැලපෙන මුදලකට මේවා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

4. විව්ධ ආකාර වලින් ලබා ගැනීමට හැකිවීම (Available in different types)

ලිංගික සංසර්ගය උනත් ටිකක් කල් කරගෙන යද්දි ඒකාකරි වෙන්න පුලුවන්. ඉතින් ඒකට විවිධ විසදුම් තියෙනවා. ඒ අතර විවිධ වර්ගයේ කොන්ඩම් භාවිතයත් එක් ක්‍රමයක්. විශේෂයෙන් සමහර කොන්ඩම් වර්ග විව්ධ සුවදින් රසින් යුතුව නිපදවලා තියෙනවා. මේක ගොඩක් මුඛ සංසර්ගයට (oral intercourse) කැමති අයට සුදුසු දෙයක්. ඒ එක්කම විව්ධ ගනකම් වලින් යුතුව මේවා හදලා තියෙනවා. මෙහි විශේෂයෙන් ඉතා හොද ලිංගික ගැටීමක් බලාපොරොත්තු වෙන අයට ඉතා තුනී කොන්ඩමයක් භාවිත කරන්න පුලුවන් වගේම, ගුද සංසර්ගයක් වගේ දේකට කැමදි අයට තද ගතිය වැඩි එකක් භාවිතා කරන්නට පුලුවන්. ඉතින් මේ වගේ විවිධ වර්ගයේ කොන්ඩම් වර්ග ගනනාවක් තියෙනවා.

5. කෙටිකාලීන ක්‍රමයක් ලෙස වඩාත් සුදුසු වීම (Good as a Short term Contraceptive)

කෙටි කාලීන උපත් ක්‍රම කිහිපයක් තියෙනවා. මේ අතර උපත් පාලන පෙති , කොන්ඩම් වගේ කිහිපයක් තියෙනවා. මෙයිනුත් සමහර තරුණියන් පෙති භාවිත කිරීමට මැලි බවක් දක්වනවා. ඒ වගේ අවස්ථාවල උපත් පාලන කොපු පැලදීම ඉතා සාර්ථකයි.


උපත් පාලන කොපු හැමෝටම සුදුසුද?

උපත් පාලන කොපු කොච්චර වාසි දායක ක්‍රමයක් වුනත් ඒවා හැමෝටම ගැලපෙන්නේ නැ. මොකද ඒවායේ තියෙන සමහර අවාසි නිසා, ඒවා හැමෝටම භාවිතා කරන්න සුදුසු වෙන්නේ නැ. උදාහරණයක් විදියට සමහර අය කැමතී තමන්ගේ සහකරු හෝ සහකාරියගේ ලිංගේන්ද්‍රය උපරිම වශයෙන් තමන්ගේ ලිංගේන්ද්‍රයේ ගැටෙන එකට, ඒ වගේ අයට මේක ගැලපෙන ක්‍රමයක් වෙන්නේ නැ. ඉතින් හැම දේකම වාසී වගේම අවාසිත් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ අවාසි මොනවද කියන එක.

1. අසාත්මිකතා ඇතිවීමේ හැකියාව (Possible allergies to Latex)

අපි දන්නවා මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෙටෙක්ස් (Latex) කියන අමුද්‍රව්‍යය භාවිතා කරලා. නමුත් කාලාතුරකින් සමහර අයට ලේටෙක්ස් අසාත්මික (allergic) වෙන්න පුලුවන්. පුරුෂයාට හෝ කාන්තාවට ලේටෙක්ස් ඇලජික්නම් මේවා භාවිතා කිරිමේ හැකියාවක් නැ. කොහොම උනත් මේ වෙද්දි ලේටෙක්ස් නොවන අමුද්‍රව්‍යය (Non latex condoms) භාවිතාකරලා හදන කොන්ඩම් වෙලද පොලේ තියෙනවා. ඒවා මදක් මිලෙන් වැඩි උනත් එවැනි ඇලජික් තියෙන අයට මේවා සාර්තකව භාවිතා කරන්න පුලුවන්.

2. දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයක් ලෙස සුදුසු නොවීම (Not suitable as a Long term Contraceptive method)

අපි දන්නවා, එක එක්කෙනාගේ උපත් පාලන අවශ්‍යතා එකිනෙකට වෙනස් වෙනවා. සමහර තරුණ පවුල් කැමතී අවුරුදු 4-5 ක් පමණ දරුවෙක් ලැබීම ප්‍රමාද කරන්න. එවැනි අය දෛනිකව, එහෙමත් නැත්නම් නිතර සංසර්ගයේ යෙදෙනවානම් ඒ වගේ අයට මෙම ක්‍රමය සාර්ථක නැ. ඒ වගේ පුද්ගලයන් වෙනත් දීර්ඝ කාලින් ක්‍රමයක් ‍තෝරාගැනීම අවශ්‍යය වෙනවා.

