MIS-C / Multisystem Inflammatory Syndrome in Children ගැන කියන රෝගය ගැන ගොඩක් දෙනෙක් තවම හරියට දන්නේ නැතිව ඇති. නමුත් කොරෝනා (Covid 19) කීවාම දවසින් දවස අපේ හිතවලට ඇතිවන චකිතය සහ භය ක්‍රමයෙන් වැඩි වෙනවා නේද?
විශේෂයෙන් දවසින් දවස කොවිඩ් 19 රෝග කාරක වෛරසය වෙනස්කම් ඇති කරගන්නා අතරම දරුණු බව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. එහෙම උනත් මැතක් වනතුරු කොවිඩ් නිසා දරුවන්ට සිදුවූ හානිය අවමයි.
කොහොම උනත් ලගදී හඳුනාගත්ත අලුත්ම තත්ත්වය තමයි මාරන්තික [Multisystem Inflammatory Syndrome in Children (MIS-C) associated with COVID-19] කියන තත්වය. මෙය ඉතා බරපතල වගේම මාරාන්තික තත්වයක් ලෙස හඳුනාගන්නට හැකිවෙලා තියෙනවා. එසේ වූවත් මේ පිළිබඳ තිබෙන ප්‍රතිකාර සහ දත්ත ඉතා අවමයි.
මොකක්ද මේ කියන Multisystem Inflammatory Syndrome?
අපි දන්න දෙයක් තමයි Covid 19 රෝගය කියන්නේ ස්වසන පද්ධතිය මූලික කරගෙන පැතිරෙන රෝගී තත්ත්වයක් වුවත් එහිදී මරණයට පත්වන්නේ නියුමෝනියාව (pneumonia) නිසා පමණක්ම නෙවේ. හදීසියේ ඇතිවන හෘදයාබාධ Myocardia infarction), හදිසි වකුගඩු අක්‍රීය වීම (Acute kidney injury) වගේ විවිධ හේතු මේ සඳහා බලපානවා.
නමුත් කොවිඩ් රෝගීන් මරණයට පත්වීමට තවත් විශේෂ හේතුවක් තමයි මේ කියන Multisystem Inflammatory Syndrome (MIS) කියන රෝගී තත්වය. මෙහිදි කොවිඩ් 19 ආසාදිතව පවතින කාලය තුළදි වගේම ආසාදනය අවසන් වී සුවවී සති 2 -3 අතර කාලයේදි පවා රෝගය නිසා ඇතිවන හදීසී මරන ඇතිවෙන්න පුලුවන්.
MIS-C ඇතිවිමේ ක්‍රියාවලිය කුමක්ද?
මේ සම්බන්ධයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් නැති අතර, මෙයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ රෝගයට විරුද්ධව ශරීරය මගින් ඇතිකරන ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියේ සිදුවන දෝෂයක්. සරලව කීවොත් කොරෝනා රෝගයට විරුද්ධව ශරීරය තුළ නිෂ්පාදනය කරනු ලබන ප්‍රතිදේහ, ශරීරයේ විවිධ පටක මත ක්‍රියා කර ඒවා විනාශ කිරීමට ක්‍රියා කිරීමයි.
උදහරණයක් ලෙස මෙම ප්‍රතිදේහ දරුවාගේ හෘදය, වකුගඩු වැනි ඉතා වැදගත් අවයව මත හානි පැමිණිය හැකියි. එමගින් හදීසි මරණ ඇතිවිය හැකියි.
MIS-C හඳුනාගන්නේ කෙසේද?
දැනට කොවිඩ් වැලදී හෝ වැළදීමට ඉඩ ඇති දරුවෙකුට ඇතිවන උණ තත්වයක් හෝ මැතදී ඇති වූ උණ් තත්ත්වයක් සමග පහත සඳහන් රෝග ලක්ෂණ ඇති වේනම් එය කොවිඩ් නිසා ඇතිවූ හදීසි ප්‍රදාහක තත්ත්වයක් ලෙස සැලකිය හැකියි.
1. ශරීරයේ ඇතිවන පැල්ලම්
2. රතු පැහැති ඇස්
3. හදිසියේ ඇතිවෙන අඩු රුධිර පීඩා තත්ත්වයක්
4. හදිසි පපුවේ වේදනවක්
5. බඩේ අමාරුව හෝ උදරයේ වේදනාව
ඉතින් ඉහත සඳහන් රෝග ලක්ෂණ සහිත දරුවන් ඉතා ඉක්මනින් ලගම තිබෙන රෝහලට රැගෙන යාම කරන්න වෙනවා.
MIS C රෝගය වලක්වා ගන්නේ කොහොමද?
අපි හැමෝම දනන්වා කුඩා දරුවන් කියන්නේ රෝග වලාට ඉතාම සංවේදි පිරිසක්. බොහෝ ඉක්මනින් රෝග වලටත් ඒවායේ ඇති සංකූලතා වලටත් ගොදුරු වෙනවා. ඉතින් අපිට රෝගයට ගොදුරු වෙන එක වළක්වාගන්න තියෙන හොදම ක්‍රමය තමයි දරුවන් කොවින් 19 රෝගයට ගොදුරු වීම අවම කිරීම. ඒ සඳහා නිසි ක්‍රමවේද ඔබ වගේම දරුවන්ටත් පුරුදු පුහුනු කල යුතු වෙනවා.
1. කොවිඩ් 19 සඳහා එන්නත් ලබා ගැනීම. (Covid 19 vaccination)
දරුවන් සඳහා එන්නත්කරණය ත්වමත් පරීක්ෂන මට්ටමේ තිබුනත් බොහෝ රටවල සාර්තක ප්‍රතිඵල ලබා ඇති බව පැවසෙනවා.
ශ්‍රී ලංකාව තුළ තවමත් අවුරුදු 18ට අඩු දරුවන් එන්නත් කිරීම ආරම්භ කර නැති නමුත් ඉතා ඉක්මනින් වයස අවුරුදු 12ත් 18ත් අතර පාසල් යන දරුවන් එන්නත්කරණයට ලක්කිරීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා.
මේ සඳහා දැනට පවතින එකම එන්නත ෆයිසර් කියන එන්නතයි. ඉතින් ඔබට අවස්ථාවක් ලැබුන ගමන් දරුවන් එන්නත් කරණයට යොමු කරන්න.
දරුවන් විතරක් එන්නත් කරලා මදි, අනිවාර්යෙන්ම වැඩිහිටියනුත් එන්නත් කරණයට ලක්වෙන්න ඔනේ. එහෙම උනොත් රෝගය නිවසට එන එක ඉතාම අවම වෙනවා.
2. දරුවන් මාස්ක් පැළදීමට යොමු කිරීම (Guide children to wear a mask)
දරුවන් මාස්ක් දාන එක ගැන විවිධ මති මතාන්තර තියෙනවා. විවිධ නීති රීති තියෙනවා. බොහෝ රටවල අවුරුදු 12ට වැඩි දරුවන් මාස්ක් පැළදීම අනිවාර්යය කරුණක්. නමුත් සමහර රටවල එය අවුරුදු 6 සීමාව දක්වා පහල දමලා තියෙනවා.
ශ්‍රී ලංකාව ගත්තාම දරුවන්ට මාස්ක් පැලදීම ගැන නිසි එකගතාවයක් තවමත් නැ. ඒ නිසාම මාස්ක් එකක් පැලදීමෙන් දරුවාට අත්වෙන වාසි සහ , යන එන ගමන් බිමන් අනුව මාස්ක් දාන එක තීරණය කරන එක දෙමාපියන් විදියට ඔබේ වගකීමක්.