3. ඉතා සමීප ගැටීමක් අවශ්‍යය යුවලකට නොගැලපීම

කලින් සඳහන් කර ඇති ආකාරයටම සමහර පුද්ගලයන් එකිනෙකාගේ ලිංගේන්ද්‍රයන්වල ගැටීම ඉතාම තදින් බලාපොරොත්තු වෙනවා. එවැනි යුගලකට මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් ලෙස භාවිත කිරීමට නොහැකියි. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් හෝ, ඉතා තුනී කොන්ඩමයක් භාවිත කිරීම අවශ්‍යය වෙනවා.

4. නැවත නැවත භාවිත කල නොහැකි වීම (Not reusable)

සමහර පුදගලයන් කොන්ඩම් සොදා නැවත නැවත භාවිතා කරන්නට පුරුදු වී සිටිනවා. නමුත් එය එතරම් සුදුසු ක්‍රමයක් ලෙස හඳුන්වන්නට නොහැකියි. මොකද කියනවානම් එමගින් බොහෝ ගැටලු ඇතිවිය හැකියි.


උපත් පාලන කොපු නිවැදිව භාවිත කරන්නේ කෙසේද?

  • නිසි පරිදි සිසිල් වියලි ස්ථානයක ගබඩා කර තබන්න
  • පලුදු වු ඒවා ඇත්නම් පැකට්ටුව සමගම ඉවත් කර දමන්න.
  • භාවිතයට පෙර කල් ඉකුත් වීමේ දිනය පරික්ෂා කර බලන්න.
  • පැකට්ටුව විවෘත කිරීමට කතුරු වැනි ආයුධ භාවිතා නොකරන්න. එමගින් කොපුවට හානි පැමිනිය හැකිය
  • විවෘත කල පසු පළමුව ඉදිරිපස කොටස මදක් තදකර වාතය හිරවී ඇත්නම් ඉවතට යාමට සලස්වන්න.
    ඉන්පසු එය ප්‍රාණවත් වු ශිෂ්ණය මත පලදින්න.


කොන්ඩමයක් භාවිත් අකරන නිවැරදි පිලිවෙල

කොන්ඩමයක් ඉවත් කිරීම (Removal of Condom)

සංසර්ගයෙන් පසු කොන්ඩමය ඉවත් කිරීම සහකාරිය විසින් සිදුකිරීම වඩාත් උචිතය. මෙහිදී කඩදාසි කැබැල්ලක් භාවිතයෙන් එය ඉවත් කරන්න. පසුව එය ඔතා විනාශ කර තබන්න. කිසි විටෙක වැසිකිලි තුලට නොදමන්න.


උපත් පාලන කොපු භාවිතයේදි නොකල යුතුදේ

නැවත නැවත භාවිතය

සමහර පුද්ගලයන් සේදීමෙන් පසුව නැවත වරක් භාවිතා කිරීම සිදුකරන අවස්ථා දක්නට ලැබේ. එමගින් ලිංගාශ්‍රිත රෝග පැතිරීම, කොපුව පුපුරා යාම වැනි ගැටලු ඇතිවිය හැකිය.

විවිධ ස්නේහක භාවිතය.

කොන්ඩමය සමග නිෂ්පාදනයේදීම ස්නේහක ද්‍රව්‍යය ඇතලත් කර ඇත. එබැවින් නැවත වරක් ඒවා භාවිත කිරීම අවශ්‍යය නොවේ. එසේ වුවහොත් ඒවා පුපුරා යාමට වැඩි ඉඩක් පවතී.

අප්රාණික ලිංගේන්ද්‍රය මත පැලදීම

මෙයද නිසි මෙහි නිසි කාර්යක්ෂමතාව නැතිවීමට හේතු වී ඇත.


උපත් පාලන කොපු වෙනුවට වෙනත් විසදුම් ඇත්ද?

උපත්පාලන කොපු වෙනුවට වෙනත් උපත් පාලන ක්‍රම භාවිත කල හැකියි. විශේෂයෙන් ගිලින් පෙති වඩාතම ජනප්‍රිය ක්‍රමයක් ලෙස දක්වන්නට පුලුවන්. කොහොම උනත් මේවාගෙන උපත් පාලන කොපු මගින් ලැබෙන විශේෂ වාසියක් වන ලිංගාශ්‍රිත රෝග වලින් ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැ.

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

1 comment

Leave a comment

Your email address will not be published. Required fields are marked *