ලෝක සෞඛ්‍යය සංවිධානයට (WHO) අනුව අවුරුදු 6ට අඩු දරුවන්ට මාස්ක් දැමීම අනුමත කරන්නේ නැ. නමුත් Center for Disease Control (CDC), American Acedemy of Paediatrics (AAP) වැනි ආයතන් මගින් අවුරුදු 2ට වැඩි දරුවන් සඳහා face mask පෑලදීම නිර්දේශ කරනවා.
ඒ නිසා නිවසින් එලියට යද්දි හැමවිටම ඔබේ අවුරුදු 2ට අඩු දරුවන්ට හුස්ම ගැනීම අපහසු නොවන ලෙස මාස්ක් එකක් පැළදීමට පුරුදු පුහුණු කරන්න. ඒ එක්කම අවුරුදු 2ට අඩු දරුවන්ටත් යම් අකාරයක ෆේෂ් ශීල්ඩ් එකක් වැනි ආරක්ෂක උපකරණයක් පැලදීම වැදගත් වේවි.
3. සනීපාරක්ෂක ක්‍රම (sanitary technique)
වැඩිහිටියන් මෙන්ම දරුවන්ද නිතර සබන් යොදා අත සේදීම පුරුදු පුහුණු විය යුතුයි. මෙමගින් ඔවුන් රෝගයට ගොදුරු වීම අවම වෙනවා.
මෙහිදි වැදගතම දෙයක් තමයි නිතර ඇල්කොහොල් වෙනුවට සැර අඩු සබන් යොදා අත් සේදිම කියන කාරණය. එමගින් දරුවන්ගේ සංවේදි හමට වෙන හානි අවම වෙනවා.
4. නිවැරදි ලෙස නිරෝධායනය වීම (Proper quarantine procedures)
අපි නිතර දකින දෙයක් තමයි වැඩිහිටියන් තමන්ගේ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව නිතර සගවන්නට උත්සහ කරනවා. නමුත් මෙමගින් ඔවුන් ඔවුන්ගේ නිවසේ ඉන්න දරුවන් සහ අනෙක් අය ගැටලුවකට ඇදලා දානවා.
ඉතින් ඒ නිසා ඔබ කොවිඩ් රෝගියෙක් ඇසුරු කළානම් හෝ කොවිඩ් රෝග ලක්ෂණ සහිතනම් නිවසට වී නිසිලෙස නිරෝධායනට ලක්වෙන එක වැදගත්. මෙහිදි දරුවන් ආශ්‍රය නොකිරීම, මාස්ක් පැලදීම වගේ දේවල ඉතාම වැදගත් කරුණු කියලා කියන්න ඕනා.
රෝගය නිසා ඇතිවන ගැටලු අවම කරගන්නේ කොහොමද?
යම් දරුවෙක්ට කොවිඩ් 19 රෝග ලක්ෂණ තියෙනවානම් අනිවාර්යෙනම් ඔහුට ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යයවරයෙක්ගෙන් උපදෙස් ගන්න එක වැදගත්. බොහෝවිට වැඩි පිරිසකගේ මෙම තත්වය හානියක් නැතිවම සුව වෙනවා.
නමුත් කොවිඩ් අතරතුර හෝ සුව වී සති කිහිපයකින් ඉහත සඳහන් කරපු රෝග ලක්ෂන ඇතිවෙනවානම් අනිවාර්යෙන්ම රෝහල වෙන දරුව ඉක්මණින් රැගෙන යන්න වෙනවා.
Reference
- Multisystem Inflammatory Syndrome in Children (MIS-C) associated with COVID-19, CDC live at : CDC
DIAGNOSIS AND MANAGEMENT OF COVID-19 INFECTION
IN CHILDREN,Sri Lanka College of Paediatricians, Family Health Bureau and World Health Organisation (WHO)- Sri Lanka. visit here- Face Masks for Children During COVID-19, American Academy if Pediatrics live at : healthychildren.org
- Know What to Expect at Your Child’s K-12 School or Early Care and Education Program, CDC live at CDC